ඔහු අපේ කාලයේ සැබෑ ජීවකයා ය චැනලින් සෙන්ටර් හරහා දුප්පතුන් සූරාකෑම ඔහු කිසි විට නොකරයි නිදහස් අධ්‍යාපනයෙන් දොස්තර වෘත්තියට පැමිණි හෙතෙම රුපියල් ශත මත මිනිස්කම් අත්හැර දමන මහ දොස්තරවරුනට මහත් ආදර්ශයකි ඔහු වැඩ කරන්නේ පොරොත්තු ලේඛනය හරහ කාලයක් තිස්සේ නම්බැඳ සිටින හදවත් රෝගී දුප්පත් අහිංසකයන් වෙනුවෙනි මොනම හේතුවක් නිසාවත් මේ පොරොත්තු ලේඛනය පැන ශල්‍යකර්ම නොකරන්නට හෙතෙම වගබලා ගනියි එනිසාම ඔහුට ගැමි ජනතාව කෙතරම් ආදරය කළත් වෛද්‍ය ක්‍ෂේත‍්‍රයේ කෙණහිලිකම් නම් එමටය ගාල්ලේ ඔහු කුඹුරක් කළේය උදේ අරුණැල්ලේ ම බයිසිකලය පැදගෙන එහි යන අපේ ජීවකයා එහි හෝරාවක් දෙකක් කුඹුරු වැඩ කළේය අනතුරුව මඩ සෝදාගෙන අලූත් ඇඳුම් ඇඳ ඔහු එන්නේ කරාපිටිය රෝහලේ ශල්‍යාගාරයට ය ඔහුට ජාතිබේද කිසිවක්ම නැත වරක් අනෝරා වැසි පතිත වෙද්දී අන්‍ය ජාතික රෝගියකු ගැන (දුරකථනයෙන්) රෝහලින් පණිවිඩයක් වෛ නේවාසිකාගරයට ආවේය ඔහු සෙරෙප්පු දෙකක් ලාගෙන කුඩයක් ද රැුගෙන පා ගමනින් ශල්‍යාගාරයට ගියේය මහ වැසි අකුණු ගසමින් තිබෙද්දී විදුලි එළියද නිවී ගියේය

ඒ හදිසි රෝගියාගේ ශල්‍යකර්මය තරමක් සිදුවෙද්දීය දොස්තර මහතා කලබල නොවීය නිරාවරණය කර තිබූ පපුව ප‍්‍රදේශයේ ශරීරය එසේම තිබියදී එතුමා ඉටිපන්දම් කීපයක එළියෙන් ශල්‍යකර්මය කළේය කටයුත්ත අති සාර්ථකය මේ ඒ අපූරු මිනිසා කළ එක් සේවාවක් පමණකි මෙවන් මහරු මිනිස්කමක්, අසමාන පෞරුෂයක් එතුමා තුළ පිහිටියේ තම පියා නිසා බව හෙතෙම ආඩම්බරයෙන් කියයි අද පියවරම ගැන කියන්නට අපේ තාත්තා විශේෂාංගයට ගොඩවන්නේ මේ අපූරු මිනිසාය ගාල්ල කරාපිටිය රෝහලේ හෘද හා උරස් ශල්‍ය වෛද්‍ය විශේෂඥ දොස්තර නාමල් ගමගේ දැන් මා අබිමුව සිටී මගේ තාත්තා අගුළුගහ ගමගේ පියදාස ගම කහඳ අගුළුගහ මගේ අම්මා කොඩිතුවක්කු රණවීරගේ කරුණාවති යෝජිත විවාහයකින් තමයි දෙන්නා එකතුවෙලා තියෙන්නේ අම්මා අක්මීමන මානවිල ගල්වැටවත්තේ මට මතක කාලේ හිටන් අපි තාත්තගේ මහ ගෙදරත් කාලයකට අම්මගේ මහ ගෙදරත් ජීවත් වුණා කහඳ තාත්තාගේ මහ ගෙදර තිබුණේ විශාල කුඹුරු යායක් අද්දරයි ඒ අයිනෙන් ඇළක් ගලා ගියා තව ඇළක් වෙනත් පැත්තකින් තිබුණා දණ්ඩි කොරළි අල්ලන්න මී හරක් පිටේ යන්න අනෙක් ළමයින් වගේම අපිත් ආසයි ඒත් පවුලෙ එකම පුතා නිසා මාපියො හුඟක් මා පරිස්සම් කළා මට අක්කා කෙනෙක් ඉන්නවා නංගි කෙනෙකුත් හිටියා එයා දැන් නම් මැරිලා

