උද්භද විද්‍යාත්මක ලක්ෂණ අනුව කොමඩු ප්‍රභේද ප්‍රධාන කොටස් දෙකකට බෙදා දැක්විය හැක 1 පැණි කොමඩු Sweet melon වැඩි පැණිරසකින් යුත් වර්ගයකි මස්ක් මෙලන් රොක් මෙලන් කැන්ටලුප් යනාදිය පැණි කොමඩු ගණයට අයත් වේ 2 පත්තක්කා Water melon අප රටේ බෙහෙවින් දක්නට ලැබෙන පත්තක්කා හෝ කොමඩු නමින් හැඳින්වෙන වර්ගය රසයෙන් අඩුය ඒවායේ මදයේ ඇති ජල ප්‍රමාණය ඉතා අධිකය ශ්‍රී ලංකාවේ බෙහෙවින් ජනප්‍රිය වී ඇත්තේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මගින් හදුන්වා දුන් තිළිණි නම් වු කොමඩු විශේෂයයි විදේශ වෙළදපොලේ මෙය සුගර් බේබි නමින් හදුන්වයි කොමඩු කන විට ඇටත් එක්කම පල කන්න කියල අපේ පැරැන්නෝ කිව්වේ ඇයි කියල දැන් විද්‍යාත්මකව ඔප්පු වෙලා තියෙන්නේ
බොහෝ දෙනා සාමාන්‍යයෙන් සිදු කරනේ කොමඩු ගෙඩියක් කැපු පසුව එහි ඇට සියල්ලම කරදරයක් සේ සලකා ඉවත් කර දැමීමයි අද වන විට පාරිභෝගිකයන්ගේ පහසුව සඳහා ඇට රහිත කොමඩු පවා අලෙවි කිරීමට තිබෙනවා කෙසේ වෙතත් ඔබ කොමඩු ඇට වියළා තබා ගන්නවා නම් එමගින් ඔබට විශාල සෞඛ්‍යය ප්‍රතිලාභ රැසක් අත් කර ගන්නට පුළුවන් කැලරි ඉතා අවම වශෙන් අන්තර්ගත වන කොමඩු ඇට තුල අන්තර්ගත වන අතිශය වැදගත් පෝෂ්‍ය පදාර්ථයන් ලෙස ප්‍රෝටීන්, විටමින් B ඇතුළු අනෙකුත් විටමින් වර්ග, මැග්නීසියම්, පොස්පරස්, යකඩ, පොටෑසියම්, කොපර්, මන්ගනීස් සහ සින්ක් සදහන් කරන්නට පුළුවන් සෞඛ්‍යයට අහිතකර වන ස්නක් වර්ග වෙනුවට කොමඩු ඇට වියළා රෝස් කර ආහාරයට ගැනීමත් සෞඛ්‍යයට හිතකර වනවා රෝස් කරන ලද කොමඩු ඇට සකසා ගන්නා අයුරු වියළා ගත් කොමඩු ඇට හොඳින් සෝදා ගන්න සෝදා ගත් කොමඩු ඇට රැයක් පහන් වන තුරු ජලයේ ගිල්වා තබන්න ඉන් පසුව කොමඩු ඇට තුලින් අංකුර දමන තුරු දින කිහිපයක් සිටින්න කොමඩු ඇට ආවරණය වී ඇති කළු පැහැති බාහිර පොත්ත ඉවත් කර අවන් එකකට දමා හෝ හිරු එළිය යටතේ හොඳින් වියළා ගන්න පසුව එම කොමඩු ඇට බැදගැනීමට සිදුසු තාච්චියකට දමන්න එයට එළවළු සුළු ප්‍රමාණයක් හෝ ඔලිව් තෙල් සුළු ප්‍රමාණයක් එක්කර ලුණු කුඩු ස්වල්පයක්ද එක්කරන්න එසේ සකස් කර ගත් කොමඩු ඇට ෆැරන්හයිඩ් අංශක 325 ක උෂ්ණත්වයක් යටතේ විනාඩි 20 පමණ බැදගන්න විනාඩි විස්සක කාලයෙන් පසුව බැදගත් මිශ්‍රණය සිසිල් කර ආහාරයට ගන්න ඔබට අවශ්‍ය නම් එයට කුරුඳු කුඩු ස්වල්පයක්, ලෙමන් යුෂ ස්වල්පයක් සහ මිරිස් කුඩු ස්වල්පයක් එක්කරගන්න

