රට ගිලගෙන ඇති ම1ත්ද්‍ර1ව්‍ය ජාවාරමේ ශාපයට අසරන තරුණ භික්ෂූන් වහන්සේ නමකට ජීවිතයෙන් වංදි ගෙවීමට සිදුවීම හද කම්පා කරන සිදුවීමක් යැයි ජනසෙත පෙරමුණේ නායක පූජ්‍ය බත්තරමුල්ලේ සීලරතන හිමිපාණන් වහන්සේ 20 වනදා බත්තරමුල්ලේ පක්ෂ කාර්‍යාලයේ පැවති මාධ්‍ය හමුවකදී පැවසීය දිනපතා වැටලීම් කලද අඩු වීමක් නොමැති ම1ත්ද්‍ර1ව්‍ය මාෆියාවෙන් අනාගත පරපුර ගලවා ගැනීමට ජනාධිපති වරයාගේ විශේෂ අවධානයෙන් හා අධීක්ෂණයෙන් යුත් යුධ හමුදාව සහ පොලිස් විශේෂ කාර්‍ය බලකායේ නිලධාරීන් ගෙන් සැදුම් ලත් ම1ත්ද්‍ර1ව්‍ය නාශක බලකායක් රටපුරා විසිරුණු ආරක්ෂක ජාලයක් ලෙස යෙදිය යුතුයැයි උන්වහන්සේ මෙහිදි පැවසීය සීලරතන හිමිපාණන් වහන්සේ මෙසේද පැවසීය අද වෙනකොට ලංකාවේ තරුණ පරපුරෙන් හතරෙන් දෙකක් මොනම හරි ම1ත්ද්‍ර1ව්‍යයක් භාවිතයට හුරුවෙලාරටක් ඉදිරියට යන්නේ කොහොමද මේ විදියේ ව්‍යසනයක් රට ගිල ගනිද්දී අපේ රටේ අනාගතේ භාර දෙන්නේ ම1ත්කු1ඩු ව්‍යාපාරිකයන්ටද කියන ගැටළුවට වහාම බලයේ සිටින රජය විසදුම් සෙවිය යුතුයි ප්‍රධාන වශයෙන් මේ ජාවාරම සිදුවෙන මර්මස්ථාන සොයා බලා ඒවාට වැට බැදීම පලමුවෙන්ම කල යුතුයි වත්මන් ජනාධිපති තුමාගේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ සදහන් උනා මත් උවදුර මේ රටින් සදහටම තුරන් කරන බව මගේ විශ්වාසයේ හැටියට ම1ත්ද්‍ර1ව්‍ය ජාවාරම් කරුවෙක් අල්ලන්න ගිහින් භික්ෂූන් වහන්සේ නමකට වෙඩිවැදුණු ලංකා ඉතිහාසයේ පලමු වතාව මේක

යොවුන් වියේ හිටපු අනාගත හීන දැකපු බුත්තල සීලරතන පොඩිහාමුදුරුවන් වහන්සේට අජරාමර නිවන් සැප ලැබේවා කියලා මම ඉතාම කණගාටුවෙන් ප්‍රකාශ කරන්නේ සම්බුද්ධ ශාසනයට අහිමි උණු ජීවිතය ගැන උපන් කණගාටුවෙන් අද මේ කණගාටු දායක සිද්ධිය නිසා මේ පොඩිහාමුදුරුවන්ගෙ පවුලේ දෙමාපියන් කොයිතරම් දුකක් උහුලාගෙන ඉන්නවා ඇතිද තමන්ගෙ බුදුපුතාගේ අහිමි වීම ගැන ස්වාමිවහන්සේලා දේශපාලනය කිරීම අවශ්‍ය නැතැයි කියන සමහර සංඝයා වහන්සේලා රටේ සිද්ධ වෙන ඕනෑම අපරාධයක් දිහා නොපෙනෙන ඇස් ඇතුව නෑහෙන කන් ඇතුව ආත්මාර්ථකාමී පිරිසක් ලෙස පංසලේ දේපල රකිමින් ජීවත් වෙන ගමන් රට ජාතිය වෙණුවෙන් කතා කරන භික්ෂූන් වහන්සේලාට අපහාස කරනවාඒත් රටේ විපතකදි හෝ එලියට බැසීමක් මේ අය කරන්නේ නෑ ජනාධිපතිතුමා ගෙන් සහ අග්‍රාමාත්‍ය වරයාගෙන් මා ගෞරවණීය ඉල්ලීමක් කරනවා වහාම සොයා බලන්න මේ කුඩු ලංකාවට එන්නේ කොහොමද කියලාඒ වගේම මේ ජාවාරමේ මහ මොළකරුවන් ඉන්නේ රට ඇතුලෙද රටින් පිටද නැත්නම් බංධනාගාර තුලද කියලාඒ වගේම තව දුරටත් හඩපටි මත්තේම පරීක්ෂණ සිදු කරමින් නොසිට රටේ රෑ දවල් නොතකා සිදුවන මහාපරිමාණ ම1ත්කු1ඩු ජාවාරම නතර කිරිමට හැකි ක්‍රියාමාර්ගයක් සොයා ම1ත්කු1ඩු මේ රටින් සදහටම නැති කිරීමට වත්මන් රජයේ අවධානය යොමුකරන්න රටපුරා බිම් මට්ටමින් වැටලීම් සිදුකර ජාවාරම් කරුවන් නිතිය ඉදිරියට ගෙන ඒමට යුධහමුදාව ඇතුළු ආරක්ෂක හමුදා වන්ට බලය ලබා දෙන්නැයි සීලරතන හිමිපාණන් වහන්සේ ජනාධිපති වරයාගෙන් ඉල්ලා සිටියේයඑමෙන්ම එලඹෙන මහ මැතිවරණ යේදි ම1ත්කු1ඩු මත්වතුර ජාවාරම් කරුවන්ට නීත්‍යානුකූලව සුරාසැල් හිමිකරුවන්ට ගමේ ජනතාව බියවද්දා ගෙන අයුතු ලෙස ජනතා බදු මුදලින් තමන්ගේ ගිණුම් තර කර ගන්නා අටපාස් දේශපාලකයන්ට නාමයෝජනා ලබා නොදෙන ලෙසද උගතුන් බුද්ධිමතුන් පාර්ලිමේන්තුවට යැවීමට හැකි පරිසරයක් නිර්මාණය කරන ලෙසද සීලරතන හිමිපාණන් වහන්සේ ඉල්ලා සිටියේය කැලණිය කුසුම් එස් හැන්නදි