අපේ තාත්තාට ඒ තරම් අධ්‍යාපනයක් නෑ 5 පන්තිය දක්වා ගිහින් තිබුණා ඒ වුණාට එයාට මනුස්සකමේ උපාධියක් තිබුණා නිරහංකාර අල්පේච්ඡු ගති පැවතුම් හරියට තිබුණා ජීවිතේ පටන් අරන් තියෙන්නේ ගමට කිට්ටුව ඉමදුව පැත්තෙ බුලත් මැහි ගොවියො යාළුකරගෙන, ඒ පැත්තෙ බුලත් එකතු කරලා ගොනු කරලා බයිසිකලේ පැදගෙන ගිහින් ගාල්ලේ බුලත් මාකට් එකට දාලා ඒ කාලෙ බුලත් කන මිනිස්සු වැඩි නිසා බුලත් මාකට් එකක් වෙනම තිබුණා අපේ තාත්තා කියනවා අපිත් එක්ක, එයා බුලත් කන්න පුරුදු වුණේ පළමුවැනි පන්තියේදී කියලා ගුරුවරුන් පොඩි ළමයි බුලත් කනවාට කැමැති නෑ ඒ නිසා අපේ තාත්තලා බුලත් කාලා වක්කඩෙන් කට සෝදාගෙනයි පංති යන්නේ බුලත් කාලා අහුවුණොත් ගුරුවරුන් ගොමවලින් දත් මද්දනවාලූ තාත්තාත් ඒකට අහුවෙච්ච දවස් තියෙනවා අපේ තාතතාගේ පවුලෙ ලොකු අයියා අපේ මහප්පා හරිම දක්‍ෂයෙක් වඩු වැඩ, මේසන් වැඩ ඕනෑම දෙයක් දන්නවාලූ එයාගේ පළමුවැනි ගුරු පත්වීම ලැබිලා තියෙන්නෙත් කැකිරාවට මං අදත් නිදාගන්නේ ඒ මහප්පා ඒ කාලෙ හදපු ශක්තිමත් ඇඳක මේ මහප්පාගේ පුස්තකාලයත් හරිම අනර්ඝයි පළමු ගුරු පත්වීමට ගියාම කැකිරාවට එයා ගමට ආවේ මිනී පෙට්ටියෙන් මෙතුමා ඒ පාසල ළඟ තිබුණ ගෙදරක බෝඩිං වෙලා ඉඳලා තියෙන්නේ එහා වත්තේ ලස්සන ළමිස්සියක් ඉඳලා තියෙනවා මහප්පාට එයා කැමතිලූ මේ බෝඩිමේ තවත් ගුරුවරයෙක් ඒ ළමයාට බලෙන් ආදරය කරනවාලූ අවසානයේ අපේ මහප්පාට ඒ ගුරුවරයා වස දුන්නු බවයි තාත්තා කීවේ

තාත්තා මේවා අපට කීවේ ජීවිතයට ශක්තිමත්ව මුහුණ දෙන්ට පුරුදු කරන්නයි අපේ අම්මා තාත්තාට වඩා දක්‍ෂයි එතුමිය තාත්තා සමඟ එනකොට තාත්තාට මුකුත් තිබිලා නෑ ඒත් අම්මාගේ මඟ පෙන්වීමත්, සකසුරුවම්කමත් නිසා තාත්තා ටිකින් ටික ගමේ ඉඩම් පවා ගත්තා එයාට ඉඩම් ගොඩක් තිබුණා තාත්තා හරි හම්බ කළ දේ, වතුපිටිවලින් ලැබෙන දේ අරගෙන ළමයින්ට ඉගැන්නුවේ අම්මා හැබැයි තාත්තා