ළදරු මනස පිරි­සුදු ය පිවි­තුරු ය පාවෙන සුලුය සැහැ­ල්ලුය ළමා වියේ දී මනස සතුට ප්‍රිය කරයි මල් පිපෙන හැටි සම­න­ල­යන් ඉගි­ළෙන හැටි බලා සිටී සම­ව­යස් යහළු ඇසු‍ෙර් නටන්න ගයන්න දුවන්න උඩ පනින්න හිනා වෙන්න ප්‍රිය කරයි මේ සොබා දහමේ ක්‍රියා­කා­ර­කම් සමඟ ළමා මනස ටිකෙන් ටික දැනුම මෝර­න්නට වෙයි සසර ගමනේ දී එකතු කැරැ­ගත් ගති පොදිය ක්‍රියා­ත්මක වන්නට පට­න්ගනී ගති ගුණ ගති රුව ගති හඬ ගති පුරුදු මතු වෙන්නට පට­න්ගනී ළමයා හැදෙන වැඩෙන ඇසුරු කරන පරි­ස­ර­යෙන් මවු­පි­ය­න්ගෙන් සුගති දුගති ගති පොදි­යට තවත් අලු­තෙන් ගති ඇතු­ළත් වෙයි හුරු පුරුදු වළක්වා බලෙන් වෙනත් දේ හුරු පුරුදු කර­න්නට යන විට උත්සාහ කරන විට මාන­සික ගැටුම් ඇති වෙයි ව්‍යාකූල වෙයි කොළඹ පදිං­චි­කා­රි­යක වන සුමාලි හත­ළිස් හැවි­රිදි ගෘහි­ණි­යකි ඇගේ සැමියා දසුන් විදුලි කාර්මි­ක­යෙකි දිය­ණිය සුගලා විසි එක් හැවි­රි­දිය මේ පවුලේ බාල පුතා දහ අට හැවි­රිදි වියේ දී ගෙල වැළ­ලා­ගෙන මිය ගොස් දැනට වස­රකි

දැන් මේ නි‍ෙවසේ රාත්‍රි­යට අඳුරු ඡායා­වක් එහා මෙහා ගමන් කරනු දක්නට ලැබෙයි පවුලේ තුන් දෙනාව ම රාත්‍රි නින්දේදී යමෙකු හූරා ඇති බව පෙ‍ෙනයි ලේ එන්නට ම හූරයි නිවෙසේ කෑම උයා නිවෙ­න්නට පෙර ම නානු ගති­යට සෙවල වෙයි බඩු මුට්ටු පෙර­ළෙයි දිනක් රාත්‍රි පවුලේ අය රූප­වා­හි­නිය බලද්දී අඩි දහ­යක් පමණ ඈත තිබූ පුටු­වක් රූප­වා­හි­නිය ළඟට ඉබේ ම ඇදී ආවේ ය මේ තත්ත්ව­යෙන් මිදෙ­න්නට කරන ලද විවි­ධා­කාර වත්පි­ළි­වෙ­ත්ව­ලින් කිසිදු සහ­න­යක් නොවීය අන්ති­මට පවුලේ අය ඇතු­ල්කෝට්ටේ ගුප්ත ගවේ­ෂණ මධ්‍ය­ස්ථා­නය කරා පැමි­ණි­යහ එහිදී ආධ්‍යා­ත්මීය උප­දේ­ශ­ක­ව­රයා මුණ ගැසී එළඹ ඇති දුක් කර­දර පැහැ­දිලි කළහ පළමු ප්‍රති­කාර අව­ස්ථා­වේදී සුමාලි ගැහෙ­න්න­ටත් පැද්දෙ­න්න­ටත් වූවාය මේ අම­නුෂ්‍ය බල­පෑ­මක් බවට නිග­ම­නය කොට දින විසි එකක් බෝධි පූජා පවත්වා නැවත එන්නැයි උප­දෙස් දුන්නේ ය මේ කාලය තුළ සුගලා විශ්ව­වි­ද්‍යා­ල­යට ඇතු­ළ­ත්වී­මට සමත් වුවද ඇයට ඒ සඳහා සූදා­නම් වීමට හෝ විශ්වවිද්‍යා­ල­යට යෑමට බාධා ඇති­විය ඇගේ සිය­ලුම ඇඳුම් ඉරා දමා අස­නීප තත්ත්ව ඇති විය

