ලෝකයෙහි හර්ද රෝග අඩු ම රටක් ලෙස ප්‍ර‍ංශය නම් දරා ඇති අතර ඊට හේතු සෙවීමේදී සොයා ගත හැකිවූයේ එරට වාසීන් වැඩි වශයෙන් වයින් පානය කරන බවයි.වයින් සැදීමට ගන්නා මිදිවල පොත්තෙහි හදවතට බෙහෙවින් හිතකර රෙස්ට්‍රරත්‍රෝල් අඩංගු වන බව සඳහන්වෙනවා. එහෙයින් මිදි හා වියළි මිදි හර්දය නිරෝගීව තබා ගැන්මට බෙහෙවින් උපකාරිවන්නක් ලෙස සැලකිය හැකියි.යකඩ කැල්සියම් පොටෑසියම් ප්‍රෝටින් කාබොහයිඩ්‍රේට් සින්ක් , විටමින් C K A B වැනි විවිධ පෝෂණ සංඝටක වලින් පොහොසත් වියළි මිදි, ප්‍රති ඔක්සිකාරක ගුණ සපිරි වටිනා ආහාරයක්. එහි ග්‍රෑම් 100ක් කිලෝ කැලරි 299 කින් යුක්තයි.එය දේශීය මෙන්ම ආයුර්වේද වෛද්‍ය ක්‍රම වලදී බොහෝ රෝග වලට ප්‍රතිකාර සඳහා යොදා ගැනෙනවා. .සෙම් රෝග සඳහා ප්‍රති ජීවක ගුණ ලබා දෙමින් සෙම් රෝග සමනය කර දෙනවා.නිරෝගි පුද්ගලයන්ටද ඒ ආහාරයට ගැන්මෙන් බොහෝ රෝගවලින් වැළැකිය හැකි බව සඳහන්. එය බැක්ටීරියා හා වයිරස් රෝග වළක්වන්නක්.වියළි මිදි දිනපතා ආහාරයට ගැන්මෙන් ප්‍රතිලාභ රාශියක් අත්කර ගත හැකියි. ඒවායේ ඇති පෘක්ටෝස් ක්ෂණික ශක්තිය වඩන බැවින් මලල ක්‍රීඩකයන්ට ඉතා හිතකරයි.

එසේ ම බහුලව ඇති මැග්නීසියම් පොටෑසියම් සිරුරේ ආම්ලිකතාවට පිළියමක්.වියළි මිදි හදවත් රෝග මෙන් ම අක්මා රෝග, ආතරයිටීස් හා වකුගඩු රෝග, වැළඳීමේ අවදානම ද අවම කර දෙනවා.එහි ඇති පොලිපිනෝල් පිළිකාවලට එරෙහිව ක්‍රියාකරන්නක් බැවින් පිළිකා පාලනය කිරීමට උපකාරයක් වෙනවා.කැල්සියම් හා ඛනිජ ලවණ, සිරුරේ අස්ථි ශක්තිමත් කරනවා. දත්වල සුවය රකිනවා .දත් දිරීමට ලක්කරන බැක්ටීරියා මඬින රසායන පහක් ඒවායේ අඩංගුයි . එමගින් දත් මුල් දියවීම් , දත් දිරායාම් වලකිනවා.එහෙත් දරුවන්ට නිතර ඒවා සපන්නට දීමෙන් දත් නිසි ලෙස පිරිසිදු කරගන්නට නො හැකිවීමෙන් දත්වල ගැටළු ඇතිවිය හැකි බවට අනතුරු අඟවා තිබෙනවා.

