උදුම්බරා මල් පිපෙන්නේ දිව්‍ය ලෝකයේ යයි කියති.ඒත් දිව්‍ය ලෝකයේ , නැත්නම් තුසිතයේ පිපෙනවා යයි කියන උදුම්බරා මල් වසර 400 කට වරක් පොළොවේ පිපෙන බවත් සඳහන් වේ උදුම්බරා මල් ගැන ශ්‍රී ලංකාවෙන් ඉතාම මෑතකදී අසන්න ලැබුණේ මීට දෙසතියකට පමණ ඉහතදී නවගත්තේගමිනි පොල් අතු සෙවිලි කළ නිවසක වහලයේ පොල් අත්තක මේ කියක උදුම්බරා මල් පිපී තිබිණ පුදුමයට කාරණාව නම් කඳක් , මුලක් නැති වියැළී ගිය අජීවී පොල් අත්තක උදුම්බරා මල් පිපීමයි එබැවින් උදුම්බරා මලේ වැලගිය මුලගිය සොයා ගියෙමු පේරාදෙනිය රාජකීය උද්භිත උද්‍යානයේ ජාතික ශාකාගාරයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ සුභානි රණසිංහ මහත්මිය උදුම්බරා මල් පිළිබඳව මෙසේ කීවාය උදුම්බරා මල් යැයි පවසන් යම් දෙයක් මීට මාස කිහිපයකට කළින් එක්තරා පුද්ගලයෙක් ජාතික ශාකාගාරයට රැගෙන ආවා ඔහු පැවසුවේ මෙය වසර 3000 කට වරක් පිපෙන පූජනීය මල් වර්ගයක් බවයි මහනුවර ප්‍රදේශයේ හෝටලයක් අසල තිබූ බයිසිකලයක රෝදයේ මේ මල් තිබුණු බව ඔහු කීවා අප එය අන්වීක්ෂයට දාලා පරීක්ෂා කරලා බැලුවා එහිදී එය ශාකයක් නොවන බවත් කෘමි බිත්තරයක් බවත් හඳුනාගනු ලැබුවා අපේ ශාක ලෝකයේ උදුම්බරා නමින් හදුන්වන ශාකයක් නැහැ.අප හඳුනාගෙන තිබෙන හැම ශාකයකටම විද්‍යාත්මක නමක් තිබෙනවා.අලුතින් ශාක සොයාගත්තම එය විද්‍යාත්මකව නම් කරනවා.විද්‍යාත්මක පදනමකින් තොර මෙවැනි දේ වරින් වර විශාල වශයෙන් ප්‍රචාරය වෙනවා දකින්න පුළුවන්.

මේ පිළිබඳව අන්තර්ජාපයෙන් තොරතුරු සොයා බැලීමේදී අනාවරණය වුයේ ඡායාරූප වල දැක් වු දෙයට සමාන හැඩහුරුකමින් යුතු බිත්තර දමන නියුරොප්ටෙරා ගෝත්‍රයට අයත් ලේස්වින්ග්ස් නම් කෘමියෙකු සිටින බවයි ග්‍රීන් ලේස්වින්ග්ස් හෝ පොදුවේ ලේස්වින්ග් ලෙස හඳුන්වනු ලබන මෙම කුඩා කෘමියාගේ විශේෂ 1300 – 2000 අතර ප්‍රමාණයක් ලොව පුරා නිවර්තන කලාපයේ රටවල බහුලව දක්නට ලැබෙනවා වැඩුණු කෘමියාගේ පියාපත් වල ලේස් රෙද්දක මෙන් විනිවිද පෙනෙන ස්වභාවය හේතුවෙන් ඔවුන්ට ලේස්වින්ග් යන නම ලැබී තිබෙනවාමල් වර්ගයක් ලෙස මතයක් සමාජ ගතවී තිබෙන්නේ ඔවුන්ගේ ගැහැණු සතුන් දමන බිත්තර විශේෂ ආකාරයකට තැන්පත් කිරීම හේතුවෙනි විලෝපිකයන් බිත්තර ආරක්ෂා කරගැනීම සඳහා අගල් බාගයක් පමණ දිගැති කුඩා කෙන්දක් මත බිත්තර දමා ඒ වටා ආරක්ෂිත කෝෂ ගොමුවක් සේ ඇතිවිට පෙනෙන්නේ අපූරු කුඩා පුෂ්ප සමූහයක් ලෙසිනි ඇතැම් අය පවසන්නේ එය උදුම්බරා නම් මල් වර්ගයක් බවයි නමුත් මේවා සත්‍ය වශයෙන්ම කෘමියෙකුගේ බිත්තර ලෙස විද්‍යාඥයින් විසින් හඳුනාගෙන තිබේ ලෙස්වින්ග් කීමියා මොවුන් තනි හෝ ගොමු වශයෙන් බිත්තර දමන අතර බිත්තර ගොමුවක් ඇති විට දී එය ඕනෑම කෙනෙකුට පහසුවෙන් හඳුනාගත හැකිවන්නේ අඟල් භාගයක් පමණ දිගැති උස්ව ඇති කෙන්ද හා සුදු පැහැති කෝෂය හේතුවෙනි.

මේ කෝෂයෙන් පිටවන කීටයන් දුඹුරු හා සුදු පැහැති වන අතර අඟල් බාගයක් පමණ දිගයි. වැඩිහිටි කෘමියා මෙලෙස කෙන්දක් මත බිත්තර දැමීම සිදුකරන්නේ තම වර්ගයේ ම කීටයන් විසින් අනෙක් කීටයන් ආහාරයට ගැනීමට බව විද්‍යාඥයෝ කියනවා මෙම කීටයන් මිනිසාට පවා දෂ්ඨ කරනු ලබන අතර එමගින් සමේ කුඩා රිදුමක් ඇති වෙනවා ග්‍රීන් ලේස්වින්ග් යනු ඉතා සැහැල්ලු කුඩා කෘමි විශේෂයකි උතුරු ඇමරිකාවේ හා යුරෝපයේ මෙම සතුන් සුලභව සිටින අතර වසන්ත සෘතුවේ දී හා ගිම්හාන සෘතුවේ දී බහුලව දැකිය හැකියි මෙම විශේෂ අතරින් ඇතැම් විශේෂ මල් පරාග හා පැණි ආහාරයට ගන්නා අතර විශේෂ කිහිපයක් වෙනත් කෘමි සතුන් හා ඔවුන්ගේ බිත්තර ආහාරයට ගන්නවා එබැවින් පරිසරයේ ඉතා වැදගත් විලෝපිකයන් විශේෂයක් ලෙස ද හඳුනාගෙන තිබෙනවා මොවුන්ගේ එවැනි කෘමින් ආහාරයට ගන්නා විශේෂ කෘමි සතුන් පාලනය සඳහා යොදා ගන්නා අවස්ථා ද තිබෙනවා උතුරු ඇමෙරිකාවේ ජෛව පාලන මධ්‍යස්ථානවල ග්‍රීන් ලෙස්වින්ග් කෘමි බිත්තර විකිණීමට තිබෙනවා ඉන් පිටවන කීටයන් හරිතාගාරවල හා පැල තවාන්ව කුඬිත්තන් පාලනය සඳහා යොදා ගනී ලේස් කීටයන්ට පියාපත් නොමැති හෙයින් ඔවුන් විසුරුවා හරින ප්‍රදේශයට වී අනෙකුත් කෘමීන්ගේ බිත්තර හා කීටයන් ආහාරයට ගන්නා බැවින් මොවුන් කෘෂිකර්මයේ දී ජෛව පාලනයට ඉටුකරන මෙහෙවර අති විශාලයි සිරංගිකා ලොකුකරවිට