ඇහැලේපොළ පවුලේ ඛේදවාචකය නිසාම තම අවසානය ළගා කර ගත් මෙරට අන්තිම රජු වූ ශ‍්‍රී වික‍්‍රම රාජසිංහ (ක‍්‍රි.ව 1798 – 1815) මත්පැන් පානයට හා දූෂිත ක‍්‍රියාවලට බොහෝ සේ නැඹුරු වූ කුරිරු පාලකයෙකි. ඔහු ගේ කුරීරත්වය කොතෙක්ද යන්න පැවසීමට ඇහැලේපොළ කුමාරිහාමි බෝගම්බර දියේ ගිල්වා මැරීම පමණක් නොව දරු තිදෙනා ඉතාමත් අමානුෂික අන්දමින් මරා දැමීම පැවසීම ම ප‍්‍රමාණවත් ය. එය ඉතිහාසයට කඵ පැල්ලමක් එක් කළ තවත් අවස්ථාවකි.එදා මහනුවර නගරයේ පරිසරය අදට වඩා බොහෝ සේ වෙනස් ආකාරයෙන් පැවතියේ ය. වර්තමානයේ බෝගම්බර බන්ධනාගාරය, බෝගම්බර කී‍්‍රඩාපිටිය පමණක් නොව මධ්‍යම වෙළෙඳපොළ ද තිබි නැත. එම ප‍්‍රදේශය වසා ගෙන පැතිර තිබි ඇත්තේ බෝගම්බර වැවෙනි. බොහෝ දෙනෙක් සිතා ගෙන සිටින්නේ බෝගම්බර බන්ධනාගාරය ඉදිකර ඇත්තේ ඇහැලේපොල කුමාරිහාමි ගිල්වා මරණයට පත් කරන ලද බෝගම්බර වැව ගොඩ කරන ලද භූමියේ බව ය.

එහෙත් එම මතය වැරදි බව පැරණි ලේඛණ පිරික්සීමේදී පැහැදිලි වේ. බෝගම්බර කී‍්‍රඩා පිටිය සාදා ඇත්තේ බෝගම්බර වැව තිබු ප‍්‍රදේශයේ ය. එහි වැව් තාවුල්ල බෝගම්බර බන්ධනාගාරයේ බෝගස තිබෙන ප‍්‍රදේශය දක්වා පැතිර ඇත. එදා බෝගම්බර වැවේ (වත්මන බෝගම්බර කී‍්‍රඩා පිටිය) ගිල්වන ලද කුමාරිහාමි ගේ මෘත දේහය මතුව ඇත්තේ බෝගම්බර බන්ධනාගාරයේ ඇති බෝගසට තරමක් ඈතිනි. මෙයින් පැහැදිලි වන්නේ වැව් තාවුල්ල එම ප‍්‍රදේශය දක්වා පැතිර තිබෙන්නට ඇති බවකි. පසුව බෝගම්බර වැවේ ජලය සම්පූර්ණයෙන්ම ඉවත්කර පස් පුරවා කී‍්‍රඩා පිටියක් බවට පරිවර්තනය කළහ. වැව පිරවීම සඳහා පස් රැුගෙන තිබෙන්නේ නැගෙනහිර ප‍්‍රදේශයේ තිබු කඳු වලින් බව සඳහන් ය. ඒ වන විටත් එහි සිටි සිරකරුවන් ගේ ශ‍්‍රමය ප‍්‍රයෝජනයට ගෙන තිබේ. කි‍්‍ර.ව 1887 දී රජයේ ඒජන්ත ලෙස කටයුතු කළ ඩබ්ලිව්.ඊ.ටී ගෲප් මහතා බෝගම්බර කී‍්‍රඩාපිටිය විවෘත කර තිබේ.

දළදා මාළිගය අසල ඇති නුවර වැව හෙවත් කිරි මුහුද සාදා ඇත්තේ ශ‍්‍රී වික‍්‍රම රාජසිංහ රජතුමා ය. වර්තමානයේ බෝගම්බර වැව වශයෙන් බොහෝ දෙනකු හඳුන්වන්නේ එම වැව ය. දළදා මාළිගයේ පත්තිරිප්පුව ඉදි කළේද ශ‍්‍රී වික‍්‍රම රාජසිංහ රජතුමා ය. රජතුමා තම මාළිගාව ඉදිකිරීම සඳහා හුලංගමුවේ මුලාචාරියා සමඟ පෞද්ගලිකවම වත්මන් දළදා මාළිගාව තිබෙන ස්ථානයට පැමිණ තිබේ. එම අවස්ථාවේ එයට ඉදිරියෙන් වූ ප‍්‍රදේශය හඳුන්වා දී ඇත්තේ තින්ගොලකුඹුර නමිනි. එය වගුරු බිමකි. මෙම ප‍්‍රදේශය දැක නිමිති බැලීමේදී ජය භූමියක් නම් පස හැරීමේදී අඩංගු විය යුතු ද්‍රව්‍ය පිළිබඳ අනාවැකියක් පළකළේ ය. එනම් පළමුවෙන්ම කිරිමැටිද, දෙවනුව වැලි ද තෙවෙනුව ජලය ද අවසානයේ වාසනාවේ සුබ නිමිත්තක් වන කිරිඉබ්බෙකු ද ඊළඟට මතුවෙනු ඇතැයි පැවසීය. එය ඒ ආකාරයෙන්ම සිදු විය. ඒ අනුව රජතුමා තම මාළිගාව මේ ස්ථානයේ ඉදි කිරීමට තීරණය කළද නක්ෂත‍්‍රකරු පවසා සිටියේ මාළිගාවක් සෑදීමට වඩා ආගමික ස්ථානයක් සෑදීම සුදුසු බව ය. ඒ අනුව දළදා මාලිගාව ඉදිකර දන්ත ධාතුන් වහන්සේ එහි තැන්පත් කළහ. වර්තමානයේ නුවර වැව පිහිිටා තිබෙන ස්ථානයේ කිරි ඉබ්බන් සඳහා කුඩා පොකුණක් සාදා එය කිරි මුහුද නමින් නම් කළහ.

පසුව මෙම ප‍්‍රදේශය රජතුමා වෙනුවෙන් කුඹුරක් ලෙස අස්වද්දන ලදී. තවත් ටික කාලයක් ගත වීමෙන් පසු තින්ගොලකූඹුර නැමති වගුරු බිම හරහා ගැලූ ඇළ හරස් කර වර්තමානයේ දක්නට ලැබෙන වැව බවට පත් කළේ ය. පසුව කිරිමුහුද ලෙස ජනප‍්‍රියත්වයට පත්වූයේ වර්තමානයේ පවතින මහනුවර වැව ය. මේ අනුව කිරි මුහුද බෝගම්බර වැව යනුවෙන් හැඳින්වීම වැරදි ය. අපට නැවතත් සෙංකඩගල පුරවරයේ අතීතය සොයා යාමට සිදු වුයේ වසර 138 ක් පැරණි බෝගම්බර බන්ධනාගාරය එතැනින් ඉවත් කර පසුගියදා පල්ලේකැලේ ප‍්‍රදේශයට රැගෙන යාමත් සමඟ ය. මෙම බන්ධනාගාරය ඉදි කර ඇත්තේ 1876 වසරේදී ය. දිවයිනේ ආරක්ෂිත බන්ධනාගාර අතුරින් දෙවැනි තැන හිමි වන්නේ ද බෝගම්බරට වීම විශේෂත්වයකි. තවත් කරුණක් නම් තිදෙනෙක් එකවර එල්ලා මරණයට පත් කළ හැකි මෙරට පිහිටි එකම ස්ථානය ද බෝගම්බර ය. මෙම බන්ධනාගාරයේ පිටුපස එක් කෙළවරක ඇහැලේපොළ කුමාරිහාමි දියේ ගිල්වා මරා දමා ඇති ස්ථානය හඳුනා ගැනීම සඳහා කුඩා කුඵණක් ඉදි කර ඇත. එම ස්ථානය පහළින් තිබූ බෝගම්බර වැව ට සම්බන්ධව හෝ වැව් තාවුල්ල පිහිටා තිබෙන්නට ඇතැයි විශ්වාස කෙරේ. තවත් පිරිසක ගේ අදහස වනුයේ කුමාරිහාමි ගේ මෘත ශරීරය ගොඩ ගසා තිබු ස්ථානය බවය. කාලයක් සිංහලයේ අන්තිම රජු ගේ පාලනයට උදව් කළ ඇහැලේපොළ මහ අදිකාරම් පසුව රජු ගේ පාලනයට එරෙහිව සටන් කරයි. ශ‍්‍රී වික‍්‍රම රාජසිංහ සිහසුනෙන් නෙරපීම සඳහා ඉංග‍්‍රීසින් ගේ සහාය ලබා ගෙන අවසානයේ රජු පන්නා දැමුවද ඒ වන විට ඇහැලේපොළ කුමාරිහාමි ඇතුඵ දරුවන් තිදෙනා මිය ගොස් සිටියහ.

