ෆීනික්ස් පක්ෂීන් ලොව පුරා අතිශය ජනප්‍රිය වෙන්නෙ ඔවුන්ට නැවත ඉපදීමේ හැකියාවක් තියෙනවා කියන සුවිශේෂී කතාව එක්කයි ෆීනික්ස් පක්ෂීන් අමරණීයයි යන්න සමහරුන්ගේ මතය වුණත් ෆීනික්ස්ට තිබෙන්නේ මි1යය1න සෑම අවස්ථාවකදීම නැවත ඉපදීමේ තරමක් වෙනස් හැකියාවක් එය විනාශයට පත්වීමෙන් පසුවත් නව ජීවන සමයක් ඇරඹීම සඳහා යළි පිබිදීමක් කියලත් කෙනෙක්ට කියන්නට පුළුවන් දීප්තිමත් ගිනි දලු තුළ මියයන ෆීනික්ස් නැවත උපත ලබන්නේත් එම අළු තුළින්මයි ෆීනික්ස් නැවත නැඟී සිටීමේ සංකේතයක් එහෙමත් නැත්නම් නැවත පරාජය තුළින් නැවත පිබිදීමේ සංකේතයක් කියලත් සමහරු හදුන්වනවා

මායා ලෝකය තුළ ෆීනික්ස්ලාගේ කතාව එහෙම වෙනකොට සැබෑ ලෝකයේ ෆීනික්ස්ලා ගැන ඔබ අසා තිබෙනවාද? සැබෑ ලෝකයේ ෆීනික්ස්ලා ඔබ දැක තිබෙනවාද? අළු මතින් නැඟී සිටින ෆීනික්ස් කෙනෙක් වෙන්න ඔබටත් පුළුවන්ද? පිළිතුර ඔව් නම් ෆීනික්ස් කෙනෙක් වීමේ රහස මොකක්ද?
සැබෑ ලෝකයේ ෆීනික්ස් කෙනෙක් වෙන්න මේ ලිපිය කියවන ඔබට මම කියන්නට යන්නේ ගුප්ත හෝ අද්භූත බලයක් ඔබ තුළ ගොඩනඟන ආකාරය ගැන නෙමෙයි නොපෙනෙන මායා හැකියාවන් තියෙන පුද්ගලයකු වන ආකාරය ගැන නෙමෙයි මායා ලෝකය තුළ ෆීනික්ස්ලා අළුවලින් නැවත ඉපදෙනවා වගේ විනාශ වීමෙන් පසු නැවත ඒ අළු මතින්ම නැඟී සිටිනවා වගේ සැබෑ ජීවිතයේ නොයෙක් බිඳවැටීම් තුළින් නැවත නැඟී සිටින ආකාරය ගැන ජීවිතය තුළ එල්ල වන මරණීය පහරකට පසුවත් නැවත ජයග්‍රාහීව නැඟී සිටින ආකාරය ගැන පරාජය ජයග්‍රහණය සඳහා භාවිත කරන්නේ කොහොමද කියන කාරණාව ගැන ඇත්තටම ෆීනික්ස්ලා වගේ විනාශයේ අළු මතින්ම නැවත නැඟිටින්න පුළුවන් කියන එක ප්‍රායෝගිකද?

