කරදරවලින් අඩු හෙවනටත් ඔසුගුණයෙන් ප්‍රබලම ගස් අතර ගජමදාර රුක්අගුණ තිත්ත සමදරා අගිල්. වැලක් නම් සසද.බොකල.දුණුමඩල රත්හදුන් සුදුහදුන් මුරුත.පතනබො නෙරලු විශේෂයෙන් සදහන්කල හැක.ගජමදාර රුක්අගුණ අගිල් රත්හදුන් පළමු කොට තැකිය හැකි කරුණු බොහෝයි.පොත පතේ සදහන් වන කරුණු සහ අතිශොක්ති වර්ණනා අාදියත් නිසා බෙහෙත් ගුණය නිසාත්,මේම ශාඛ පිළිබද අැල්මක් පැරන්නන් තුල බෙහෙවින් තිබුනි.වාසනාවන්ත සෞභාග්‍ය අත්වනවා යන්න විස්වාසයයි.අලංකාරව නිරිමාණය කල හැකි ගස් කිහිපයකි.අගිල් හර වල ප්‍රබල විස නැසිමේ ගුණය .දිලිර වලට ඔරොත්තු දිම කෘමි පලවා හැරිමේ ගුණය.වාතයෙන් අැතුලුවන පරන්ගි ලෙඩ ගස මගින් විනාස කිරිමේ අැතිහැකියාවත්.දුන් අැල්ලිමට සාන්තියට බාවිතා කල හේතුව මෙය බව වැටහෙන කරුනකි.ළමයි ගැවසෙන ස්ථානයක අගිල් සහ සස්සද සිටුවිමෙන් වාතවිස ශරිර ගත වන එක නවත්වා ගතහැක,විස නසන ගුණ පත්‍රවල තියෙන්නේ. සෙම්රෝග අැස්වහ රෝග නැති කරන බව විශ්වාසයයි. හදිසියටත් සතෙක් කැවොත් කෑ මුඛයට තලල තියන්න පැරැන්නො පුරුදුව සිටියා.යටිපල්ලටත් තිබ්බහම විස මොලයට ඉහලට යාම පාලනයකලහැකි ,වෙෙද්‍යවරයෙක් ලගට යන්න ප්‍රමාද වනවානම්.අගිල් පලතුරක් රසයි ගෙඩි.හොදම ඔසුවක් කැමට ගන්නවනම්.

රුක් අගුණ නොහොත් අන්කෝලා පලතුරක් වගේම විශ්ව කර්ම කරන බෙහෙත් වර්ගයක්. ගහම රෝග බොහොමයකට ඔසු සාරය සපයන ගසක් .මේගසේ පොතු කොල තම්බා ස්නානය හෝ ජලයෙ බැස සිටිම මගින් හමේ රොග වලට ඉතාම හොද ප්‍රතිථල ලබාදෙනවා.ජලභීතිකා රෝගයට ඉතාම අවශ්‍ය යි.කාන්තා රෝග බොහොමයකටත් අත්‍යාවශ්‍ය ඔසුවක්.මේගසේ අැට වලට බොහොම ඉල්ලුමක් තියෙනවා වෙෙද්‍යවරු තෙල්බෙහෙත් හිදිනකොට.හෙනරාජ තෙෙලය ඉන් එක් මතක් කිරිමක්.සර්ප වෙදකම සදහා තමයි ප්‍රධානව මේ ගස්වැදගත් වන්නේ.රුක්අගුණ සස්සද ගජමදාර අගිල් සර්ප විකර්ෂණ ගස් කියල හදුන්වනවා.සමදරා ගස කුඩා දරුවන් නාවන්න හොදයි . පොතු යුෂ ජලයේ රත්කොට ගත්තානම්.සමේ බිබිලි රතුලප දාඩිය බිබිලි අලුහම් සදහා හොදයි.තුවාල තෙල් සදහාද හොද සංයෝග ඔසුවක්.දද කුෂ්ට සුදුකබර අාදියට කසායට මෙන්ම බාහිර අාලේප වලටද ගන්නා මෙය ශරීර අභ්‍යන්තර රෝග ගනනාවකට ඔසු සැකසීමේදි යොදාගනි.සෙවනට වවා ගත්තම සම නිරොගිවේ.

පිපාසාව සමනය වන ගුණ අැතුලත්.දාහය නිවයි.පිරිසිදු වාතය ලැබේ.මේකප්, සම මත කෙරෙන පවුඩර් ක්‍රීම් සැකසිමට යොදාගනි.ගජමදාර රත්හදුන් සිටුවිමෙන් සම්පත් ලාබ ලැබෙනවා කියන අය ඉන්නවා.කොහොමත් ගජමදාර ගසකට ගොඩවන සතෙක්නම් දැක නැත.අහම්බෙන් ගොඩවන සතා වහාම ඉන් බිමට බහිනවා මම දැක තිබෙනවා .එ ගස මෝරන කොට අැතිවන ගසේ අරටුව පැහෙනකොට පිටවන තාපය හෝ යම්දෙයක් වියහැකිය.රත්හදුන ්වැනි කොටස අරටුව වශයෙන් නිරිමානය වෙයි.අපේ පුසට එහෙම දෙයක් වුනා. ඉස්සර හැරමිටි කඩුමිටි කලාකිරිඤ්ඤ පොලු මිටි වැනි දේට යොදාගත්තේ බලවත් අරටුවක් නිසා.අලිය හිටවන පැලයක් දනගසන පැලයක් කියා කියනවනේ.කෝමටත් මේ ගස්වලට අමතරව අශෝක මි කුඹුක් කරද මිඅඹ ඉඩකඩ තියනවනම් හිටවියහැකිය. මස්බැද්ද වැල කවාකාර වියනකට යවනවනම් හොදයි.

එහි ගමන්කිරිමෙන් අැදුම රොගින්ට උෂ්ණරොගින්ට සමේ අැතිවන අාසාදන තත්වයන්ට.ඉරුවාරදය අැති රොිගින්ට.පිනස් රෝගින්ට .සන්නි රොගින්ට හොදයි.පතනබෝ ගස සෙවනට සිටුවිම ඉතාම හොද යන්නයි මගේ මතය.ලංකාවට අාවේනික එකම බෝධිය මෙය පමනය.ි අනිත් සියල්ල විදේශියයි.පොත්තේ ගුන අපමනයි කිව නොහැකි.මොකද පොත්තෙ තියෙන්නෙ විස අදින ගුණයක් .පත්‍ර තුලින් ශරිරය සිසිල් කරන ගුණ අඩංගුයි.තුවාල තෙල් සදහා ගතහැකි ඉස්ම .මොකද ඉක්මනින් වර්ණය කහට රත්පාටට හැරි වේලන සුලු ගතියක් යුෂහි අනර්ගතයි.පොත පතේ තියෙන්නේ වාඩිවි නිදාගැනිම ගිමන්හැරිම හෝ පාඩම් වැඩ කිරිමට සුදුසු ගසක් ලෙසයි.කෝමත් බෝගස් එහෙමයි.විශ්ව ශක්තිය තියන ගස් කියලනේ හදුන්වන්නේ.අපි ගහක ස්වභාවය හදුනන මිනිස්සු කියන දෙයට වඩා එතනයි විස්වාසය.අපට මිනිසුන්ගේ අාකල්ප වෙනස් කරන්නබැහැ. හැමෝම අවිද්‍යාව විස්වාස කරන්නේ.නමුත් පිටරැටියොි එහෙමනැහැ.