රට තුළ නව ව්‍යවසායකයන් බිහිකිරීම කෙරෙහි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ දැඩි අවධානය යොමුව තිබෙනවා පේරාදෙණිය කෘෂිවිද්‍යා පීඨයේ කම්කරුවන් පිරිසක් ඉකුත් දා හමුවූ අවස්ථාවේදී ජනාධිපතිවරයා නව ව්‍යවසායකයන් බිහිකිරීමේ වැදගත්කම මෙලෙස අවධාරණය කළා එහිදී පේරාදෙණිය කෘෂිවිද්‍යා පීඨයේ කම්කරුවන් ජනාධිපතිවරයා වෙත පවසා ඇත්තේ සිය රැකියා ස්ථිර කර දෙන ලෙසයි මෙම කෘෂි විද්‍යා පීඨයේ සිදුකෙරෙන කාර්යයන් පිළිබඳ නිසි අවබෝධයක් ඇත්දැයි ජනාධිපතිවරයා එම කම්කරුවන්ගෙන් විමසා තිබුණා.

එහිදී එම කම්කරුවන් පිරිස සඳහන් කර ඇත්තේ තමන්ට කෘෂි විද්‍යා පීඨයේ සිදුකෙරෙන කටයුතු සම්බන්ධයෙන් අවශ්‍ය දැනුම ඇති බවයි එසේනම්, පෞද්ගලික ව්‍යාපාර කටයුත්තක් වෙනුවෙන් එම දැනුම යොදා නොගන්නේ ඇයිදැයි ජනාධිපතිවරයා අදාළ කම්කරුවන්ගෙන් විමසා තිබෙනවා එවිට ඔවුන් ජනාධිපතිවරයා වෙත පවසා ඇත්තේ අවශ්‍ය උපකරණ හා වෙනත් පහසුකම් සලසා ගැනීමට තමන්ට මූල්‍යමය ශක්තියක් නොමැති බවයි ව්‍යවසායකයෙකු ලෙස රටේ ආර්ථිකය ශක්තිමත් කිරීමට දායකත්වය ලබාදීමට හැකිනම් පවතින ගැටළු විසඳා එම කටයුතු සඳහා සහය ලබාදීමට තමන් සූදානම් බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා එම කම්කරුවන් හට පවසා තිබෙනවා.