1982 වසරේ දෙසැම්බර් මස 4 වැනිදා කියන්නේ ඕස්ට්‍රේලියාවේ වෝයිඅචිච් යුවළට සතුට වගේම දුක එකවර උරුම කර දෙන දවසක් ඔවුන් දෙදෙනාගේ පළමු වැනි දරුවා වන නික් එදා උපදින්නෙ සාමාන්‍ය දරුවෙක් විධියට නෙමෙයි ඔහු උපතින්ම දෙඅත් දෙකකුල් අහිමිව ටෙට්රා ඇමේලියා කියන අතිශය දුර්ලභ රෝගී තත්ත්වය එක්ක මෙලොව එළිය දකිනවා නික්ගේ ළමා කාලය වේදනාවෙන් පිරුණු අතිශය කටුක එකක් කිව්වොත් මම වැරදි නැහැ ඔහු දවසේ වැඩි කාලයක් හඬමින් කාලය ගත කරනවා දෙඅත් දෙපා ලබාදෙන ලෙස දෙවියන් යදිනවා අනෙක් මිනිසුන්ට වඩා තමා වෙනස්වීම ගැන මානසිකව පීඩා විඳිනවා අවස්ථා කිහිපයකදීම සියදිවි නසා ගැනීමට උත්සාහ කරනවා ඔහුගේ ජීවිතය එක් සංධිස්ථානයකදී වෙනස් කරන්නේ ඔහුගේ මව ඒ ආබාධ සහිත ජීවිතය ජයගත් මිනිසකු ගැන ලියවෙච්ච පුවත්පත් ලිපියක් ඔහුට කියවන්නට ලබාදෙමින් ලිපිය කියවන නික් තමාට වටිනාකමක් දෙන්නටත් අහිමි වීම් සියල්ලක් තුළින් නැවත නැඟී සිටීමටත් එදා තීරණයක් ගන්නවා

ඔහු උනන්දුවෙන් ඉගෙනීම් කටයුතුවලට යොමුවෙන්නෙ එහි ධනාත්මක ප්‍රතිඵලයක් විධියට ඔහු ලිවීමට වගේම බොහොමයක් දේ තනිව කරන්නට හුරුවෙනවා පාසලේ නායකයා බවටත් ශිෂ්‍ය සංගමයේ ක්‍රියාකාරී සාමාජිකයකු බවටත් ක්‍රමිකව තේරී පත්වෙන නික් තමන්ගෙ යහළුවන් එක්ක ආබාධිත පුද්ගලයන් වෙනුවෙන් විශේෂ වැඩසටහන් සංවිධානය කරන්නට පටන්ගන්නවා වයස අවුරුදු 17දී ඔහු Live Without Limbs නමැති සුබ සාධන ආයතනය ඇරඹෙන්නේ ඔහුගේ ජීවිතයේ තවත් එක් සුවිශේෂී ජයග්‍රහණයක් සනිටුහන් කරලා වයස අවුරුදු 21 වෙද්දී ඔහු ගිණුම්කරණය හා ආර්ථික කළමනාකරණය පිළිබඳ උපාධි දෙකකම හිමිකරුවෙක් වීමට තරම් ප්‍රබලයකු වෙනවා ජීවිතයේ ජයගත නොහැකි අභියෝගයක් නැහැ කියන එක ඔහු ලෝකයට හඬනඟා කියනවා අද නික් වුජිකික් ලොව විශිෂ්ටතම පුද්ගල සංවර්ධන දේශකයෙක් ධනාත්මක ජීවිතයක් වෙනුවෙන් දහස් ගණනින් මිනිසුන් පොලඹවන්නෙක් ජීවිතය එල්ල කළ දරුණු ගණයේ මරණීය පහරකට සිය සිහින බලාපොරොත්තු දැවී අළු වී යද්දී නැවත එම අළු මතින්ම නැඟී සිටි සැබෑ ලෝකයේ ෆීනික්ස් කෙනෙක් මරණීය ප්‍රහාරය හැරවුම් ලක්ෂ්‍යයයි

වානේ පන්නරය ලබන්නේ එය තැළෙන තරමටයි නැතිනම් එය තළන තරමටයි අධික පීඩනයක් හා තද උණුසුමක් යටතේ හොඳින් නොතැළුණු වානේ කිසිවිටක ශක්තිමත් වානේ වෙන්නේ නැහැ ඒ කාරණාව ඔබ මම ඇතුළු සමස්ත පුද්ගල ජීවිතවලටත් ඒ විධියටම අදාළයි අධික පීඩන යටතේ සහ දැඩි උණුසුමක් යටතේ ඔබ නිර්මාණය නොවෙනව නම් ඔබ ජීවිතය තුළ ශක්තිමත් පුද්ගලයකු වෙන්නේ නැහැ බාධක දුක් කම්කටොලුවලට හොඳින් ඔරොත්තු දිය හැකි පන්නරය ලැබූ මිනිසකු වෙන්නේ නැහැ ජේකේ රෝලින් හැරී පෝටර් කතා මාලාව රචනා කිරීම පටන්ගන්නේ තම විවාහය දෙදරා යෑමෙන් ඇතිවන මානසික බිඳවැටීමෙන් පස්සෙ ඒබ්‍රහම් ලින්කන් ඇමරිකානු ජනාධිපතිවරයා බවට පත්වෙන්නෙ ඔහුගේ ව්‍යාපාරය අසාර්ථක වී ජීවිතය තුළ බොහෝ පීඩාවන්ට මුහුණ දුන්නට පස්සෙ වෝල්ට් ඩිස්නි මිකී මවුස් චරිතය ලෝකයට විවර කරන්නේ ඔහු නිර්මාණශීලී නොවන අයකු ලෙස රැකියාවෙන් ලේබල් වුණාට පස්සෙ ඇල්බට් අයින්ස්ටයින් සියවසේ මිනිසා බවට පත්වෙන්නෙ ඔහු කුඩා කල බුද්ධිය අඩු දරුවකු ලෙස විවිධ පීඩනයන්ට ලක්වීමෙන් පස්සෙ සැබවින්ම එකී නොකී අතිසාර්ථක සිය පුද්ගල පෞරුෂයන්ගේ ජයග්‍රහණය සනිටුහන් වෙන්නෙ ජීවිතය තුළ සිදුවන දරුණු ගණයේ බිඳවැටීම්වලට පස්සෙ එම ජීවිතවල හැරවුම් ලක්ෂ්‍යය බවට පත්වෙන්නෙ ඔවුන්ගේ ජීවත මහපොළොව මතට සමතලා කරන්නට සමත් වූ ඔවුන් මුහුණපාපු ප්‍රශ්නම තමයි ජීවන සටන් බිම මත ඇද වැටෙන්නට එල්ල වූ මරණීය ප්‍රහාරයන්ම තමයි

පුද්ගලයකුගේ ජීවිතය තුළ බිඳවැටීමක් අසාර්ථක වීමක් සිදුවූ පමණින් එම පුද්ගලයාට ජීවිතය තුළ සාර්ථකත්වයට පත්වෙන්නට පුළුවන්ද? ඒ කාරණය බොහෝ දෙනෙක් වැරදියට තේරුම් ගන්න කාරණාවක් පුද්ගලයකුගේ සාර්ථකත්වය තීරණය වෙන්නේ ඒ පුද්ගලයා ජීවිතය තුළ බිඳවැටීමට ලක්වෙනවද පීඩනයන්ට ලක්වෙනවද කියන කාරණාව එක්ක නෙමෙයි අසාර්ථක වීම් සහ බිඳවැටීම්වලදී සුබවාදී ආකල්පයකින් කටයුතු කරනවාද නැද්ද කියන කාරණාව එක්ක ජීවිතය යම් පහර කෑමකට පස්සෙ අසුබවාදී ආකල්පයකින් ඒ දෙස බලන්නෙක් බොහෝවිට තව තවත් දුර්වලයකු බවට පත්වෙන්නට පුළුවන් මානසික රෝහල්වල ප්‍රතිකාර ලබන ඇතැම් රෝගීන් සුළු ප්‍රශ්නවලදී පවා සිය දිවි නසා ගන්නා පුද්ගලයන් දෙස බැලුවාම එය වඩාත් හොඳින් ඔබට තහවුරු කරගන්නට පුළුවන් වේවි එහෙත් පීඩාවන් හමුවේ සුබවාදී ආකල්පයක් දල්වගෙන ඒවාට මුහුණ දෙන්නට ඔබට හැකියාව තියනව නම් ඔබගේ ජීවිතයේ හැරවුම් ලක්ෂ්‍යය බවට පත්වෙන්නෙ එම බිඳවැටීම් සහ පීඩාවන්ම තමයි වැටෙන්න වැටෙන්න නැවත නැඟී සිටින්නට ඔබට ධෛර්යසම්පන්න හදවතක් ඇති කරන්නේ එම පීඩාවන්ම තමයි සමනලයෙක් තමන්ගේ කෝෂයෙන් පිටතට එද්දී ගන්න අසීරු උත්සාහයෙන් ඔහුට ශක්තිමත් තටු ලැබිලා පියෑඹීමේ වරම් ලැබෙනවා වගේ බිඳවැටීම් හා පීඩාවන්ගේදී සුබවාදී ආකල්පයක් දල්වාගෙන අපි නැවත නැඟීසිටින්න ගන්න උත්සාහයේදී තමයි අපිටත් ශක්තිය ලැබෙන්නට පටන්ගන්නේ