වෙළෙඳාම් දන්නවා කඩයක් වුනත් කරන්න පුළුවන් ඒ නිසා එයා ගාල්ලේ රූපාසිරි හොටෙල් කියලා මහා බත් කඩයක් අවුරුදු 32 ක් විතර කළා ඒවායින් ලැබුණු ආදායම අම්මා තමයි සකසුරුවම් කරලා දරුවන් හැදුවේ මගේ අක්කා ශාන්තා නිර්මලී ගුරුවරියක් කළා දැන් විශ‍්‍රාමිකයි මාවත් ගාලලේ මහින්දයට දාලා උගැන්නුවා තාත්තා මධුවිත ටිකක් තොල ගාන්න ආසයි හැබැයි දරුවන්ට, බිරිඳට පෙනෙන්න ඒවා කරන්නේ නෑ ලොකු මිතුරු සමාගමකුත් තිබුණා අපේ තාත්තා ගැමි කලාවන්ට හරිම ආදරෙයි ජන ගායනා, ජන සංගීතෙට පුදුමාකාර ලැදියාවක් තිබුණා තොවිල්, ශාන්ති කර්ම බලන්නත් ආසයි මන්තර ගුරුකුම් ගැන කට්ටඬියන් ගැන විශ්වාසයකුත් තිබුණා අම්මත් එවටම ගැළපෙනවා අපිට උණක් හැදුනාම ඉස්සෙල්ලාම සිදුවුණේ වතුර මැතිරීම, නූලක් දැමීම කළේ මේක කළේ දොඩම්පෙ මාමා අන්තිමට තමයි වෙද මහත්මයා, දොස්තර හොයන්නේ තාත්තාට කුඹුරු අක්කර 7 – 8 ක් තිබුණා මේවායින් ලැබෙන අස්වැන්නෙන් සාංඝික දාන දෙන්න දෙන්නාම කටයුතු කළා තාත්තාගෙ කලාව නිසා එයා ලොකු ගම්මඩුවක් වාර්ෂිකව පවත්වනවා ගම්මඩු නටනවා කියලයි කියන්නේ වෙල මැද්දෙ පතේ මළුව කියන කොටසේ තමයි මේ ගම්මඩුව කරන්නේ කහඳ ගමේ තාත්තා මේ ගම්මඩුව කාලයක්ම කළා

ගම්මඩු කිරීමෙන් පමණක් මගේ පියා සතුටු වුණේ නෑ එතුමා දේශීය ජන ගායනා එකතු කළා මටත් ඒකම ආවා මා ළඟත් ජන ගායනා ලොකු එකතුවක් තිබුණා ජන සංගීතේ වාදනවලටත් එතුමාත් මාත් දෙන්නම ප‍්‍රියයි කහඳ පූර්වාරාමය ගමේ පන්සල දෙන්නාම මේකටත් සම්බන්ධයි එහෙත් ගාල්ලේ රූපාසිරි හෝටලය කරන්න ගත්තාම තාත්තා ගාල්ලේ වැලිගත්තෙ කුලියට ගෙයක් ගත්තා මටත් මහින්ද ඉස්කෝලෙට යන්නත් ලේසියි එතකොට අපේ පන්සල වුණේ විජයානන්ද පන්සල ගාල්ලෙන් ඕල්කට්තුමා මේ රටට ඇතුළු වෙනකොට පළමුවරට පන්සිල් ගත්තෙ මේ පන්සලේ එතුමා තමයි පන්සල දියුණු කළේ මං පුංචි දවසෙ හරිම කුලෑටියි නිහඬ චරිතයක් පාසලේ ඒ කාලේ හවස පන්ති තිබුණා තාත්තා මට මතකයි මාව එක්කරගෙන යන්න මොරිස් මයිනර් කාරයෙන් එනවා එයාට ඒ වුණාට ඩ‍්‍රැයිවින් බෑ ඒක එළවන්න වෙනම කෙනෙක් හිටියා තාත්තාගෙන් ලැබුණ ජන ගී ආභාසය නිස මං ගුවන් විදුලියෙන් අමරදේවයන්ගේ ගීත රාත‍්‍රියට ඇහුවා මධුවන්ති වගේ වැඩසටහන් ශ‍්‍රවණය කළා අපේ තාත්තා මා වෛ්‍ය විiාලයට යන්න පටන් ගත්තාම අර ගාල්ලේ හෝටලය විකුණලා ගමෙන් වී මෝලක් සල්ලිවලට අරගෙන කරගෙන ගියා මට මතකයි අවුරුදු 92 දීත් ෆුට් සයිකලෙන් වී මෝලට යනවා ? 11 ට විතර එන්නේ

