රාවණා ඇල්ල කියන්නේ අපේ රටේ තියන අපූරුම දිය ඇලි වලින් එකක්. ඇල්ල සම්බන්ධ පුරාවෘත්ත ගනනාවක්ම තියනවා. පුරාණයේ රාම රාවණා කතාවේ රාවණා රජු සීතා කුමරිය සඟවාගෙන සිටියේ මේ ඇල්ල අසල පිහිටි ගල් ගුහාවක කියලා මතයක් තියෙනවා. මේ ඇල්ල කිට්ටුවම වගේ රාවණා ඇල්ල පුරාණ රජමහා විහාරයත්, දෝව පුරාණ විහාරයත් පිහිටලා තියෙනවා. රාවණා ඇල්ල පුරාණ රජමහා විහාරයට යන ඔයාලාට රාවණා රජු විසින් සීතා කුමරිය සඟවා සිටියා කියන ගල් ගුහාව දැක බලා ගැනීමට පුලුවන්.මේ සීතා කුමරිය සඟවාගෙන හිටියා කියන ගල් ගුහාවට යන එක තරමක් දුෂ්කර ගමනක්.එතනට යන්නේ මෙහෙමයි.බණ්ඩාරවෙල ඇල්ල වැල්ලවාය පාරේ බණ්ඩාරවෙල ඉදන් ටික දුරක් යද්දි තියෙනවා දකුණට හැරෙන්න බොර්ඩ් එකක්.එතනින්ම දකුණට පාරක් තියනවා.

මේ කියන නමින් ඒ කියන්නේ රාවණා ඇල්ල විහාරය කියලා විහාරයක් නම් නෑ ඇත්තටම.මෙහෙ රාවණාඇල්ල කියලා කියන්නෙ මේ ගමට ඒත් මෙතනින් ඇතුලට කිලෝමීටර් 4ක් හරි 4 ½ක් වගේ ගියාම පන්සලක් තියනවා ඒක හදලා තියෙන්නෙ වලගම්බා රජතුමා කියලා තමයි කියන්නෙ.රාවණා ඇල්ල කියන ගමේ තියන නිසා තමයි මේකට රාවණාඇල්ල පුරාණ විහාරය කියන්නෙ,ගලක් යට තමයි හදලා තියෙන්නෙ බලන්න නම් එච්චර දෙයක් නෑ, අතීත ආක්‍රමණ වලදී වලගම්බා රජතුමා තැනින් තැන හැංගි හැංගි ගිහින් තියනවා කියලා දන්නවනේ පුරාණ කලෙදි ඒ වගේ එක සැරයක් මෙතනට ඇවිත් තියනවාලු, මුලු රැයක් පුරාම මේක හදලා එළිවුනු නිසා බාගෙට හදපු විහාරය එහෙම්මම දාලා ගියා කියලා තමයි කියන්නෙ. තව මේ වගේ පිළිමයක් හදන්න ගත්තු උත්සහායක් තියෙනවා මේ පන්සලට නුදුරින් පිහිටි දෝව පන්සලේ.ඒක තියෙන්නේ බදුල්ල බණ්ඩාරවෙල ප්‍රධාන මාර්ගයේ.කොහොමහරි මේ විහාරයෙන් උඩට පාරක් තියනවා..පඩි,700ක්, කැලෑ පාරක්. බඹරු ඉන්නවා. මේ වගේ සමහර තැන් තියනවා යන්නම බෑ.

පහළ බැලුවම හෙල තියෙන්නෙ.එහෙම ගියාම මේ රාවණ ගුහාව හමුවෙනවා.මේ ගුහාව ඇතුලෙ තමයි සීතාව ගෙනල්ලා හිර කරන් හිටිය කියලා කියන්නේ. ඇත්ත වෙන්න ඇති මොකද දඩුමොණරයක් ගන්න තරම් පුළුවන්කමක් තියනවා ඇතුලට. අනිත් පැත්තෙන් ගත්තොත් මේ ගුහාව තියෙන තැන දිහා බැලුවත් හරිම ආරක්ෂිත බවක් දැනෙනවා. මේ ආරක්ෂිත බව නිසාම සීතා දේවිය මෙතන හිර කරගෙන හිටියා කියන කථාව විශ්වාස කරන්න පුළුවන් කියලා.කතාවක් තියෙනවා ඉස්සරම මෙතන තමයි ඇත්තම රාවණා ඇල්ල තිබුණේ කියලා. දැන් මෙතන පෙනුම දිහා බැලුවම හිතන්න පුළුවන් මෙතනින් දිය ඇල්ලක් වැටෙන්න ඇති කියලා.කොහොම හරි මේ ගුහාව ඇතුලෙ තව ගුහා දෙකක් තියනවා,එකක් යන්නෙ දෝවෙ පන්සලටලු, අනිත් උමග නුවරඑළියෙන් මතුවෙනවා කියනවා, කොහොම හරි පුරාවිද්‍යාඥයෝ මේකට ඇවිත් තියනවා කියලා නම් කියනවා. එයාලා කියන්නෙ මේවා. මේකෙ දෝවෙ පන්සලට යන උමගෙ නම් මීටර් 50ක් විතර දුරක් යන්න පුළුවන් කම තියනවා .රාවනා ඇල්ල බලලා විනෝද වෙන්න යනවා නම් මේ රාවණා ගුහාවත් බලන්න යන්න අමතක කරන්න එපා.