පරාජයේදී අඛණ්ඩව සටන් කරන්න තෝමස් අල්වා එඩිසන් බල්බය නිපදවන්නට කලින් 999 වතාවක් සිය පරීක්ෂණ වට අසමත් වූ බව පැවසෙනවා ඉතිහාසයට අනුව ඔහු සිය සාර්ථක  නිෂ්පාදිතය බිහිකරන්නේ 1000 වැනි උත්සහයේදී ඔහු වරක් සාර්ථක වීමට 999 වතාවක් අසාර්ථක වීම විහිළුවක් කියලා ඔබ හිතනවද? එය විහිළුවක් යැයි සිතන අයකුට ප්‍රබල පිළිතුරක් ලබාදෙන එඩිසන් වරක් කියන්නෙ ඔහු අසාර්ථක වූ වාර 999දී බල්බයක් නිෂ්පාදනය කිරීමේදී නොකළ යුතු දේවල් 999ක් ඔහු සොයාගත් බව එලෙසම අසාර්ථක වූ කරුණු කිසිවක් දහස් වැනි පරීක්ෂණ වටයේදී භාවිතයට නොගත් බව එඩිසන් විදුලි බල්බයේ නිර්මාතෘවරයා බවට පත්වෙමින් සාර්ථකත්වයට පත්වෙන්නට අදාළ අසාර්ථක පුහුණු වට 999ම වැදගත් වූ බව ඉතා පැහැදිලිව පෙනෙනවා ජයග්‍රහණය සඳහා අසාර්ථක වටයන් දහස් ගණනක් ඔබටත් මටත් පසුකළ යුතුව ඇති බව පැහැදිලිව දකින්නට තිබෙනවා
ඇතැම්විට නව ව්‍යවසායකයෙක්ට තමාට වඩාත් ගැළපෙන ව්‍යාපාරික අදහස තෝරාගෙන ක්‍රියාවට නංවාගන්න කලින් අසාර්ථක ව්‍යාපාර රැසක් අත්හදා බලන්න සිද්ධවෙන්න පුළුවන් ලේඛකයෙක් විධියට වඩා සාර්ථක නිමැවීමක් සහිත පොතක් ලියන්න කෙනකුට අසාර්ථක ලිපි ගණනාවක් ලියා අවසන් කරන්නට සිදුවෙන්න පුළුවන් ඔලිම්පික් සඳහා සුදුසුකම් ලබන ක්‍රීඩකයකුට සිය ජයග්‍රහණය තහවුරු කරගන්න කලින් අසාර්ථක පුහුණු වට සිය ගණනක් පරාජයට පත්වෙන්න පුළුවන් එය ඔවුන්ගේ සාර්ථකත්වය සඳහා ගන්නා සූදානමක් ගන්න මිස සදාකාලික පරාජයක් නෙමෙයි වැරදීම් කියන්නෙ ජයග්‍රහණය තහවුරු කරගැනීමට තරණයට ලැබෙන ඉනිමගක් කිව්වොත් එය වඩා නිවැරදියි වැරැදීම් කිසිවිටක පැරදීම් වෙන්නේ නැහැ ජයග්‍රහණය ලැබෙන තුරු ඔබට උත්සහ කිරීම අතහැර දමන්නත් බැහැ

“මම අසාර්ථක වීම පිළිගන්නවා ඕනම කෙනෙක් කොතැනකදී හරි අසාර්ථක වෙනවා ඒත් අසාර්ථක වුණා කියලා මට උත්සාහ නොකර ඉන්න එක පිළිගන්න බැහැ” ප්‍රහාර 9000කදී පමණ අසාර්ථකත්වයට පත්වුණු ලෝකශූර දැල්පන්දු ක්‍රීඩක මයිකල් ජෝර්දාන් පවසනවා නැවත නැඟී සිටීම පිළිබඳ තීරණය බොක්සින් ක්‍රීඩාව තුළ ක්‍රීඩකයකු පරාජයට පත්වෙන්නෙ ප්‍රතිවාදියාගේ පහරින් ඇද වැටුණාම නෙමෙයි ඇදවැටුණට පස්සේ නැවත නැඟී සිටීම ප්‍රතික්ෂේප කළාම ජීවිතයත් හරියට බොක්සින් ගේම් එකක් වගේ කියලා කතාවට කියන්නේ ඒකයි ඔබ ජීවිතය තුළ පරාජයට පත්වෙන්නෙ ඇදවැටුණාම නෙමෙයි ඇදවැටුණාට පස්සේ ඔබ නැවත නැඟීසිටීම ප්‍රතික්ෂේප කළාම ඇදවැටුණු පසු නැවත නැඟීටීම ප්‍රතික්ෂේප කරන ඕනෑම අයෙක් ජීවිතය තුළ සදාකාලික පරාජිතයන් බවට පත්වෙනවා එහෙත් ධෛර්ය සම්පන්නව නැවත නැඟීසිටීම තෝරාගන්නා මිනිස්සු පරාජයට ඔබ්බෙන් ඇති ජයග්‍රහණය කෙසේ හෝ තහවුරු කරගන්නවා විකල්ප අවස්ථා දෙකක් අතරින් හොඳම විකල්පය තෝරාගැනීම ඔබ සතු කාර්යයක් ජීවන සටන තුළ ඔබ තරගකරුවා වගේම තීරකයාද වනවා මම මෑතකදී ඩයන් ගෝමස් මහතා හමුවෙන්නට යන මොහොතකදී ඔහු හරි අපූරු කතාවක් කියනවා “ප්‍රමේෂ් බොක්සින්වලදී තමන්ගෙ තාත්තා නිසාවත් පවුල් පසුබිම නිසාවත් දිනන්න බෑ රින්ග් එකට ගියාම තමන් ගහන්න ඕන තමන් ෆයිට් කරන්න ඕන ඒකට කුලයවත් දේශපාලනයවත් අදාළ නැහැ ඒකයි මම බොක්සින් තෝරගත්තෙ රාජකීය විද්‍යාලයේදී බොක්සින් ගහලා ලංකාව නියෝජනය කරන්න හදද්දි එච්එස් කල්දේරාගෙන් හොඳ පාරක් කාලා මගේ බොක්සින් ජීවිතේ එතැනින් ඉවර වුණා එච්එස් කල්දේරා තමයි ඒ කාලෙ ආසියානු තරගාවලියේදී ලංකාවට ලෝකඩ පදක්කමක් ගෙනාවෙ හැබැයි මගේ අන්තිම මැච් එකේදි මම තේරුම් ගත්තා පරාජය කියන එක ජයග්‍රහණයකට පෙරළන්න පුළුවන් කියන දේ මම අදටත් ඕනම ක්‍රීඩකයෙක්ට මුලින්ම උගන්වන්නෙ පරදින්න පැරදිලා දිනන්න මගේ දුවල දෙන්නටත් මම ඉගැන්නුවෙ පරදින්න එදා මම පාරක් කාලා බොක්සින් ලයිෆ් එක ඉවරවුණාට අද මාව බොක්සින්වල conerman විදියට හදුන්වන්නෙ ඒකයි

ඇත්තටම ඩයන් ගෝමස් බොක්සින් වළල්ල ඇතුළේ එදා ඇද වැටුණට නැවත නැඟීසිටීම ප්‍රතික්ෂේප කළේ නැහැ ඉතා තද රිදුම් සහිත පහරකට වුණත් ඔහුගේ ගමන නවතා දමන්නට බැරි වුණේ ඒ නිසයි ඔහුගේ ජීවිතයේ අසීරුතම අවස්ථාවක ඔහු ගන්න එක් සුබවාදී තීරණයක් නිසා ඔහු සාර්ථකතවයේ ‍දාරටුව විවර කරගන්නවා ඒ වෙන කිසිවක් නෙවෙයි නැවත නැඟී සිටීම පිළිබඳව සුබවාදී තීරණය ජීවිතය තුළ ඔබත් විවිධ අවස්ථාවල මරණීය ප්‍රහාරයන්ට ලක්වෙලා තියෙන්නට පුළුවන් දරුණු මානසික පීඩවන්ට බිඳවැටීම්වලට මුහුණ දී තියෙන්නට පුළුවන් අසාර්ථකත්වයට පත්වී තියෙන්නට පුළුවන් එහෙමත් නැත්නම් මේ මොහොතේත් එවැනි තත්ත්වයනට මුහුණ දෙමින් සිටින්නට පුළුවන් එවැනි අවස්ථාවක ඔබට ෆීනික්ස් කුරුල්ලෙක් වගේ ඒ අළු මතින්ම නැවත ජීවය ලබාගන්න පරාජය තුළින්ම ජයග්‍රහණය තහවුරු කරගන්න නැවත නැඟීසිටීම පිළිබඳ එකම එක සුබවාදී තීරණයක් ප්‍රමාණවත් ඔබ ඒ තීරණය ගත්තට පස්සේ ඔබට නැවත නැඟී සිටින්නට ලැබෙන ශක්තිය කොහෙන් ලැබෙනවාද කියලා ඔබ හොයන්න යන්න එපා නමුත් ඔබට ඒ ශක්තිය කොහෙන් හෝ කෙසේ හෝ ලැබෙනවා ඔබ තුළම එය නිර්මාණය වෙනවා ෆීනික්ස්ලා වගේ අළු මතින් නැඟිටින්න නැවත ඉපදෙන්න තවත් බලාගෙන ඉන්න එපා “මම ආයෙත් නැඟිටිනවා” කියලා මේ මොහොතෙ ඔබටම කියාගෙන පළමු පියවර තියන්න ප්‍රමේෂ් වික්‍රමසිංහ