වනජීවි අමාත්‍ය එස් එම් චන්ද්‍රසේන ගමන් කල සුඛෝපභෝගී ජීප් රථයේ ගැටීමෙන් ඊයේ (16) රාත්‍රියේ මෙලොව හැරගිය සිවිල් ආරක්ෂක නිලධාරියාගේ බිරිඳද මෙලොව හැරගොස් ඇති බව වාර්තා වෙනවා අනතුරටපත් යතුරුපැදියේ ගමන්ගත් ඔහුගේ බිරිඳ හා දියණිය ද බරපතල තුවාල ලබා රෝහලට ඇතුළත් කල අතර අද සවස ඇය මෙලොව හැරගොස් ඇති බව වාර්තාවනවා පොලිසිය සඳහන් කරන්නේ මාර්ගය ඉදිරියෙන් ගිය යතුරුපැදියේ පසුපසින් වේගයෙන් පැමිණි ජීප් රථය හැප්පුණු අවස්ථාවේදී යතුරු පැදියේ ගමන්කල තිදෙනා විසිවී ගිය බවයි. මෙම අනතුරින් සිවිල් ආරක්ෂක භටයා රෝහල්ගත කරනවිටත් මෙලොව හැරගොස් සිටි අතර මව සහ දියණිය බරපතල තුවාල ලැබීය

අනතුර සිදුවන අවස්ථාවේදී වනජීවි අමාත්‍ය එස් එම් චන්ද්‍රසේන මහතාද වාහනයේ සිට ඇති බව සඳහන්වේ. රථය පැදවූ රියදුරා අත්අඩංගුවට ගැනීම සඳහා පොලිසිය පරීක්ෂණ සිදු කරමින් සිටියි