ගුරුකන්ද වෙහෙරේ සිට දළදා හිමි වැඩි මඟ වැටී ඇත්තේ වවුනියාව දෙසින් අනුරාධපුරයටය ගුරුකන්දේ සිට සැතපුම් 12න් 12ට දළදා වහන්සේ රැගෙන පැමිණි පිරිස් නතර වූ ස්ථාන පිළිබඳ ඉතිහාස කතාකරු කතාන්දර පවසයි නමුත් ඒවා පුරාවිදු සාධක මතින් සනාථ වූ කතාන්දර නම් නොවෙයි දළදා වහන්සේ යම් ස්ථානයකට වැඩම කළේ නම් එම ස්ථානය කුමන සිරියක් ගනු ලැබුවාද? ඒ සඳහා අවධානය යොමුකිරීම වටියි

හතර වැනි මිහිඳු රජුගේ සෙල්ලිපියක සඳහන් වන කරුණුවලට අනුව රජු දළදා වහන්සේ සඳහා සුවිශාල කරඬුවක් කරවා එය දළදා මැඳුරේ තැන්පත් කර තිබේ දළදාව තැන්පත් කළ විසල් මැඳුර නැවක හැඩයට ඉදිකරන ලද්දේ යැයි කියැවේ එසේම මිහිඳු රජු දළදා මන්දිරයක් ඉදිකළා නම් ඒ වෙනුවෙන් ඉටුකළයුතු වත් පිළිවෙත් පිළිබඳවද විශේෂ වාර්තාවක් සකස් කොට තිබේ අනුරාධපුරයේ පැවැති මෙම දළදා මැඳුර කුමන ස්ථානයක ඉදිකොට තිබුණේද යන්න පිළිබඳ විවිධ මතවාදයන්ගෙන් පෝෂණය වී තිබේ වර්තමාන සංඝමිත්තා මාවත ඔස්සේ අනුරාධපුර නගරයට දිවෙන මාර්ගයෙහි වම් පසින් පිහිටි ගෙඩිගේ නැමැති ඉපැරණි ගොඩනැඟිල්ලට හා එයට ආසන්නයේ ඇති පැරණි පුරාවිදු සාධක අතර දළදා වහන්සේ තැන්පත් කර තිබුණේ යැයි යන්න එක් ප්‍රවාදයකි මීට පෙර කාලයකදී නිදන් සොරුන් විසින් විනාශ කළ බවට පැහැදිලි සාක්ෂි ඇති මෙම පැරණි ගොඩනැඟිල්ල අනුරාධපුරයේ පැවැති ප්‍රථම දළදා මාලිගය විය හැකි බවට පුරා විද්‍යාඥයන්ද සැක පහළකොට තිබේ චතුරශ්‍රාකාර හැඩයට ඉදිකොට ඇති මෙම ගොඩනැඟිල්ල කලින් කල ප්‍රතිසංස්කරණයට ලක්ව ඇති බවට සාධක බහුලය

එම ප්‍රතිසංස්කරණ රටාවන් පිළිබඳ හොඳින් අධ්‍යයනය කරන විටදී මෙම ගොඩනැඟිල්ල අනුරාධපුර යුගයේ ඉදිකරන ලද පළමුවැනි දළදා මැඳුර විය හැකි යැයි විශ්වාස කළ හැකිය නමුත් ඊට අදාළ සාක්ෂි ප්‍රමාණවත් නොවන බවද අප දැන සිටිය යුතුය මෙම ස්ථානය වෙසසින් දළදා මැඳුරක් බව පවසා සිටියේ පුරාවිදු බෙල් මහතාය පරණවිතාන ශූරීන්ද බෙල් මහතාගේ අදහසේම සිට මෙම ස්ථානයෙහි දළදා මැඳුරක් වී යැයි අනුමාන කොට තිබේ අද වන විට ශේෂව ඇති ගල්කණුවල උස ප්‍රමාණයෙන්ද ගොඩනැඟිල්ලේ සම්පූර්ණ පළලින්ද මෙම ස්ථානය පිළිබඳ අනුමානයක් ගොඩනැඟෙන විට මෙම ගොඩනැඟිල්ල අනුරාධපුර නගරයේ අති විශේෂ මන්දිරයක් වූවා යැයි සැක පහළ කළ හැකිය

