ජනප්‍රිය බොලිවුඩ් රංගන ශිල්පිනි සෝනම් කපූර් හැමදාමත් ප්‍රේක්ෂක හදවත්වල රැඳුනු තාරකාවියක් කියන එක අමුතුවෙන් මතක් කරන්න ඕන නෑ ඇය තුල පවතින සරල චාම් නිරහංකාර බවට මුළු ලොවක් වසඟයට ගන්න හැකියාව ලැබිලා තියනවා බොලිවුඩ් ලෝකයේ මහා බල කණුවක් වුන ඇයගේ පියා අනිල් කපූර්ගේ ආලෝකයත් නොඅඩුවම ලැබුනා කියන එකත් රහසක් නෙමෙයි බොලිවුඩ් සිනමාවේ නිර්මාණයන් හරහා නිතර නිතර දකින්නට නොලැබුනත් ඇයගේ ජනප්‍රියත්වයේ නම් කිසිම අඩුවක් සිදුනොවෙන්නෙත් මෙන්න මේ හේතුව නිසා කියලා තමයි හැමෝම කියන්නේ සැලකියයුතු කාලයකින් ඇයගේ නිර්මාණයක් දකින්න ලැබුනේ නැති එක ගැන ප්‍රේක්ෂකයන් බොහොම කණගාටුවෙන් ඉන්නවා කියලත් දැනගන්න ලැබෙනවා කොහොම වුනත් විවාහයෙන් පස්සේ පවුල් ජිවිතයට මුල් තැන දෙමින් සැමියා සමග කාලය ගත කරන ඇය සිනමාවෙන් ටිකක් ඈත් වෙලා ඉන්න බවක් තමයි පේන්න නම් තියෙන්නේ කොහොම වුනත් සෝනම් මේ වෙද්දී ඉන්නේ ලන්ඩන් වල කියන එක ඇයගේ ප්‍රේක්ෂ්කයන්ට අලුත් ආරංචියක් නම් නෙමෙයි. ඉතින් ඔන්න ලන්ඩන්වල ඊයේ රාත්‍රියේ සංචාරයක නිරත වෙන අතරේ ඇයට තරමක බිය ජනක සිදුවීමකට මුහුණ දෙන්න වෙනවා කියලා ආරංචියක් ලැබෙනවා ඊයේ රාත්‍රියේම ඇය මේ සිදුවීම තමන්ගේ ට්විට්ටර් ගිණුම හරහා හැමෝම එක්ක බෙදාගෙන තිබුනා.

ඇය ඊයේ රාත්‍රියේ සංචාරයක් යන්න අන්තර්ජාතික වශයෙන් පිළිගත්ත කැබ් රථ සේවාවක් තමයි තෝරාගෙන තිබුනේ ඒක ලංකාවෙත් මේ වෙද්දී ගොඩක් අය අතරේ ජනප්‍රිය ටැක්සි සේවාවට අයත් එකක් ගමන අතරතුරදී ඇයට මුහුණ දෙන්න වුන සිදුවීම මොකක්ද කියලා හරියටම ඇය සටහනක් දාලා තිබුනේ නැති වුනත් තමන්ගේ රසිකයන් වෙනුවෙන් අනතුරු ඇඟවීමක් කරන්න ඇය අමතක කරලා තබුනේ නෑ හේයි, යාලුවනේ මට ඊයේ ලන්ඩන්දී කැබ් රථ සේවයක් නිසා භයානක අත්දැකීමක් ලැබුණා කරුණාකර ප්‍රවේශම් වන්න හොඳම හා ආරක්ෂිත වන්නේ දේශීය පොදු ප්‍රවාහන හෝ කැබ් රථ භාවිතා කිරීම බවයි මගේ අදහස ඇය එහෙම කියලා තිබුනා කොහොම වුනත් වැඩි වලාවක් යන්න කලින් ඇයගේ මේ ට්විටර් පණිවිඩයේ අදහස් දැක්වීමේ කොටස රසිකයන් සහ අනුගාමිකයින්ගෙන් පිරී ගිහින් තියනවා මොකද උනේ සෝනම්? ඔබ ලන්ඩනයේ කැබ් රථ සේවකයෙකු හඳුනා ගැනීම තමයි වඩා හොඳ වගේ අදහස් ගොඩක් මෙතැනදී හුවමාරු වෙලා තිබුනා ඊට පිළිතුරු වශයෙන් සෝනම් කියලා තිබුනේ කැබ් රථයේ රියදුරු මහා හඬින් කෑ ගසමින් ඇයට බැන වදින්නට වූ බවත්, සිමාව ඉක්මවූ එම සිදුවීම අවසන් වනවිට ඇය සැබවින්ම බියට පත්ව සිටි බවත් පමණයි