පහත දැක්වෙන්නේ මිහිපිට ඇති ගුප්ත ස්ථාන 10 කි. මේ සියල්ල මිනිසා විසින් නිර්මාණය කරන්නට ඇත. නමුත් ගැටලුව වන්නේ එම ස්ථාන සකස් කිරීමට හේතුව කුමක්ද කියයි. තවද මෙම නිර්මාණ ඉදිකරන්නට ඔවුන් ළඟ තිබු තාක්ෂණය පිළිබඳව විද්වතුන් පවා මවිතයට පත් වේ.නස්කාහි සිතුවම් (Nazca Lines), පේරු රාජ්‍යය මෙම සිතුවම් නස්කාහි විසු ජනතාව විසින් ඔවුන්ගේ දෙවියන් දැක ගැනීම සඳහා ඉදිකර බවට මතයක් පවතී. මෙහි විශාලම සිතුවම මීටර 220 ටත් වඩා විශාල වනවා. මෙහි පැහැදිලි දසුනක් ලබා ගැනීමට නම් අවට ඇති කඳුමුදුනකට නැගිය යුතුය. අද නම් ගුවන් යානාවකින් එය මතින් ගමන් කිරීමෙන් වුවත් නැරඹිය හැකිය. ඇත්තටම ඔවුන් මේ නිර්මාණය කලේ දෙවියන් ඇදහීමටද? එකල ගුවන් යානා තිබෙන්නටත් නැත. එසේ නම් මෙතරම් අලංකාරවත් වූ සිතුවම් ඔවුන් නිර්මාණය කලේ කෙසේද?

1 ස්ටෝන් හෙජ් (Stonehenge), එංගලන්තය මෙම ප්‍රාග් ඓතිහාසික ස්මාරකයන් ක්‍රි. පූ. 3000-2000 ත් අතර වකානුවේදී නිර්මාණය වූ බවට සැලකෙනවා. නමුත් මේ ගල් වළල්ලකුමන අරමුණක් සඳහා ඉදි කරාද යන්න තවමත් අභිරහසක්. එක් මතයක් වන්නේ මෙය සුසාන භූමියක් ලෙස භාවිතා කරන්නට ඇත යන්නයි.

3 පුමා පුංකු (Puma Punku), බොලිවියාව බටහිර බොලිවියාවේ පවතින මෙම පුරාවිද්‍යාත්මක ස්ථානය ඉන්කා සම්ප්‍රදායට අනුව නිර්මාණය කර ඇතැයි සැලකෙනවා. මෙම ස්ථානය ආගමික ස්ථානයක් ලෙස භාවිතා කර ඇති බවට මත පලවෙනවා. මෙහි ඇති විශාලතම ගල් කණුව මීටර 7.81 පමණ දිග වන අතර එය මෙට්‍රික් ටොන් 131 පමණ ස්කන්ධයක් උසුලනවා. මෙම ගල් කණු කෙසේ ප්‍රවාහනය කළාදැයි තේරුම් ගැනීමට අපහසු කරුණකි.

4 මෝයි (Moai), පාස්කු දුපත වසර 1250- 1500 අතර කාලවකවානුවේ ඉදිකර ඇතැයි සැලකෙන මෙම ප්‍රතිමා රැපා නුයි (Rapa Nui) ජනතාව විසින් ඉදිකරන ලද්දකි. මෙහි ඇති විශාලතම මෝයි ප්‍රතිමාව ටොන් 75 පමණ බරක් උසුලනවා. කෙසේ වෙතත් තවමත් අපැහැදිලි කරුණ වන්නේ මෙම විශාල ප්‍රතිමා දුපත පුරා එහා මෙහා ගෙන ගියේ කෙසේද යන්නයි.

5 ගොබෙක්ලි ටෙපේ (Gobekli Tepe), තුර්කිය ක්‍රි. පූ. 10,000 පමණ ඈත ඉතිහාසයකට දිවයන මෙම ස්ථානය ලෝකයේ පැරණිම ආගමික මධ්‍යස්ථානයක් ලෙස සැලකෙනවා. මෙහි පුදුම සහගත කරුණ වන්නේ මෙම කාලවකවානුව දඩයම් යුගයට අයත් වීමයි. එසේ නම් ටොන් 20 පමණ බරැති මෙම කණු එහා මෙහා ගෙන යාමට ඔවුනට තාක්ෂණය ලැබුණේ කෙසේද?

