සොයිසා උන්නැහේ නමින් එකල අප ජන සමාජයේ බොහෝදෙනකුගේ මහත් ගෞරවයට ලක්වූ මොරටුවේ චාල්ස් හෙන්රි ද සොයිසා නමැති මහා ධනකුවේරයා වැජඹුණේ හැම අතින්ම ඉහළ තත්ත්වයකය කොළඹ අගනුවර විශේෂයෙන්ම ගාලු මුව‍ෙදාර සිට ගොඩකරය දක්වා යාය ගණනින් එතුමාට ඉඩම් අයිතිය තිබිණි අගනුවර සිට මොරටුව දක්වා තනි අයිතියට භුක්ති විඳි ඉඩම් අතර එතුමාට ඉන් අයිතිය මඟ හැරුණේ එකම එක ඉඩමක් පමණි. එම ඉඩම්වල තිබුණු පොල්ගස්වලින් රා මැද ගැනීමට සරුවට කර ගැනුණි. අනෙක් ඉඩම්වල නොයෙකුත් වගාවන්ද කර්මාන්තද සිදුකෙරිණි. කරුණු මෙසේ හෙයින් එවන් ධනෝපාමාර්ගයන් මඟින් මාස්පතා එතුමා වෙත ධනය ගලා ආවේ ලක්ෂ ගණනකි මහා සොයිසා සොයිසා උන්නැහේ යන අන්වර්ථ නාමවලින්ද ප්‍රකටව කියැවුණු මෙතුමෝ තමනට ලැබුණු ඒ සා මහ ධන සම්භාරයෙන් තම ආගම ධර්මය වූ කතෝලික ආගම වෙනුවෙන් අත දිගහැර විය පැහැදම් කළේය එහෙයින් එතුමාගේ ධනයෙන් ප්‍රදේශයේ මෙන්ම අගනුවර ආශ්‍රිත ගම්බිම්වලද දේවස්ථාන ආරෝග්‍යශාලා මෙන්ම ලංකාවාසී පොදු ජනයාගේ හිත සුව පිණිස වෙනත් මහජන සේවා ස්ථානයන්ද බිහි කරන්නටද ඔහුගේ දානපති අදහස් හේතු විය එතුමන්ගේ නාමය පරපුරෙන් පරපුරට කියැවෙන අන්දමින් අගනුවර ඉදිවූ ප්‍රධාන ස්ථානයක් නම් කොළඹ මහ රෝහලට යාබදව ඊට අනුබද්ධිතව ගොඩනැඟුණු සොයිසා සූතිකාගාරයයි එහිදී උපන් ලක්ෂ සංඛ්‍යාත දරුවන් අතර මේ රට පාලනය කරන්නටද යෙදුණු අයද වෙති තවත් නොයෙකුත් ඉහළ පදවි හා තනතුරු ලැබූ අයද මේ උපන් අය අතර වෙති

මෙසේ ඉංග්‍රීසි ආණ්ඩු පාලන සමයේ මහේෂිකාවුන්නාන්සේගේ කාලයේ අපේ සිංහල ජන සමාජයේ වැජඹෙමින් ජනසෙතද සලසන්නට මුල්ව එතුමෝහට ධන බලයෙන් තමාගේ ආගම වූ කතෝලික සමය බබළවන්නට කටයුතු කළාසේම එකල වැඩ සිටි තම හිතමිතුරු බෞද්ධ නායක හිමිවරුන්ගේ විහාරස්ථාන දියුණුවටද සිය ධනය පරිත්‍යාග කිරීමද සිදුකළහ එසේම අද දක්වාද පාඨක පරිහරණයෙහි යෙදෙන සමහර ඉපැරණි ග්‍රන්ථයන් යළි මුද්‍රණය කරවීම උදෙසාද එවන් බෞද්ධ නායක හිමිවරුන්ටද තම ධනය පරිත්‍යාගයෙන් අනුග්‍රහය දැක්වූහ මෙසේ චාල්ස් හෙන්රි සොයිසා මහතා සිය ධන බලයෙන් සමාජයේ බැබළෙමින් සිටි යුගයේ එතුමන්ට නීතිය ඉදිරියටද යන්නටද නැතහොත් උසාවියට යන්නට සිදුවූ අවස්ථාච උදා විය එයින් වැඩි වශයෙන්ම සිදුවූයේ තම ස්වාමිපුත්‍රයාගේ ධන බලය නිසාම එතුමන් යටතේ සේවය කළ බොහෝ අය නීතිය ඉක්මවා කටයුතු කළ නිසාවෙනි එම නිසා ඔවුන් කළ නොයෙකුත් අන්දමේ සුළු වැරදිද මහ වැරදි බවට පත්වී පොලිසියටද එමඟින් නඩු මඟට බැස උසාවියටද යෑමට මේ මහා සොයිසාට සිදුවූ වාර ගණන එකක් දෙකක් නොව ගණනාවකි. එහෙත් වරද කෙතරම් කුඩා වුවද ලොකු වුවද එයට සරිලන ලෙස උසාවියෙන් දඩ මුදල් නියම කෙරුණු විට එසැණින්ම එම දඩ මුදල ගෙවා ස්වාමියා නිදහස් කර ගැනීමට එතුමාගේ ලියන මහත්වරු ලකලෑස්තිවී සිටියත් කෙතරම් මුදල් ප්‍රමාණයක් තම තමන් ළඟ තබා ගනිමිනි. එබැවින් එම වරද දඩය වශයෙන් පවුම් සියයක දඩයක් නියම කෙරුණද උසාවියේ ආරච්චිලගේ කියැවෙන පරක්කුව පමණි පවුම් දහය පහළොව විසිපහ පනහ ගැන කවර කතාද ආරච්චිල තෝල්ක මුදලිගේ නියමයට අනුකූලව අදාළ ලිපිකරු එම දඩය ගෙවනු ලබයි

මෙය ඔවුනට සාමාන්‍ය පිළිවෙතක් වුවද, මෙසේ එකල මහා සොයියා උසාවියට පමුණුවන පරිද්දෙන් එතුමාගේ යටහත් සේවකයන් විසින් සිදුකරන ලද සමහර ක්‍රියාවන් නීතියටද සරදම් කිරීමක් බඳුවූ හෙයින්ද ඒවාට කොතෙක් දඩ ගැසුවද එය කියන පරක්කුවෙන් ගෙවන්නට ඉඩ සැලසෙන නිසාද එම සේවකයන්ට එවන් සුළු වැරදි හා මහ වැරදිද කිරීම සෙල්ලමක් නිසාද වූ වග උසාවියේදී විනිසුරුවරුනටද ඒත්තු ගිය බැවින් එවැනි වැඩ ගැන ඔවුන් තුළද වූයේ බරපතළ වූ තරහවක්ය එහෙයින් උසාවිය නියම කරන දඩ මුදල එසැණින්ම ගෙවන හෙයින් විනිශ්චයකරුවන් කිහිපදෙනෙක්ම එකතුව කතිකා කර ගත්තේ මෙයට කිසියම් පිළියමක් යෙදිය යුතුයි කියාය මෙහිදී එක් විනිශ්චයකරුවකු ඉදිරිපත් කළ අදහසකට අනික් අයද එකඟ වූහ. තමන් ඉදිරියට මහා සොයිසා නඩුවක් පැමිණි විටදී කුමක් කළ යුතුදැයි ගිවිස ගත්හ දිනය එළැඹිණ සුපුරුදු ලෙස සේවකයන්ගේ චෝදනාවකට අනුව උසාවියට පෙනී සිටින්නට මහා සොයිසාට සිදුවිණ විනිසුරුවෝ වෙනදා මෙන්ම පැමිණිල්ල විභාග කොට එම වරදට විත්තිකරුට දඩය නියම කර සිටියහ