ශ‍්‍රි වික‍්‍රම රාජසිංහ රජු අමානුෂික අන්දමින් ඔවුන්ව මරා දැමීය. එම නිසා කන්ද උඩරට ජනතාව රජු කෙරෙහි බද්ධ වෛරයක් ඇතිකර ගත්හ. එදා ඇහැලේපොළ වලව්ව පිහිටා තිබුණේ මාළිගා භූමියේ වර්තමාන රජ විදියට (එදා ස්වර්ණ කල්‍යාණ විදියට) මුහුණලා ය. සිංහල උඵ සෙවිලි කර තිබු වලව්වේ ආරුක්කු හා කුඵණු සහිත ගොඩනැගිල්ල ඕලන්ද ගෘහ නිර්මාණ ශිල්පයේ ආභාෂය ලබා ඇත. සෙංකඩගල පුරවරය ඉංග‍්‍රිසින් පාලනය භාර ගනු ලැබූ පසු රිමාන්ඞ් බන්ධනාගාරයක් බවට එය පත් කළ අතර, මෑතක් වන තුරුම එහි රැුදවියන් සිරකර සිටියේය. එදා ආකාරයෙන්ම නොවුණද නගරයේ තරමක් දුරට හෝ ආරක්ෂා සහිතව පවතින පැරණි වලව් අතුරින් එකක් ලෙස මෙය හඳුන්වා දිය හැක. ඇහැලේපොළ මහා අදිකාරම් විවාහ වූයේ කැප්පෙටිපොළ මැණිකේ සමඟ ය. ඇය කැප්පෙටිපොළ දියවඩන නිලමේ සහ පිළිමතලව්වේ මැණිකේ ගේ දියණිය වේ. ඇය ඇහැලේපොළ මහ අදිකාරම් සමඟ විවාහ වීමෙන් පසු මහනුවරට පැමිණ ජිවත්ව සිට ඇත්තේ රජ වීදියට මුහුණලා සාදා තිබූ ඇහැලේපොළ වලව්වේ ය. පසුව දියේ ගිල්වා මරන ලද්දේ මෙම ඇහැලේපොළ කුමාරිහාමි ය.