කොමඩු ඇට මගින් සලසා ගත හැකි සෞඛ්‍යය ප්‍රතිලාභ 1දියවැඩියාව නිසි ලෙස කළමනාකරණය කිරීම දියවැඩියාව පාලනයට සහ දියවැඩියාව නිසා ඇතිවන විවිධ රෝගී තත්වයන්ට සුවයක් සලසා ගැනීමට කොමඩු ඇට භාවිතා කරන්නට පුළුවන් කොමඩු ඇට තුල අන්තර්ගත වන ඇමයිනෝ අම්ල මගින් රුධිර නාලිකා ලිහිල් කිරීම සිදු කරන නිසා ඔක්සිකාරය ආතතිය මගහරවා ගන්නට පුළුවන් එසේම, කොමඩු ඇට සතු වන මැග්නීසියම් මගින් කාබෝහයිඩ්‍රේට පරිවෘත්තිය ක්‍රියාවලියට භාජනය කර රුධිරයේ සීනි මට්ටම නියාමනය කිරීමත් සිදු කරනවා මෙම සෞඛ්‍යය ප්‍රතිලාභ ලබා ගැනීමට පහත පියවරයන් අනුගමනය කරමින් කොමඩු ඇට භාවිතා කර තේ පානයක් සකස් කර පානයකරන්න ජලය කෝප්ප හතරකට කොමඩු ඇට අහුරක් එක්කරන්න එය රත්කර ගැනීමට සුදුසු භාජනයකට එක්කර එහි කට වසා විනාඩි 45ක් පමණ රත් කර ගන්න පසුව එම පානය සිසිල් කර පානය කරන්න මෙය තේ පානයක් ලෙස දිනපතා පානය කිරීමට හුරු වන්න

2.තෙහෙට්ටුව දුරු කිරීම කොමඩු ඇට අහුරක් ආහාරයට ගැනීම මගින් ශරීරයේ ශක්ති මට්ටම වර්ධනය කර තෙහෙට්ටුව දුරු කර ගන්නට පුළුවන් කොමඩු ඇට යකඩ වලින් පොහොසත් වන නිසා ශක්තිය නිපදවීමට අවශ්‍ය වන ඔක්සිජන් ශරීරය පුරාවට ගෙනයාමට රුධිරයේ හිමොග්ලොබින් වෙත උපකාර කරනු ලබනවා එසේම, ශරීරයේ ප්‍රතිශක්තිකරණ පද්ධතියේ වර්ධනයට සහ යකඩ මගින් කැලරි ශක්තිය බවට පත් කිරීම සඳහාත් කොමඩු ඇට උපකාර වනවා ශරීරයේ තෙහෙට්ටුව දුරු කිරීමට අවශ්‍ය කරන L-citrulline ඇමයිනෝ අම්ලයත් කොමඩු ඇට තුල අන්තර්ගත වනව 3.හදවත සෞඛ්‍යය සම්පන්නව තබා ගැනීම ඔබ කොමඩු ඇට ආහාරයට ගන්නවා නම් ඔබේ හදවත හොඳ තත්වයෙන් තිබෙන බව තහවුරු කර ගන්නට පුළුවන් කොමඩු ඇට තුල මොනසැකරයිඩ සහ පොලිසැකරයිඩ මේද අම්ල අන්තර්ගත වනවා. මේවා මගින් හෘද්‍යාබාධ සහ ආඝාතය වැනි දරුණු රෝග තත්වයන්ගෙන් ආරක්ෂාව සලසනවා. එසේම මෙම සෞඛ්‍යය සම්පන්න මේදයන් විසින් නරක කොලෙස්ටරෝල් මට්ටමත් නිසි ලෙස අඩු කරනු ලබනවා ඊටත් අමතරව කොමඩු ඇට තුල අන්තර්ගත වන පොටෑසියම් මගින් හදවත් සෞඛ්‍යය වර්ධනය කරන අතර ඇමයිනෝ අම්ලයන් වන citrulline සහ arginine මගින් ධමනි නිසි ලෙස පවත්වා ගෙන හදවත් සෞඛ්‍යය වර්ධනය කරනු ලබනවා