බෝධි පූජා අව­සන් කොට ඔවුහු නැවත පැමි­ණි­යහ එදින ද සුමාලි දිෂ්ටි ගැන්වූ අතර මතු වූ භූතා­ත්මය සමඟ ගවේ­ෂ­ක­ව­රයා සාකච්ඡා කළේය කවුද මේ ශරී­ර­යට ඇතු­ළු­ වෙලා ක‍රදර කරන්නේ? යි ඇසීය මම ප්‍රදීප් මේ ගෙදර බාල පුතා මුන්ට අධ්‍යා­පන පිස්සුව මගේ ජීවි­තය කෑවා විනාශ කළා මම මුන් තුන් දෙනා­ගෙන් ම පළි­ග­න්නවා යි භූතයා කීවේ ය ඇයි එහෙම කියන්නේ? මට මුන් හරි­යට හිරි­හැර කළා පාඩම් පාඩම් පාඩම් පන්ති පන්ති ඉස්කෝලෙ ඇරුණ වේලාවෙ ඉඳල ම රෑ වෙන­කම් පන්ති යාළුවො එක්ක සෙල්ලම් කරන්න දුන්නෙ නෑ යාළුවො ආශ්‍රය කරන්න දුන්නේ නෑ ගෙද­ර­දිත් මුන් ටීවී බල­නවා මට බලන්න දුන්නේ නෑ අම්මට අධ්‍යා­පන පිස්සුව මාව දොස්තර කෙනෙක් කරන්න දොස්තර පිස්සුව මට කිසිම නිද­හ­සක් නෑ මගේ හිතේ තර­හක් වෛර­යක් ඇති වුණා ඒ තර­හෙන් හිත පිරිලා පාඩම් මතක නැහැ අන්තිමේ මම එල්ලිලා මැ1රු1ණා මම මැරුණා නෙමෙයි මුන් මාව මැ1රු1වා ජීවි­තය එපා කළා මම දැන් පළි­ග­න්නවා අක්කා­ගෙන් පළි­ග­න්නවා මට නැත්නම් උඹ­ටත් නැහැ කියලා අක්ක­ටත් කැම්පස් යන්න දෙන්නේ නෑ මුන් තුන් දෙනාව ම මම විනාශ කර­නවා යි භූතයා වෛරීව කතා කර­න්නට විය

මේ කතාව ඇත්තදැ? යි ගවේ­ෂ­ක­ව­රයා දසු­න්ගෙන් විම­සීය ඇත්ත තමයි මහ­ත්තයා පුතා දොස්තර කෙනෙක් කරන්න කියලා ඉස්කෝලෙ දෙවෙනි ශ්‍රේණියේ ඉඳලා ඉංග්‍රීසි පන්ති ඊළ­ඟට ශිෂ්‍යත්ව පන්ති පුතාට ළමා කාල­යක් තිබුණෙ ම නැහැ අම්මා පන්ති­යෙන් පන්ති­යට ඇද­ගෙන යනවා අන්ති­මට පුතාගේ ඔළුව නරක් වුණා පුතා එල්ලිලා මැ1රු1ණා යි පියා ද අඬ­න්නට විය සුමාලි පියවි සිහි­යට පත් කළ ගවේ­ෂ­ක­ව­රයා තිදෙ­නාට ම අව­වාද කළේය  ළම­යින්ට ළමා කාලය විඳින්න දෙන්න ඕනෑ ලෝකය පරි­ස­රය