කෙසේ වුවත් ඇහැලේපොළ ගමේ වලව් තුනක් ඇහැලේපොළ මහා අදිකාරම් ගේ පවුලට තිබූණි. මහා නිලමේ ගේ මහා වලව්වත්, කිරි මහත් වලව්වත්, උඩ වලව්වත් ඒ වලව් තුන ය. මහා නිලමේගේ සොහොයුරියක් වාසය කළේ කිරි මහා වලව්වේ ය. ඇය රාජකීයයන්ට ඇප උපස්ථාන කළ හෙදියක වූවා ය. පවුලේ ඥාතියෙක් උඩ වලව්වේ පදිංචිව සිටියේ ය. දහ නව වැනි සියවස අවසාන වන විට පැවතියේ උඩ වලව්ව පමණි. ඒ වන විට එය වෙනස් කම් රාශියකට මුහුණ දී තිබුණි.කි‍්‍ර.ව 1884 දී පමණ ඇහැලේපොළ මහ අදිකාරම් උපන් වලව්ව කඩා දමා ඇත. පැල්දෙණියේ තවත් වලව්වක් ඔහුට තිබුණි. විශාල ලෙස සාදා තිබුණු එම මන්දිරය ද දහ නව වැනි සිය වස වන විට විනාශයට ගොස් තිබේ. මෙම වලව්ව වටේට විශාල පොල් වත්තක් තිබී ඇති අතර, වලව්ව සාදා ඇත්තේ ගලින් කපන ලද විශාල කණු මතය. තවද ආකර්ශනීය කැටයම් වලින් යුත් වහලය සහ දොරවල් මහනුවර යුගයේ ගොඩනැගිලි වල ආභාෂය ලබා ඇති බව පැවසේ.

ක‍්‍රි.ව 1848 කැරැල්ලට පෙර තවත් වලව්වක් ඇහැලේපොළ ග‍්‍රාමයේ ගොලහෙල හළුවඩන නිලමේ විසින් සාදනු ලැබ ඇත. ඇහැලේපොළ ග‍්‍රාමයේ වලව් වලට අමතරව මහනුවර නගරයේ ද වලව් කිහිපයක් පැවත ඇත. ඒ රජු ගේ සේවයට පැමිණෙන අවස්ථාවල සහ රාජකාරි සඳහා නැවතී සිටීම සඳහා ය. ඉන් එක් වලව්වක් දළදා වීදියේත්, තවත් වලව්වක් ඩි.එස් සේනානායක වීදියෙත්, අනෙක් වලව්ව රිමාන්ඞ් බන්ධනාගාරයක් වශයෙන් රැුදවියන් සඳහා වෙන්කර තිබු රජ වීදියේ ගොඩනැගිල්ල ය. මෑතකදි එම රැුඳවියන් ඉන් ඉවත් කරන ලද අතර, වර්තමානයේ එය හිස් ගොඩනැගිල්ලක් වශයෙන් පවතී.

ක‍්‍රි.ව 1808 දී මීගස්තැන්නේ උඩගම්පහේ අදිකාරම් මිය ගිය අතර, ඔහු විසින් උසුලන ලද උඩගම්පහේ අදිකාරම හා සත්කෝරලේ මහා දිසාව යන තනතුරු වලට ඇහැලේපොළව පත් කරන ලදි. එපමණක් නොව මහාගබඩා නිලමේ, ඌව දිසාව, පණිවිඩකරණ නිලමේ, මඩුවේ ලේකම්, පල්ලේවාහල නිලමේ ආදි තනතුරු ද දැරී ය. පෙරහරක් පැවැත්වෙමින් තිබූ අවස්ථාවක ඇති වූ කෝලාහලයක් ඉතා ඉක්මණින් මැඬ පැවැත් වූ බැවින් එය අගය කර රාජ වස්ත‍්‍රාභරණ ඔහුට පිරිනමන ලදි. එහෙත් කන්ද උඩරට රාජ්‍යයට අයත්, හාරිස්පත්තුව, තුම්පනේ, දුම්බර, උඩ සහ පාත හේවාහැට, උඩු නුවර, යටි නුවර, උඩපළාත ආදියේ එම ආභරණ පැළදීමට අවසර ලබා දි නොමැත. එයට හේතුව රජු යැයි ඇහැලේපොළට රට වැසියන් රැුවටෙන බැවිනි.

