Paypal මුල්‍ය සේවාව පිලිබඳ ජනප්‍රිය ගායක ඉරාජ් වීරරත්න තම facebook ගිණුමේ තබා තිබු සටහනක් පිළිබඳව මේ වන විට සමාජ මාධ්‍ය ප්‍රධාන වශයෙන් කතාබහ කෙරෙනවා මේ අනුව ‌‌මෙම සටහන පිලිබඳ අදහස් දක්වමින් ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය නිල නිවේදනයක් නිකුත් කර තිබෙනවා මෙම ලිපිය පහත පරිදි වනවා අන්තර්ජාතික මුදල් හුවමාරු ක්‍රමයක් වන තරුණ ප්‍රජාව අතර වඩාත් ප්‍රචලිත Paypal මුල්‍ය සේවාව ශ්‍රී ලංකාවට ලබාගැනීමට යම් ෆේස්බුක් පිටුවලට අදහස් පලකොට (Comment) උපකාරී වන්න යැයි සදහන් කරමින් ප්‍රසිද්ධ ගායක ඉරාජ් තම ෆේස්බුක් පිටුවේ පොස්ටුවක් පලකොට ඇති අතර ඒ සම්බන්ධයෙන් අප ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමයේ අවධානය යොමුවී ඇත

මුලාවට පත් බොහෝ සමාජ මාධ්‍ය පරිශීලකයන් කිසිදු දැනුවත් භාවයකින් තොරව PayPal මුල්‍ය සේවාව ශ්‍රී ලංකාවට ලබාගැනීමට එම පුද්ගලයා විසින් ඔහුගේ ෆේස්බුක් පොස්ටුවෙහි සදහන් කල ආකාරයට කටයුතු කරමින් පවතින බවත් දක්නට ලැබෙන අතර ඔවුන් විසින් එසේ සිදුකරන ක්‍රියාවලිය මගින් PayPal මුල්‍ය සේවය ශ්‍රී ලංකාවට ගෙන්වාගැනීමට නොහැකිය ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය(ICTA) වෙත ජනාධිපතිවරයා නව අධ්‍යක්ෂක මණ්ඩලයක් පත්කොට ඇති අතර PayPal ශ්‍රී ලංකාවට ලබාගැනීමට තවමත් නොහැකි වී ඇත්තේ මන්ද යැයි සොයා බලා එය ශ්‍රී ලංකාවට ලබාගැනීමට කටයුතු කිරීමට ඔවුන්ගේ සහ අනෙකුත් සම්බන්ධ පාර්ශව වල වගකීමකි. PayPal පෙන්වා ජනතාව මුලා කොට පෞද්ගලික අරමුණු සාක්ෂාත් කරගැනීමට කටයුතු කරන ඉරාජ් වැනි පුද්ගලයන්ට අප ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමයේ බලවත් අප්‍රසාදය පල කරමු.