රටින් පිටවීමේදී සහ මෙරටට පැමිණීමේදී කිසිදු ගුවන් මගියකු අපහසුතාවට හෝ ප්‍රමාදයකට ලක් නොවන ආකාරයෙන් ක්‍රියා කරන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ගුවන්තොටුපොළ බලධාරීන්ට ඊයේ 16දා උපදෙස් දුන්නේය ගුවන්තොටුපොළ ආශ්‍රිත ආරක්ෂක වැඩපිළිවෙළ මහජනතාව අපහසුතාවට ලක් නොවන ආකාරයෙන් සිදුවිය යුතු බවද කටුනායක අන්තර්ජාතික ගුවන්තොටුපොළේ හදිසි නිරීක්ෂණ චාරිකාවක නිරත වෙමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අවධාරණය කළේය රටින් පිටව යන සාමාන්‍ය ගුවන් මගියකු ගුවන්තොටුපොළට ඇතුළු වන අවස්ථාවේ සිට මගී පර්යන්තය ඔස්සේ ගුවන් යානයට පිවිසීම දක්වා සහ රටට පැමිණෙන ගුවන් මගියකු පිටතට පැමිණෙන තෙක් ගතවන කාලය, ස්ථාන සහ ක්‍රියාවලිය ජනාධිපතිතුමාගේ නිරීක්ෂණයට ලක් විය

ආගමන විගමන පරීක්ෂණ කටයුතු සඳහා ප්‍රමාණවත් නිලධාරීන් යොදවා මගීන්ට සිදුවන ප්‍රමාදය හැකි උපරිමයෙන් අවම කිරීමට පියවර ගන්නා ලෙස ජනාධිපතිතුමා ආගමන විගමන අධ්‍යක්ෂ ජනරාල්වරයාට උපදෙස් දුන්නේය ගුවන්තොටුපොළින් පිටව යන සහ පැමිණි මගීන් සමඟද ජනාධිපතිතුමා සුහද කතාබහක නිරත විය පැමිණීම සහ පිටවීම සඳහා අංගණ දෙකක් නිර්මාණය කිරීමෙන් කාර්යක්ෂම සේවාවක් මගීන්ට ලබාදිය හැකි බව පෙන්වා දුන් ජනාධිපතිතුමා නව මගී පර්යන්තයේ වැඩ කඩිනමින් නිම කර ජනතා අයිතියට පත් කරන ලෙසටද උපදෙස් දුන්නේය කුලී රථ වෙනුවෙන් වෙනම අංගණයක් සකස් කරන ලෙසද ගුවන්තොටුපොළ සභාපති මේජර් ජෙනරාල් ජී.ඒ. චන්ද්‍රසිරි මහතාට උපදෙස් දෙනු ලැබිණි ගුවන්තොටුපොළ සේවාවන්හි කාර්යක්ෂමතාව පිළිබඳව ජනාධිපතිතුමා සභාපතිවරයාට සහ කාර්ය මණ්ඩලයට සිය ප්‍රශංසාව පළ කළේය කටුනායක ගයා තිරිමාදුර