ශ්‍රී මහා බෝධිය බුදුන් වහන්සේ බුද්ධත්වයට පැමිණිමේදී පිට දුන් ඉන්දියාවේ බුද්ධගයාවේ තිබූ මහ බෝධියේ දකුණු ශාඛාවකි ක්‍රි.පූ. 3 වැනි සියවසෙහි මෙම බෝධිය ලක්දිව යාපා පටුනෙහි මාදගල් හි සංඝමිත්තා තොටුපල ලෙස දැනට හදුන්වන තොටුපලට ගෙන එන ලද්දේ අශෝක අධිරාජයාගේ දියණිය වන සංඝමිත්තා මෙහෙණිය විසිනි ඇය ශ්‍රී ලංකා භික්ෂූණී ශාසනය පිහිටුවීමේ ලා පුරෝගාමී වූවාය කිපූ 249 දේවානම්පියතිස්ස රජතුමා විසින් අනුරාධපුර මහ මෙව්නා උයනෙහි මෙම ජය සිරි මහ බෝධිය සිටුවන ලදී ජය ශ්‍රී මහා බෝධීන්වහන්සේ ලක්දිවට වැඩම කර වු දා සිට උන්වහන්සේ රැකබලාගැනීම පැවරුණු පරම්පරාවේ අදටත් එම රාජකාරිය දිවි පරදුවට තබා සිදුකරන පවුලක වර්තමාන අසරණ කතා පුවතක් පසුගියදා දැකගැනීමට අපට හැකි විය අනුරාධපුර විහාරහල්මිල්ලකුලම ගම්මානයේ පදිංචි එස් .රතනපාල මහතා සහ දියණියන් තිදෙනෙකු එක පුතෙකු සහ ඔහුගේ මව, බිරිද දිනකට එක වේලක් ආහාරගෙන කුඩාවට තැනූ නිවසක අඩුපාඩු රැසක් මැද දිවි ගැට ගසා ගනිති අදටත් ජයසිරි මහා බෝධීන් වහන්සේ රැකගන්න තම සේවා මුරය ඉටුකරන රත්නපාල මහතාගේ දුක්බර කතා පුවත මෙසේය අප මෙම ගම්මානයට යන විට රතනපාල වෛරස් උණ රෝගයක වැළඳී සති කිහිපයක් කුලී වැඩක් හෝ කිසිවක් නොමැතිව අසරණව කුඩා කාමර දෙකක එක් කාමරයක වැඩි වී සිටියේය ඔහුගේ බිරිඳ සුසිල් කාන්ති මහත්මිය තම දරුවන් හතර දෙනාට සහ මවට දිනකට එක වේලක් හෝ කැඳ උගුරක් බොන්නට නොහැකිව අසරණව සිටියහ

දරිද්‍රතාවයෙන් පෙළෙන බොහෝ දෙනෙකුට රජය මගින් ලබාදෙන සමෘධි සහනාධාරය පවා මෙම පවුලට අහිමිවී තිබෙන බව ඔවුන් පැවසූහ මෙවර සාමාන්‍ය පෙළ විභාගය සඳහා පෙනී සිටින දියණියක් තවමත් දොළොස් වැනි වියේ පසුවන දියණියක් නම වැනි වියේ පසුවන පුතණුවෙක් තවමත් පෙර පාසල් වියේ පසුවන දියණියක් යන දරුවන් නිසි පෝෂණයක් නොමැතිව අඩුම තරමේ කනට තෝඩු දෙකක්වත් නොමැතිව දිනකට එක වේලක් ආහාර ගන්නා බව දුක්බරව අප සමග පැවසූහ විහාරහල්මිල්ලකුලම ගම්මානයේ දිවි ගෙවනු ලබන්නේ එදා ජයසිරි මහා බෝධීන් වහන්සේ මෙරටට වැඩම කර වු දා බෝධි ගුප්ත කුමාරයා සමඟ දහ අට කුලයක පිරිසක් මෙරටට පැමිණ පිරිසෙන් පැවත එන පිරිසකි. එයින් එක් කුලයක කණ්ඩායමකට පැවරී ඇත්තේ ජයසිරි මහා බෝධීන් වහන්සේ ආරක්ෂා කිරීමය

එම පරපුරෙන් පැවත එන්නෝ අදටද ජයසිරි මහා බෝධීන් වහන්සේ මුර සේවාවක් ලෙස රැක ගැනීම සිදු කරති. මෙම ගම්මානවල එම පරපුරේ වැසියන් පැය 24 පුරාම මාරුවෙන් මාරුවට කිසිදු මුල්‍ය අපේක්ෂාවකින් තොරව ජයසිරි මහා බෝධීන් වහන්සේ රැකීම අදට ද සිදුකරති මෙම අසරණ ව සිටින පවුලට නිවසක් තනා ගැනීමට වැසිකිලියක් තනාගැනීමට දරුවන්ගේ අධ්‍යාපනයට උදව් උපකාර කිරීමට මෙන්ම අඩුම තරමින් දිනකට දෙවේලක් හෝ ආහාර ගැනීමට ඔබේ උපකාරයක් අවැසි මොහොතකි මෙම පවුල අය සම්බන්ධ කර ගැනීමට දුරකථනයක් නොමැත. ඔවුන්ගේ ලිපිනය වන්නේ එස් .රතනපාල ,විහාරහල්මිල්ලකුලම ,විහාර පාලුගම අනුරාධපුර වේ ලංකා බැංකුවේ ගිණුම් අංකය 80846612 එස් කාන්ති