ශ්‍රී ලංකාව වේගයෙන් සංවර්ධනය වීමට නම් බුද්ධි ගලනය වීම පාලනය කිරීම අත්‍යවශ්‍ය යැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පැවැසීය ඉහළ ප්‍රමිතියකින් යුත් අධ්‍යාපනයක් ලබාදෙන බවට රාජ්‍ය සහ පෞද්ගලික විශ්වවිද්‍යාල හා උසස් අධ්‍යාපන ආයතන සහතික වන්නේ නම් ශ්‍රී ලංකාවේ අධ්‍යාපනය සඳහා විදෙස් සිසුන්ද ආකර්ෂණය කර ගත හැකි බවද ජනාධිපතිවරයා සඳහන් කළේය එම උත්සව අවස්ථාව ඇමැතූ ජනාධිපතිවරයා මෙසේද කීය අද දින උපාධි ලබන දරුවන්ට, දරුවන්ගේ මවුපියන්ට සහ පවුල්වලට මාගේ උණුසුම් සුබාශිංසන පිරිනමමි ජනරාල් ශ්‍රී මත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය තෘතීයික අධ්‍යාපන පද්ධතිය තුළ ඉතා වැදගත් ආයතනයක් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය සමඟින් වන මාගේ පෞද්ගලික සම්බන්ධතාව වසර ගණනාවක් අෑතට දිවයන්නක් හමුදා නිලධාරියෙක් වශයෙන් මාගේ වෘත්තීය දිවියේ මා දැරූ අවසන් තනතුර වූයේ නියෝජ්‍ය අණ දෙන නිලධාරි තනතුරයි පසුව ජනාධිපති මහින්ද රාජපක්ෂ රජයේ ආරක්ෂක ලේකම් වශයෙන් මාගේ සේවා කාලයේදී මෙම ආයතනය පූර්ණ විශ්වවිද්‍යාලයක තත්ත්වයට උසස් කරනු ලැබුවා විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨය පිහිටුවීම, සාමාන්‍ය හා විදෙස් කැඩෙට් සිසුන් ඇතුළත් කර ගැනීම, පර්යේෂණ හා සංවර්ධන ක්‍රියාකාරකම් සඳහා පශ්චාත් උපාධි අධ්‍යාපන අවස්ථා හඳුන්වාදීම, දක්ෂිණ විශ්වවිද්‍යාලය සූරියවැව පිහිටුවීම ආදී සියල්ල සිදුවූයේ මෙම කාලයේදීය. එපමණක් නොව, කොතලාවල විශ්වවිද්‍යාලයේ අති නවීන රෝහල ආරම්භ කිරීමට මෙම කාලයේදී පියවර ගනු ලැබුවා.

වර්තමානය වන විට ජෙනරාල් ශ්‍රී මත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය හමුදා නිලධාරීන් සහ සිවිල් වෘත්තිකයන් සඳහා විවිධ විෂයධාරා යටතේ ඉහළ මට්ටමේ උපාධි හා පශ්චාත් උපාධි අධ්‍යාපන පහසුකම් සලසනවා. වෛද්‍ය පීඨ ඇතුළු එහි සියලුම පීඨ ඉතා ඉහළ මට්ටමේ කාර්ය සාධනයක් අත්කරගෙන තිබෙනවා. තෘතීයික අධ්‍යාපනය තුළ ආයතනයේ ස්ථාවරත්වය අඛණ්ඩව ආරක්ෂා කර ගැනීම සඳහා උද්යෝගිමත්ව කටයුතු කරන ලෙස විශ්වවිද්‍යාලයේ පරිපාලනය, ශාස්ත්‍රඥයන් සහ කාර්ය මණ්ඩලය දිරිමත් කිරීමට මා කැමැතියි ශ්‍රී ලාංකේය අධ්‍යාපනික පද්ධතියේ සමස්ත සන්දර්භය තුළ ජාතියක් වශයෙන් අපගේ සැබෑ ශක්‍යතා විවර කර ගැනීමට නම් අප විසින් තව බොහෝදේ කළයුතු වෙනවා. අවාසනාවකට වර්තමාන අධ්‍යාපන ක්‍රමය විභාග ඉලක්ක කරගත් එකක්. එය සිසුන්ගේ උසස් අධ්‍යාපන අවස්ථා පුළුල් කිරීම වෙනුවට පටු කිරීම කෙරෙහි සීමා වී තිබෙනවා. මෙය විශේෂයෙන් ද්විතීයික පාසල් මට්ටමේ ඇති ගැටලුවක්.