හැබැයි තාත්තාගෙ හොඳ හිත නිසා සමහරුන් එතුමාව රවටලා යම් යම් දේ ගත්තා කෙණෙහිලිකම් දිගටම කළා එහෙත් තාත්තා මරණය තෙක් ඒවායින් සැලූනේ නම් නෑ එයා හරිම පරිත්‍යාගශීලියි හාමුදුරුවන්ටත් හරිම ආදරෙයි පොඩි ළමයින්ටත් එහෙමයි ඩඞ්ලිලා, ඞී එස්ලා තමයි එතුමාගේ දේශපාලන ප‍්‍රතිරූප අපේ තාත්තාට අලූත් අවුරුද්දට මොන රසකැවිලි හැදුවත් රබන් පදයක් නම් ගහන්නම ඕනෑ කොහෙන් හරි ගෙනත් රබාන සකස් කර ගන්නවා ගමේ ගැහැනුත් එක්ක හරි එදාට එයා රබන් ගහනවා අපේ තාත්තාට කහඳ ගමේ තිබුණු විශාල ඉඩමට අල්ලපු ඉඩම ඒ අය හදිසියකදී උකස් කළා ඉඩම උකස් තියපු මිනිස්සු ඉඩම බේරාගන්ඩ බැරිව ළතැවුණා අන්තිමේ සින්නත් වුණා තාත්තා මේ මිනිස්සු පාරට දාන්නේ කොහොමද? ළමා ළපැටියන් එක්ක කියලා මේ ඉඩම ඒ අයටම නැවත ලියා දුන්නා සල්ලි නම් ලැබුණෙ නෑ එයා හරිම අවංකයි

තමන් ළඟ සේවය කළ අයටත් ඉඩම් කෑලි කෑලි දුන්නා හරිම හිත හොඳයි ඒත් දරුවන්ගේ කොටස් නාස්ති කළේ නෑ අපේ අම්මා තාත්තා දෙන්නම තමන්ට අයිති නැති වැඩ කරන්නත් එපා, තමන්ගේ වැඬේ වෙන අයට පවරන්නත් එපා කියලා මට නිතර කිව්වා ඒ නිසා මොන තරම් කරදර ආවත් මගේ යුතුකම මා ඉටුකරන්න කැමැතියි ඒකත් තාත්තාගෙන් ආ දෙයක් මගේ දරුවො 3 දෙනයි මේ දරුවන් කුඩා කාලෙ මං වෛවරයෙක් නිසා සමහර රසකාරක දේවල් ළමයින්ට දෙන්නේ නෑ ඒත් අපේ තාත්තා මට හොරෙන් දරුවන්ට මේවා ගෙනල්ලා දෙනවා දවසක් මේ අය ටිපිටිප් කකා ඉන්නවා දැකලා කොහෙන්ද ඇහුවාම සීයාත් දරුවොත් දෙගොල්ලොම හිනා වෙනවා මගේ දරුවො විතරක් නොවේ ගමේ දරුවොත් එයාගෙ වටේ පිරිලා හිටියා ඒ දරුවන්ට ආදරය කරන පියෙක් බව ඒ දරුවන්ට වැටහුණු නිසයි මගේ නෝනා රමණී චන්‍ද්‍රිකා ගම දිවුලපිටිය ඒක ආදර සම්බන්ධයක් මත සිදු වූ විවාහයක් තාත්තයි – අම්මයි කැමැති වුණේ දකුණෙන්ම මට විවාහයක් කරන්න ටිකක් විරෝධය ආවත් තාත්තයි අම්මයි පස්සෙදි අපට කැමැති වුණා එතුමා විජයානන්ද පන්සලට ඝණ්ඨාර පූජා කළා බුදු මැඳුරක් හදලා දුන්නා තාත්තලා දරුවන් ගැන වගේම හැමදේම ගැන හිතුවා

