Sat. Feb 29th, 2020

Lanka Online

Sri Lanka Online News

සජිත් පොදු සන්ධානයක් හදයි

ඉදිරි මහ මැතිවරණය සඳහා එජාපය සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් ඒකාබද්ධ පොදු සන්ධානයකින් තරග කිරීමට එම පක්‍ෂ නායකයන් සමඟ සිකුරාදා (17දා) පස්වරුවේ පූර්ව එකඟතාවකට එළැඹුණු බව එහි ජේ‍යෂ්ඨ ප්‍රකාශකයකු පැවැසීය රනිල් වික්‍රමසිංහ මහතාගේ නායකත්වය යටතේ තවදුරටත් එජාපයට කිසිදු ඉදිරි ගමනක් නොමැති බව තම පාර්ශ්වය මෙන්ම පොදු සන්ධානයට එක්වන අනෙකුත් පක්‍ෂවල නායකයන්ද අවබෝධ කරගෙන තිබෙන බවද එම ආරංචි මාර්ග ප්‍රකාශ කළේය ඒ අනුව රාජිත සේනාරත්න, මනෝ ගනේෂන් චම්පික රණවක, රවුෆ් හකීම් හා පී. දිගම්බරම් යන පක්‍ෂ නායකයන් සිකුරාදා දහවල් පාර්ලිමේන්තු කමිටු ශාලා අංක 02 පැවැති රැස්වීමට සහභාගි වී අදාළ සන්ධානය සඳහා පූර්ණ එකඟතාව පළකර සිටි බවද එම ආරංචි මාර්ග තවදුරටත් පැවැසීය.

මෙම රැස්වීම සඳහා රිෂාඩ් බදුර්දීන් මහතාද සහභාගිවීමට නියමිතව සිටියත් මන්නාරම ප්‍රදේශයේ අත්‍යවශ්‍ය කටයුත්තකට සහභාගිවීමට ගොස් සිටි නිසා ඔහුට එම රැස්වීමට සහභාගිවීමට නොහැකි වූ බවත් ඔහු මෙම සන්ධානයට එක්වන බවට දන්වා ඇති බවත් එම ආරංචි මාර්ග ප්‍රකාශ කළේය සජිත් ප්‍රේමදාස මහතාගෙන් යුත් නව සන්ධානයක් ස්ථාපිත කිරීමට ඉකුත් 17දා සවස පැවැති එක්සත් ජාතික පෙරමුණේ පක්‍ෂ නායකයන්ගේ රැස්වීමේදී තීරණය කර තිබෙන බව දෙමළ ප්‍රගතිශීලී සන්ධානයේ නායක මනෝ ගනේෂන් මහතා පැවැසීය නව සන්ධානය නව මැතිවරණ ලාංඡනයකින් ඉදිරි මැතිවරණයට ඉදිරිපත් වීමට තීරණය කළ බවත් නව සන්ධානය එක්සත් ජාතික පෙරමුණ නියෝජනය කළ සියලු සුළු පක්‍ෂද ඇතුළත් වන බවද ඔහු කීය මේ අතර සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් පිහිටුවන නව සන්ධානය මහ මැතිවරණයට තරග වැදීම අරමුණු කරගෙන රට පුරා රැස්වීම් මාලාවක් ලබන 23දා සිට සංවිධානය කිරීමට සජිත් පාර්ශ්වය තීරණය කර තිබේ ඒ අනුව නව සන්ධානයේ මංගල රැස්වීම නුගේගොඩ නගර මධ්‍යයේදී ලබන 23දා පස්වරු 2.00ට ආරම්භ කිරීමට නියමිතය උපතිස්ස පෙරේරා, ලක්‍ෂ්මී ජයකොඩි