අද අපේ බොහොමයක් තරුණ තරුණයන් සිව් හෙළයේ ඉතිහාසය ගැන හරි උජාරුවට කතා කරනවා.නමුත් ඇත්තටම ගොඩක් දෙනෙක් අපේ ඉතිහාසයේ තිබෙන වැදගත් දේවල් ගැන දන්නේ නෑ කිවොත් නිවැරදි.මොකද ගොඩක් දෙනෙක් අද අන්තර්ජලය භාවිතා කරන්නේ තමන්ගේ විනොදයට විතරයි. එකේ වරදක් නෑ.නමුත් අපේ ඉතිසය ගැන දැනගෙන ඉන්න එක ඔබට ගොඩක් වැදගත් වෙයි මොකද රටක් හදන්න කලින් රටේ අතීත ඉතිසය ගැන දනන් ඉන්න එක වටිනවා. මේ කියන්න යන්නෙත් ගොඩක් දෙනෙක් නොදන්නා අපුරු ඉතිහාස කතාවක් ගැන. ඒ තමයි සිරිසඝබෝ රජු හිස දන් හත්ථිකුච්ඡි විහාරයේ යටගි ඉතිහාසය කතාව ඔබත් මේ වටිනා ලිපිය කියවල දැනුම ලබගන්න.ඉතාම නිස්කනක වටපිටාවක පිහිටි මෙම පුදබිම ප්‍රකට වන්නේ සිරිසඝබෝ රජු හිස දන් දුන් ස්ථානය ලෙසය.පසු කාලීනව මෙය ආරණ්‍ය සේනාසනයක් වන්නට ඇතැයි කියවේ.ඒ බව සනාත කිරීමට සමත් සාක්ශි මෙම ස්තානයේ දැක ගත හැකිය.
හත්ථි යනු ඇතා නම් වේ කුච්චි යනු කුස යන්නය එනම් මෙය එකල ඇත් කුස් වෙහෙර ලෙස හදුන් වන්නට ඇතැයි සැලකේ.මෙම ස්ථානය ආරණ්‍ය සේනාසනයකි. මෙම ආරාමය දෙවානම් පියතිස්ස රජු විසින් ක්‍රි ව. 3 වන සියවසේදී පිහිටුවන්නට ඇතැයි සැලකේ.වංශකතාවේ කියවෙන පරිදි මෙම ස්තානය එකල ගිහියන් ලෙස තාපසවරුන් බන භාවනායෝගීව වැඩ විසූ ආරාමයක් වූ අතර පසුව රහතන් වහන්සේලා වැඩ විසූ පින් බිමකි.

අක්කර 195ක භූමිභාරයක් හිමි පුද බිමේ අද වනවිට අක්කර 28ක් ප්‍රමානයක් ගොඩ ගෙන සොයා ගෙන ඇත.දැනට හදුනාගෙන ඇති ලෙන් 38ක් ඇති අතර පොකුනු 16ක් ඇත. චඉත්ය 8ක් , පුරාන සිංහලෙන් ලියූ සෙල් ලිපි 52ක් ඇති අතර එම සෙල් ලිපියන්හි මෙම ස්ථානය හථිකුච්චි යනුවෙන් හදුන්වා තිබේ.ශ්‍රී ලංකාවේ රජවරු 185 දෙනෙකු රාජ්‍ය පාලනය ගෙන ගොස් ඇති අතර සම්පූර්ණ රාජ්‍ය කාලය ගත් කල වසර 2300 පමන වේ. විජය රජු පලමු රජු යැයි සැලකූ කල උපතිස්ස 2, පන්ඩුකාබය 3, වන අතර දේවානම්පියතිස්ස රජු යනු 07 වන රජතුමාය.දුටුගැමුනු රජු යනු 14 වන රජුය.සිරිසගබෝ යනු 51 වන රජුය. දේවානම්පියතිස්ස රජුමෙම ස්ථානයේ ආරණ්යක් කරවා වසර 550කට පසු සිරිසගබෝ රජුගේ රාජ්ය කාලයේ හිස දන් දුන් බව කියවේ. සිරිසගබෝ රජු මෙම ස්ථානයේ හිස දන් දින් බව එළු අත්තනගළු වංශයේ කියවේ.