අපේ තාත්තා සතුන් එක්කත් යාලූයි තාත්තා කාලයක ගිරවෙක් හැදුවා ඊට පස්සෙ එක එක ජාතියේ හරක් තාත්තා මොරිස් මයිනර් කාරයෙන් පවුලෙ හැමෝම දාගෙන දෙසැම්බර් 31 කතරගම යනවා බොහෝ විට වරදින්නේ නැති තරම් කිරිවෙහෙර වැඳලා කතරගම දේවාලෙත් වැඳගෙන පහුවෙනිදා එනකම් කෑම වේල් කලින්ම සකස් කර ගන්නවා ගහකොළටත් පෙම් බඳිනවා ඒ වගේ තැන්වල තමයි නවත්තලා කෑම කන්නේ අපිටත් මේවා පුරුදු කළා හැබැයි විසකුරු සර්පයෙක් දැක්කොත් නම් මරනවා නයෙක් දැක්කොත් අනේ! නයිහාමි කියල අර ගැමියන් කියන කනිපින්දම කියනවා නයාව මරන්න බයයි පරණ කතා ආදිය කියන්න හරි ආසයි ඒකට එයාට වැලිගත්තෙ ඉන්නකොට හොඳම යාළුවෙකු් හිටියා ඕල්කට් ඉස්කොලෙ ප‍්‍රින්සිපල්දෙ ගොඩහරියක් වෙනකම් දෙන්නා සමහර දාට කතාව තාත්තා මුහුදෙ නාන්න යනකොට අපවත් එක්කන් යනවා හැබැයි මුහුදු රැුල්ල පාගන්න විතරයි පුළුවන් ඒත් අපව නෑවෙනවා රැුල්ලට එයාටත් පීනන්න බෑ ඒ නිසා ඈතට යන්න දෙන්නෙ නෑ අපේ බාප්පොච්චි කෙනෙක් වෙනවා කහඳ විහාරෙ ධීරානන්ද හාමුදුරුවො උන්වහන්සේට කල්පනාවක් තිබුණා මාවත් මහණ කරගන්න ඒත් තාත්තා ඒකට නම් කීයටවත් කැමැති වුණේ නෑ මට එක පුතයි ඉන්නේ කියලා වෛලයෙ ඉගෙන ගන්න කොට තාත්තා කොළඹ ඇවිත් මාව බේක් හවුස් වගේ තැන්වලට ගිහින් හොඳට කන්න දෙනවා බෝඩිම්වල කෑම මදි හරි නෑ කියන ආකල්පයයි තාත්තාටත් තිබෙන්නේ පුතේ මගේ රත්තරන් වටිනා අයියා නැති වුණාමත් මං වැටුණේ නෑ බුලත් ගොනු කරලා විකුණන කාලෙත් එහෙමයි හෝටල කරන කාලෙත් එහෙමයි මට ගර්හා කරන්න කරන්න මං කෙළින් හිටගන්නවා උඹත් එහෙම මිනිහෙක් වෙයන් එතුමා මට කීවා අපේ තාත්තා අවුරුදු 94 ක් ජීවත් වුණා එයාට මුත‍්‍රා අඩස්සිය කියන ලෙඬේ හැදුණා පුරසථි ග‍්‍රන්ථියේ ඉදිමීමක් ඒ කාලේ එච්චර බෙහෙත් තිබුණෙත් නෑ මහ මෝදර ගෙනාවට එදා දොස්තරලා ස්ට‍්‍රයික් යම්තම් කොළඹ ගෙනිහින් බේරගෙන ගෙනාවා

