ගස් හා මිනිසා අතර මහඟු බැඳීමක් ඇත.මිනිසාට වර්ෂාව,සිසිලස,සෙවන,ආහාර,ජලය ආදී ‍බොහෝ දේ ගස් වලින් සපයයි. ඒ නිසා පුරාණයේ සිටම මිනිසා ගහ කොළට ආදරය කිරීමට ඒවා රෝපණය කිරීමට පමණක් නොව වැඳුම් පිදුම් කිරීමට පවා පෙළඹිණි.රුක් රෝපණය කිරීම මගින් මහත්ඵල මහානිසංශ ලැබෙන බවත් ඵලදායී ගස් රෝපණය මගින් මරණින් මතු දෙව්ලොව උපදින බවත් මෙලොවදී වගාකළ තැනැත්තා මෙන්ම ඔහුගේ මුලු පරම්පරාවම සැපවත් වන බවත් සඳහන්වෙයි.ගස් වැවීම මහඟු කාරණයක් වුවත් සෑම ශාකයක්ම සෑම තැනම වැවීම මගින් සුබඵල ලැබෙනවාට වඩා අශුබ ඵල ලැබෙනු ඇත.නිවෙස්වල හෝ යම් ස්ථානයක සි‍ටුවීමට ගන්නා ගස් වර්ග උල්කටු සහිතගස් ,අතුපතර විහිදී වැඩෙන මහා රූස්ස ගස් ,වේලී අතු හැලෙන ගස්,ගෙඩි සෑදෙන ගස්,මල් පිපෙන ගස් ආදී ලෙස වෙන්කර ගත හැක.පතොක්,බෝගන්විලා,රෝස,දෙහි,දොඩම්, අන්නාසි වැනි උල්කටු ඇති ගස් නිවෙස ඉදිරිපිට වැවීම වාස්තු විද්‍යානුකූලව ඉතා අශුභය.මේවා නිවසේ ප්‍රධාන දොරටුවට මුහුණලා ගෙමිදුලේ සිටුවීමෙන් නිවසේ කරදර, ප්‍රශ්න තොර නොවනු ඇත.ගෙහිමියන් අතර අඬදබර ‍නිතර වෙයි.ඇතැම් ශාකවල ඇති කටු ශරීරයේ ඇනීම නිසා විෂ සහිත ස්වභාවයක් ඇතිවීමෙන් සෞඛ්‍ය ගැටලු වුවද විය හැක.

අතුපතර විහිදෙන රූස්ස ගස් ද නිවෙස ඉදිරිපස භූමියට අසුබ වෙයි.වාස්තු විද්‍යාවේ ‘වෘක්ෂ වේද දෝෂය’ ලෙස හඳුන්වයි. මෙවැනි ගස් වැවීමෙන් නිවෙස ඉදිරි පිට මෙන්ම නිවෙස අඳුරු ස්වභාවයක් ගනී.සූර්යා ලෝකය නිසි‍ ලෙස නොවැටීමෙන් විෂබීජ වර්ධනය වී නිවැසියන් නිතර ලෙඩ වීමේ අවදානමක් ද ඇතිවිය හැක.අඳුරට අරක් ගන්නා අමනුෂ්‍ය ආත්ම පහසුවෙන් භූමියට ආකර්ෂණය වේ.මෙවැනි ගස් සිටුවීමෙන් නව වාස්තු දෝෂයක් ද නිර්මාණය විය හැක.ගසේ සෙවනැල්ල නිවසට වැටීමෙන් නිවැසියන් ඉතා ආර්ථික අපහසුතාවයන්ගෙන් පෙලෙන රෝගී අය විය හැක.මේ දෝෂය වාස්තු විද්‍යාවේ ‘සෙවනැලි දෝෂය’ ලෙස හැඳින් වේ.අතු වියළී වැටෙන පුවක්,තැඹිලි,පොල් වැනි තාල වර්ගයේ ගස් ද ගෙමිදුලේ වැවීම වාස්තු විද්‍යානුකූලව මෙන්ම සාමාන්‍ය කටයුතු වලදීද අගුණ වේ.නිවෙස ඉදිරිපිට නිතර නිවැසියන් ගැවසේ.මෙවිට ගසේ ඇට්ටි,ගෙඩි, අතු ආදිය ඇඟට වැටී අනතුරු ඇතිවීමේ ඉඩ වැඩිය.කෘමි උවදුරු,උරග සතුන්ගේ බෝවීමත් වැඩිවෙයි.ගෙහිමියන්ට මේ නිසා මහත් කරදර රැසකට මුහුණ දීමට සිදුවනු ඇත.

