අසර්බයිජාන්හිදී මි1ය1ගිය ශ්‍රී ලාංකික ශිෂ්‍යාවන් තිදෙනාගේ මෘත දේහයන් අද 15 පෙරවරු 9.20ට කටාර් ගුවන් සේවයට අයත් ගුවන් යානයකින් කටුනායක ගුවන්තොටුපළ වෙත රැගෙන එන බව විදේශ කටයුතු අමාත්‍යාංශය මීට ස්වල්ප වේලාවකට පෙර නිවේදනය කළේය මෙම මෘත දේහයන් දිවයිනට ගෙන්වීමට කටාරයේ දෝහා නුවර ශ්‍රී ලංකා තානාපති කාර්යාලයත් ඉරානයේ ටෙහෙරාන් ශ්‍රී ලංකා තානාපති කාර්යාලයත් කටයුතු කරනු ලැබීය අසර්බයිජාන්හි බකු අගනුවර කැස්ෆියන් විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය හදාරමින් සිටි මෙරට ශිෂ්‍යාවන් තිදෙනෙකු විෂ දුමක් ආඝ්‍රහණය වීම හේතුවෙන් පසුගිය 9 වැනිදා ජීවි1තක්ෂ1යට පත් විය එම ශිෂ්‍යාවන් නැවතී සිටි නේවාසිකාගාරයේ පහත මාලයේ හටගත් ගින්නකින් පසු එහි දුම ආඝ්‍රහණයවීම හේතුවෙන් ඇති වු අසාමිකතාවක් මත ශිෂ්‍යාවන් තිදෙනා රෝහල් ගත කර ඇති අතර එහිදී ඔවුන් මි1ය1ගොස් තිබිණි කඩුවෙල සහ පිළියන්දල යන ප්‍රදේශවල පදිංචි ශිෂ්‍යාවන් තිදෙනෙකු සිද්ධියෙන් මියගියේය මොවුන් වයස අවුරුදු 21 – 23 සහ 25 හැවිරිදි වියේ පසුවන අතර ඔවුන්ගෙන් දෙදෙනෙකු එකම පවුලේ සහෝදරියන් දෙදෙනෙකු විය

මීට අමතරව අසර්බන්ජාන් හී මි1ය1ගිය දරුවන් තිදෙනාගේ මෘත දේහ ලංකාවට ගෙන්වා ගැනීමට අවශ්‍ය කටයුතු සඳහා රජය රුපියල් ලක්ෂ 15 ක් ලබාදීමට තීරණය කර ඇති බව විදේශ සබඳතා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පැවසීය ඔවුන් තිදෙනාගේ මෘත දේහ ලංකාවට ගෙන්වා ගැනීමට අවශ්‍ය කටයුතු සඳහා රජය එම මුදල ලබාදීමට තීරණය කර ඇති බව මි1ය1ගිය දරුවන්ගේ දෙමාපියන් වෙත විදේශ සබඳතා අමාත්‍යවරයා දැන්වීය ඒ මහතා මෙසේ දැන්වූයේ එම දෙමාපියන් විදේශ අමාත්‍යාංශයට පැමිණ අමාත්‍යතුමා හමුවූ අවස්ථාවේදීය අසර්බන්ජාන් බාකු නුවර පෞද්ගලික විශ්වවිද්‍යාල පාඨමාලා හදාරමින් සිටි ශ්‍රී ලාංකික තරුණියන් තිදෙනෙකු තමා නතරව සිටි මහල් නිවාසයේ ඇතිවූ ගින්නක දුම ආඝ්‍රාණය වී මි1ය1ගොස් තිබිණ ( තිළිණි ද සිල්වා )