විත්තිකරුට තුට්ටුවක දඩ නියම කරමි විනිසුරු ප්‍රකාශකයා පෙරළා තෝල්කයාද අඬහැර පෑවේය සුපුරුදු ලෙස මුදල් ගෙවන්නට බෑගය තුළට අතදමාගෙන සිටි ධනපති ලිපිකරු සේවකයාට මුහුණපෑමට සිදුවූයේ මහත් අසීරුවකට මුහුණපෑමටය මන්ද යත් කිසිවකු ළඟ තුට්ටු නැත තුට්ටුවකින් දඩ මුදල ගෙවීමට අසමත්ව මහා අකරතැබ්බයකට මුහුණපා සිටි සෑමදෙනාගේම ප්‍රමාදය දුටු නඩුකාරතුමා නැවත වෙනත් තීන්දුවක් ප්‍රකාශ කරන්නට යෙදුණි විත්තිකරු උසාවිය නැඟිටින තෙක් හිරේ එයින් කියැවෙන්නේ උසාවියේ එදින නඩු අසා ඉවරවන තුරු මහ සොයිසා සිර කූඩුවේ සිටිය යුතු බවයි. ඒ අසා සියල්ලෝම අන්දමන්ද වූහ. කළ යුතු වෙනත් දෙයක් නැත කවරදාකවත්ම නොසිදුවූ ආකාරයෙන් උසාවියේ සිරකරුවන් රඳවන සිර කූඩුවට මහා සොයිසාටද යන්නට සිදුවිය එසැණින්ම මහ සොයිසාගෙ ලිපිකරුවා උසාවියෙන් එළියට බැස මහ මඟට දිව ගියේ තුට්ටුවක් ඉල්ලා ගැනීමට කිසිවකු එහි වෙතැයි විමසිල්ලෙනි තුට්ටුවක් ඉල්ලා ගන්නට සිඟන්නකු සිටී දැයි බලන ඔහුට වීදි කොනක සිටි සිඟන්නකු ඇස ගැසිණ ඔහුගේ ඔලගුවේ තිබුණ තුට්ටුවක් ඩැහැගත් ලිපිකරු ඒ වෙනුවට ඔහුට පැන්ස දහයේ කාසියක් දී වහාම උසාවිය වෙත දිව ආවේය

වහාම යළිත් නීතිඥවරයකුගේ මාර්ගයෙන් විනිසුරුට කතා කොට තුට්ටුවේ දඩය ගෙවා එතෙක් සිරකූඩුවේ සිට ගෙනම සිටි චාල්ස් හෙන්රි ද සොයියා මහා ධන කුවේරයා වහා සිරෙන් නිදහස් කර ගන්නා ලදී තුට්ටුව ලබාදුන් මහමඟ සිටි හිඟන්නාට සොයිසා සිටුවරයාගේ ලොකු මුදලක්ද, දිනපතා කෑම පාර්සලයක්ද ලැබීමට සලසා දුනි මෙම සිද්ධියෙන් පසුව සිය මන්දිරයට ගිය මහ සොයිසා ප්‍රභූවරයා කළේ තමා මෙතෙක් කල් තමන් පාලනයට සිටි සේවක නිලධාරීන් මාරුකර වත්තක සේවයට යැවීමය ඉන්පසු පත්කර ගත් හිතවත් කීපදෙනකුට මින්මතු නීතියට විරුද්ධව එවැනි දේ සිදු නොකරන්නට ඔහු විසින් උපදෙස් දෙන ලදී ඉන්පසුව මේ සොයිසා සිටුවරයා මිය යන තෙක්ම පොලිසි යන්නට හෝ උසාවි යන්නට ඔහුගේ සේවකයෝ ඉඩක් නොතබා කටයුතු කිරීමට වගබලා ගත්හ එතැන් සිට එතුමාට උසාවි යන්නටවත් දඩ වශයෙන් රන් පවුම් හෝ තුට්ටුවක්වත් වියදම් කිරීමට සිදුවූයේ නැත