ඔස්ට්‍රේලියාවේ ලැව් ගිනි හේතුවෙන් 2000කට අධික නිවාස සංඛ්‍යාවක් විනාශ වී තිබෙනවා මේ සති අන්තය වනවිට යළි එරට උෂ්ණත්වයේ ඉහළයාමක් අපේක්ෂා කෙරෙන අතර එම නිසා ලැව් ගිනි තත්වය තවදුරටත් ව්‍යාප්ත විය හැකි බවටයි බලධාරීන් අනතුරු අඟවා ඇත්තේ ඔස්ට්‍රේලියාවේ ප්‍රදේශ කිහිපයකට ඊයේ සිට වැසි ඇඳ හැලෙමින් පැවතිය ද ලැව් ගිනි අවදානම සම්පුර්ණයෙන් පහව ගොස් නැහැ ලැව් ගිනිවලින් නිකුත් වූ ඝණ දුමාරය දකුණු අමෙරිකාවේ චිලී සහ ආජන්ටිනා රාජ්‍යයන් වෙත ද පැතිර ගිහින් ඔස්ට්‍රේලියාවේ ලැව් ගිනි දුමාරය වායු ගෝලයේ ගමන් කරන ආකාරය පිළිබඳ NASA ආයතනය විසින් අධ්‍යනය කරමින් පසුවන බවත් එය මේ වන විට කිලෝ මීටර් 15 කට අධික ප්‍රමාණයක් වායුගෝලය තුළට ගමන් කර ඇති බවත් ඔවුන් හඳුනාගෙන තිබෙන බවට විදෙස් මාධ්‍ය වාර්තා කරනවා 2020 ජනවාරි 08 වන දින වන විට ඔස්ට්‍රේලියාවේ ලැව් ගිනි දුමාරය පෘථිවියේ අඩක් පමණ ගමන් කර ඇති බවද NASA ආයතනය පවසනවා එහිදී මෙම ලැව් ගිනි දුමාරය දකුණු ඇමෙරිකාවද පසුකර ඇති අතර දකුණු ඇමෙරිකානු අහස මෙම දුමාරය නිසා විවිධ වර්ණ ගත් බවද ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරනවා ඔස්ට්‍රේලියාවේ ලැව් ගිනි දුමාරය ලෝකය වටේ අවම වශයෙන් එක් වටයක් හෝ ගමන් කරන බවත් ඉන් අනතුරුව නැවතත් ඔස්ට්‍රේලියාවේ ඉහළ අහසට පැමිණෙන බවත් NASA ආයතනය නිවේදනයක් නිකුත් කරමින් පවසනවා.

මේ අතර අද පෙරවරුව වන විට මෙල්බර්න් නගරය ඇතුළුව වික්ටෝරියා ප්‍රාන්තයේ වායුගෝලය ලැව් ගිනි දුමාරයෙන් පිරී පවතින බව දක්නට ලැබෙනවා මේ හේතුවෙන් සෞඛ්‍ය අවදානම් තත්ත්ව ඇතිවිය හැකි බවට සෞඛ්‍ය බලධාරීහු අනතුරු ඇඟවීම් සිදුකරනවා එමෙන්ම නිවෙස් වල දොර ජනෙල්ද වසා තබා දමන ලෙසද ඔවුහු ප්‍රාන්ත වාසීන්ට දන්වා සිටින බව සඳහන් මේ අතර මෙම දුම නවසීලන්ත වායුගෝලයටත් බලපෑම් එල්ලකර තිබෙනවා මේ හේතුවෙන් නවසීලන්තයේ වායුගෝලයේ පිරිසිදුභාවයට දැඩි තර්ජන එල්ලවෙමින් පවතින බවත් NASA ආයතනය පවසනවා සුදු පැහැයෙන් හැඩවුණු නවසීලන්තයේ හිම කඳු මෙම ලැව් ගිනි දුමාරය නිසා අවපැහැ ගැන්වී ඇති බව පසුගිය දිනවලදී ජාත්‍යන්තර මාධ්‍ය ඔස්සේ අනාවරණය වුනා එමෙන්ම පසුගිය වසර අග භාගයේදී ඔස්ට්‍රේලියාවේ ලැව් ගිනි දුමාරය නිසා නවසීලන්ත අහස තැඹිලි පැහැ ගත් බවද වාර්තා වී තිබෙනවා