අන්තර්ජාලයේ වැඩිපුර ක්‍රීඩා ලෝලීන් සෙවූ ක‍්‍රිකට් කී‍්‍රඩකයා බවට ඉන්දිය ක්‍රිකට් නායක විරාත් කෝලි පත්ව තිබේනවා  අවස්ථා ලක්ෂ 20කට ආසන්න සංඛ්‍යාවක් ඔහු පිළිබඳ ගෝලීය වශයෙන් අන්තර්ජාලයෙන් සොයා ඇති බව හෙළිව තිබේ. පසුගිය කාලයේ ඔහු ප‍්‍රදර්ශනය කළ දක්ෂතා ද ඊට හේතුවක් බව සදහන් එසේම ඉන්දිය ක‍්‍රිකට් කණ්ඩායම වැඩිම වාර ගණනක් අන්තර්ජාලයේ සෙවූ කණ්ඩායම බවට ද පත්ව තිබෙනවා. විරාත් කෝලි මේ තරම් වැඩ්ඩෙක් වුනේ කොහොමද..? මේ ප්‍රශ්නෙට විරාත් කෝලි දීපු පිළිතුර තමා මේ

මගේ ආහාර රටාවේ සහ ශරීර යෝග්‍යතාවයේ කිසිම විනයක් තිබුණේ නැහැ. ඒ දිනවල සිටි මා සමග දැන් සිටින මා කිසිඳු ආකාරයකින් සංසන්දනය කරන්න බැහැ 2012 වසරේ නැවත වතාවක් ඉතාම අසාර්ථක ඉන්දියානු ප්‍රිමියර් ලීග් තරඟවාරයක් නිමාකොට මා නිවසට පැමිණියේ එකී තරඟවාරය අතරතුර මගේ ආහාර රටාව ඉතාම අයහපත් එකක්. ඒ තරඟවාරය කණ්ඩායමටත් එතරම් සුභදායී එකක් නොවෙයි නිවසට පැමිණි මා කණ්නාඩියෙන් මා දෙස බැලුවා ඔබේ පෙනුම ජාත්‍යන්තර තලයේ ක්‍රීඩකයෙකුට කිසිම ආකාරයකින් ගැළපෙන්නක් නොවේ ඔබ ඔබ ගැනම අවධානයක් යොමු නොකර මේ ආකාරයෙන් ඉදිරියට යන්නේ කෙසේද? මා මගෙන්ම ප්‍රශ්න කළා පසුදා සිටම මගේ ආහාර රටාවට සම්බන්ධ සියළු දේ වෙනස් කරන්නටත් සෞඛ්‍ය සම්පන්න ආහාර රටාවකට පුරුදු වන්නටත් ශරීර සුවතාගාරයේ දිනපතා පැය දෙකක් ගත කරන්නටත් ඊටත් වැඩියෙන් ක්‍රිකට් ක්‍රීඩාව සම්බන්ධයෙන් මගේ දැක්ම වෙනස් කරගැනීමටත් මම තීරණය කළා.

ඉන් පසු මා මටම වංචා කරගත් එකඳු හෝ දවසක් තිබුණේ නැහැ මාස 8-10 අතර කාලයකදී කිලෝ හය හතකින් බර අඩු කරගන්නටත් මට හැකියාවක් ලැබුණා ටික කලක් ගත වෙද්දී එය ඇබ්බැහියක් බවට පත්වුණා ඒ වගේම ඒ කැපවීමේ ප්‍රතිපල ක්‍රීඩා පිටියේදී දකින්නට ලැබුණා මට මා තුළින් සැහැල්ලුවක් සහ වේගවත් බවක් දැණුනා. ඒ වගේම ඉහළ අවධානයක් ඇතිව ක්‍රීඩා කරන්නට මට හැකියාවක් ලැබුණා ඔව් මේ මා යායුතු මාර්ගය මෙයයි මා මටම කියා ගත්තා අපි ක්‍රීඩා කරන රටාව අපිම වෙනස් කර නොගතහොත්, මා ක්‍රීඩා කරන රටාව මා විසින්ම වෙනස් කර නොගතහොත් මගේ පුහුණුවීම් රටාවේ හෝ ආහාර රටාවේ හෝ චින්තනයේ වෙනසක් මා විසින්ම යහපත් ආකාරයට වෙනස් නොකර ගන්නේ නම් කිසිම ආකාරයකින් ලෝකයේ විශිෂ්ඨ ක්‍රීඩකයින් අතර රැඳෙන්නට හැකියාවක් ලැබෙන්නේ නැහැ ඔබට හොඳම ක්‍රීඩකයා වීමට අවශ්‍ය නොවේ නම් නිකරුණේ තරඟ කිරීමෙන් කිසිඳු පලක් නැහැ මට සෑමවිටම වුවමනා කළේ මගේ හොඳම පිටපත වීමට ඒ වෙනුවෙන් මා සියල්ල හැඩ ගසා ගත්තා.

ඒ වෙනුවෙන් මම මගේ මගේ පුහුණුවීම් රටාව ආහාර රටාව චින්තන රටාව සියල්ල වෙනස් කරගත්තා ඉන්දියානු කණ්ඩායමට පැමිණෙන විට මම හැකියාව අතින් උසස්ම තලයක සිටියේ නැති බව මා දන්නවා මා දිගින් දිගටම කළ එකම දෙය මගේ ක්‍රීඩාව වෙනුවෙන් උපරිමයෙන්ම මහන්සිවීම. මට වුවමනා කළේ බලපෑමක් කරන්න මම දැන සිටියා මට මගේ කණ්ඩායම දිනවීමට හැකියාවක් ඇති බව මට වුවමනා කළේ මගේ ඒ පිටපත වීමට මට වුවමනා කළේ මා කඩුල්ලට යනවිට තරඟය ජයගන්නට නම් අපි මොහුව අනිවාර්යයෙන්ම දවාගත යුතුයි යන සිතුවිල්ල ප්‍රතිවාදි කණ්ඩායම් තුළ ඇති කිරීමට එම නිසාම මම කල්පනා කළා මට ඒ බලපෑම මගේ කණ්ඩායම වෙනුවෙන් ඇති කිරීමට නොහැකි නම් මා කණ්ඩායමේ ස්ථානය වෙනුවෙන් සාධාරණයක් ඉටු නොකරන බව මට ඒ බලපෑම කරන පුද්ගලයා වන්නට නොහැකි නම් අනිවාර්යයෙන්ම එය සෑහෙන ප්‍රශ්නයක් එය එසේ නම් පිළිගන්නට සිදු වෙනවා මා සැබැවින්ම සිටිය යුතු මට්ටමට පහළ තලයක මා සිටින බව සහ මා සතුව දියුණුව වෙනුවෙන් කිසිඳු උද්‍යෝගයක් නොමැති බව නමුත් මා තීරණය කළා මා සතු උපරිම හැකියාව කරා යෑමට මගේ කැපවීම වෙනත්ම පරාසයකට රැගෙන යෑමට- විරාත් කෝලි, ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ නායක.

India’s captain Virat Kohli gestures during a training session ahead of their first Twenty20 cricket match against West Indies, in Hyderabad, India, Thursday, Dec. 5, 2019. (AP Photo/Mahesh Kumar A.)