4රුධිර පීඩනය නිසි ලෙස පවත්වා ගැනීම කොමඩු ඇට තුල අන්තර්ගත වන ඇමයිනෝ අම්ලයන් අතරින් arginine වැනි ඇමයිනෝ අම්ල මගින් ශරීරය විසින් නිපදවන arginine ප්‍රමාණයට වඩා වැඩි ප්‍රමාණයක් ශරීරයට සපයාදී රුධිර පීඩනය නිසි ලෙස නියාමනය කරනු ලබනවා ශරීරය තුල මැග්නීසියම් අඩු වූ විටරුධිර පීඩනය ඉහළ යන නිසා කොමඩු ඇට තුල අන්තර්ගත වන මැග්නීසියම් ප්‍රමාණය රුධිර පීඩනය නිසි ලෙස පාලනය කිරීමට උපකාර වනවා ශරීරයේ මැග්නීසියම් අගය අඩුවීම නිසා පොටෑසියම් මට්ටමත් පහල බසිනවා. මේ නිසා ශරීරයට ලැබෙන මැග්නීසියම් ප්‍රමාණය පිළිබඳ නිසි සැලකිල්ලක් දැක්විය යුතු වනව 5මාංශ පේශී සෞඛ්‍යය සම්පන්නව පවත්වා ගැනීම ශාරීරික ක්‍රියාකාරකම් වල යෙදීමෙන් පසුව ඇතිවන මාංශපේශී වේදනාව දුරු කර ගැනීමට කොමඩු ඇට ඉතා ඵලදායී වනවා. මාංශ පේශී පටක වර්ධනයට කොමඩු ඇට සතු L-citrulline උපකාර වනවා. මෙමගින් මාංශපේශී ලිහිල් කර ක්‍රියාශීලී බවක් ඇති කරවනවා. කොමඩු ඇට තුල අන්තර්ගත වන මැග්නීසියම් මගින් ශරීරයට අවශ්‍ය කරන කැල්සියම් අවශෝෂණය කිරීම වේගවත් කරවන නිසා මාංශපේශී ශක්තිමත් කිරීම මෙන්ම මාංශපේශී වල ඇතිවන වේදනාවද දුරු කරනු ලබනවා.

6මේද දහනය කොමඩු ඇට citrulline ලෙස හඳුන්වන සංයෝගයකින් පොහොසත් වනවා මෙම සංයෝගය පරිවෘත්තීය ක්‍රියාවලියට භාජනය වීම මගින් ශරීරයට අත්‍යාවශය ඇමයිනෝ අමලයක් වන arginine නිෂ්පාදනය කරනවා.Arginine මගින් ශරීරයේ තැම්පත්වී ඇති මේදය දහනය කිරීමද සිදු කරනවා කොමඩු ඇට තුල කැලරි අවම වන නිසා ශරීරයේ බර අඩු කර ගැනීම සඳහා එය උපකාරයක් වනවා කොමඩු ඇට සතුව මේදය සුළු ප්‍රමාණයක් අන්තර්ගත වුවත් ඒවා ශරීරයට සෞඛ්‍යය සම්පන්න වන monounsaturated සහ polyunsaturated මේදය ලෙස හඳුන්වන්නට පුළුවන් 7මොළයේ ක්‍රියාකාරීත්වය වර්ධනය කොමඩු ඇට ෆෝලික් අම්ලය සහ විටමින් B9 සපයා ගැනීමට ඇති ඉතා හොඳ මුලාශ්‍රයක් වනවා මොළයේ නිසි වර්ධනයක් සඳහා මෙය අත්‍යාවශ්‍ය වන අතර ගර්භනී මව්වරුන්ට ෆෝලික් අම්ල ඌනතාවයක් ඇතිවූ විට දරුප්‍රසූතියේදී විවිධ ගැටළු ඇති වන්නට ඉඩ තිබෙනවා කොමඩු ඇට සතු සෞඛ්‍යය සම්පන්න මේද අම්ලයන් විසින් neurotransmitters වල ක්‍රියාකාරිත්වය වේගවත් කර මතක ශක්තිය සහ ඥාන ශක්තිය වර්ධනය කිරීමත් පොටෑසියම් මගින් පරිකල්පන හැකියාවවර්ධනය කිරීමත් ප්‍රතිඔක්සිකාරක මගින් මොළයේ සෛල ආරක්‍ෂා කිරීමත් සිදු කරනු ලබනවා 8අක්‍ෂි අබාධ දුරු කිරීම කොමඩු ඇට සතු විටමින් A සහ විටමින් C දෑස් සඳහා සුවදායක වනවා කොමඩු ඇට ආහාරට ගැනීමෙන් වයස් ගත වීමේදී සිදුවන අක්‍ෂි වියළීම, අක්‍ෂි වල ඇතිවන ස්නායු ආභාද සහ glaucoma වැනි රෝග මෙන්ම වෙනත් අක්‍ෂි ආභාද වලින් වැලකී සිටින්නට පුළුවන්

9හිසකෙස් වල සෞඛ්‍යය වර්ධනය කිරීම හිසකෙස් යනු වැඩි වශයෙන් ප්‍රෝටීන් වලින් සැදුම්ලත් අංගයක් නිසා ප්‍රෝටීන් අඩංගු වන ඕනෑම ආහාරයක් හිසකෙස් සඳහා ගුණදායක වනවා. කොමඩු ඇට තුල ප්‍රෝටීන් වැඩි වශයෙන් අන්තර්ගත වන නිසා කොමඩු ඇට ආහාරයට ගැනීම මගින් හිසකෙස් වල වර්ධනය වැඩි කර ගන්නට පුළුවන් කොමඩු ඇට තුල අන්තර්ගත වන යකඩ මගින් හිසකෙස් සවිමත් කිරීම සහ හිසකෙස් වර්ධනය වේගවත් කිරීම මෙන්ම හිසකෙස් වියළි මලානික වීම නවතා දමනවා. එමන්ම බැදගත් කොමඩු ඇටතුල අන්තර්ගත වන කොපර් මගින් මෙලනින් නිෂ්පාදනය වීම වේගවත් කර හිසකෙස් සඳහා පැහැපත් වර්ණයක්ද එක්කරනු ලබනවා කොමඩු ඇට ආහාරයට ගන්නවාට අමතරව කොමඩු ඇට මගින් සකස්කල තෙල් හිසෙහි ආලේප කිරීම මගිනුත් හිසකෙස් වල නිසි වර්ධනයක් ඇතිකර ගන්නට පුළුවන් 10සම පැහැපත් කර ගැනීම කොමඩු ඇට තුල අන්තර්ගත වන විටමින් C සම පැහැපත් කර අකලට වියපත්වීම දුරු කරන ප්‍රභල ප්‍රතිඔක්සිකාරකයක් වනවා. විටමින් C මගින් සමේ වර්ධනයට අවශ්‍ය වන කොලේජන් නිෂ්පාදනය වීමත් වේගවත්කරනු ලබනවා. තවද, කොමඩු ඇට සතු oleic අම්ලය සහ linoleum අම්ලය මගින් සමේ තෙතමනය ආරක්‍ෂා කර සමට සිදුවන විවිධ ආසාදනයන් දුරු කරනු ලබනවා කොමඩු ඇට ආහාරයට ගන්නවාට අමතරව කොමඩු ඇටමගින් සකස් කර ගන්නා ලද තෙල් සමෙහි ආලේප කර ස්නානයට පෙර හොඳින් සම්භාහනය කරන්න