රොබෝ තාක්ෂණයේ සහ වෛද්‍ය ක්ෂේත්‍රයේ පෙරළිකාර විස්මිත නිර්මාණයක් බිහි කිරීමට බ්‍රිතාන්‍යයේ විද්‍යාඥයෝ කණ්ඩායමක් සමත්ව සිටිති. මෙතෙක් ලෝකයට හුරුපුරුදු ලෝහ සහ ප්ලාස්ටික් සහිත රොබෝ යන්ත්‍ර වෙනුවට සජීවී සෛලවලින් නිර්මිත රොබෝ ජීවියකු නිර්මාණය කිරීමට මෙසේ සමත්ව සිටින්නේ එංගලන්තයේ මැසචුසෙට්ස්හි විශ්වවිද්‍යාලයට අනුබද්ධ පර්යේෂණාගාරයේ ජීවවිද්‍යාව පිළිබඳ මහාචාර්ය මයිකල් ලෙවින් ප්‍රමුඛ විද්‍යාඥ කණ්ඩායමක් විසිනි ෂෙනෝබෝට්ස් නිර්මාණය කිරීමට උපයෝගී කරගෙන ඇත්තේ එක්තරා මැඩියකුගෙන් ලබාගන්නා ප්‍රාථමික සෛලයන්ය එම සෛලවල වින්‍යාසය පරිගණක ඇල්ගොරිදමයක් මඟින් වෙනසකට බඳුන් කර තිබේ මේ සමඟ දැක්වෙන ඡායාරූපයේ රතු පැහැයෙන් එම මැඩියාගේ හෘදය සෛලද කොළ පැහැයෙන් චර්ම සෛලද පෙන්නුම් කෙරේ

හෘද චර්ම සෛල දෙමුහුන් කර මෙම නිර්මාණය කිරීමේදී පරිගණක තාක්ෂණය යොදාගන්නා ලද නමුත් එහි ස්වරූපය මිනිස් අතින් හැඩ ගන්වන ලද බව එහි නිර්මාණ ශිල්පීහු පවසා සිටිති ස්වාභාවික ලෝකයේ පවතින අන් කිසිදු වස්තුවකට මෙය සමානත්වයක් නැතැයි ද ඔවුන් පෙන්වාදී ඇත බාහිර විධානයන්ගෙන් තොරව ස්වතන්ත්‍ර ලෙස පරිසරය පිරික්සීමටත් ක්ෂුද්‍ර ද්‍රව්‍යයන් ඉදිරියට හා පසුපසට චලනය කිරීමටත් කැපුමක් සිදු කර මැහුම් යොදා යථා තත්ත්වයට පත් කිරීමටත් මෙම ජෛව රොබෝවාට හැකියාව ඇත ජීවයේ නව ආකෘතියක් ලෙස මහාචාර්ය ලෙවින් විස්තර කරන මෙම සෛල සංයුතිය සත්ත්වයා සහ යන්ත්‍රය අතරමැද පිහිටි අවස්ථාවක් වශයෙන් සැලැකිය හැකි යැයි විද්‍යාඥයෝ පවසති මෙයට ෂෙනෝබෝට් යන නාමය තබා ඇත්තේ මෙම නිර්මාණය වෙනුවෙන් සෛල පරිත්‍යාග කළ අප්‍රිකානු මැඩියා හට ගෞරව පිණිසය ජීවයේ පදනම පිළිබඳ නියමයන් හෙළි කරගැනීමට මෙම මැඩියාගේ සෛල ඉවහල් වී තිබේ ප්ලාස්ටික් වැනි කෘත්‍රිම ද්‍රව්‍යයන්ගෙන් තොර හෙයින් පරිසරයට හිතකර වුවත් සදාචාරාත්මක ගැටලු පැනනැඟීමට මෙම සජීවී යන්ත්‍රය හේතු විය හැකි බවට මේ අතර ඇතැමුන් සැක පහළ කර තිබේ පාලිත වර්ණකුලසූරිය