මැඩගැස්කර් දූපතේ දකින්නට ලැබෙන ඇන්ග්‍රේකම් සස්ක්වොපඩාලි (Angraecum sesquipedale) ඕකිඩ් ශාඛය 1798 වර්ශයේදි සොයාගනු ලබනවා ප්‍රංශ උද්භිද විද්‍යාඥ ලුයී මාරී ඕබර්ට් විසින් 1822 වර්ශයේදි තමයි මේ ශාඛය නම් කිරීම සහ පැහැදිලි කිරීම සිදුවෙන්නෙ උද්භිදවේදි ජේම්ස් බේට්මන් විසින් මේ පුෂ්ප නිදර්ශක කිහිපයක් එවකට චාර්ල්ස් ඩාවින් හට ලැබීමට සලස්වනවා මේ නිදර්ශක පරික්ෂා කර බලන ඩාවින් නිගමනය කරන්නෙ මේ පුෂ්ප පරාගනය කිරීමට නම් අතිශයින්ම දිගු රොන් උරා බීමේ උපාංගයක් සහිත සලබයෙකු ජීවත් විය යුතු බවයි ඩාවින් මේ නිගමනයට එළඹෙන්නෙ සස්ක්වොපඩාලි පුශ්පයේ පරාග ඉඳිකටු වැනි දෑ තුලින් ඉවත් කිරීමට උත්සහා කිරීමෙන් පසු එය ව්‍යර්ථ වීමත්, ඉතා දිගු උපාංග පමණක් භාවිතයෙන් පමණක් එය සිදුකල හැකිවීමත් නිසා. ඩාවින්ගෙ නිගමනය වෙන්නෙ එලෙස සස්ක්වොපඩාලි පුශ්ප පරාගනයට පරිණාමය වී සිටින සලබයාගෙ රොන් උරා බීමේ උපාංගය අවම තරමින් 35 cm පමණ විය යුතු බවයි. 1862 වර්ශයේදි ‘On the Various Contrivances by Which British and Foreign Orchids Are Fertilized by Insects, and On the Good Effects of Intercrossing’ ග්‍රන්ථයේ ඩාවින් මේ නිගමනය ගැන සඳහන් කරනවා.

එළඹෙන වසර කිහිපය තුල ඩාවින්ගෙ නිගමනය නිර්ධය විවේචනයට සහ උසුළු විසිළු වලට ලක්වීම සිදුවෙනවා 35 cm හොඬක් සහිත සලබයෙකු යනු විකාරරූපී අදහසක් බවට සඳහන් කරමින් ප්‍රකාශන නිකුත් වීම සිදුවෙනවා 1867 වර්ෂයේදි ඩාවින්ට පිළිතුර දෙමින් ජෝජ් කැම්බල් ආර්ගිල්හී 8 වන ඩියුක්වරයා ප්‍රකාශයට පත්කරන reign of law ප්‍රකාශනයේ සඳහන් කරනවා මේ පුශ්පයේ සංකීර්ණ බව යනු දේව සැලැස්ම තුල සිදුවු නිර්මාණයේ අපූර්වත්වය බව පරිණාමවාදයේ මුලීක සිද්ධාන්තයන් ඩාවින් හා සමඟ කරලියට ගෙනා ඇල්ෆ්‍රඩ් රසල් වොලස් 1867 වර්ශයේදිම කැම්බල් ඩියුක් වරයාට ප්‍රතිපිලිතුරු ලබා දෙනවා creation by law ග්‍රන්ථයෙන් සස්ක්වොපඩාලි සහ සලබයා යනු සම පරිණාමයේ ප්‍රතිඵලයක් බවත් එයට හේතු පාදක වන්නෙ අන් කිසිවක් නොව ස්වාභාවික වරණය බවත් වොලස් සඳහන් කරනවා 1860 දශකය තුල ඩාවින් සහ වොලස් මේ සටන් වදින්නේ තමන් සොයාගත් පරිණාමයේ නියමයන් තුලින් මේ වෙන විට 35 cm දිගු රොන් උරා බීමේ උපාංගයක් සහිත සලබයෙකු සොයාගෙන තිබුනෙ නැහැ. එක්සත් රාජධානියට කිලෝමිටර දහස් ගනනක් ඈතින් වු මැඩගැස්කර් දිවයින මොවුන් එවකට දැක තිබුනේත් නැහැ තමන් දියුණු කල සිද්ධාන්ත මත විශ්වාසය තබමින් උපකල්පනය මත එළඹි නිගමනයක් පමණයි සලබයා නමුත් ඔවුන් විශ්වාස කරනවා ස්වාභාවික ලෝකය තුල මෙසේ සිදුවීමටනම් මේ හේතුව පැවතිය යුතු බව

1882 වර්ශයේදි ඩාවින් මිය යනවා ඩාවින් මියගොස් වසර 21 ගතව එළැඹි 1903 වර්ශයේදි මැඩගස්කරයෙන් සොයාගනු ලබනවා මේ අද්භූත සලබයාව වෝල්ටර් රොත්ස්චයිල්ඩ් සහ කාල් ජෝර්ජන් විසින් සොයාගනු ලබන සලබයාව නම් කරනු ලබනවා Xanthopan morganii praedicta ලෙස praedicta ප්‍රථ්‍ය එක්කර තිබෙන්නේ predicted කලින් පෙරැයීම් සිදුකර තිබු අර්ථයෙන් සොයාගැනීමට දශක හතරකට ප්‍රථම එවන් ජීවියෙකු අනිවාර්යයෙන්ම සිටිය යුතු යැයි තර්ක කල ඩාවින් සහ වොලස්ගෙ සිද්ධාන්ත වල ශක්තිමත් බව නැවත තහවුරු වීම සිදුවෙනවා. පරිණාමවාදය තුල සිද්ධාන්ත තුලින් පෙරැයීම් සිදුකර ඒවා තහවුරු වු අවස්ථා අප්‍රමාණයි අප්‍රිකානු අාවාශ් නිම්නයේ ආදි මානව ෆොසිලත් පරිණාමික ගමන් මඟ තුල තවත් වසර මිලියන 375 පමණ ගමන් කල පසු සාගරයේ සිට ගොඩබිමට පැමිණෙන ටික්ට්ටාලීක් ජීවියාත් එවන් පෙරැයීම් තුලින් සිදුකල සොයාගැනීම් ෆොසිල විද්‍යාවත් ජාන විද්‍යාවත් තුලින් ඒවා තහවුරු කර සනාථ කර තිබෙන්නෙ එනයින් ඩාවින්ගෙ පරිණාමවාදය දැන් ලෝකේ පිලිගන්නෙ නෑ නේදැයි විමසන්නාට පිළිතුර දීමට පෙර ඩාවින් පරිණාමවාදය හා ලෝකය යන විෂයන් යනුවෙන් ඔහු අදහස් කරන්නෙ මොනවාදැයි අර්ථනිරූපනය කරගෙන සිටීම ඔබේ වටිනා කාලය අපතේ යැවීම මඟහරවා ගත හැකි ක්‍රමයකි.