අපාය දිව්‍යලෝක යනු මේ මේ වගේයැයි සිය මනසේ චිත්‍රණය කරන මිනිසුන් ඒ සිතුවම් තමන් ජීවත් වන මිහිතලයේ ස්වාභාවිකව ඇති වන යම් යම් තැන් සඳහා ඒවා ආදේශනය කරති, නම් කරති. මිනිසුන් තැබූ එවැනි නමක්වූ ” අපායට දොරටුව” ගැන තමයි කලින් ලිපියෙ ලිව්වෙ. ඇත්තටම ඒක දැක්කම අපාය දැක්කා හා සමානයි කියලා ඔබලට වැටහේවී. හැබැයි ආගමික විශ්වාස අනුව අපායට යන්නේ පව් කල අයනේ, නමුත් පිං කළ අය යන්නේ නම් දිව්‍යලෝකයට කියලයි කොයි ආගමෙත් නම් කියන්නෙ. දන්නවාද! මේ මිහිපිටම තියෙනවා දිව්‍යලෝකයට යන දොරටුවත් ඒ ගැන යි මේ.චීනයේ Hunan ප්‍රාන්තයට අයත්, Tianmen Mountain, එහෙමත් නැත්නම් ටිඇන්මෙන් කන්දෙ තමයි මේ දෙව්ලොව දොරටුව පිහිටා තියෙන්නේ. මෙහි තේරුමත් ” දෙව්ලොව දොරටුව පිහිටා ඇති කන්ද” යනුයි.

මෙම කඳුවැටියෙ ඉහළ තමයි මෙම දෙව්ලොව දොරටුව පිහිටා තියෙන්නේ. එම ස්වාභාවික ගුහාවේ පිහිටීම හා දොරටු පිහිටීමද හරිම අපූරු දසුනක්. එය වෙත යන්නට එතරම්ම පහසු නැ, සංචාරකයන්ට මගකට යනකල් මීටර් 7455 දිග කේබල් කාර්(ලෝකයේ දිගම කේබල් කාරය) හෝ බස් පහසුකම් නම් තියෙනවා.ඉන්පසු, අපහසු වීදුරු මතුපිටක් ඇති දුර්ග මාවතක, පාගමනින් තමයි යන්නේ.
එහෙම ගිහින් කඳු මුදුනෙම තමයි මේ, මීටර් 131.5 උසැති ස්වාභාවික දෙව්ලොව දොරටුව පිහිටලා තියෙන්නේ. මගක් කේබල් කාරයේ එන සංචාරකයන්ට එතැන සිට වට වංගු 99ක්,පසු කර,පඩි 999 ක් නගින්නත් ඕන. චීනයේ Taosism දහම සමග අංක නමයෙන් පිළිඹිබු කරන්නේ “අධිරාජ්‍යය”, හෝ “දෙව්ලොවට අධිපති” යන්නයි. ඒක හරියටම හරි මේ රමණීය තැන හා සසඳද්දි. ඒක හරිම ලස්සන අපූරුම දසුනක්!

නිරන්තර අධික වර්ෂාපතනය නිසා, මෙහි ඝන මීදුම සමග ඝන වළාකුළු වලින් මේ පරිසරය වැහිලා තියෙන්නේ. මෙම ආශ්චර්යයමත් ස්වාභාවික සංසිද්ධිය සිදුවන්නේ මුහුදු මට්ටමේ සිට අඩි 5000 පමණ ඉහළින්. පූජනීයත්වයෙන් පුදන මෙම පුදබිමෙහි ඇති ක්‍රිව 870 පමණ ඉදිකරන ලද පන්සල ද ඉතා ශාන්ත නිසසල තැනක්.Avatar මූවි එකේ දර්ශනතලයද මෙය බව කියනවා. චීනුන්ට වාසනාවන්තම අංකය වූ 9 සමග පඩි 999 නැගලා දෙව්ලොව දොරටුව දිහා බලන කෙනෙක් ට හිතෙනවත් ඇති දහස් වන පඩියත් තිබ්බ නම් දෙව්ලොව නේද කියලා ඒ එතරම්ම මනරම්ය දසුනක් මෙය. හැබැයි දෙව්ලොවට එහෙම ලෙහෙසියෙන් යන්න බැහැ, ආසන්න කරලා, ඒකයි පඩි 999 කින් නවත්තලා තියෙන්නේ දැන් මෙම ජාතික උද්‍යානය යුනෙස්කෝව මගින් ලෝක උරුමයක් ලෙස නම් කරලා සංරක්ෂණය කරනවා. ඔබ කවදාහෝ මෙතනට ගියොත් මේ පරිසරයට ආදරය කරන්න, එය ආදරෙන් සුරකින්න!