තවද සිරිසගබෝ රජුගේ ආදහන කටයුතු සිදු කරනු ලැබුවේ විශාල පොකුනක් ආසන්නයේ බවද එළු අත්තනගළු වංශයේ කියවේ.එසේම මහා වංශයේ කියවෙන පරිදි සිරිසගබෝ රජු භාවනානුයෝගීව වැඩ සිටියේ රුවන් වැලි මහා සෑයේ කොත දෙස බලාගෙනය යන්නය. අදටද සිරිසගබෝ රජු හිස දන් දුන් භාවනානුයෝගීව වැඩ හුන් එම ස්ථානයට රුවන් වැලි මහා සැයේ කොත වඩාත් සුන්දරව තුරු හිස් අතරින්දැක ගත හැකිය.එසේම මහාඌවංශයේ කියවෙන පරිදි මගියා බත් මුලක් බැද අනුරාදපුරයේ සිට ගව් 04ක්ට දුරක් පැමිනි බවත් කියවේ. ගවුවක් යනු සැතපුම් 04කි. එනම් ගවු 04ක් යනු සැතපුම් 16කි. අනුරාදපුරයේ සිට මෙම හත්ති කුච්චි ආරන්යට ඇත්තේද සැතපුම් 16කි.කරුනු සැලකිල්ලට ගැනීමේදී මෙම ස්ථානය සැබෑවටම සිරිසගබෝ රජු හිස දන් දුන් ස්ථානය යැයි සිතිය හැක.

සිරිසගබෝ රජු සොයා පැමිනි දේවිය රජුගේ හිස නැති මලකද දැක විලාප දී හැඩූ බවත් එයින් අවට ගම් 07ක් පාළු වූ බවත් කියවේ.එම ගම් 07 අදටත් පලුකන්දෑව, ගල්පාලුව, පලුගොල්ල, පාලුගම යන ගම් මේ අවට පිහිටා තිබේ.හිස නැති මල කදට රනින් කල හිසක් පලන්දා සදුන් කිරෙන් නහවා, සදුන් දර දමා ආදහනය කල බවත් හිස නැති මල කද බදාගෙන හැඩූ දේවිය එම ස්තානයේදීම ලය පැලී මිය ගිය බවත් එම ආදහන චෛත්‍ය එම ස්ථානයේම දැක ගත හැකිය.හිස නැති මල කද වැටුනු ස්ථානයේම ආදහනය කර චෛත්‍යයක් සැදූ බවත් ඒ ආසන්නයේම මියගිය දේවියද ආදහනය කල ස්ථානය දැක ගත හැකිය.විශාල ගල් පියස්ස සහිත ස්ථානයේ සිරිසගබෝ රජු භාවනානුයෝගීව වැඩ විසූ බවත් ගල් උගුල සහිත ස්ථානය පසු කර සෙල් ලිපි සහිත විශාල ගල මතට නැගි මගියාට භාවන්නනුයෝගීව වැඩ සිටි සිරිසගබෝ රජු දැක ගන්නට හැකි විය. පසුව ගල් පියස්ස සහිත ස්ථානයේදී රජු තම හිස මගියාට දන් දුන් බව කියවේ.ගල මුදුනේ ඇති පොකුන අඩි 18ක් ගැබුරුය, ඉර හද පවා නොවැටෙන මෙම පොකුන දැඩි නියගයකදී පවා ජලය නොසිදේ. ලෙන්විහාර, සංඝාවාස, බෝධිගරයක්, තේවාමන්ඩපයක්, සීමාමාලකයක් ජය පොකුනු මෙන්ම තවත් බොහෝ නටඹුන් මෙම ආරන්යයේදී දැක ගත හැකිය.ලෙන් විහාරය ඇතුලේ විශාල සැතපෙන පිලිමයකි.එය මහනුවර යුගයේ ඉදිකර ඇති අතර ශ්‍රී වික්‍රම රාජසිංහ රජුගේද අනුග්‍රහය ලැබී තිබේ.සිරිසගබෝ රජු භාවනානුයෝගීව වැඩ හුන් ස්ථානයේ සිට හාත්පස වඩාත් සුන්දරව දැකිය හැකිය.