නව­සිය පහ­ළොවේ ඇති වූ කල­හයේ දී එව­කට රටේ පාල­ක­යාව සිටි ශ්‍රීමත් රොබට් චාර්මස් ආණ්ඩු­කා­රයා කල්පනා කළේ මෙය ඉංග්‍රීසි ආණ්ඩුව පෙරළා දැමීම උදෙසා අම­ද්‍යප සිංහල බෞද්ධ­යන් විසින් ඇති කරන ලද අර­ග­ල­යක් බව ය ආණ්ඩු­කාර නියෝ­ගය මත සිංහල බෞද්ධ ජන­නා­ය­කයෝ ඉවක් බවක් නැති­වම සිර­බා­ර­යට ගෙන වැලි­කඩ බන්ධ­නා­ගා­රයේ රඳවා තබනු ලැබූහ සේනා­නා­යක සහෝ­ද­ර­යන් තුන්දෙනා ධර්ම­පා­ල­තුමා ඩීබී ජය­ති­ලක අධි­නී­ති­ඥ­තුමා පිය­දාස සිරි­සේන නීතිඥ ජෝන් ද සිල්වා ඇතුළු ජන නාය­ක­යන් මෙන් ම බත්ත­ර­මුල්ලේ සුභූති හිමි­යන් ද එසේ සිර­බා­ර­යට ගැනෙද්දී බොර­ලු­ගොඩ රාල­හාමි නමින් ප්‍රක­ටව විසූ දොන් ජාකෝ­ලිස් ගුණ­ව­ර්ධන ප්‍රභූ­ව­රයා ද සිර­බා­ර­යට ගන්නා ලද්දේ ය ප්‍රාදේ­ශීය ලෙස සිය සිංහල බෞද්ධ බලය තහ­වුරු කර­ග­නි­මින් ඉංග්‍රීසි ආණ්ඩුව යටතේ තමන්ගේ වැඩක් බලා­ගෙන ගැමි ජන­තා­වගේ දුක සැප බෙදා­ගෙන කට­යුතු කළ ප්‍රාදේ­ශීය නාය­ක­යකු වූ එතුමා සිර­බා­ර­යට ගැනීම එම පළාතේ අයට මෙන් ම පවුලේ ප්‍රධා­නීන්ට ද බල­වත් ශෝක­යට හේතු­වක් විය

සූරි­ය­ප්පෙ­රුම ගුණ­ව­ර්ධන හාමිනේ සිය ස්වාමි­යාගේ නිද­හස පිළි­බඳ වග­කි­ව­යුතු වැඩි­හි­ටි­ය­කුගේ උප­කා­රය ඇතිව රටේ ආණ්ඩු­කා­රයා වෙත පෙත්ස­මක් සකස් කර­වා­ග­ත්තාය ඒ වන විට දහ­හ­තර වැනි වියේ සිටි තම දෙවැනි පුතු පිලිප් ගුණ­ව­ර්ධ­නත් සමඟ බක්කි කර­ත්ත­යෙන් කොටුවේ ආණ්ඩු­කාර මන්දි­රය කරා ගියා ය කර­ත්ත­කා­රයා බක්කි කර­ත්තය රජ­ගෙ­දර පෝටි­කෝ­ව­ටම දක්කා­ගෙන එන බව දකිද්දී මුර­කාර සෙබ­ළුන් කළේ හෝල්ට්’ හෝල්ට් කිය­මින් තුවක්කු ද රැගෙන එළ­වා­ගෙන ඒමය ඒත් බොර­ලු­ගොඩ මහ ගෙදර කර­ත්ත­කා­රයා ද සුද්දන්ට යට වන්නෙක් නොවේ බය නැතු­ව පෝ‍ටිකෝව යටට  කර­ත්තය දක්ක­නවා පිලිප් ගුණ­ව­ර්ධන ගැට­ව­ර­යාගේ කීම අනුව එය එසේ ම සිදු විය එයින් කල­බ­ල­යට පත් ආණ්ඩු­කාර මන්දි­රයේ නිල­ධා­රීන් හමුවේ කර­ත්ත­යෙන් බැස­ගත් බොර­ලු­ගොඩ හාමිනේ සිය පිලිප් පුතා ද කැටුව ගොස් තම පෙත්සම චාර්මස් ආණ්ඩු­කා­රයා අත­ටම පිළි­ගැ­න්වූ­වාය දේශ­පා­ලන වශ­යෙන් පසු­ක­ලෙක පිලිප් දරු­වාට එය සමාජ වේදි­කා­වට අව­තීර්ණ වීමට පන්න­ර­යක් ද වූයේ ය එහි පශ්චාත් ප්‍රති­ඵ­ලය ලෙස බොර­ලු­ගොඩ රාල­හා­මිට නිද­හස ලැබිණි හැරී පිලිප් රොබට් නමින් පුතුන් ‍තුන් දෙනෙකු වූ බොර­ලු­ගොඩ මහ ගෙද­රින් පසු­ක­ලෙක සිය­රට නිද­හස් කර­ගැ­නීමේ සට­නට මහ  මෙහෙ­යක් ද ඉටු වූයේය