හතරවැනි මිහිඳු රජුගේ කාලයේදී අනුරාධපුරයේ පිහිටි දළදා මන්දිරය ප්‍රතිසංස්කරණය කරන ලදැයි චූලවංශයෙහි සඳහන් වන නමුත් එම ස්ථානය පිහිටියේ කොතැනකද යන්න සවිස්තර කර නොමැත පරණවිතානයන් මෙම ස්ථානය හඳුනා ගන්නේ අනුරාධපුර ඇතුළු නගරයේ මහා පාලි දාන ශාලාවට යාබදව පිහිටි නටබුන් ගොඩනැඟිල්ල ලෙසය පරණවිතානයන් විසින් ඉදිරිපත් කරන ලද මෙම අදහස තවත් පුරාවිද්‍යාඥයන් කිහිපදෙනකු විසින්ම පසුකලෙකදී නිවැරදි සොයාගැනීමක් ලෙස නාමකරණය කළත් ඒ පිළිබඳවද ඇත්තේ එක් මතයක් නොවෙයි එයට පටහැනි අනෙක් මතය වන්නේ අනුරාධපුරයේ ථූපාරාම දාගැබ අසල පිහිටි විශේෂ ලක්ෂණ සහිත පිළිමගෙයක් වැනි ස්ථානය දළදා වහන්සේ අනුරාධපුරයට වැඩමකළායින් පසු ඉදිකළ පළමු දළදා මැඳුර බවයි

මෙම ස්ථානය දළදා මැඳුර ලෙස පරණවිතාන ශූරීන් දක්වන්නේ මහානාම තෙරුන් විසින් රචනා කරන ලද මහාවංශයෙහි සඳහන් පරිදි දළදා වහන්සේ රාජ්‍යයත්වයේ සංකේතය බවට පත්ව තිබූ නිසා රජ මැඳුර අසල පිහිටි මන්දිරයක උන්වහන්සේ තැන්පත් කළා යන උපකල්පනයය එහෙත් දළදා වහන්සේ මෙරටට වැඩම කළ අවධියේ සිට අනුරාධපුර රාජධානි අවසන් භාගය දක්වා වූ කාලය තුළ උන්වහන්සේ තැන්පත් කර තිබූ ස්ථීර දළදා මැඳුර නගරයේ කවර ස්ථානයක පිහිටුවා තිබුණේදැයි නිසැකවම සඳහන් කිරීම සඳහා ප්‍රමාණවත් සාක්ෂි කිසිවක් මේ වන විටත් ලැබී නැත වංශකතාකරුවන් හා ඉතිහාසඥයන් තම තමන්ගේ මතිමතාන්තරවල සිට දක්වන කරුණු හැර නිවැරදි පුරාවිද්‍යාත්මක සාධකද මේ සඳහා නැත

මහාවංශයට අනුගතව දළදා මැඳුරක් පිළිබඳ කරුණු කාරණා සොයා යෑමෙහි එක් ගැටලුවක් වන්නේ මහාවංශයෙහි දළදා වහන්සේ පිළිබඳ සඳහන් ඇතැම් තොරතුරු අඛණ්ඩ හා සවිස්තර ලෙස එක දිගට ගලා නොයන බැවිනි මහාවංශය මූලිකත්වය දී ඇත්තේ අනුරාධපුර යුගයේ තිබූ මහාථූපය ශ්‍රී මහා බෝධිය සහ ථූපාරාමය වැනි ස්ථානවලටය එවැනි ස්ථාන අතුරින් මහාථූපයෙහි බුදුන් වහන්සේගේ ශාරීරික ධාතූන් වහන්සේලා නැළි දෙකක් තැන්පත් කර ඇති බව සඳහන් වෙයි ශ්‍රී මහා බෝධින් වහන්සේටද එවැනිම වැදගත්කමක් දක්වන මහාවංශය දළදා වහන්සේට එවැනි වැදගත්කමක් නොදැක්වූ බව පැහැදිලිය නමුත් දාථා වංශයට අනුව නම් දළදා වහන්සේට ලබාදී ඇත්තේ අද්විතීය ස්ථානයකි එහි සෝම නුවර හා සෝමාවතී විහාරය පිළිබඳවද සඳහන් වෙයි ඒ අතින් ප්‍රධාන ස්ථානයක් ගනු ලබන්නේ පාලි ධාතු වංශයය

