ෆේස්බුක් පිටුවල කමෙන්ට් කරමින් paypal මූල්‍ය සේවාව ලංකාවට ලබාගත නොහැකි බවත් පෞද්ගලික වාසි තකමින් තරුණයන් මුළා කරමින් ගායක ඉරාජ් වීරරත්නගේ ප්‍රෝඩාවන්ට හසු නොවන්නැයි ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ශිල්පී සංගමය ෆේස්බුක් පරිශීලකයන්ගෙන් ඉල්ලා සිටියි එම සංගමය මාධ්‍ය වෙත නිවේදනයක් නිකුත් කරමින් මේ බව පෙන්වා දෙමින් නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් මෙසේද සඳහන් වෙයි අන්තර්ජාතික මුදල් හුවමාරු ක්‍රමයක් වන තරුණ ප්‍රජාව අතර වඩාත් ප්‍රචලිත ර්ථීචරනචත මූල්‍ය සේවාව ශ්‍රී ලංකාවට ලබාගැනීමට යම් ෆේස්බුක් පිටුවලට අදහස් පළකොට උපකාරි වන්න යැයි සඳහන් කරමින් ප්‍රසිද්ධ ගායක ඉරාජ් තම ෆේස්බුක් පිටුවේ පොස්ටුවක් පළකොට ඇති අතර ඒ සම්බන්ධයෙන් ශ්‍රි ලංකා තොරතුරු තාක්ෂණ සංගමයේ අවධානය යොමු වී ඇත.

මුළාවට පත් බොහෝ සමාජ මාධ්‍ය පරිශීලකයන් කිසිදු දැනුවත් භාවයකින් තොරව ර්ථීචරනචත මූල්‍ය සේවාව ශ්‍රී ලංකාවට ලබාගැනීමට එම පුද්ගලයා විසින් ඔහුගේ ෆේස්බුක් පෝස්ටුවෙහි සඳහන් කළ ආකාරයට කටයුතු කරමින් පවතින බවක් දක්නට ලැබෙන අතර ඔවුන් විසින් එසේ සිදුකරන ක්‍රියාවලිය මඟින් නචරනචත මූල්‍ය සේවය ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමට නොහැකිය ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය වෙත ජනාධිපතිවරයා නව අධ්‍යක්ෂ මණ්ඩලයක් පත්කොට අති අතර ර්ථීචරර්ථීචත ශ්‍රී ලංකාවට ලබාගැනීමට තවමත් නොහැකි වී ඇත්තේ මන්ද යැයි සොයා බලා එය ශ්‍රී ලංකාවට ලබාගැනීමට කටයුතු කිරීමට ඔවුන්ගේ සහ අනෙකුත් සම්බන්ධ පාර්ශ්වවල වගකීමකි. ර්ථීචරනචත පෙන්වා ජනතාව මුළාකොට පෞද්ගලික අරමුණු සාක්ෂාත් කරගැනීමට කටයුතු කරන ඉරාජ් වැනි පුද්ගලයන්ට අප ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමයේ බලවත් අප්‍රසාදය පළකරමු ලක්ෂ්මී ජයකොඩි