මුලින් ම මොර­ටුවේ වේල්ස්කු­මර විද්‍යා­ලයේ ද පසුව කොළඹ ආනන්ද විද්‍යා­ලයේ ද ඉගෙ­න­ගත් පිලිප් රොබට් සහෝ­ද­ර­යන් දෙදෙනා එකල විදු­හ­ල්පති ආචාර්ය පී ද ඇස් කුල­රත්න මහ­තාගේ මඟ පෙන්වීම අනුව මතු කලෙක රටට ජාති­යට ආග­මට සෙත සල­සන උදාර පුද්ග­ල­යන් බවට පත් වන ලකුණු පෙන්වා සිටියේ ද ආනන්ද විද්‍යා­ල­යේදී ය එකල රටේ ධන­ව­තුන්ගේ ප්‍රධාන අර­මුණ ව‍ූයේ තම පුතකු රට යවා නීති­ඥ­ව­ර­යකු හෝ වෛද්‍ය­ව­ර­යකු හෝ කරවා ගෙන්වා­ගැ­නීම ය ඒ අද­හස අනුව රාල­හා­මිගේ දෙවැනි පුත් දොන් පිලිප් රූප­සිංහ ගුණ­ව­ර්ධන තරු­ණයා ගියේ ඇමෙ­රි­කා­වට ය එහි වින්කො­න්සින් විශ්ව­වි­ද්‍යාලයේ දී උසස් අධ්‍යා­ප­නය හැදෑරූ ගුණ­ව­ර්ධන තරු­ණයා වෙනත් අධ්‍යා­පන ධර්ම සම­ඟින් කෘෂි­ක­ර්මය ද ඉගෙන එයින් ද උපා­ධි­යක් ලබාගත්තේය මෙහිදී පිලිප් ගුණ­ව­ර්ධන තරු­ණ­යාගේ ගුරු­ව­රයා වූයේ මහා­චාර්ය ස්කොට් නිය­රින් මහ­තාය මේ කළු තරු­ණයා මතු­වට ලෝක­යට කිසි­යම් මෙහෙ­යක් ඉටු කර­න්නකු බවට එදා ද එහිදී ස්කොට් නිය­රින් මහා­චා­ර්ය­තු­මාගේ හැඟීම වූ බව පසු­ක­ල­කදී හෙළි­වූයේ ය රුසි­යාවේ සාර් පාල­න­යට විරු­ද්ධව පැන නැඟී පසු­ක­ලෙක මුළු යු‍‍රෝපා­ක­රය පුරා පැතිර ගිය මාක්ස්වාදී අද­හස් මාලාව ඇමෙ­රි­කාවේ සිටි වින්කො­න්සින් විශ්ව­වි­ද්‍යා­ලයේ ශිෂ්‍ය­යන් කෙරෙහි ද තදින් ම බල­පෑවේ ය පිලිප් ගුණ­ව­ර්ධන තරු­ණයා ද මාක්ස්වා­ද­යට වශී වූවෙක් විය එම මාක්ස්වාදී ‍රතු ලේබ­ලය ඇල­වෙ­න්නට වැඩි කලක් ගත­වූයේ ද නැත එහෙ­යින් අධ්‍යා­ප­නය නිමා කර ඇමෙ­රි­කා­වෙන් එංග­ල­න්තය බලා නික්ම යෑමට සැර­සෙද්දී ඔහුව එහි සිට නීත්‍ය­නු­කූ­ල­වම රටින් පිටත් වන්නට ඉඩ ලැබුණේ ද නැත