මං වෛවරයෙක් වුණාම තාත්තයි අම්මයි සතුටු කඳුළු වැගුරුවා. මං තාත්තාගෙත් ලෙඩ බැලූවා ඒ වෙලාවෙ තාත්තා හරිම ආඩම්බරයෙන් මා දිහා බැලූවා මතකයි ඒත් මං ජීවිතයක් බේරාගන්න ශල්‍යකර්මයක් කර කර ඉන්දැද මගෙ තාත්තා කහඳ ගෙදරදී හුස්ම ගන්න බැරි අමරුවකින් නැති වුණා අම්මා දුරකථන ඇමතුම් දුන්නත් තියටර් එකේදී මං දුරකථනය ගන්නේ නෑ තාත්තාගේ මරණාසන්න මොහොතේ ළඟ ඉන්න බැරි වෙච්ච වේදනාව මගේ හිතේ තවමත් තියෙනවා ඒත් මං බේරාගත්තෙ තවත් තාත්තා කෙනෙක් කියලා මට සතුටු වෙන්න පුළුවන් අපේ තාත්තා හාමුදුරුවරුන්ට හරිම ආදරෙයි කියලා කීවානේ මාස හත අටකට වරක් ගාල්ලට වඩින සංචාරක හාමුදුරුනමක් අපේ තාත්තා දැන සිටියා ගම්පහ කැන්දලියද්දපාළුව පැත්තෙ හිමිනමක් තාත්තා මේ ස්වාමීන් වහන්සේට වෙනම ගෙයක නවාතැන් ආදිය දුන්නා දානය දුන්නා අවසානයේ ඒ ස්වාමීන් වහන්සේ පැමිණ දැන් මං මහලූයි ආයිත් එන්න බෑ මේ ධාතු කරඬුව මුදලාලි මහත්මයා තියාගන්න කියලා ධාතුන් වහන්සේ නමක් ඉන්නවාය කියන කරඬුවක් දීලා ගිහින් තිබුණා අදත් මගේ අම්මා ඉන්නවා අවුරුදු 89 ක් අර ධාතු කරඬුවට පුද පූජා පවත්වමින් ඒ කටයුතු හරියට කරන්නෙ අම්මා තාත්තා හොඳ නිහතමානිත්වයක් තිබූ කෙනෙක් බව පෙනෙනවා අභියෝග හමුවේ නොසැලී වැඩ කළා තම ධර්ම සිතිවිලි වෙනස් කර ගත්තෙත් නෑ ඔබතුමාගෙ පියා මේ ආදර්ශය ලබා ගත්තේ කාගෙන්ද කියා මා ඇසුවොත්

මට පිළිතුරක් තියෙනවා ඒ තමයි තාත්තා ගේ කාමරයේ තිබූ අසරණ සරණ වැලිවිට ශ‍්‍රී සරණංකර සංඝරාජ මහනායක හිමියන්ගේ ඡුායාරූපය උන්වහන්සේ අපට නැති වී ගිය උපසම්පදාව ගෙනැවිත් දුන් මහා හිමිනමක් උන්වහන්සේට දාන මාන දෙන්න පුද පූජා කරන්න රජවරු, ප‍්‍රභූවරු කොතරම් නම් කැමැත්තෙන් ආවාද? උන්වහන්සේ යැපුනේ ඒවායින් නොවේ පිණ්ඩපාතෙන් උන්වහන්සේගේ හිසට ඉහළින් වදනක් තිබුණා ඒකෙ තිබුණේ උඩඟු නොව මහණ කියලයි ඒක ලියවාගන්නට තිබුණේ උඩඟු නොවන්න මහානායක හාමුදුරුවනේ කියලයි ඒත් උන්වහන්සේ තම සේයාරුවට උඩින් මේ වචන ලියවාගෙන තිබුණා නිකම්ම මහණ කියා තමන්ට අමතාගෙන තිබුණේ මේක මොන තරම් නිහතමානීකමක්ද? අන්න ඒ නිහතමානීකම හිතට ගනිල්ලා ඒ නිහතමානීකම රටට හැමදාම වටිනවා අපේ තාත්තා ඒ ගැන අප ඇහු වෙලාවේ දරුවන්ට කියා දුන්නෙ එහෙමයි උපාලි සමරසිංහ