“ඔලිව්” යන වදන සවන් වැකුණු සැනින් අපගේ මතකයට නැගෙන්නේ ඔලිව් තෙල් පිළිබඳවයි. මන්දයත් ඔලිව් යනු අපේ රටේ දක්නට නොලැබෙන ශාකයක් වුවද​ ඔලිව් තෙල් බොහෝ විට අප විවිධ අවස්ථාවන් සදහා ප්‍රයෝජනයට ගන්නා බැවිනි. අප කොතරම් භාවිතා කලද ආගන්තුක ශාකයක් ලෙස ඔලිව් ශාකය පිලිබදව අප සතු දැනුම ඉතා අල්ප විය හැකියි.ඔලිව් ශාකය බොහෝ වශයෙන් ව්‍යාප්තව තිබෙනු දැකගැනීමට පුළුවන් වෙන්නේ මධ්‍යධරණී කලාපය ආශ්‍රිතවයි. හොදින් වැඩුණු ඔලිව් ශාකයක් සාමාන්‍යයෙන් අඩි විස්සක පමණ උසකින් යුතු වෙනවා. එනම් මීටර හතක පමණ උසකින් යුතු වෙනවා. එසේම මෙම ඔලිව් ශාකය යනු දීර්ඝ ආයු කාලයක් සහිත ශාකයක් ලෙසද හදුනා ගන්නට පුළුවන්. වසර දහසකට වැඩ පැරණි ඔලිව් ගස් ඊශ්‍රායලයේදී දැකගන්නට පුළුවන් වෙනවා. වයස ගතවිමත් සමග ඔලිව් ශාකයේ ගැට සහිත කද කුහර සහිත බෙනයක් බවට පත් උවද තවදුරටත් හොදින් පල දරන්නට සමත් වෙනවා. මෙම ඔලිව් ශාකය ව්‍යාප්ත වන්නේ එහි බීජ හරහා වන අතර ඒවා වැඩුනු ඔලිව් ගස් ආශ්‍රිතව ව්‍යාප්ත වනු දකින්නට පුළුවන්.පුරාණ ග්‍රීක ජනප්‍රවාද වලට අනුව ඔලිව් ශාකයට හිමි වී ඇත්තේ ඉතා ඉහල ස්ථානයක්. ඔවුන්ට​ අනුව ඔලිව් ගස ඉතාමත් ප්‍රිය උපදවන සුළු ආදරණිය ශාකයක් ලෙස හදුන්වා තිබෙනවා. එසේම එය පවිත්‍රත්වයේ සංකේතයක් මෙන්ම පූජනීය​ ශාකයක් ලෙසද හදුන්වනු දකින්නට පුළුවන් වෙනවා.

එසේම එය සාමයේ සහ මිතුරුබවේ සංකේතයක් ලෙසද සලකනු ලබනවා. පුරාණ​ ග්‍රීක ජනතාව ඔලිව් ශාකයේ කුඩා අතු සාමයේ සහ ජයග්‍රහණයේ සංකේතයක් ලෙසද භාවිත කර තිබෙනවා. එසේම ඔලිවේ ශාකය ඉතාමත් ශක්තිමත් ශාකයක් ලෙස සලකන අතර එයට පාරසරික වෙනස්වීම් වලට ඔරොත්තු දෙමින් නොනැසී පැවතීමේ හැකියාවක්ද පවතිනවා.මෙම ඔලිව් ශාකය තුලින් පරිභෝජනය සඳහා යොදා ගන්නේ එහි ඵල වලින් ලබා ගන්නා ඔලිව් තෙල් වන අතර එහි ප්‍රයෝජන රැසක් හදුනා ගන්නට පුලුවන් වෙනවා. මෙම ඔලිව් තෙල් යුදෙව් ජාතිකයන්ගේ එදිනෙදා දිවි පැවැත්මට මෙන්ම ඔවුන්ගේ ආර්ථිකය රදා පවතින්නේද ඒ මතයි. මෙම ඔලිව් ගෙඩි ඉදෙන විට කළු පැහැයෙන් යුතු වෙනවා. එහෙත් තෙල් සිදීම සදහා ඒවා කොළ පැහැයෙන් පවතියදීම අස්වැන්න නෙලීම සිදු කරනවා. අස්වැන්න නෙලීමේදී ඒ සදහා දඩු කෝටු භාවිත කරන අතර ඒවායෙන් පහර දීමෙන් ඔලිව් ගෙඩි කඩා ගන්නා අතර ඒවා එකතු කර තෙල් සිදීම සිදු කරනවා. ඔලිව් තෙල් ලොව පුරා වැඩි වශයෙන්ම භාවිත වන්නේ ඖෂධයක් වශයෙන් හා රූපලාවන්‍ය​ සත්කාර සදහායි.අප භාවිතයට ගන්නා දේවල් පිලිබදව නිවැරදි දැනුමක් ලබා තිබීම මගින් තමාම අවබෝධයෙන් යුතුව එය භාවිතා කරන්නට උපකාරී වන නිසයි.