පිලිප් ගුණ­ව­ර්ධන තරු­ණයා කළේ පොත්පත් සහ ඇඳුම් බෑගය ද ගෙන පිර­නීස් කඳු­වැ­ටිය ඔස්සේ පයින් ම රහස් පාර­වල් මඟින් රටින් පිට­වී­මය අන්තිමේ සැත­පුම් සිය ගණ­නා­වක් ගමන් කොට එම දුර්ග මාර්ග දිගේ ගොස් එංග­ල­න්ත­යට ගොඩ බසින විට පිලිප්ගේ කකුල් දෙකේ ලේ ගල­මින් තිබුණු බව ද වාර්තා­ගත ය එසේ පැමිණි පිලිප් ගුණ­ව­ර්ධන තරු­ණයා එවේලේ එංග­ල­න්තයේ මාක්ස්වාදී සුද්දන් විසින් පිළි­ගන්නා ලද්දේ වීර­යකු ලෙසය එහෙ­යින් සුදු මාක්ස්වා­දීන් එහිදී ගම­න්ගත් එක් පෙළ­පා­ළි­ය­කදී පිලිප්ගේ ඡායා­රූ­ප­යක් ලොකු කර එහි ගෙන ගිය බව ද ඒ ඡායා­රූ­පය දිගු කලක් ම එංග­ල­න්තයේ මාක්ස්වාදී කාර්යා­ලයේ ගෞර­ව­යෙන් එල්ලා තිබූ බව ද වාර්තා විය ඉන්ප­සුව කලෙක එංග­ල­න්තයේ සිටි මාක්ස්වා­දීන් සිය රටට පැමි­ණෙ­න්නට එර­ටින් වීසා ඉල්ලී­මේදී පිලිප්ට හැර අනෙක් අයට අව­සර ලැබිණි මෙහිදී ඔවුන් තැකුවේ පිලිප් බර­ප­තළ මාක්ස්වා­දි­යකු බව ය අනෙක් අය ලංකා­වට පැමිණි නමුදු මෙහිදී සිය පිලිප් පුතාට එසේ සිය­ර­ටට පැමි­ණෙ­න්න අව­සර නොදීම ගැන බර­ප­තළ ලෙස කන­ස්ස­ල්ලට පත් බොර­ලු­ගොඩ රාල­හාමි කළේ එකල ඉංග්‍රීසි රජයේ ප්‍රධා­නි­යකු ලෙස බල­ධ­ර­යකු ලෙස සිටි ඩීබී ජය­ති­ලක (පසුව ශ්‍රීමත්) මහතා හමුව එම කාර­ණය නිසා සහ­න­යක් සලසා දෙන මෙන් ඉල්ලා සිටී­මය

ජය­ති­ලක මැති­තුමා එයට නිසි ප්‍රති­චාර දක්වා­ල­මින් බ්‍රිතාන්‍ය වග­කි­ව­ යු­ත්තන් දැනු­වත් කර­වීම නිසා පිලිප්ට සිය රට පැමි­ණිමේ අව­ස­රය ලැබිණි මෙහිදී එහි සිට මාක්ස්වාදී පොත් කිහි­ප­යක් ම රැගෙන ආ පිලිප් ගුණ­ව­ර්ධන තරු­ණයා කළේ ලංකාවේ රේගු­වෙන් තමන් විශේ­ෂ­යෙන් පරීක්ෂා කරන නිසා එම පොත් නැවේදී අන් හිත­වත් කිහි­ප­දෙ­නෙ­කුට දී ගොඩ බැස්සාට පසුව ඒවා එකතු කර­ගැ­නී­මය තමන් එංග­ලන්ත පාල­ක­යන්ගේ ග්‍රහ­ණ­යෙන් මුදා­ගෙන ලංකා‍වට ගෙන්වා ගැනී­මට ඩීබී ජය­ති­ලක මැති­තුමා එදා කළ මෙහෙ­යට පිලිප් ගුණ­ව­ර්ධන මන්ත්‍රී­තුමා කල­ගුණ සැල­කූවේ වර්ෂ 1939 දී සිදු වූ ‍බ්රේස් ගර්ඩල් සිද්ධිය අව­ස්ථා­වේදී ජය­ති­ලක ඇමැ­ති­තුමා ඇමැති මණ්ඩ­ල­යෙන් ද කොන් කළ විටදී රාජ්‍ය මන්ත්‍රණ සභා­වේදී එතු­මන් වෙනු­වෙන් කතා කිරී­මෙනි වර්ෂ 1935 දී ලංකා සම සමාජ පක්ෂය පිහි­ටු­වා­ගැ­නී­මට ද මුල් වූ පිලිප් ගුණ­ව­ර්ධන මහතා සක්‍රී­ය­වම එම මාක්ස්වාදී දේශ­පා­ලන දර්ශ­නය ප්‍රච­ලිත කිරී­මෙහි යෙදුණේ ය බොර­ලු­ගොඩ පිලිප් ගුණ­ව­ර්ධන තොට­ළඟ ඇන්ඇම් පෙරේරා අකු­රැස්සේ ඇස්ඒ වික්‍ර­ම­සිංහ කටු­පැ­ලැ­ල්ල­වත්තේ ඊඩබ්ලිව් අදි­කා­රම් ආදී වශ­යෙන් මේ මාක්ස්වාදී