හෙළයන්ගේ ආහාර අතර සම්බෝල වර්ග බොහෝමයි ඒතර අබකොල සම්බෝලෙ, ගොටුකොල සම්බෝලෙ, තෙබුකොල සම්බෝලෙ, අක්කාපාණ කොල සම්බෝලෙ, අගුන කොල සම්බෝලෙ, වැල් පෙනෙල සම්බෝලෙ, රාඹු කොල සම්බෝලෙ, අසමෝදගම් සම්බෝලෙ, කතුරුමුරුංගා කොල සම්බෝලෙ, ලුණුවිල සම්බෝලෙ.මේ ආහාර අමුවෙන් සම්බෝල කැමෙන් එහි අති සුවිශේශී ගුණයන් විනාශ නොවී ශරීරයට යහමින් ලැබෙනාබැවු අතීතයේ සිටම හෙළයන් දැන හිටියා.මේ විවිද කොලවලින් ඇතැම්විට අස්ථිරෝගවලට කාටිලේජ වර්ධනයට අවැසි ගුණයන් ,වකුගඩුවල ගල් දියකිරීමට අවැසි ගුණයන්, වැනිදෑ පහසුවෙන් ලැබේ මේ අතරින් අබ කොල කියන්නේ ඒ අතරින් සුවිශේෂීම තවක් එක් සම්බෝලයකි.මෙය ආහාර රුචිය ,වඩවන අතර ලේ පිරිසිදු කිරීම සහ බොහෝ ශරීරයට අවැසි අංශු මාත්‍ර ගුණයක් බොහොමයක් ලබාදෙන අතර ඒ තරින් ශරීරයට අවැසි ප්‍රමාණය ලැබෙන සුවිශේශීම ආහාරයකි.අතීතයේදී කුඩා බිලිදුන්ට රන්කිරි කටගෑම සිරිතක්වූ අතර අද එය අපෙන් ගිලිහීම දුකට හේතුවන කරුණකි.

අබ යනු ආහාර සැකසුමේදී භාවිතා කරනුයේ මෑත කාලයෙදී සිට නොවේ බලංගොඩ පැරණි මාණවයන් සිටි ශ්‍යිලමය ගුහාවල සිටි ආදි වාසීන් පවා අබ භාවිතාකර ආහාර පිස ඇති බවට සාදක හමුවී ඇත. එනම් ඒ තුලින් මනාවට පැහැදිලී. ආදි හෙළයන්ගේ දියුනු ආහාර පිලියෙල කිරීමේ රටාව පිලිබඳ අප දැක තිබෙනවා. නිරන්තරයෙන් මුහුනුපොතේ අගහිඟකම් පෙන්වා හිගාකන ඈයන් ඒවාට ආධාර සපයන්න සහ බඩ වඩාගන්නන්ගේ සංවිදාන ඒ ඒ අගහිඟකම් ඇති ඈයොගේ නිවෙස් වටා සොයාබැලීමේදි දැක්කේ එදිනෙදා කෑමට අවැසි පලාවක් එලවලුවක් වගාකරගෙන නැත ඉස්සරනම් උයා පිහා අවසන් කර ඉදුල් කොරහා වැටෙන තැනත් මිරිස්, අබ ,තක්කාලි ගස් පැලවූ රටකිමේය අද අවාසනාවට සියල්ල වෙන්වී ඇත.

ඔබ නිවසේ පරිභෝජනයට අවැසි බෝග වැවීමට අලංකාරයට බොහෝදෑ වැවීමට බොහෝ වෙහෙසීමට අවැසිනෑ නිවසේ මුලුතැන්ගේ ඇති අබ බෝතලයෙන් කුඩා හැන්දකට අඹ මිටක් ගෙන පෝච්චියකට දමන්න කිසිදු සාත්තුවක් නොමැතිව අපූරුවට, වැඩෙනු ඇත. පවුලේ සාමාජිකයන් පස්දෙනෙකු සිටිනා පවුලකට හොදින් වැඩුනු අබ පදුරු තුනක් බොහෝ සෑහේ. ඔබත් මෙවැනි ඔබේ පෝෂණයට අවැසිමදෑ වගාකොට වසවිසෙන් තොරව බුක්තිවිදීමට හුරු වන්න.සැ.යු හොදයි කියනා සෑමදේම පෙත්තක් ලෙස හෝ පානයක් ලෙස ගැනීමේ නොහොබිනා කලාව වැලදගන්නා මේ යුගයේ එවැනි මෝඩයෙකු නොවන්න. ඔබත් මන්ද මිනිස් ශිරුරේ ආහාර ජීර්ණ පද්ධතිය නිමවී ඇත්තේ පෙත්තකින් හෝ පානයකින් දිනකට අවැසි පෝෂණය ගෙන සිටීමට නොවනා බැවු හොදින් තේරුම් ගන්න. එසේ අවැසිනම් මිනිස් සිරුරේ ආහාර ජීර්ණයට අඩි විසි එකක් ( 21 ) දිග අන්ත්‍රයක් (බඩවැලක් ) කුමටද ?හොදින් සිතන්න..අපි අපේ හෙළ ආහාර රටාවෙන් ඈත්වීම සියළු රෝගයන්ට හේතුවයි. අප සැම නැවතත් හෙළ ආහාර රටාවට හුරුවී නිරෝගී වෙමු. ඔබ සැමට තෙරුවන්සරණයි..