සතුට විනෝ­දය දැන දැක­ගන්න ඉඩ දෙන්න ඕනෑ ළමා නිද­හස විඳින්න ඉඩ දෙන්න ඕනෑ සොබා දහ­මත් එක්ක ටිකක් ළං වෙලා ජීවත් වෙන්න ඕනැ අද රටේ අම්මලා ළමයා යන්තම් බහ තෝරන කාලේ ඉඳලා උග­න්නන්න යනවා ළම­යාගේ නිද­හස සතුට ලෝකය ගැන­දැ­නුම උදුරා ගන්නවා ඒ වගේ ළම­යි­න්ගෙන් ආද­රය කරු­ණාව මතු වෙන්නෙ නෑ තර­හව අම­නා­පය නුරුස්නා බව තමයි මතු වෙන්නේ දරු­වෙක් උප­දින්නේ මවු­පි­යන් සමඟ සංසා­රික ණය ගනු­දෙ­නු­ව­කට මවු­පි­යන් දරුවා පෝෂ­ණය කර පෙර ගත් ණය ගෙව­නවා දරුවා උස් මත් වී මවු­පිය වැඩි­හි­ටි­යන් පෝෂ­ණය කර­මින් ණය ගෙව­නවා අද දරුවෝ බොහෝ දෙනෙක් ගම රට අත­හැර දාලා පිට­ර­ට­ව­ලට යනවා එත‍කොට කෝ ආද­රය කරු­ණාව දැන් මේ දුව උපාධි සමත් වෙලා විවාහ වෙලා පිට­රට ගියොත් මහල් ජෝඩුව තනි වෙනවා ආද­රය කරු­ණාව සල්ලි­ව­ලට ගන්න බැහැ එහෙම නැත්නම් දුව විවාහ වෙලා රස්සා­වට යාවි උදේ ගිහින් හැන්දෑ­වට ගෙදර ඒවි මෙයත් දරු­වන් වදලා අම්ම­ටයි තාත්ත­ටයි බාර දේවි ඇති දැඩි කරන්න එදාට වෙන්නෙත් පන්ති පන්ති යන්න ආච්චි­ටයි සීය­ටයි පුතා නම් අම්මගේ හිර ගෙද­රින් නිද­හස් වෙලා යන්න ම ගියා ණය ගනු­දෙනු ඉෂ්ට වුණේ නෑ ඒ තර­හින් මැ1රි1ලා ප්‍රේත­යෙක් වෙලා ඉප­දිලා පළි­ග­න්නවා ඒකත් ණය ගනු­දෙ­නු­වක්

තවත් දෙස­ති­යක් බෝධි පූජා පවත්වා ඒ අතර සාංඝික දාන­යක් පිරි­නමා පුතාට පින් පමු­ණුවා නැවත එන්නැයි උප­දෙස් දුන්නේය දාන මාන කට­යුතු නිමා කොට ඔවුහු නැවත පැමි­ණි­යහ එදින ද සුමාලි දිෂ්ටි ගන්වා ප්‍රශ්න කළේය කොහො­මද පින් අනු‍මෝ­දන් වුණාදැ? යි ගවේ­ෂ­ක­ව­රයා භූතා­ත්ම­යෙන් ප්‍රශ්න කළේය මොන පින් ද? පින් කියලා දෙයක් මට දැනුණෙ නෑ මුන් දාන­යක් කියලා මුන්ට ඕනෑ ඕනෑ අය ගෙන්නුවා තෑගි ‍බෝග දුන්නා දානෙ ඉවර වෙලා අරක්කු බීලා උන් සතුටු වුණා කෝ මගේ යාළුවො? මගේ පන්තියෙ යාළුවො? ගමේ යාළුවො? අක්කගේ විශ්ව­වි­ද්‍යාල කෙල්ලො කොල්ලො ඇවිත් ජොලි කරලා ගියා උන් විඳපු සතුට මට ම