තරු­ණයෝ සිය දර්ශ­නය ද සම­ඟින් මහ­ජ­නයා අත­රට පිවි­සියෝ ය 1936 දී පැවැති රාජ්‍ය මන්ත්‍රණ සභා මැති­ව­ර­ණ­යේදී රුව­න්වැල්ල ආස­නයේ එතෙක් සිටි ඇඩ්ලින් මොල­මුරේ කුමා­රි­හාමි පර­දවා එහි මන්ත්‍රී­ව­රයා වීමේ අව­ස්ථාව ඇන්ඇම් පෙරේරා මහතා වෙත සැල­සිණි එහි­දීම අවි­ස්සා­වේල්ල ආස­නයේ ඔබේ­සේ‍කර මැති­තුමා පර­දවා පිලිප් ගුණ­ව­ර්ධන මහතා මන්ත්‍රී­ව­රයා බවට පත් වූයේය පසු­ව­දෙ­වැනි ලෝක මහා සංග්‍රා­මය සම­යේදී පිලිප් ගුණ­ව­ර්ධන සහ ඇන්ඇම් පෙරේරා මන්ත්‍රී­ව­රුන් දෙදෙනා සිර­බා­ර­යට ගෙන බදුල්ල – බෝග­ම්බර ආදී සිර­ගෙ­ව­ල්වල රඳවා තබ­න්නට ඉංග්‍රීසි රජය කට­යුතු කළේය පසුව වර්ෂ 1942 දී පාස්කු දිනට පසුව දා බෝග­ම්බර සිර මැදි­රිය කඩා­ගෙන පිලිප් ඇන්­ඇම් කොල්වින් සම­ර­ක්කොඩි පැන­ගොස් පසුව ඉන්දි­යා­වට ද ගිය බව ද සැල­විය

පසු කලෙක ඉන්දි­යා­වෙන් අල්ලා­ගන්නා ලද ඔවුහු ලංකා­වට ගෙන එනු ලැබූහ මෙහිදි කිව­යුතු එක් කරු­ණක් නම් ලංකාවේ සිටි­යදී පිලිප් ගුණ­ව­ර්ධන මන්ත්‍රී­තුමා කුසුමා අම­ර­සිංහ තරු­ණිය කසාද බැඳ­ගෙන සිටී­මය පිලිප් ඉන්දි­යා­වට පැන ගිය පසු තම ස්වාමියා හමු වීම පිණිස කුසුමා මැති­නිය එහි ගියේ තම මාමා කෙනෙකු සමඟ නිවා­ඩු­ව­කට ලංකා­වට පැමිණ ආපසු ඉන්දි­යා­වට යන පාසල් සිසු­වි­යක ලෙස වෙස් වළා­ග­නි­මිනි එහිදී ලද පිලිප් කුසුමා යුව­ළගේ කුලු­ඳුල් පුතුට ඉන්දික යන නාමය තබන ලද්දේ ද ඉන්දි­යා­වත් ලංකා­වත් අතර වූ ගමන සිහි­පත් වන්නට ය 1947 මහ මැති­ව­ර­ණ­යේදී පිලිප් ගුණ­ව­ර්ධන මැති­තුමෝ අවි­ස්සා­වේල්ල මන්ත්‍රී ආස­නය දිනා­ගත්හ එහෙත් 1949 දී එතු­මාට විරු­ද්ධව ඇතිවූ නඩු­වක් නිසා හය මාස­ය­කට සිර­ගෙට නිය­මවූ හෙයින් අවි­ස්සා­වේල්ල ආස­නය අහිමි විය එහෙ­යින් අතුරු මැති­ව­ර­ණ­ය­කට නාම යෝජනා කැඳවූ හෙයින් එයට ඉදි­රි­පත් ව‍ූයේ කුසුමා ගුණ­ව­ර්ධන මැති­නිය පම­ණකි එතු­මිය නිත­ර­ග­යෙන් අවි­ස්සා­වේල්ල මන්ත්‍රී බවට පත් වූවාය කුසුමා ගුණ­ව­ර්ධන මැති­නිය ඉන්ප­සුව පාර්ලි­මේ­න්තු­වට ගියේ ගොත­ටුවේ මහ විදු­හල අසල රෝලන්ඩ්ස් බංග­ලාව කුලි­යට ගෙන පදිං­චිව සිටි­මිනි දැනට අමාත්‍ය පද­වි­යක් ද දරන දිනේෂ් පුතු මෙන් ම ගීතාං­ජන පුතු ද ඉප­දුණේ එම මන්දි­රයේ දී ය පසුව 1952 දී ද අවි­ස්සා­වේල්ල ආස­නයේ මන්ත්‍රී වශ­යෙන් කුසුමා ගුණ­ව­ර්ධන මැති­නිය පත් වූවා ය එම වස­රේදී රටේ විරුද්ධ පක්ෂ නාය­කයා වීමට බණ්ඩා­ර­නා­යක මහ­තාට අව­ස්ථාව ලැබුණේ එවේලේ දී කුසුමා ගුණ­ව­ර්ධන මැති­නිය එතු­මාට සිය ඡන්දය ලබා­දීම නිසා ය