එම දිනවල ඇහැලේපොළ ගේ මාමා පල්ලේගම්පහේ මහා අදිකාරම් සහ සබරගමුවේ මහදිසාව යන තනතුරු දැරුව අතර, ඔහු එවකට පැවති නීතියට එරෙහිව යමින් කටයුතු කරන ලද්දේ මහජනතාවගේ යහපත සඳහා ය. එහෙත් එය රාජ නිතියට අනුව වරදකි. ඔහුට චෝදනා නගා වරද කරුවකු කර හිස ගසා දැමී ය. ඔහු ගෙන් පුරප්පාඩු වූ තනතුර සඳහා ඇහැලේපොළ පත් කරන ලදි. ඒ වනවිට රජු ගේ ප‍්‍රසාදය දිනා ගෙන සිටිය ද මාමා ගේ නඩුවෙන් පසු ඇහැලේපොළ කෙරෙහිද අවිශ්වාසයක් ඇතිකර ගත්තේය. එය නොපෙන්වා ඇහැලේපොළ මහ අදිකාරම් තනතුරට පත් කළේ ය.ඉන්පසු රජතුමා දෙගල්සාමිගේ දියණියන් දෙදෙනා විවාහ කරගත් අවස්ථාවේ ඇහැලේපොළ විසින් ත්‍යාගයක් පිරි නමන ලද අතර එය ප‍්‍රතික්ෂේප කිරීම හේතුවෙන් රජු ඔහු කෙරෙහි අපහැදිමකින් පසුවන බවට ඉඟියක් ලැබිණි. එය තවදුරටත් වර්ධනය වන කරුණු ඉන් පසු සිදු විය. එය මෙසේ විස්තර කෙරේ. සබරගමු ප‍්‍රදේශයේ ඇති වු කැරැුල්ලක් මැඩ පැවැත්විමටත්, බදු මුදල් එකතු කිරීම සඳහාත් ඇහැලේපොළ මහ අදිකාරම් යවා තිබේ. එම රාජකාරි කටයුතු නිම කර තවදුරටත් එහි රැුදි සිටියේ ය. ඒ බටුගෙදර පිහිටි ඔහු ගේ වලව්වේ වැඩ අවසන් කිරීම සඳහාත් රජු හට ත්‍යාගයක් වශයෙන් පිළිගැන්වීමට රන් ඔටුන්නක් හා කඩුවක් සෑදිම සඳහාත් ය.

ඒ අතරතුර සබරගමුවේ විශාල කුඹුරු යායක් වගා කිරීම සඳහා ජලය ලබා ගැනිමට වාරි මාර්ගයක් ද සාදා ඇත. මේ බව දැනගත් මොල්ලිගොඩ නිලමේ රජු හට වැරදි ආකල්පයක් ඇතිකරමින් ඇහැලේපොළ රජකම පැහැර ගැනීමට උත්සාහ කරන බවත්, ඒ සඳහා රහසිගතව ඔටුන්නක් හා කඩුවක් ද සුදානම් කරන බවත් දැන්විය. මොල්ලිගොඩ ගේ කීම පිළිගත් රජතුමා ඇහැලේපොළ ගැන තිබූ සැකය තව දුරටත් වර්ධනය කරගෙන ඇත. ඇහැලේපොළ අදිකාරම් රජතුමාට යවන ලිපි ඉතාමත් සුක්ෂම ආකාරයෙන් මොල්ලිගොඩ නිලමේ විසින් වෙනස් කර ඉදිරිපත් කරයි. ඒ ආකාරයෙන් අවසන් වශයෙන් රජතුමාට යවන ලද ලිපියක් මොල්ලිගොඩ නිලමේ වෙනස් කරන ලද්දේ මේ ආකාරයට ය. මාගේ අඹු දරුවන් ඔබ යටතේ සිටිනම් කුමක් කළත් මට ප‍්‍රශ්ණයක් නොවේ යැයි සඳහන් කරමිනි. මේ ආකාරයෙන් ඔවුන් දෙදෙනා අතර ඇති වු මතභේද තවදුරටත් වර්ධනය විය. අවසානයේ බදු අය කිරීමට රජතුමා විසින් දෙන ලද නියෝග ක‍්‍රියාත්මක කිරීම ඇහැලේපොළ නිලමේ ප‍්‍රතික්ෂේප කළේය.