කොහොඹ සඳුන් වැනි ඖෂධ ගුණයෙන් පිරි වෘක්ෂ නිවස ඉදිරිපිට තරමක් දුරින් සිටුවීමෙන් නිවැසියන්ට නිරෝගී බව ලැබේ.එවැනි ගස්වලින් පිටවන සුවඳ හා එයින් නිකුත්වන කිරණ මිනිසාගේ සෞඛ්‍යය වර්ධනයට අතිශයින් වැදගත් වේ.ඖෂධ පැලෑටි වැවීම මහඟු පිනකි.මතු උපදින සංසාරේ නිරෝගීබව ලැබීමට ප්‍රධාන හේතුවක් වනු ඇත.ගස් ලබු කොස් වැනි ගස් නිවස ඉදිරිපිටටඅසුබය.වාස්තු විද්‍යානුකූල දොස් මෙන්ම අනතුරු ද වියහැක.ඉදුණු ඵල කෑමට එන සතුන්ගෙන් හානි මෙන්ම ඔවුන්ගේ මළවලින් මිදුල අපවිත්‍රවීම ද සිදුවිය හැක.මිදුලට සුදුසු ගස් දෑසමන්, කොබෝනීල, පිච්ච, කඩුපුල්, ඕකිඩ් වැනි ප්‍රසන්න මල් සුවඳ මෙන්ම ලස්සන ගස් වැල්ද අඹ ද සුදුසු වෙයි.බෙලි ,රඹුටන් ආදිය ගෙවත්තේ නිවසට පිටුපසින් සිටුවීම සුබය.ජම්බු ගෙවත්තක සිරටුවීම අශුභ ඵල ඇතිකරවන්නකි.ගෙවත්තේ ජම්බු ගස් ඇත්නම් නිවැසි ගැහැණු දරුවෝ මුරණ්ඩු වන බව පිළිගැනීමයි.අරටුව සහිත මහත්වන තේක්ක,කොස්,අඹ, දෙල් වැනි ගස් සිටුවීමේදී වැට මායිමට ලංව සි‍ටුවීම සුදුසු නොවේ.ගස බෙදාගන්නට නොඑසේ නම් අල්ලපු වත්තේ පදිංචි අයට අවහිර යැයි නීති මාර්ගයට පවා යන්නේ මායිම ආසන්නයේ ගස් සිටුවීමෙනි.

  • ගස් සිට විය යුතු සුබ දිශා
  • ගෙවත්තේ හෝ ඉඩමක රුක් රෝපණය කිරීමේදී සුබ දිශාවන් සඳහන් වෙයි.
  • නෙල්ලි – ඊසාන
  • සියඹලා – නිරිත
  • දෙළුම් – ගිනිකොණ
  • බෙලි – වයඹ
  • පුලිල – උතුර
  • නුග – නැඟෙනහිර
  • අත්තික්කා – දකුණ
  • ඇසතු – බටහිර
  • අඹ ඉඩමේ මැදට වන්නට සිටුවීම වඩාත් සුබ වෙයි.

සොරාගත්, හෝ පූජා භූමියකින්-සුසාන භූමියකින් තුන්මං හෝ හතරමං සන්ධියකින් ගලවාගත් ශාක ගෙවත්තක සිටුවීමට කිසිසේත් සුදුසු නොවේ.ගස් සිටුවීමේ ආනිසංශඑක් පැළයක් සිටුවීම පුතුන් දස දෙනෙකු ජනිතකළාට සමාන යැයි වේදයෙහි සඳහන් වේ.මල්,පලතුරුවලින් යුතු ගස් වවා සමාජයට දන්දෙන පුද්ගලයා මරණික් මතු දෙව්ලොව ඉපදී. යුග තුනක් අපමණ සැප සම්පත් භුක්ති විඳින බව එහිම සඳහන් වෙයි.රුක් රෝපණය කළ අය‍ට උපදින සෑම භවයකදීම දරුවන් ලැබීම, ගින්නෙන් හෝ තද රස්නයෙන් හෝ පීඩා ඇති නොවීම ආදී ආනිසංශ ලැබේ.ඔබත් ගෙවත්තක,මහමඟ අයිනේ,පූජා භූමියක හෝ වෙනත් ඉඩමක මෙවැනි උතුම් රුක් දෝෂ නොවන ආකාරයට රෝපණයකර මෙ‍ලොව වශයෙන් මෙන්ම පරලොව වශයෙන් සෙත සලසා ගන්න.මරණින් මතු දෙව් මිනිස් සැප විඳින්න