1955 අව­සා­නයේ එව­කට එක්සත් ජාතික පක්ෂ­යට විරුද්ධ බල­වේග එකතු කිරීමේ යෙදුණු බණ්ඩා­ර­නා­යක මැති­තුමා පිලිප් ගුණ­ව­ර්ධන මැති­තු­මාගේ විප්ල­ව­කාරී සම සමාජ පක්ෂය ද එයට එකතු කර­ගත්තේ ද එම යුතු­කම සල­කා­ගෙන ය 1956 දී ඇතිවූ මහ­ජන එක්සත් පෙර­මුණ රජයේ ආහාර සහ ගොවි­කම් ඇමැති පද­විය පිලිප් ගුණ­ව­ර්ධන මැති­තු­මා­ටත් එතු­මාගේ අනු­ගා­මික පීඑච් විලි­යම් ද සිල්වා මැති­තු­මාට ධීවර ඇමැති පද­වි­යත් ලැබුණු බවය පිලිප් ගුණ­ව­ර්ධන ඇමැ­ති­තුමා රටේ ආර්ථිකය නඟා­සි­ටුවා ජන­තාව ස්වයං­පෝ­ෂිත කිරී­මට ගත් වෙහෙස කුඹුරු පනත ලෙස ඉදි­රි­පත් කෙරිණි‍ එයින් එතුමා බණ්ඩා­ර­නා­යක අග­මැ­ති­තු­මාට පම­ණක් දෙවැනි වූ ක්‍රම­වත් සේවා­වක් ඉටු කළේය පසු­ක­ලෙක බණ්ඩා­ර­නා­යක අග­මැ­ති­තු­මාගේ විරු­ද්ධ­වා­දීන් කළේ එතුමා සමඟ පිලිප් ඇමැ­ති­තු­මාට විරු­ද්ධව ගතු කියා කෙට­වී­මය‍ එහි ප්‍රති­ඵ­ලය වූයේ බණ්ඩා­ර­නා­යක අග­මැ­ති­තුමා එතු­මාට පල නොකියා පලා බෙදන ප්‍රති­ප­ත්ති­යක් අනු­ග­ම­නය කිරී­මය මෙහිදී පිලිප් ඇමැ­ති­තුමෝ ආණ්ඩු­වෙන් සහ තම ඇමැති පද­වි­යෙන් ඉල්ලා අස්වූහ ඉන්ප­සුව විරුද්ධ පක්ෂයේ අසු­නක වාඩි වූහ ඉන් අන­තු­රුව නැඟිට සිටි එතුමා ගරු අග­මැ­ති­තු­මනි ඔබ තුමා පරි­ස්සම් වෙන්න‍ ඔබ තුමා පරි­ස්සම් විය යුත්තේ ඉදි­රි­යෙන් එන හතු­ර­න්ගෙන් නොව ළඟින් ඉන්න මිතු­ර­න්ගෙනි යනු­වෙන් අව­වාදාත්මකව ස්වර­යෙන් පැව­සූහ එයට බණ්ඩා­ර­නා­යක අග­මැ­ති­තුමා කළේ අත්දෙක ඉහ­ළට ඔසවා මට හතු­රන් නෑ යනු­වෙන් කියා සිනා­සී­මය එහෙත් ගත­වූයේ ඉන්පසු හාර මාස­යක් පමණි අග­මැ­ති­තු­මාට විරු­ද්ධව කුම­න්ත්‍රණ කළ එතු­මන් ළඟම සිටි අය එතුමෝ බිහි­සුණු ලෙස මරා දැමූහ ඉන්දික දිනේෂ් ප්‍රසන්න – ගීතාං­ජන සමඟ ලක්මාලි දියණියෝ ද පිලිප් ගුණ­ව­ර්ධන යුව­ළගේ දරුවෝ ව‍ූහ ඔවුහු ද සිය මවු­පි­යන්ගේ ගෞර­වය රකි­මින් ර‍ට ජාතිය වෙනු­වෙන් සිය සේවාව කැප කළහ