රිමාන්ඩ් බන්ධනාගාරයේ පසුවන පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාට මැගසින් බන්ධනාගාර නිලධාරීන් අවවාද කර ඇතැයි එම බන්ධනාගාර ආරංචි මාර්ග කියයි. බන්ධනාගාරය තුළදී ඒ ආඥාපනතට අනුව හැසිරීමටත් නිලධාරීන් සමඟ කටයුතු කිරීමේදී එහි ක්‍රමවේදයන් අනුගමනය කරන ලෙස ඔහුට අවවාද කර ඇතැයි ද දැනගන්නට ඇත මන්ත්‍රීවරයාගේ සුව දුක් විමසීම සඳහා ඊයේ ( 18) එහි ගිය පිරිසක් ඇද ඇතිරිලි දෙකක් එකට එක් කර සකස් කරන ලද මෙට්ටයක් වැනි උපකරණයක් ලබා දීමට තැත් කළද එය නිලධාරීන් විසින් වළක්වා ඇතැයිද කියති

ඒ අනුව ඔවුහු ඒවා නැවත රැගෙන විත් තිබේ මන්ත්‍රීවරයා මේ වන විට මැගසීන් බන්ධනාගාරයේ ‘ජී’ වාට්ටුවේ රඳවා සිටි එළැඹෙන 29 වැනි දින ඔහු යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය ජයන්ත සමරකෝන සිය සිනමා දිවිය ජය කොතැනද චිත්‍රපටයේ ප්‍රධාන චරිතයක් නිරූපණය කරමින් ආරම්භ කල රන්ජන් මහතා 1990 දශකය පුරාවට සිය ප්‍රතිරූපය වාණිජ චිත්‍රපටි නළුවෙක් ලෙස පවත්වා ගන්නා ලදී. එසේ වූවත් සමහර අවස්ථාවලදී චිත්‍රපටි සඳහා ඔහු තරමක් ගැඹුරු චරිතද නිරූපණය කොට තිබේ. ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාගේ අවරගිර චිත්‍රපටියේ ඔහු නිරූපණය කරන චරිතය එවැන්නකි. මෑත කාලීනව ඔහු වාණිජ සිනමා චරිත නිරූපණය කිරීමට අමතරව පාර්ලිමන්ට් ජෝක්ස්, වන් ෂොට් වන් හා ලීඩර් වැනි චිත්‍රපටි තුලින් අධ්‍යක්ෂණය සහ තිර රචනයටද දායක වී තිබෙයි රංගනයට අමතරව ජය කොතැනද නරලොව හොල්මන් ලවු ඉන් බැංකොක් සහ තවත් චිත්‍රපටි කීපයක් සඳහා ගීත ගායනයෙන්ද දායක වී තිබෙන රන්ජන් මහතා චිත්‍රපටියක් වෙනුවෙන් ගායනා කල රන් සමනල ජෝඩුව වාගේ ගීතය එකල ප්‍රේකෂකයින් අතර බෙහෙවින් ජනප්‍රිය විය