පාලි ධාතු වංශයෙහි බුදුන්ගේ දකුණු දළදාව නිදන්කර සාදන ලද දාගැබක් පිළිබඳ ද සඳහන් වේ පාලි ධාතු වංශයට අනුව ද්‍රෝණ බමුණා විසින් සඟවා ගන්නා ලද දකුණු දළදාව නාගයන් විසින් නා ලොවට ගෙන යනු ලැබ කාවන්තිස්ස රජු දවස මහාදේව නම් තෙරුන්ගේ මහින්ද තෙරුන් විසින් නා ලොවින් සේරු නුවරට ගෙනවිත් තිබේ සෝමාවතී දාගැබෙහි නිදන් කරනු ලැබ ඇත්තේ මෙම දකුණු දළදාවය තවද ගාථා වංශයට අනුව සේරුවිල තිස්මහ වෙහෙරත් සෝම නුවරත් එකිනෙකට නුදුරෙහි පිහිටා තිබූ බවට සාධක ඇත ලලාට ධාතූන් වහන්සේ නිදන් කොට ඉදිකළ සේරුවිල මංගල ථූපයත් විහාර මහා දේවියගේ සහෝදර චූල පිණ්ඩපාත තිස්ස තෙරුන්ගෙන් ලැබුණු උපදෙස් මත එකම නැකත් දිනයකදී ඉදිකළ බවට සාක්ෂි බහුලය අනුරාධපුර යුගයේ එක් කාල සීමාවක් දළදා වහන්සේට ලබාදෙන්නේ එවැනි ස්ථානයකි

අනුරාධපුර රාජධානිය තුළ අලංකාර මන්දිර හා කරඬු වහන්සේලා මත දළදා හිමි වැඩසිටි බව මහාවංශය සුළුවෙන් සඳහන් කළද උන්වහන්සේ අනුරාධපුරය දක්වා වැඩම කළ මඟ පිළිබඳ සහ එමඟ ඉදිවුණු ධාතු මන්දිර පිළිබඳ සඳහන් කරනු නොලබයි නමුත් මහාවංශයේ එක් තැනක රතන මණ්ඩප නම් ස්ථානයක දන්ත ධාතූන් වහන්සේ තැන්පත් කර ලැබුවා යැයි සඳහන් අනුරාධපුර නගර සීමාවේ පිහිටි ධාතු මන්දිර පිළිබඳ ඉතිහාස උගතුන් සැලකිලිමත් වූ පරිද්දෙන් ඒ නගරයට යනෙන මඟ තිබූ ධාතු මන්දිර පිළිබඳ සැලකිල්ලක් නොදක්වන ලද්දේ දන්ත ධාතුන් වහන්සේ මෝත්තුවාරන් තොටින් ගොඩබැස අනුරාධපුරයට පැමිණියා යන මතය එකල ප්‍රබුද්ධ මතය වීම නිසාද හැකි නිසාය ඒ මතය පසෙකලා පුරාවිදු සාධක වෙත අවධානය යොමු කළ විට පෙනී යන්නේ මුලතිව් සිට අනුරාධපුරය දක්වා පැමිණි මඟ පුරාවිද්‍යා සාධකවලින් අනූන බවය

මුලතිව් සිට සැතපුම් 10ක් පමණ වන මඟ දිග අපි රුවන්මඬුව කරා පැමිණියෙමු ඒ විලේවැව විජිත හිමියන් බැහැ දැක කරුණු කාරණා දැනගැනීම සඳහාය අපි උන්වහන්සේට සවන් දෙමු

“මුලතිව් සිට දන්ත ධාතූන් වහන්සේ වඩම්මවාගෙන එද්දී මේ විහාරයේ බුද්ධ පූජාව ලකලෑස්ති කරලා උන්වහන්සේට පිළිගන්වා තිබෙනවා යුදමය කාලවකවානුවේදී මේ විහාරස්ථානයට දැඩි හානි සිදුවුණා ඒ නිසා ඒ පිළිබඳ තිබෙන පෞරාණික පුරාවිද්‍යාත්මක සාක්ෂි බොහෝමයක් විනාශ වෙලා බුද්ධ පූජාව තැබීම සඳහා ඉදි කළ මණ්ඩපයේ ගල් කණු පමණක් අද වන විටත් දැකගත හැකියි මහාවංශය සඳහන් කරන්නේ රත්න මණ්ඩප නම් ස්ථානයට උන්වහන්සේ තැන්පත් කර පුද පූජා පැවැත්වූ බවයි දමිළ භාෂා හුරුව අනුව මණ්ඩප මඬු බවට පත්වෙනවා රත්න මණ්ඩපය රුවන් මණ්ඩපය පත්වෙනවා යුදමය වාතාවරණය පැවැති සමයේ වවුනියාව සහ මුලතිව් අතර අතරමැදි කොටස වුණු බෝගස් වැව ප්‍රදේශයේ සිංහල ජනාවාස පැවැතියේ නැහැ ඒ නිසා විහාරස්ථානය දිනෙන් දින පරිහානියට පත් වුණා ඇටඹගස්කඩවල නායක හාමුදුරුවන්ගේ අප්‍රතිහත උත්සාහය නිසයි මේ විහාරස්ථානය අද මේ මට්ටමින් පවත්වාගෙන යන්නේ පවතින රජය මීට පෙර පැවැති සමයේ බෝගස් වැව නව ජනපදයක් බවට පත් කරලා මිනිස්සු පදිංචි කළා