පුදු­මයි උන් වින්ද නිද­හස මට ම පුදු­මයි අනේ මුන්ගේ පින්කම් මම දිගට ම පළි­ග­න්නවා යි ප්‍රේතයා කීවේය මේ දව­ස්වල ගෙදර තත්ත්වය කොහො­මදැ? යි ‍ගවේෂ­ක­ව­රයා දසු­න්ගෙන් ඇසීය මහ­ත්තයා ඊයෙ අපේ ගෙද­රට පිරිමි ළම­යෙක් ආවා දුව­ගේ­ බෝයි ප්‍රෙන්ඩ් සාලයෙ තිබුණු අපේ මඟුල් පොටෝ එක ඒ ළම­යාගේ මූණට ඇවිත් දඩස් ගාලා වැදුණා පුතා ගෙනැල්ල මූණට ම ගැහුවා මුහුණ වීදුරු කෑලි­ව­ලට කැපිලා ඒ ළම­යව බෙහෙත් දාන්න අර­ගෙන ගියා අපි ගෙදර එන­කොට අම්ම­ගෙයි දුව­ගෙයි ඇඳුම් ඉරා දාලා යි පියා කීවේය

ඔව් ඔව් මම එහෙම තමයි උඹලා මම මැ1රි1ලා හත් දවසෙ දානෙ තුන් මාසෙ දානෙ අවු­රුද්දෙ දානෙ මේ ළඟදි දීපු දානෙත් දීලා සංග්‍රහ කළේ උඹ­ලට     වුව­මනා අයට මගේ යාළු­වන්ට කිව්වේ නෑ මම තොපෙන් පළි­ග­න්නවා භූතයා පියාගේ කතාව අසා කීවේය මිය ගිය පුතාගේ ගමේ සම­කා­ලීන මිතු­ර­න්ටත් පාසල් මිතු­ර­න්ටත් ආරා­ධනා කර ආහාර පාන­යෙන් සංග්‍රහ කරන ලෙසත් ගැහැනු ළම­යින් සිටින අනාථ නිවා­ස­ය­කට දාන­යක් පිරි­නමා ඔවුන්ට හොඳින් සංග්‍රහ කොට ඔවුන් විනෝද හා වන්දනා චාරි­කා­වක කැඳ­වා­ගෙන යන ලෙසත් එසේ ගොස් වන්දනා කරන හැම තැන­ක­දීම පුතාගේ නම කියා පින්     අනු­මෝ­දන් කරන ලෙසත් නියම කළේය ඒ සංග්‍රහ සහ වන්දනා කට­යුතු නිමවා ඔවුහු නැවත පැමි­ණි­යහ එදින ද භූතා­ත්මය ගෙන්වා ගවේ­ෂ­ක­ව­රයා ප්‍රශ්න කළේය කොහො­මද දැන්? මම සතුටු වුණා අනු­රා­ධ­පු­රයෙ සිද්ධ­ස්ථාන දැකලා මට පුදුම සතු­ටක් ඇති වුණා යි ප්‍රේතයා කීවේය ඒ ඔබ පෙර ජාති­වල    අනු­රා­ධ­පු­රයේ ඉප­දිලා ඉඳලා තියෙ­නවා සිද්ධ­ස්ථාන වන්දනා කරලා ඒ ගති තමයි මතු වුණේ එතැන සතුට නිද­හස සැන­සුම තියෙ­නවා නේ ද? යි ඇසිය ඔව් ඔව් මම හරිම සතු­ටුයි ඒ තැන්ව­ලට ඔව් ඔබට ඒ තැන්වල ගැව­සු­ණොත් හැම­දාම සතු­ටෙන් ඉන්න පුළු­වන් යැයි කී ගවේ­ෂ­ක­ව­රයා දසුන් ලවා වැට­කෙ යියා මලක් ගෙන්වා භූතා­ත්මය ඊට සම්බන්ධ කොට ඔවුන් අතම අනු­රා­ධ­පු­ර­යට යැවීය