6 භාජන තැනිතලාව (Plain of Jars), ලාඕසය මෙම අභිරහස් භාජන ගල් වලින් නිර්මාණය කර තිබෙනවා. සමහර බඳුන් මීටර 3 පමණ උස වන අතර මෙම ගල් භාජන දහස් ගණනක් පොකුරු වශයෙන් තැන තැන විසිරී පවතිනවා. පුරාවෘත්තය වලට අනුව යෝධයන් සඳහා මත්පැන් ගබඩා කිරීමට මෙමභාජන භාවිතා වුනු බව සලකනවා. තවමත් අබිරහසක් වන්නේ මෙම භාජන කාගේ වුවමනාවට තැනුවේද යන්නයි.

7 Teotihuacan, මෙක්සිකෝව මෙක්සිකෝනගරය අසල ඇති මෙම පුරාවිද්‍යාත්මක භුමිය වර්ග කි.මි.20 ක පමණ භුමි භාගයක් පුරා පැතිරී තියෙනවා. මෙහිලක්ෂයකට අධික පිරිසක් ජිවත් වූ බවට සාක්ෂි ඇති අතර වසර 1400 පෙර මෙම රාජ්‍යය කිනම් හෝ හේතුවකින් විනාශයට පත්වී තිබෙනවා. පසුව ඇස්ටෙක්වරු විසින් මෙම ස්ථානය අත්පත් කරගෙන ඇති අතරමෙය “දෙවියන්ගේ නිජභූමිය” ලෙසද නම් කර තිබෙනවා. නමුත් මෙහි මුල් ගෘහ නිර්මාණ ශිල්පීන් කවුරුන්ද යන්න අදටත් අභිරහසකි.

8 යෝනාගුනි ස්මාරකය (Yonaguni Monument), ජපානය “Yonaguni සබ්මැරින් නටබුන්” යන නමින් ජපානය පුරා ප්‍රචලිත මෙම අඩවිය ස්වාභාවික පිහිටීමක්ද එසේ නොමැති නම් මිනිසා විසින් නිර්මාණය කරන ලද්දක් දැයි තවමත් ගැටලුවකි. කෘත්‍රිම ද්‍රව්‍ය කිසිවක් සොයාගෙන නැති මුත් මෙහි තාරක හැඩති වේදිකාවක් හා බැම්මකින් සමන්විත වෙනවා.

9 බොස්නියා පිරමීඩය (Bosnian Pyramid), බොස්නියා සහ හර්සෙගොවිනා මෙය ඇත්තටම පිරමීදයක් නම් නොවේ. නමුත් 2005 වර්ෂයේදී ලෝකයම ආන්දෝලනයට පත් කරමින් මෙම කන්ද මිනිසා විසින් වසර 25,000 පමණ පෙර නිර්මාණය කරන ලද්දක් බව සැලවුණා. පසුව කරන ලද ගවේෂණ වලින් මෙය ස්වාභාවික කන්දක් බව ප්‍රකාශ වුවත් එය අදහාගත නොහැකි මිනිස් නිර්මාණයක් ලෙස ජනයා සලකනවා.

10 බාල්බෙක් (Baalbek), ලෙබනනය ලොව මෙතෙක් තනන ලද විශාලතම රෝමානු කතෝලික දේවස්ථානය මෙය වනවා. බයිසන්ටයින් අධිරාජ්‍යයා විසින් මෙය විනාශ කරනු ලැබ තිබෙනවා. මෙම ස්ථානයෙන් ගර්භනී කාන්තාවකගේ ගල් කැටයමක්ද සොයා ගෙන තිබෙන අතර මෙහි විශාල කළු ගල් ටොන් 1,000 පමණ වෙනවා.නමුත් ගැටලුව වන්නේ මෙවැනි සිද්ධස්ථානයක් ඉදිකිරීමට රෝමානුවන් පෙළඹුණේ ඇයි ද යන්නයි.