කන්ද උඩරට වාසය කිරීමෙන් තමාට යහපතක් නොවන බව තේරුම් ගත් ඇහැලේපොළ අදිකාරම් ඉංග‍්‍රීන් ගේ පිහිට පැතීමට තීරණය කළේය. මේ සඳහා කොළඔ දිසාව වූ ඩොයිලි ගේ සහාය ඉල්ලා ඇත. මේ වන විට රජු කෙරෙහි කන්ද උඩරට ජනතාවගේ අප‍්‍රසාදය කෙමෙන් වැඩිවෙමින් පැවතිණි. එයට පිළිමතලාවේ අදිකාරම් ගේ හිස ගසා දැමීමත් එක් හේතුවකි. පසුව රජුට එරෙහිව කැරැුල්ලක් ඇති කළ අතර, ඒ පිළිබඳව දැන ගැනීමෙන් පසු ඇහැලේපොළ නිලමේව අදිකාරම් තනතුරෙන් ඉවත් කර එම කැරැුල්ල මර්දනය කිරීමට මොල්ලිගොඩ නිලමේ යවන ලදි. ඒ බව ආරංචි වු විගස ඇහැලේපොළ අසු පිට නැගී කොළඹට පලා ගියේය. ඔහු ගෙන් පළිගැනීමේ චේතනාවෙන් ඔහු ගේ දරුවන් ගේ හිස් ගසා දැමිමටත්, බිරිඳ ඇතුඵ කාන්තාවන් දියේ ගිල්වා ජිවිතක්ෂයට පත් කිරිමටත් රජු අණ දුන්නේය.

ඇහැලේපොළ කුමාරිහාමිගේ දේහය මතුවූ තැන ඇහැලේපොළ කුමාරිහාමි ඇතුඵ දරුවන් මරණයට පත් කරන ලද්දේ කි‍්‍ර.ව 1814 මැයි මස 17 දින දී, විෂ්ණු සහ නාථ දේවාල දෙක අතර පිහිටි දේවසන්හිඳ නම් ස්ථානයේදී බව සඳහන් ය. රූපශ‍්‍රීයෙන් අග තැන්පත් වූ ඇහැලේපොළ කුමාරිහාමි එඩිතර කුළ කාන්තාවකි. එකොළොස් වියේ පසු වූ වැඩිමහල් පුතා ලොකු බණ්ඩා සහ නවවැනි වියෙහි පසු වූ දෙවැනි පුතා මද්දුම බණ්ඩාර ගේ හිස ගසා මරා දැමීමටත්, කුඩා අත දරු දියණිය වංගෙඩියකට දමා කෙටීමටත්, කුමාරිහාමි ගලක් බැද බෝගම්බර වැවේ ගිල්වා මරා දැමීමටත් නියෝග ලැබුණි.