හැලඹවැව බෝගස්වැව ප්‍රදේශයේ පදිංචි වුණු උදවිය තමයි විහාරස්ථානයේ සංවර්ධනය කටයුතු සිදුකරන්නේ අපේ දායකයෝ දුප්පත් උදවිය ඒ නිසා විශාල සංවර්ධන කාර්යයක් සිදු කරන්නට නොහැකියි කොහොම වුණත් දන්ත ධාතූන් වහන්සේ මුලතිව් නයාරු සිට අනුරාධපුරයට රැගෙන පැමිණි නියම මඟ මුලතිව් වවුනියාව අනුරාධපුර මාර්ගයේ පවතින සහ දළදා වහන්සේට පුද පූජා වත්පිළිවෙත් ඉදිකළ විහාරස්ථානයක් වන්නේ මේ විහාරස්ථානය එම නිසා මෙම විහාරස්ථානය අනාගත පරපුරට අතිශයින්ම වැදගත් වේවි දන්ත ධාතූන් වහන්සේ දිවයිනට වැඩම කළේ මෝත්තුවාරන් තොටින් වන ප්‍රවාදය අධ්‍යයනය සඳහා මම එහි ගොස් සිටිනවා ඒ මඟේ කිසිදු සටහන් නැහැ හේමමාලාවන් සහ දන්ත කුමරුන් දන්ත ධාතූන් වහන්සේ රැගෙන අනුරාධපුරයට පැමිණි බවට පුරාවිදු සාක්ෂි ඉතිහාසමය පුරාවෘත්ත සහ වචනවල අර්ථය මඟින් නිශ්චිතව පැවැසිය හැකි දන්ත ධාතූන් වහන්සේ ලංකාවට ගොඩබැසීමෙන් පසු උන්වහන්සේ අනුරාධපුර රාජධානිය කරා රැගෙන ගියේ මුලතිව්, බෝගස්වැව වවුනියාව හරහා අනුරාධපුර දෙසට වැටී ඇති මඟ දිගේ කියා

විහාරස්ථානයේ එක් කෙළවරක වන්නට ඇත්තේ ගල් කණු කිහිපයක් මඟින් ඉදි කළ නිර්මාණයකි එහි මූලික සැලැස්ම පවා හඳුනාගත නොහැකි මට්ටමකට පවතී ප්‍රමාණය අනුව එය දන්ත ධාතූන් වහන්සේ වැඩ සිටුවීම සඳහා සැකසූ ධාතු මන්දිරයකට අනුරූපවය ගල් කණුවල පාදම පවා පාදා නොමැති නිසා එහි යටි බිම් සැකැසුම පිළිබඳ යමක් පැවැසිය නොහැකිය පන්සල් භූමිය නිරීක්ෂණයේදී මෙම ගල් කණු කිහිපය උස් සම භූමියක පිහිටා ඇති බව පැහැදිලිය ඉන් මඳකට හෝ උච්චස්ථානයක පිහිටා ඇත්තේ බෝධීන් වහන්සේ පමණි මෙම කරුණු නිරීක්ෂණය කර ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ සහ ඊට නවක දන්ත ධාතූන් වහන්සේ වන්දනාව පිළිබඳ මූලික අදහසක් මතුකරගත හැකිය එය මහාවංශයකට අනුරූපය ගල් කණු ආසන්නයේ අනුරාධපුර යුගයේ ලක්ෂණ විදහා දක්වන කුඩා පිළිම වහන්සේ කිහිප නමක් වේ ඒ පිළිම වහන්සේ කාලයේ සහ නිදන් සොරුන්ගේ ග්‍රහණයට ලක්ව අදවන විට අතිශය කටුක ඉරණමකට මුහුණදී තිබේ මේ ප්‍රදේශයේ භූ විෂමතාව පිළිබඳ උපකල්පනය කරන විට මුලතිව් සිට දෙපයින් පැමිණෙන්නකුට පැය කිහිපයක් වැය කර මෙහි පැමිණිය හැකි වේ දැනට මෙම ප්‍රදේශය ජන ශූන්‍ය වූවද අනුරාධපුර රාජධානි සමයේදී මෙම ප්‍රදේශය එලෙස නොවී යැයි පැවැසිය හැකි සාක්ෂි අපමණය නන්ද්‍රිමිත්‍රගම නන්දිමිත්‍ර යෝධගම සැළලිහිණිගම නාමල්ගම ඇති පුරාවිද්‍යා සාධක ඒ සඳහා කදිම උදාහරණය ලබන සතියට