දොඩම් මෙන් පස් ගුණයකින්, අන්නාසිමෙන් දස ගුණයකින්, විටමින් C වලින් පොහොසත් පලතුරක් ගැන ඔබට කිව හැකිද?
එලෙස පිළි ගැනෙන, ලොව වටිනා පලතුරු අතරට ගැනෙන කජු පුහුලන්, විටමින් C මෙන් ම විටමින් E බහුල, බීටා කැරටින්, පීනෝල්, ඇන්තොසයිනින් සංයෝග සමග ප්‍රති ඔක්සිකාරක ගුණ රැසක් පිරි පලතුරක්. අවුරුදු ආසන්නයෙහි දීප්තිමත් රතු කහ තැඹිලි වර්ණවලින් සැරසී කජු ගස් අලංකාර කරනු දක්නට ලැබෙනවා.පුහුලන් වලින් පිළිකා සෑදීම, හා DNA වලට හානි සිදුවීම වළකිනවා. ප්‍රති ඔක්සිකාරක පද්ධතියේ නිවැරැදි ක්‍රියාකාරිත්වයට අවශ්‍ය සෙලනියම් නිපදවනු ලබනවා. ඒවා සිරුරේ උපදින්නක් නොව ආහාරවලින් ම ලබා ගත යුත්තක්.හර්ද රෝග, මොළයේ අසමතුලිතතා, උගුරේ තුවාල, සෙම් ගති, බහිශ්‍රාවී පද්ධතියේ ගල් ඇතිවීම, හා කොළරා තත්ත්ව යන් වැළැක්වීමට ක්‍රියා කරමින්, සිරුරේ නිරෝගිතාව රකිනවා.ශුක්‍රාණු වර්ධනය කරනවා. වයස්ගත පෙනුම පමාකර තාරුණ්‍ය ය දිගුකලක් රඳවනවා.කහට රස ඇති පලතුරුවල අඩංගු රුධිරගත සීනි පාලනය කිරීමේ හැකියාවෙන් යුතු අතර එය දියවැඩියාව ට වැට බඳිනවා. අධි රුධිර පීඩන හා කොලෙස්ටරෝල් මට්ටම් අඩුකරලනවා.

35% ක ටැනින් සහිතව තද කහටක් ඇති බැව්න් ඇල්දියෙන් සේදීමට පෙර විනාඩි පහක් හුමා ලය ඇල්ලීම හෝ ලුණු දියේ නැටවීම හෝ ජෙලට්න් ද්‍රාවණයක ගිල්වා තැබීම සුදුසුයි. කැබලි කපා ලුණු ද්‍රාවණයක බහා තැබීමෙන් ද කහට දුරුකරගත හැකියි. අවශ්‍ය නම් ඊට දෙහි ස්වල්පයක් මුසුකරගෙන ආහාරයට ගත හැකියි.පුහුලන්වලින් සලාදයක් සාදා ගත හැකි අතර ඒ සඳහා පුහුලන් කොටු කපා ලුණු ගම්මිරිස් කහ මිශ්‍ර ජලයේ පැයක් පමණ තැප්පෙන්නට තැබිය යුතුවෙනවා. සලාදය රසවත් කර ගන්නට බැදගත් කජු මද හා කොත්තමල්ලි කොළ එක්කර ගත හැකියි. පුහුලන්වලින් වෙනත් බීම වර්ග ද සකසා ගත හැකි අතර, කජු සංස්ථාව මගින් වයින් ද නිෂ්පාදනය කරනු ලබනවා .
කජුවල මුල් වාසභූමිය සේ හැඳින්වෙන බ්‍රසීලයේ පූහුලන් යුෂ ජනප්‍රිය පානයක්. කජු පුහුලන් පොඩිකර පැසෙන්නට තබා ෆෙනී නම් මද්‍යසාරයක් ද ගෝවේ හි නිපදවනුලබනවා.ළපටි කජු මද වෑංජනයක් සේ පිසින අතර මේරූ මද විවිධ රසකැවිලි සඳහා යොදා ගන්නවා. මේවායේ පෝෂක ගුණ බහුලයි. වියළි මද වඩාත් තෙල් සහිතයි. තේ පානයේදී රසකැවිලි වෙනුවට කජු මද හතරක් පහක් කෑම සිරුරට වඩා ගුණ දායකයි.ශරීරයට අත්‍යවශ්‍ය ඇමයිනෝ අම්ල 20 කටත් වැඩි සංඛ්‍යාවක් කජුවල අඩංගු අතර ඒවා හිතකර ලෙස ක්‍රියාත්මක වනවා.
කොලෙස්ටරෝල් අඩුකර ධමනි අවහිරතා දුරුකරනවා. මොළයේ නව සෛල නිපදවමින් මතක ශක්තිය වඩනවා.

ධාරණ ශක්තිය දියුණු කරනවා දත් විදුරුමස් ශක්තිමත් කරමින් මුඛ රෝග දුරුකරනවා . හිසකේ වඩනවා.දිනපතා කජු මද කීපය බැගින් කන්නේ නම් පිත්තාශයේ ගල් සෑදීමේ අවදානම 25% කින් අඩුවන බව සඳහන්.අස්ථි හා ස්නායු සවිමත් කරනවා. මල බද්ධය දුරුකරනවා. සම ආරක්ෂා කරනවා. ඒවායේ ඇති zeaxanthin මගින් ඇස් පෙනීම ද වර්ධනය කර දෙනවා.ළපටි කජු මද වඩාත් මැනවින් ශරීරයේ ධාතු වර්ධනය කර ශක්තිය ලබා දෙනවා .කාන්තා පිරිමි දෙපක්ෂයේ ම හෝමෝන් ක්‍රියා කාරිත්වයන් වැඩිකරලනවා.කොතෙක් ගුණ ඇතත් අධික ප්‍රමාණයක් කෑම අහිතකරයි. බඩ පිපුම් හිසේ අමාරු, ජීර්ණ අපහසුකම්, ඇතිවිය හැකියි. රුධිර පීඩනය වැඩිවීමට ද හැකියි. විය පත්වූවන් වඩාත් සීමාසහිතව ආහාරයට ගැනීම යහපත්..ඔක්සලේට් සහිත බැවින් වකුගගඩු ගල් ඇති රෝගීන්ට කෑම හිතකර නැහැ.කජු ශාකය ඉහල ඖෂධිය වටිනාකමින් ද යුක්තයි. උණ ඉදිමුම්, පනු රෝග, පාචනය අර්ශස්, සුදුකබර රෝග ප්‍රතිකාර සඳහා යොදා ගන්නවා. පලතුරෙහි යුෂ , වමනය, මල බුරුල්වීම හා උගුරේ අපහසුතා සඳහා ප්‍රතිචාර දක්වනවාකොළ ප්‍රබල බැක්ටීරියා නාශකයක් වන අතර අතීසාරයටත් දියවැඩියාවටත් ඒවායින් ප්‍රතිකාර කරනවා.කොළ හා පොතු , දත් කැක්කුම්, විදුරු මස් වේදනා, පාචනය, පාද පැලීම් ආදියටත්, ඇටවලින් සකසන තෙල්, විදුරුමස් වණ තුවාල ආදිය සඳහාත් ප්‍රයෝජනයට ගනු ලබනවා . ඒ හැරුණුවිට මැලේරියාව සිපිලිස් හා දිලීර ආසාදන සඳහාත් කජු ශාකයෙන් ප්‍රතිකාර කෙරෙනවා.