ගහලයා තම සහෝදරයා ළගට පැමිණෙන අවස්ථාවේ මවගේ ඇගේ දැවටෙමින් හඬන්නට විය. එම අවස්ථාවේදී ඉදිරියට පැමිණෙන මද්දුම බණ්ඩාර ”අයියන්ඩිය බිය නොවන්න මැරෙන හැටි මම පෙන්වන්නම්” කියා දංගෙඩියට හිස තබා .. ‘‘ගහලය මගේ හිස එක කඩු පහරින් වෙන්කරව’’ යනුවෙන් එඩිතරව පවසයි.. බිලිඳු දියණිය ඇතුළු දරුවන් ගේ හිස ගසා දමන ලදී. කඳෙන් වෙන් වූ හිසක් වංගෙඩියක දමන ලද අතර කෙටීමට මෝල් ගස මවට ලබා දී ඇත. දරුවන් ගේ හිස ගසා දැමීමෙන් පසුව ඇහැලේපොළ කුමාරිහාමි, පුස්සැල්ල දිසාවෙගේ බිරිඳ හා දරුවන් අසල තිබූ බෝගම්බර වැවෙහි ගිල්වා මරණයට පත් කළහ. මෙම බිහිසුණු අමානුෂික සිද්ධිය දුටු මහජනතාව විලාප දී හඬා වැටි තිබේ. සමහර දෙනෙක් එම සිද්ධිය බලා සිටීමට නොහැකිව සිහිමුර්ඡුා වී ඇද වැටුණාහ. මහනුවර වැසියන් දින දෙකක් පුරා ශෝක වු අතර ආහාර පවා පිස නොමැති බව සඳහන් ය. ඊයේ..අද හෙට පමණක් නොව ලෝකය අවසානය දක්වාම ඔවුන් අපේ වීරයෝ ය. ඇහැලේපොළ කුමාරිහාමි තම පතිභක්තිය පණ මෙන් රැුක ගත් එඩිතර කුල කතකි. මරණය හමුවේ වුවද තම ආත්මය පාවා නොදුන් ඇය ශ‍්‍රී ලාංකීය කාන්තාවන් හට මහඟු ආදර්ශයක් සපයයි.

එපමණකින් නොනැවති ඇති ශ්‍රී වික‍්‍රම රාජසිංහ සෙංකඩගල රාජධානියේ තිබූ ඇහැළ ගස් පවා කපා දැමීමට අණ කර තිබේ. ඒ ඔහු ගේ නමවත් ඇසීමට ප‍්‍රිය නොකිරීම නිසා ය.එදා ඒ ආකාරයෙන් ඇය ගිල්වා ජිවිතක්ෂයට පත්කළ බෝගම්බර වැව පිහිටා තිබුණේ වර්තමානයේ බෝගම්බර ක‍්‍රීඩාපිටිය ඇති ස්ථානයේ බවත්, එහි වැව් තාවුල්ල බෝගම්බර බන්ධනාගාරය තෙක් විහිදී තිබිම නිසා අදටත් බෝගම්බර බන්ධනාගාරය තුළ ඇහැලේපොළ කුමාරිහාමි ගේ මෘතදේහය ගොඩගත් ස්ථානය දක්නට ලැබේ. තවත් වැදගත් කරුණක් මෙහිදී සඳහන් කළ යුතුව තිබේ. එය නම් ඇහැලේපොළ කුමාරිහාමි අවතාරයක් ලෙස බෝගම්බර ක‍්‍රීඩාපිටිය ප‍්‍රදේශයේ සමහර දිනවල රාත‍්‍රියේ සැරිසරන බව ය. එම ප‍්‍රදේශය අවට බොහෝ දෙනෙක් ඇය දැක තිබෙන අතර, කිසිවකුටත් කරදරයක් කර නොමැත. බෝගම්බර බන්ධනාගාරය ඉදි කිරීම පිළිබඳව ද ඇත්තේ දීර්ඝ වු ඉතිහාසයකි.සෙංකඩගල යන නම සෑදී ඇත්තේ උඩවත්ත කැලේ භාවනා යෝගීව වාසය කළ සෙංකණ්ඩ බ‍්‍රහ්මණයා සිහිවීම පිණිස බව එක් අදහසකි. එසේ නම් බෝගම්බර යන වචනය සෑදී ඇති ආකාරය පිළිබඳව ද දැන ගැනීමට බොහෝ දෙනෙක් කැමැත්තක් දක්වනු ඇත. ඒ පිළිබඳව ද මත කිහිපයක්ම පවතී. ඉන් එකක් නම් බොහෝ ගම්වර ලබා දී ඇති බව පැවසීමටය. අනෙක් කරුණ නම් බෝ ගස් බොහොමයක් එම ප‍්‍රදේශය පැවති නිසා බෝගම්බර යන නම භාවිතයට පැමිණි බව ය.