ඖෂධීය ගුණ-රුධිරගත කොලෙස්ටරෝල් මට්ටම පාලනය කිරීමේ ඖෂධීය ගුණයක් ඔලිව් තෙල් සතුව පවතිනවා. රුධිරයේ මේද උෂ්ණත්වය අඩුකර රුධිර ගමනාගමන ක්‍රියාවලියට උත්තේජනයක් ද මින් ලබාදෙයි. ඔලිව් තෙල් දිනකට මේස හැඳි 2 ක් වත් ලබා ගන්නේ නම් සිරුරේ ධමනිවල නම්‍යතාවයට එය ඉවහල් වෙයි. හෘද රෝග අවදානම පාලනයටත් මෙය කදිම ඖෂධයක්.ඔලිව් තෙල් නිතර ආහාරයට එක් කර ගන්නේ නම් අස්ථිවලට ඛනිජ ලවණ ආදිය පහසුවෙන්ම අවශෝෂණය කරගත හැකියි. කැල්සියම් අවශෝෂණය මෙමඟින් වැඩි වන අතරම ඔස්ටියෝපොරෝසිස් අවදානමෙන්ද අත්මිදිය හැකියි.ශරීරයට හිතකර අසංතෘප්ත මේදය ඔලිව් තෙල්වල අඩංගුයි. එබැවින් මෙය රුධිරගත සීනි මට්ටම පාලනය කිරීමට ද උපකාරි වෙයි.

  • ඔලිව් තෙල් ස්නානය-ඔබේ නාන දිය බඳුනට ඔලිව් තෙල් ස්වල්පයක් එකතුකරන්න. සමට හිතකර ඔක්සිකාරකයන් ඔලිව් තෙල්වල අඩංගු වන නිසා එයින් සමට මනා පෝෂණයක් හිමි වෙනවා.
  • ඉරිතැළුණු සමකට-ඔබේ මෘදු සම වියළි සුළඟ හමුවේ ඉරිතැළෙනවා. එමඟින් සමට වන හානිය පිළිබඳ ඔබ දැනුවත් ඇති. මෙයට පිළියමක් ලෙස ඔලිව්තෙල් ගල්වන්න පුළුවන්. යටිපතුල් පැළීම සඳහාත් මෙය ගුණදායකයි.
  • මුහුණට සත්කාරයක්-ඔලිව් තෙල් මුහුණෙහි ආලේප කිරීමෙන් මුහුණේ ඇතිවන කුරුලෑ, ඇක්නි, බ්ලැක් හෙඩ්ස් සහ වයිට් හෙඩ්ස් ඉවත් කිරීමට හොඳම ප්‍රතිකාරයක් වේවි. සමේ තෙතමනය ආරක්ෂා කර ගැනීමේ ගුණය ද එය සතුයි. ඔබට ඇත්තේ වියළි සමක් නම් මුහුණ හා හැකි නම් මුළු සිරුරටම ඔලිව් තෙල් ගල්වා සම්බාහනය කරන්න. එමඟින් සමට තෙතමනයක් හා නීරෝගී පැහැපත් බවක් ලබාගන්නත් හැකියාව පවතියි.
  • සම වියපත්වීම වළකාලයි-ඔලිව් තෙල්වල විටමින් සී අඩංගු වෙනවා. සම වියපත්වීම පාලනය කිරීමට විටමින් සී වලට හැකියාව පවතිනවා. එය ඔබේ සම මෘදු කරනවා වගේම හිරු එළියෙන්ද සම ආරක්ෂා කරනවා.
  • මේකප් ඉවත් කිරීමට-ඔලිව් තෙල් මඟින් මුහුණේ ඇතිවන විවර වැසෙන්නේ නැහැ. මුහුණේ ඇති කුණු දූවිලි සහ මේකප් ඉවත් කිරීම සදහා පුළුන් බෝලයක ඔලිව් තෙල් පොඟවා භාවිත කරන්න.
