වෙන්නප්පුව   ලුණුවිල,සී නෝර් හන්දියේදී පොලිස් නිලධාරීන්ට හයිකාරකම් පෙන්වූ වෙන්නප්පුව ප්‍රාදේශීය සභාවේ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරිය සහ ඇයගේ නැගණිය 13 වැනිදා මාරවිල මහේස්ත්‍රාත් අධිකරණයේදී එම පොලිස් නිලධාරීන්ගෙන් වැද සමාව ඉල්ලා සිටියේය මෙසේ පොලිස් නිලධාරීන්ගෙන් වැද සමාව ඉල්ලා සිටියේ වෙන්නප්පුව ප්‍රාදේශීය සභාවේ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීණී දුලක්ෂි ප්‍රනාන්දු සහ ඇයගේ නැගණියයයි 2019 අගෝස්තු මස 20 වැනිදා වෙන්නප්පුව – ලුණුවිල,සී නෝර් හන්දිය ප්‍රදේශයේ රථවාහන රාජකාරියේ යෙදී සිටි පොලිස් නිලධාරීන් විසින් ආරක්ෂිත හිස් වැසුමක් නොමැතිව යතුරු පැදියක් ධාවනය කළ තරුණියක්ව නවත්වා ඇත සුළු වේලාවකින් එම ස්ථානයට කඩා වැදී ඇති වෙන්නප්පුව ප්‍රාදේශීය සභාවේ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරිය රාජකාරියේ යෙදී සිටි පොලිස්නි ලධාරීන්ට පරුෂ වචනයෙන් බැන වදින් කලහකාරී ලෙස හැදිරී ඇත.

පසුව වෙන්නප්පුව පොලීසියේ නිලධාරීන් විසින් සැකකාරියන් දෙදෙනා අත්අඩංගුවට ගෙන මාරවිල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කරන ලදි සැකකාර ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරිය මාසයකට ආසන්න කාලයක් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි අතර නැගණිය දින 14 කදී ඇප මත නිදහස් වන ලදි පසුගිය 13 වැනිදා මාරවිල මහේස්ත්‍රාත් කේමින්ද පෙරේරා මහතා ඉදිරියේ මෙම නඩුව නැවත කැදවන ලදි එම අවස්ථාවේදී අධිකරණය ඇමතූ සැකකාරියන වෙනුවෙන් පෙනී සිටි නීතිඥ වරයා කියා සිටියේ මින් මතු මෙවැනි වැරදි නොකරන බවට තම සේවාදායිකාවන් විවෘත අධිකරණයේදී පොරොන්දු වන බවය.එමෙන්ම ප්‍රධාන සැකකාරිය මාසයකට ආසන්න කාලයක් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි බැවින් ඒ සම්බන්ධයෙන්ද අවධානය යොමු කරන ලෙස නීතිඥවරයා මහේස්ත්‍රාත්වරයාගෙන් ඉල්ලා සිටියේය  ඉදිරිපත් වූ කරුණු සැළකිල්ලට ගත් මහේස්ත්‍රාත්වරයා නඩු කටයුත්ත අවසන් කිරීමට තීරණය කරන ලදි.අනතුරුව මින් මතු තමන් මෙවැනි වැරදි නොකරන බවට සැකකාරියන් දෙදෙනා විවෘත අධිකරණය හමුවේ කියා සිටියේය මහේස්ත්‍රාත්වරයාගේ නියෝගය පරිදි සිද්ධියට මුහුණ දුන් උප පොලිස් පරීක්ෂකවරයා ඇතුළු පොලිස් නිලධාරීන්ගෙන් විවෘත අධිකරණයේදී වැද සමාව ඉල්ලා සිටීමටද සැකකාරියන් ඒ සමගම කටයුතු කරන ලදි සැකකාරියන්ට තරයේ අවවාද කළ මහේස්ත්‍රාත්වරයා නඩු කටයුත්ත අවසන්කරන ලදි සමන්ප්‍රිය ජයශාන්ත