ප්‍රකට පුරාවිද්‍යාඥයකු වූ එච්.සී.පී.බෙල් මහතා වසර 100කට ඉහතදී තිලිණයක් වශයෙන් ලැබී දළඳා මාළිඟයෙන් බ්‍රිතාන්‍යයට රැගෙන ගිය බවට සැලකෙන බුදු පිළිමයක් ඔහුගේ මුණුබුරකු විසින් නැවත ශ්‍රී ලංකාවට පරිත්‍යාග කර තිබේ මෙය බෙල් මහතා 19 වන සියවසෙහිදී ශ්‍රී ලංකාවේ පුරාවිද්‍යාත්මක වටිනාකම් සහිත ස්ථානවල කැනීම් කරමින් සිටි කාලයේ විහාරස්ථානය වැඳ පුදා ගැනීමට ගිය අවස්ථාවක ඔහුට ලැබුණු බුදු පිළිමයක් බව පැවසේ එච්. සී.පී බෙල් මහතාගේ මුණුබුරකු වන කෙනෙත් බෙල් මහතා සහ ඇගේ දුව වන ෆියෝනා මහත්මිය විසින් හැම්ප්ෂයර් ප්‍රාන්තයේ සිට නුවර දළදා මාළිගය වෙත මෙම පිළිම වහන්සේ වැඩමවාගෙන පැමිණෙන ලදී ඔවුන් පැවසුවේ මෙම පිළිමවහන්සේ ඔවුන්ට පරම්පරාවෙන් හිමි වූ නමුත් එය ශ්‍රී ලංකාවට අයත් විය යුතු බව සිතා පරිත්‍යාග කිරීමට අදහස් කළ බවයි එයින් ඔවුන් තෘප්තියක් ලැබූ බවයි (බීබීසී ඇසුරිනි)

පුරාවිද්‍යා කොමසාරිස් එච්.සී.පී. බෙල් මහතා 1891 ජූනි 29 වැනිද‌ා මහනුවර දළද‌ා මාලිගාවේ පත්තිරිප්පුවේ පිහිටුවා තිබූ ප්‍රාචීන පුස්තකාලයට ගොඩවැදී ඇත්තේ පොත්පත් කියවා තොරතුරු ලබාගැනීමේ අරමුණෙනි එහි තිබූ ඉංග්‍රීසියෙන් ලියැවුණු පොතක් කියවා පොතේ තිබූ කරුණු කිහිපයක් පෑනක් ගෙන ​කොළ කිහිපයක සටහන් කර ඇත්තේ විශේෂ අවශ්‍යතාවක් වෙනුවෙනි තොරතුරු කොළවල සටහන් කර ගැනීමෙන් පසුව ඔහු පුස්තකාලයෙන් පිටව ගොස් ඇත පුස්තකාලයෙන් පිටවී යාමෙන් පසු අවස්ථාවක තමා සටහන් තැබූ කොළ කොහිදැයි යන්න පිළිබඳව ඔහු සොයා බලන්නට ඇත එහෙත් ඒ සටහන් තැබූ කොළ ඔහුට කිසිද‌ා සොයා ගන්නට හැකියාවක් ලැබී නැත එම සටහන් තැබූ කොළවලට සිදුවූ දේ වසර 127ක් යනතුරු රහසක් වශයෙන් පැවතී ඇත මහනුවර දළද‌ා මාලිගාවේ ප්‍රාචීන පුස්තකාලයේ වර්තමාන පුස්තකාලයාධිපති ලෙස ක්‍රියා කරන්නේ එස්. එම්. අජන්ත කුමාර සමරකෝන් මහතාය. බෙල් මහතා ලියූ සටහන්වලට සිදුවූ දේ පිළිබඳව ඔහු පවසන්නේ මෙවන් කතාවක්

මේ පුස්තකාලයේ පුස්කොළ හා මුද්‍රිත පොත්පත් විශාල ප්‍රමාණයක් තියෙනවා පොත්පත් කෘමි සතුන්ගෙන් බේරාගන්ට විටින් විට පොත්පත්වලට බෙහෙත් යොදනවා ඒ සඳහා පොත්පත් අල්මාරිවලින් එළියට ගන්නවා එක් දවසක් බෙහෙත් යෙදීම සඳහා පැරණි ඉංග්‍රීසි පොතක් ගෙන එහි පිටු පෙරළුවා ඒ පොතේ පිටු අතරේ සටහන් තිබූ කොළ වගයක් තිබුණා ඉංග්‍රීසි අත්අකුරින් ලියා තිබූ ඒ සටහන් මම හෙමින් හෙමින් කියෙව්වා මේ ඉංග්‍රීසි පොතෙන් උපුටාගෙන සටහන් කළ දේවල් තමයි එහි තිබුණේ සටහනේ අග ලියූ කෙනා අත්සන යොද‌ා දිනයක් යොද‌ා තිබුණා පුරා විද්‍යා කොමසාරිස් එච්.සී.පී. බෙල් (H.C.P. Bell) මහතාගේ අත්සනයි එහි තිබෙන්නේ 1891 ජුනි 29 දිනය වශයෙන් යොද‌ා තිබෙනවා බෙල් මහතා ඉංග්‍රීසි පොත කියෙව්වට පස්සේ අවුරුදු 127ක් යනතුරු කවුරුත් ඒක පෙරළලා නෑ මම තමයි අවුරුදු 127 කට පස්සේ ඒ පොතේ පිටු පෙරළැව්වේ බෙල් මහතාට අමතක වී දමා ගිය සටහන් තමයි එහි තිබුණේ