වියළි මිදිවල අඩංගු බොරෝන් මගින් වියපත් කාන්තාවන්ට ඇතිවිය හැකි අස්ථි දුර්වලතා වළකා ඔස්ටියෝ පොරෝසිස් වැනි රෝගවලට වැට බඳිනවා.එසේ ම ඒවායේ ඇති ආනින් ඇමයිනෝ අම්ලය ලිංගික සෞඛ්‍යය වර්ධනය කරන්නක් හා ලිංගික හැකියාව උත්තේජනය කරන්නක්.එය පිරිමින්ට ඇති දරුපල අහිමි අපහසුව දුරලමින් ශුක්‍රාණු වර්ධනය කර දෙනවා.විවිධ ආසාදනවලින් සිරුර බේරාගන්නා, ප්‍රතිබැක්ටීරියා හා ප්‍රති ඔක්සිකාරක නිසා දෙඇස් අහිතකර කිරණවලින් ආරක්ෂා කරන්නටද වියළි මිදිවලට හැකියි.ඇස් අන්ධවීමට බලපාන  අක්ෂි රෝග වලින් වැළකීමට ඒවා සහාය වෙනවා.එසේ ම වායු ගෙඩි ඇතිවීමට එරෙහිව ද ක්‍රියාකරනවා.සිරුරේ ප්‍රතිශක්තිකරණ. ශක්තිය වර්ධනය කරනවා.. අධි රුධිර පීඩනය පාලනය කිරීමට දායකවෙනවා. හිමොග්ලොබින් ඇතිකරන යකඩ වලින් රුධිරය වර්ධනය කර නීරක්තිය දුරුකරනවා .

නිදහස් කිරණ වලින් සිරුර ආරක්ෂාකරන ප්‍රතිඔක්සිකාරක නිසා බඩවැල් පිළිකාවලට වැට බැඳීමටත් වියළි මිදි උපකාරි වෙනවා.
එසේ ම ජීර්ණ ප්‍රදේශය පිරිසිදු කරමින් ජීර්ණ ක්‍රියාවලියටත් සහායවනවා. ඒවායේ කෙඳි ජලයේ දියවී නොයන බැවින් ඉන් පහසුවෙන් මල බද්ධය දුරුවනවා.අහිතකර මේද තැන්පත් නොකර සිරුරු පුෂ්ටිමත් කිරීමේ හැකියාව ත් වියළි මිදි සතුයි . පෝෂණ ඌණතා ඇති කෘශ දරුවන්ට එය විටමින් ටොනික් එකක් වැනියි.වියළි මිදි අපේ සම කෙරෙහිත් හිතකර ලෙස බලපානවා.ඒවායේ ඇති සින්ක් නිසා සම රැලි වැටීම් සමේ වර්ණ වෙනස්වීම් වළකිනවා.සම නිරෝගීව තබමින් පැහැපත් පෙනුමක් ලබාදීමට එය හේතුවෙනවා.සින්ක් මගින් හිසකෙස් වැටීමත් වළකන බැවින් ඉන් හිසකෙස් ද හොඳින් වැඩෙනවා.

  • මුත්‍රා දැවිල්ල හා මුත්‍රා පිටකිරීමේ. අපහසුතාව ඇතිවිට වියළි මිදි ග්‍රෑම් 50ක් පේර කොළ ග්‍රෑම් 10ක යුෂ සමග මිශ්‍රකර උදේ සවස ගැනිමෙන් සහනය අත්වන බව සඳහන්.
  • ඉන්සියුලින් ලබා ගන්නා දියවැඩියා රෝගීන්ගේ සීනි මට්ටම අනවශ්‍ය ලෙස පහත වැටීම වැළැක්වීමට වියළි මිදි ගෙඩි දෙකක් කෑම හිතකර බව සඳහන්වනවා .
  • කුඩා දරුවන්ට රාත්‍රි නින්දේ දී මුත්‍රා පිටවීම වැළැක්වීමට ,නින්දට පෙර වෝල්නට් ඇට දෙකක් සමග වියළි මිදි ගෙඩි පහක් ලබාදීම පලදායක බව ත් සඳහන් වෙනවා.
  • දිනපතා වියළි මිදි අහුර බැගින් ආහාරයට ගල්ගැනීමෙන් සිරුරට එහි වාසි අත්කර ගත හැකියි.එහෙත් ප්‍රතිජීවක ඖෂධ ගන්නා විටත්, ප්‍රති විෂාද හා මානසික අවපීඩන සඳහා ඖෂධ ගන්නාවිටත් , වියළි මිදිවල ඇති පිරමින් අහිතකර වියහැකි බැවින් එවැන්නන්ට වියළි මිදි ගැන්ම සුදුසු නැහැ.