මනුෂ්‍ය ශරීරයේ සීයට 60 ක් ම ඇත්තේ ජලයයි. එනිසා මනුෂ්‍ය ශරීරයේ යහපත් සෞඛ්‍ය කෙරෙහි ජලය වඩා වැඩි බලපෑමක් එල්ල කරන බව පුදුමයට කාරණයක් නොවේ. ජලය මඟින් ශරීරයේ විෂ ද්‍රව්‍ය ඉවත් කිරීමත්‚ විජලනය වීම වැලැක්වීමත් සිදු කරනු ලැබේ. දිනකට අවම වශයෙන් වීදුරු 8 ක වත් ජලය පානය කිරීම යහපත් සෞඛ්‍ය තත්වයකට මහත් පිටුවහලකි.දිනකට ඇති ජල අවශ්‍යතාවය සපුරා ගැනීම සඳහා බොහෝ අය නිකම්ම ජලය පානය කිරීමට අකමැති වෙති. එවැනි අය සඳහා කිසියම් පලතුරු යුෂ මිශ්‍රිතව ජලය පානය කිරීම කදිමය. එසේ භාවිතා කල පලතුරු යුෂ අතර දෙහි වඩා සුදුසු බීමකි.දෙහි යනු සිට්රික් අම්ලය සහිත පලතුරක් වන අතර එහි ප්‍රතිඔක්සිකාරක ද්‍රව්‍යයන් විශාල වශයෙන් අන්තර්ගත වන අතර එකී ප්‍රතිඔක්සිකාරකයන් මඟින් ඔබේ ශරීරයේ සෛල වලට බාහිර ආසාදන සහ රසායනික ද්‍රව්‍ය මඟින් සිදු විය හැකි හානීන් වලක්වනු ලබයි.දෙහි තුල පහත සඳහන් පෝෂක ද්‍රව්‍ය බහුල වශයෙන් අන්තර්ගත වේ.

  • පොටෑසියම්
  • විටමින් A, B,C, සහ D
  • කැල්සියම්
  • මැග්නීසියම්

දෙහී පානය කිරීම තුලින් ඔබේ ශරීරයට ලැබෙන වාසි සම නිරෝගි වීම දෙහි වල බහුල වශයෙන් අන්තර්ගත වන විටමින් සි සහ ප්‍රතිඔක්සිකාරක ද්‍රව්‍යයන් මඟින් ඔබේ ශරීරයේ සම නිරෝගීව සහ තාරණ්‍ය සපිරුණු ආකාරයෙන් පවත්වාගෙන යාමට හේතු වන අතර දෙහි පානය කිරීම තුලින් ඔබේ සම විජලනය වීම වැලැක්වීමද සිදු කරනු ලැබේ.

ආහාර ජීර්ණය වැඩිදියුණු කිරීම.දෙහි පානය කිරීම තුලින් ආහාර ජීර්ණය වැඩිදියුණු සහ පහසු කරවන අතර ආහාර ජීර්ණය සඳහා අවශ්‍ය වන ජීර්ණ ස්‍රාවයන් වැඩිවශයෙන් නිපදවීමටද දෙහි ඉවහල් වේ.

ආසාදන සහ බැක්ටීරියා වලට එරෙහිව සටන් කිරීම.දෙහි වල අඩංගු විටමින් සහ ප්‍රතිඔක්සිකාරක ද්‍රව්‍යයන් මඟින් ඔබේ ශරීරය ආසාදන සහ බැක්ටීරියා වලින් ආරක්ෂා කරවන අතර ඔබේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය උත්තේජනය කිරීමද කරනු ලැබේ. එමෙන්ම දිනපත දෙහි පානය කරන පුද්ගලයෙකුට උණ සහ හෙම්බිරිස්සාවේ සෑදිමේ සම්භාවිතාවය අවම වන අතර දැනටමත් උණ සහ හෙම්බිරිස්සාව වැලදී ඇති පුද්ගලයෙකු දෙහි පානය කල විට රෝගී කාළ සීමාව අවම කරවීම කෙරෙහි හේතු වන බව සොයා ගෙන ඇත.

ශරීරයේ බර අඩු කිරීමට උදව් වීම.දෙහි පානය කිරීම තුලින් ඔබේ ශරීරයේ බර පාලනය කිරීම කෙරෙහි බලපෑමක් සිදු වේ. දෙහි වල අඩංගු සිට්රික් අම්ලය මඟින් ශරීරයේ පරිවෘත්තීය ක්‍රියාවලින් උත්තේජනය වීම නිසා එමඟින් ශරීරයේ වැඩි කැලරි ප්‍රමාණයක් දහනය වීමටත් ශරීරයේ තැන්පත් වන මේද ප්‍රමාණය අවම කරවීම කෙරෙහිත් බලපෑමක් එල්ල කරනු ලැබේ.

රුධිරයේ සීනි ප්‍රමාණය අවම කරවීම.දියවැඩියාව දැනටමත් වැලදී ඇති පුද්ගලයන්ගේ සීනි ප්‍රමාණය පහල දැමීම සඳහා විටමින් සී හේතු වන නිසා දෙහි පානය කිරීම රුධිර සීනි පාළනය කිරීමට බලපෑම් ඇති කරනු ලබයි. එමෙන්ම නිරෝගී පුද්ගලයන් දෙහි පානය කිරීම නිසා රුධිරගත සිනි ප්‍රමාණය ඉහල යාම පාලනය කිරීම නිසා දියවැඩියාව වැලදීමේ අවධානම අඩු වේ.

හෘදයාබාධ වැලැක්වීම දෙහි යනු මැග්නීසියම් සහ පොටෑසියම් බහුල වශයෙන් අන්තර්ගත පලතුරකි. පොටෑසියම් මඟින් රුධිර පීඩනය අවම කරන අතර රුධිර සංසරණය වැඩිදියුණු කරනු ලබන නිසා හෘදයාබාධ වැලදීමේ අවධානම අවම වේ. පර්යේෂණ වලින් සොයාගෙන ඇති ආකාරයට නිතරම දෙහි පානය කරන පුද්ගලයන් සාමාන්‍ය පුද්ගලයන්ට වඩා හෘදයාබාධ වැලදීමේ අවදානමින් අඩු අය වෙති.

පිලිකා සෑදීම වැලැක්වීම පිලිකා යනු ශරීරයේ කිසියම් කොටසක සිදු වන අසාමාන්‍ය සෛල වර්ධනය වීමකි. එය පියයුරු‚පෙනහලු‚ හෝ වකුගඩු හෝ වෙනත් ඕනෑම අවයවක ඇති විය හැකි රෝගයකි. පිලිකා සම්පූර්ණයෙන් සුව කිරීම සඳහා තවමත් නිසියාකාර ප්‍රතිකාර සොයාගෙන නොතීබිම නිසා පිලිකාවක් වැලදීම යනු ඔබේ ජීවිතය අවසන් කරනු ලබන දරුණු රෝගාබාධයකි. දැනට සිදු කර ඇති පර්යේෂණ වල දැක්වෙන ආකාරයට දෙහි පානය කිරීම මඟින් පිලිකා සෑදීමේ අවධානම අවම කරන අතර දෙහි තුල අන්තර්ගත ප්‍රතිඔක්සිකාරක ද්‍රව්‍යන් නිරෝගී සෛල වල වැඩීම වර්ධනය කිරීමත් ඔබේ ප්‍රතිශක්තීකරණ පද්ධතියේ ක්‍රියාකාරීත්වය වර්ධනය කිරීමත් එයට හේතුවයි