එම්.සී.සී. ගිවිසුම සම්බන්ධ ඉදිරි කටයුතුවලදී ශ්‍රී ලංකාවේ සහ ඇමෙරිකා එක්සත් ජනපදයේ ජනතා අභිලාෂයන් සැලකිල්ලට ගතයුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි අදාළ යෝජනාවලිය මේ වන විට විද්වත් මඬුල්ලක් විසින් අධ්‍යයනය කරමින් සිටින බව ජනාධිපතිවරයා පෙරේදා (14දා) පස්වරුවේ දකුණ හා මධ්‍යම ආසියානු කටයුතු භාර ඇමෙරිකානු නියෝජ්‍ය සහකාර ලේකම් ඇලිස් වේල්ස් මහත්මිය සමඟ පැවැති සාකච්ඡාවේදී සඳහන් කළේය සහශ්‍රක අභියෝගතා සංස්ථා ගිවිසුම සෙසු රටවල ක්‍රියාත්මක කළ ආකාරය සහ අත්දැකීම් පිළිබඳ විද්වත් මණ්ඩලයේ විශේෂ අවධානයට ලක්ව ඇති බවද ජනාධිපතිවරයා පැවැසීය

වේගවත් ආර්ථික වර්ධනයක් සමඟින් දුගී බව තුරන් කෙරුණු රාජ්‍යයක් ගොඩනැඟීම තම රජයේ ප්‍රමුඛ අරමුණයි. විදෙස් ආයෝජන අවස්ථා දිරි ගැන්වීමට සරල බදු ක්‍රමයක් සහ අවශ්‍ය පහසුකම් සැපයෙන ව්‍යාපාරික පසුබිමක් රට තුළ සකසා ඇති බවද ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය එමෙන්ම ශ්‍රී ලංකාව තොරතුරු තාක්ෂණය පාදක කරගත් ක්‍ෂේත්‍ර සංවර්ධනයටද සූදානම්ව සිටින හෙයින් තාක්ෂණය මූලික කරගත් කර්මාන්තවල ආයෝජනය සඳහා තමා ඇමෙරිකා එක්සත් ජනපදයට ඇරැයුම් කරන බවද ජනාධිපතිවරයා සහකාර රාජ්‍ය ලේකම්වරිය සමඟ පැවැසීය අධ්‍යාපන, කෘෂිකර්ම සංචාරක සහ තාක්ෂණය පදනම් කරගත් කර්මාන්ත සංවර්ධනය කිරීම ඉලක්ක කර ගත් ප්‍රධාන ක්‍ෂේත්‍ර අතරින් කිහිපයකි. මේ වන විට ඇමෙරිකා එක්සත් ජනපදය මෙරට ඇඟලුම් කර්මාන්තයේ ප්‍රධානතම ගැනුම්කරු වේ