  • ඉස්හොරි සඳහා-වියළි බව නිසා ඔබ තවමත් පීඩා විඳියි නම් හිසේ ඇතිවන හිස්හොරිවලටත් ඔලිව් තෙල් හොඳ විසඳුමක්. ඔලිව් තෙල් හිසේ ගල්වා ඇඟිලි තුඩු මඟින් සියුම්ව රවුම් ආකාරයට සම්බාහනය කිරීමෙන් ඔබේ හිසකෙස්වලට දිදුලන නිරෝගී බවක් ලබා ගත හැකියි. සතියකට වරක් හෝ ස්නානයට විනාඩි 30 කට පෙර මෙම සත්කාරය සිදු කිරීමෙන් ඔබට වඩා හොඳ ප්‍රතිඵල අත් කර ගත හැකියි.
  • තොල්පෙති සඳහා සත්කාරයක්-ඔලිව්තෙල් තොල්පෙති මත ආලේප කර සම්බාහනය කරන්න. සතියකට වතාවක් මෙසේ ආලේප කිරීමෙන් ඔබේ දෙතොල්වල වියළි බව හා එයට මෘදු පෙනුමක් ද ගෙන දෙයි.
  • තුවාල සහ සීරිම් සඳහා-ඔලිව් තෙල් ස්වල්පයක් ගෙන තුවාල හා සීරීම් මත ආලේප කිරීමෙන් ඉක්මන් සුවයක් ගෙන දේ.
  • කුෂ්ඨ සඳහා-ඖෂධීය ගුණ ඇති ඔලිව් තෙල් ඔබේ සමේ ඇති මෙවැනි තත්ත්වයන් සඳහා ඔබට භාවිත කරන්නට පුළුවන්. රෝග කාරක විසබීජ නිවාරණය කිරීමේ හැකියාව ඔලිව් තෙල්වල තියෙනවා. දිනකට දෙවතාවක් මේ සම්බාහනය කළ යුතුයි.
  • නිරෝගී කෙස් කලඹකට-සතියකට දෙවතාවක් හිසෙහි ඔලිව් තෙල් ආලේප කර සම්බාහනය කිරීමෙන් කෙස් අග පැළීම, හිසකෙස් ගැලවීයාම, කැඩීයාම වැනි තත්ත්වයන් මඟහරවා ගත හැකියි. එමෙන්ම දිගු නිරෝගී කෙස් කලඹක් හිමිවේ. මෙසේ ඔලිව් තෙල් සම්බාහනය කිරීම මොළයේ ක්‍රියාකාරිත්වයට ද හේතුවක් වේ. එහෙත් හිසකෙස්වල ඔලිව් තෙල් ගල්වා අව්වේ යාමෙන් වළකින්න.
  • නිරෝගී නිය පෙළකට-නියපොතුවල කි්‍යුටිකලය ආරක්ෂාකාරීව තබාගැනීමෙන් නියපොතු පැළීම වගේම ඉරිතැළීම වළක්වාගන්න පුළුවන්. එවැනි හානිවීම්වලින් නියපොතු ඇතුළට බැක්ටීරියා හා දිලීර වර්ග ඇතුළුවීමෙන් සිදුවිය හැකි ආසාදනවලින් මිදෙන්න නියපොතුවල ඔලිව් තෙල් ආලේප කරන්න.ඔලිව් තෙල්වල අඩංගු විටමින් පෝෂකය, නියපොතු වර්ධනය වේගවත් කරනවා. සතියකට සැරයක් විතර මිනිත්තු 20 ක් ඔලිව් තෙල්වල නියපොතු පොඟවා තැබීමෙන් මේ කියන පෝෂණය ඔබටත් ලබාගන්න පුළුවන්.
  • රෝම ඉවත් කිරීමෙන් පසු-සිරුරේ අලංකාරණය සඳහා සිරුරේ අනවශ්‍ය රෝම ඉවත් කිරීම බොහෝ කාන්තාවන් සිදු කරනවා. රෝම ඉවත් කිරීමෙන් පසු ඇති වන වියළි බව වළකාගන්නට ඔලිව් තෙල් ශේවිං ක්‍රීම් එකක් ලෙස ඔබට භාවිත කරන්න පුළුවන්.ඇතැම් අය ඔලිව් තෙල් රත්කර හිස සම්බාහනය කිරීමට යොදා ගන්නවා. නමුත් එය වැරැදි ක්‍රියාවක්. මොකද රත් කිරීම මඟින් ඔලිව් තෙල්වල ඇතුළත් ගණයන් නැසී යනවා. ඔබත් රුව රැකුමට ඔලිව් තෙල් භාවිත කරන්න.