සිය ප්‍රාථමික සහ ද්විතීයික අධ්‍යාපනයේදී ශිෂ්‍යයන් විසින් අත්කර ගන්නා නිපුණතා, කුසලතා හා දැනුම සැලකිල්ලට නොගෙන ඔවුන්ගේ අනාගතය අ.පො.ස සාමාන්‍ය පෙළ හා අ.පො.ස උසස් පෙළ වැනි ජාතික මට්ටමේ විභාගවලදී ලබාගන්නා ප්‍රතිඵල මත තීරණය වෙනවා විභාග කෙරෙහි වන මෙම අවධානය ශිෂ්‍ය ප්‍රජාව අතර යහපත් තරගකාරිත්වයක් නිර්මාණය කර තිබෙනවා. මෙම විභාග සඳහා පෙනී සිටින සිසුන්ගෙන් සීමිත ප්‍රමාණයක් පමණක් උසස් අධ්‍යාපන කටයුතුවලට නිරතවීමට වරම් ලබන හෙයින් සිසුන් මත වන මවුපිය පීඩනය සහ සමාජ පීඩනය ඉමහත් දරුවන් විශාල ප්‍රමාණයකට සිය ජීවිතයේ වඩාත් තීරණාත්මක අවධින්ගෙන් එකකදි පුද්ගල අභිවෘද්ධිය සඳහා වන අවස්ථා රැසක් මේ නිසා අහිමි වෙනවා නිර්මාණශීලිත්වය, බුද්ධිමය කුතුහලය ප්‍රායෝගික කුසලතා පෝෂණය කරනවා වෙනුවට විභාගවලදී ඉහළ ලකුණු ලබාගැනීමේ වැඩි තරගකාරිත්වය විසින් විභාග සඳහා සුදානම් වීමේ වාචික ඉගෙනීම අගය කරන සංස්කෘතියක් නිර්මාණය කර තිබෙනවා එය ක්‍රීඩා සහ කලා කටයුතුවල නිරත වීමට සිසුන්ට ඇති කාල වේලාවද අවම කර තිබෙනවා මේ හේතු නිසා, වර්තමාන අධ්‍යාපන ක්‍රමය සහ අධ්‍යාපන සංස්කෘතිය සැබැවින්ම සටන් කරන්නේ ස්වයං චින්තනය ශක්තියෙන් යුත් ස්වයං ඉගෙනුම් හැකියාවෙන් යුත් සහ සමාජයට සාධනීය වශයෙන් දායකත්වය සැපයිය හැකි සෞඛ්‍යසම්පන්න, ආතතියෙන් තොර පරිපූර්ණ පුද්ගලයන්ගේ සංවර්ධනයට එරෙහිවයි. මෙය සමස්තයක් ලෙස සමාජයට මෙන්ම අපගේ දරුවන් කෙරෙහිද බරපතළ අයහපත් ප්‍රතිඵල ඇති කරනවා.

සෑම ශිෂ්‍යයෙක්ම සුවිශේෂී බව සහ ඔවුන්ට විවිධ අවස්ථා තිබෙන බව හඳුනාගත යුතු වෙනවා. දැනට ක්‍රියාත්මක විභාග ඉලක්කගත ද්විතීයික අධ්‍යාපන ක්‍රමයෙන් අදහස් වන්නේ ඇතැම් ජාතික මට්ටමේ විභාගවලින් පසු ශිෂ්‍යයන් රැසක් ප්‍රගමනය නොවන බවයි ප්‍රාථමික හා ද්විතීයික අධ්‍යාපනය සඳහා ඔවුන් වැය කළ කාලය නොතකමින් වැඩිදුර අධ්‍යාපන සඳහා තමන්ට විකල්පයක් නොමැති බව ඔවුන් වටහා ගන්නවා එම තත්ත්වය ඔවුන් අධෛර්යයට පත් කරන අතර සිය පූර්ණ හැකියාවන් කරා ළඟාවීම වළක්වනවා විශ්වවිද්‍යාල හා අනෙකුත් තෘතීයික අධ්‍යාපන ආයතන සඳහා ඇතුළත් කර ගන්නා සිසුන් සංඛ්‍යාව ඉහළ නංවා ගැනීම ඉතා වැදගත් රජයේ විශ්වවිද්‍යාලවල දැනට තිබෙන හැකියාවන්ගෙන් උපරිම ප්‍රයෝජන ගත යුතු අතර ඒවායේ යටිතල පහසුකම් සංවර්ධනයට හා මානව