දුෂ්‍යන්ත වීරමන් කියන්නේ අපි ගොඩක් ආදරේ කරන චරිතයක් අති දක්ෂ ගායකයෙක්, දුෂ්‍යන්ත් වීරමන් කියන්නෙ ගැහැණු පිරිමි භේදයක් නැතිව දීර්ඝ කාලයක් පුරාවට ලංකාවේ අතිශයින් ජනප්‍රියත්වයට පත් වෙලා හිටපු ආදරණීය හඬක් තිබුණු ගායකයෙක් විටෙක ඔහු ලංකාවේ ජනප්‍රියම ගායකයා ඇතුළු විවිධ සම්මාන රාශියක් දිනා ගන්නවා කලාකාමී පවුලක සාලාජිකයෙක් වන දුෂ්‍යන්ත් ලංකාවෙ මයිකල් ජැක්සන් විදියටත් බොහෝ දෙනෙක්ගෙ ආදරය දිනා ගන්න සමත් වුනා කොහොම වුනත් ඒ කියන සිදුවීම් වලින් පස්සේ දුෂ්‍යන්ත් ගොඩක් දුරට ප්‍රසිද්ධ සමාජයෙන් ඈත් වුන බවක් දකින්නට ලැබුණා දීර්ග කාලයක නිහඬතාවයකින් පසුව රටේ ජනප්‍රිය යූටියුබ් නාලිකාවක් එක්ක සාකච්ඡාවක් කර තිබුණා ජනප්‍රිය සම්මාන රැසක් හිමි වුනාට පස්සේ ඒ ජනප්‍රියත්වය හින්දා තමන් ගොඩක්ම හුදෙකලා තත්වයට පත් වුන බව දුෂ්‍යන්ත් කියනවා තමන්ගේ වටේ හිටපු මිතුරන් ඇතුළු හැමෝම තමන්ගෙ ජනප්‍රියත්වය ඉස්සරහට දාලා ආශ්‍රය කිරීම හින්දා සෑහෙන මානසික පීඩනයකට ලක් වුන බව දුෂ්‍යන්ත් කියනවා.

මේ හුදකලාව ඇතුලෙ හිතෙන දේවල කාටවත් තේරුම් ගන්න බැරි වුන හින්දා දුෂ්‍යන්ත් කියනවා අඩුම තරමින් ලංකාවේ ජනප්‍රිය ගායකයෙක් වන සංතුෂ්ට වත් ඒ දේවල් තේරුම් ගන්න පුළුවන් කමක් තිබිලා නෑ ඇත්තටම දුෂ්‍යන්ත් තමන් ගැන හිතාගෙන ඉන්න තරමටත් වඩා එයාගෙ වටේ ඉන්න අය ඉහළින් හිතීම සැලකීම වගේ දේවල් දුෂ්‍යන්ත්ට දරා ගන්න අපහසු වෙලා තියෙනවා ජනප්‍රියත්වය නිසාම යාලුවන් සහ හිතවතුන් දුරස් වීම එක්ක මේ පීඩනකාරී තත්වය තවත් ඉහළ ගිය බව දුෂ්‍යන්ත් කියනවා ඉතින් මේ ජනප්‍රියකමෙන් ඇති වුන පීඩනයත් හුදෙකලාවත් අකා මකා දාන්න හිතාගෙන තමයි දුෂ්‍යන්ත් සංගීත කණ්ඩායම් දෙකක්ම ආරම්භ කරල තියෙන්නෙ ඉතින් මේ සංගීත කණ්ඩා‍යම් පවා ලංකාවේ ජනප්‍රියත්වයට පත් වුන බව ඔබට මතක ඇති සංගීතයට නර්තනයට විශාල දක්ෂතාවයක් දක්වන දුෂ්‍යන්ත් ඉංජිනේරු විෂයධාරාව යටතේ උපාධියක් ලබාගෙන තියෙනවා ඉතින් මේ වෙද්දි මේ ආදරණීය ගායන ශිල්පියා තමන්ගේම පුද්ගලික ව්‍යාපාර කීපයක් සිදුකරගෙන යන අතරේම විවාහපත් වෙලා ආදරණීය පවුල් ජීවිතයක් ගත කරමින් ඉන්නවා.