ක‍්‍රි.ව 1815 දි ඉංග‍්‍රීසින් විසින් කන්ද උඩරට සිංහල රාජධානිය යටත් කර ගනු ලැබීමෙන් වසර හැට එකකට පමණ පසු ක‍්‍රි.ව 1876 වසරේදී බෝගම්බර බන්ධනාගාරය ඉදි කර ඇත. එය සිරකුටි 43 ක්ද, සිර මැදිරි හතරකින් ද සමන්විත වී තිබේ. මෙම බන්ධනාගාරය ඉදි කර ඇත්තේ එවකට බන්ධනාගාර පරීක්ෂක ජනරාල් සහ පොලිස් පරීක්ෂක ජනරාල් වශයෙන් කටයුතු කළ එන්.ආර් සොන්ඩර්ස් මහතා විසිනි. බන්ධනාගාරය ඉදි කර ඇත්තේ එවකට ප‍්‍රසිද්ධ වැඩ දෙපාර්තමේන්තුව නමින් හඳුන්වන ලද ආයතනය හා සිරකරුවන් අනුදෙදෙනකු (92) විසිනි. සිරකරුවන් 408 දෙනකු සඳහා ප‍්‍රමාණවත් ලෙස ඉදි කර තිබේ. මෙහි තෙමහල් ගොඩනැගිල්ලේ සිරමැදිරි 328 ක් තිබෙන අතර, මෙරට ආරක්ෂිත බන්ධනාගාර අතුරින් දෙවෙනි තැන හිමි වෙන්නේ බෝගම්බර බන්ධනාගාරයට ය. ප‍්‍රථම ජේලර්වරයා වූයේ වෙලින්ටන් මහතා ය. හෙක්ටයාර පන්දහස් පන්සිය අනූහයක භූමි ප‍්‍රමාණයක බන්ධනාගාරය ඉදි කර ඇත.

ඉංග‍්‍රීසින් ගේ පාලන කාලයේ එනම් කි‍්‍ර.ව 1876 ට පෙර සෙංකඩගලපුර මරණීය දණ්ඬනය ක‍්‍රියාත්මක කරන ලද්දේ දැනට මධ්‍යම වෙළෙඳ පොළ ඉදිරිපිට තිබූ හැන්ග්මන්ස් හිල් නම් කුඩා කඳු ගැටයක ය. බෝගම්බර බන්ධනාගාරය සෑදීමෙන් පසු ඒ තුළ මරණිය දණ්ඩනය කරන ලදී. අවසාන වශයෙන් බෝගම්බර දී එල්ලා මරණයට පත් කරන ලද්දේ කි‍්‍ර.ව 1975 වසරේදී ය. ඒ වන විට සිරකරුවන් 524 දෙනෙක් එල්ලා මරණයට පත් කර තිබුණි. අවසාන වරට එනම් කි‍්‍ර.ව 1975 නොවැම්බර් මස 21 සහ 22 යන දින වල එල්ලා මරණයට පත් කර ඇත්තේ තිස්මඩ මිනීමැරුමට වරදකරුවන් වූ ඩබ්ලිව්.ඞී රිචඞ් සහ ටී.එම් ජයවර්ධනය.බෝගම්බර බන්ධනාගාරයේ සිර ගතව සිටි ප‍්‍රසිද්ධ පුද්ගලයන් අතර කොල්වින් ආර් ද සිල්වා, පිලිප් ගුණවර්ධන, විලියම් ද සිල්වා යන මහත්වරු පමණක් නොව සරදියෙල්, සිරිපාල හෙවත් මරුසිරා, ද සිටියහ. මෙහි බෞද්ධ රැුඳවියන්ගේ ආගමික කටයුතු වසර හැට දෙකක්( 62) තිස්සේ කරන ලද්දේ මල්වතු මහා විහාරයේ අතිපූජ්‍ය අඵත්ගම ධම්මානන්ද හිමිපාණන් වහන්සේ ය.