සම්පත් වර්ධනය කිරීමට වැඩි වශයෙන් ආයෝජන කළයුතු වෙනවා උසස් අධ්‍යාපන ක්‍රමයට තාක්ෂණය බද්ධ කළයුතු අතර එමඟින් දුරස්ථ අධ්‍යාපනය සඳහා සහ අධ්‍යාපනයේ අඛණ්ඩත්වය සඳහා වන විකල්ප පුළුල් කළ හැකි වෙනවා විශ්වවිද්‍යාල පද්ධතිය මඟින් කලා සහ මානව ශාස්ත්‍රවරුන්ගේ සිට විද්‍යාවන් දක්වා පුළුල් විවිධ ක්‍ෂේත්‍රයන්හි උපාධිධාරීන් බිහිකරන අතර, බොහෝ සිසුන්ගේ අවසාන අරමුණ වන්නේ ඉහළ වැටුප් සහිත රැකියාවක් ලබාගැනීම බව අවබෝධ කර ගැනීම වැදගත් එබැවින් විශ්වවිද්‍යාල පිරිනමනු ලබන පාඨමාලා සිසුන්ට ඔවුන් අපේක්ෂා කරනු ලබන රැකියා අවස්ථා ළඟා කර ගැනීමට උපකාර වන අයුරින් නිර්මාණය කිරීමට විශ්වවිද්‍යාල ක්‍රියා කළ යුතුයි. කලා ඇතුළු සෑම අධ්‍යයන ක්‍ෂේත්‍රයක්ම සිසුන් තාක්ෂණය පිළිබඳ අධ්‍යයනය කළ යුතුයි මන්දයත් මෙය අනාගතයේදී ඔවුන්ගේ ජීවිතවලට විශාල බලපෑමක් ඇති කරනු ඇත.

රැකියා වෙළෙඳපොළෙහි ඉල්ලුමක් පවතින නිපුණතාවයන් වර්ධනය කර ගත යුතුයි. ව්‍යාපාරික වශයෙන් ඉහළ ඉල්ලුමක් ඇති උපාධි, ඩිප්ලෝමා සහ වෙනත් උසස් අධ්‍යාපන සුදුසුකම්ද විශ්වවිද්‍යාල විසින් ලබාදිය යුතු අතර එවැනි පාඨමාලා රටේ අනාගත ආර්ථික අභිවෘද්ධිය ඇතිකරලීමට සඳහාද උපකාරී වන අයුරින් නිර්මාණය විය යුතුය රට තුළ ඉහළ ගුණාත්මකභාවයකින් යුතු තෘතීයික අධ්‍යාපන සැපයුම්කරුවන්ගේ ප්‍රමාණය ඉහළ දැමිය හැකි නම්, තම දරුවන් විදේශගත කරලීමට අපේක්ෂා කරන මවුපියන්ට ඔවුන්ගේ දරුවන් ශ්‍රී ලංකාවේ රැඳී සිටිමින් අධ්‍යාපනය ලැබීමට අවස්ථාව උදාවීම පිළිබඳ ඉමහත් සතුටට පත්විය හැකියි. මෙය අපගේ විදේශ සංචිත සැලකිය යුතු මට්ටමකින් රටින් පිටවිම අවම කිරීමට උපකාරී වෙනවා පමණක් නොව, ඊටත් වඩා වැදගත් වන්නේ, එයින් දක්ෂ තරුණ තරුණියන් කොටසක් රටේ රඳවා තබාගැනීමට හැකි වීමයි ශ්‍රී ලංකාව වේගයෙන් සංවර්ධනය වීමට නම් බුද්ධි ගලනය අප විසින් අත්‍යවශ්‍යයෙන්ම පාලනය කළ යුතුය. දේශීය විශ්වවිද්‍යාල සහ වෙනත් උසස් අධ්‍යාපන ආයතන විසින් ඉහළ ප්‍රමිතියකින් යුත් අධ්‍යාපනයක් ලබාදෙන බවට රජයට මෙන්ම පෞද්ගලික අංශයටද සහතික විය හැකි නම්, ශ්‍රී ලංකාවේ අධ්‍යාපනය සඳහා ජාත්‍යන්තර සිසුන් ආකර්ෂණය කර ගැනීම ආරම්භ කිරීමට පවා අපට හැකි අතර එමෙන්ම උසස් අධ්‍යාපන ක්‍ෂේත්‍රය රට වෙනුවෙන් විදේශ විනිමය උපයන ක්‍ෂේත්‍රයක් බවට පරිවර්තනය කළ හැකිය.

