කිරිපිටි සමාගම් මඟින් ඇති කර තිබෙන අවාසනාවන්ත තත්ත්වය දුටු ලෝක සෞඛ්‍ය සංවිධානය සහ එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල වැනි ජාත්‍යන්තර සංවිධාන මහජනතාවට සත්‍ය නිරාවරණය කිරීමට ඉදිරිපත්වී ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පෙන්වා දෙයි කිරිපිටි භාවිතය නිසා මිනිස් සිරුරේ සෑම අවයව පද්ධතියකටම හානිකර ප්‍රතිඵල ඇතිවන බව පැහැදිලි යැයිද බෝනොවන රෝග වැලඳීමට කිරිපිටි ප්‍රධාන සාධකයක් වී ඇතැයිද එම සංගමය අනතුරු ඇඟවීමක් කරයි ආනයනික කිරිපිටි පරිභෝජනය මිනිස් සිරුරට තදබල ලෙස අහිතකර බව පෙන්වාදීමෙන් පසු චර්යාත්මක හා ආකල්පමය වෙනසක් සමාජය තුළ දක්නට ලැබුණු බවත් කිරිපිටි ආනයනය සඳහා වැය වූ රුපියල් බිලියන 54ක මුදල රුපියල් බිලියන 20කට අඩු වූ බවත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ පැවැසීය කිරිපිටිවල ශරීරයට ඇති අහිතකර බව ජනතාව තේරුම්ගත් නිසා කිරිපිටි භාවිතය අඩු වූ බවත් එම සමාගම් ජනප්‍රිය ක්‍රීඩකයන් මුදලට ලබාගෙන දැන්වීම් පිළියෙල කර ප්‍රදර්ශනය කිරීමට පටන්ගත් බවත් පෙන්වා දෙන වෛද්‍ය හරිත අලුත්ගේ,

පාර්ලිමේන්තුවේ කථානායකවරයාගේ ඉල්ලීමකට අනුව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය, විද්වත් කමිටුවක් මඟින් සිදුකළ පරීක්ෂණයේ අතුරු වාර්තාව මඟින් කිරිපිටි පාවිච්චියෙන් සිරුරට සිදුවන හානිකර තත්ත්වය පිළිබඳව පෙන්වාදී ඇතැයිද එම වාර්තාව මඟින් නිර්දේශ රැසක් ඉදිරිපත් කර ඇති අතර එම නිර්දේශ ක්‍රියාත්මක කළ යුතුව ඇතැයිද පෙන්වා දුන්නේය ව්ඛර්ර්ථී වෙබ් අඩවියේ කටුපොල් ෆාම් ඔයිල් භාවිත කොට කිරිපිටි නිෂ්පාදනය කරන බව සඳහන් වන බවත් මේවා යොදා නිපදවන කිරිපිටි ලංකාවට එවන්නෙ නැතිනම් යවන්නෙ කොයි රටවල්වලටදැයි වෛද්‍ය හරිත අලුත්ගේ ප්‍රශ්න කළේය දියවැඩියාව හෘද රෝග පිළිකා ආදී භයානක බෝනොවන රෝග ආනයනික කිරිපිටි නිසා ජනතාවට වැලඳෙන බැවින් කිරිපිටි පාවිච්චි කිරීමෙන් මුහුණපාන්නට සිදුවන තත්ත්වය පිළිබඳ ජනතාවට කරුණු පැහැදිලි කිරීමේ වැඩසටහන් මෙම මස 20 වැනිදා සිට දීපව්‍යාප්තව සිදු කිරීම සෞඛ්‍ය අමාත්‍යාංශය හා එක්ව ක්‍රියාවට නංවන බවද වෛද්‍ය හරිත අලුත්ගේ කොළඹදී ඊයේ (14දා) පැවැති මාධ්‍ය හමුවකදී පැවැසීය.
ජේටී ද සිල්වා