මේ සඳහා පහසුකම් සැලසීම සඳහා අපගේ විශ්වවිද්‍යාල ගෝලීය ශේ‍ර්ණිගත කිරීමේ ක්‍රමවේදයන්හි පවතින ස්ථාන සැලකිය යුතු මට්ටමකින් ඉහළ නංවා ගැනීම සහතික කළ යුතුයි විවිධ ක්‍ෂේත්‍රවල සුදුසුකම් ලත් ශ්‍රමිකයන් සඳහා දේශීය හා විදේශීය වශයෙන් විශාල ඉල්ලුමක් පවතී එවැනි පුහුණුවක් ලබාදෙන ආයතන උසස් මට්ටමට පරිවර්තනය කළ යුතුය. ශීඝ්‍රයෙන් වෙනස් වන ගෝලීය පරිසරය අනුව මෙය විශේෂයෙන් වැදගත් වේ සාම්ප්‍රදායිකව සුරක්ෂිත යැයි සැලකූ ඉහළ රැකියා ඇතුළු විශාල රැකියා සංඛ්‍යාවක් අවදානමකට ලක්ව ඇත. තාක්ෂණවේදී රැකියාවන්ගේ සිට කෘත්‍රිම බුද්ධි ක්‍ෂේත්‍රය දක්වාද මෙම අවදානම පවතී තාක්ෂණය වඩ වඩාත් දියුණුවත්ම මිනිසුන්ට වෘත්තීය වෙනස් කිරීමට ඇති හැකියාව වැඩිදියුණු කළ යුතුය ඒ නිසා උසස් අධ්‍යාපන ආයතන දුරස්ථ අධ්‍යාපනය සති අන්ත අධ්‍යාපනය සහ විවෘත අධ්‍යාපනය යන විකල්ප ක්‍රමයන් සැපයීම වඩා වැදගත් වේ මෙමඟින් දැනටමත් රැකියාවල නියුතුවූවන්ට ඔවුන්ගේ රාජකාරි සඳහා බාධාවකින් තොරව නව දැනුම සහ කුසලතා ලබාගැනීමේ අවස්ථාව උදා වේ වෘත්තීය හා කාර්මික පුහුණුව තුළින් අප රට තුළ පවතින කුසලතා පදනම වර්ධනය කිරීමෙන් අපගේ ශ්‍රම බළකායේ ඵලදායිතාව, කාර්යක්ෂමතාව සහ ඉපැයිමේ ධාරිතාව ඉහළ නැංවීමත් ජාතියක් වශයෙන් වේගයෙන් වර්ධනය වීමටත් අපට හැකි වේ සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයේ සඳහන් කර ඇති පරිදි එමෙන්ම රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශ ලෙස අනුමත කර ඇති මෙහි සඳහන් පරිදි පෙර පාසල් අධ්‍යාපනයේ සිට තෘතීය අධ්‍යාපන මට්ටම දක්වා අධ්‍යාපන ක්‍ෂේත්‍රයට අවශ්‍ය ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා සහගත සැලසුම් තිබේ.

අධ්‍යාපන ක්‍ෂේත්‍රයේ ගුණාත්මකභාවය සහ ඵලදායිත්වය අපේක්ෂිත ලෙස ඉහළ නැංවිම සහතික කිරීමට ඉතා කැපවීමෙන් අපගේ වගකීම් ඉටුකරන්නෙමු මෙය අභියෝගයකි නමුත් සාමූහික ප්‍රතිපත්තියකින් ජයගගහැකි අභියෝගයකි ශ්‍රී ලංකාවේ සහ අනාගත පරපුරේ අභිවෘද්ධිය උදෙසා මෙම ප්‍රතිසංස්කරණ සාක්ෂාත් කරගැනීමට හැකිවන අයුරින් අධ්‍යාපන ක්‍ෂේත්‍රයේ සියලුම පාර්ශ්වකරුවන්ට අප සමඟ ධනාත්මක ලෙස කටයුතු කරන ලෙස ආරාධනා කර සිටිමි. පහන් විජේසේකර