ජීඒ ජිනදාස මහතා ලබුදුව වී පර්යේෂණ ආයතනයේ හිටපු ස්ථානාභාර පර්යේෂණ නිලධාරිවරයාය ඔහු මේ වනවිට විශ‍්‍රාම සුවයෙන් පසුවන්නේය ජිනදාස මහතා වී වගාව සම්බන්ධයෙන් කරනුු ලැබූ පර්යේෂණ කටයුතු වෙනුවෙන් ජනාධිපති සම්මානයෙන් පවා පිදුම් ලැබූ පර්යේෂණ නිලධාරිවරයෙකි ජිනදාස මහතා අම්බලන්තොට වී පර්යේෂණ ආයතනයේ සේවය කරමින් සිටින කාලයේ දී ඔහු හමුවීම සඳහා ගොවි මහතකු වී පර්යේෂණ ආයතනයට පැමිණියේය එම ගොවි මහතා පැමිණියේ හිස් අතින් නම් නොවේ ඔහු අත වී කරල් මිටියක් විය මහත්තයෝ දවස් 55න් බත් කන්න පුළුවන් මේ වී වර්ගයෙන් ගොවි මහතා ජිනදාස මහතාට කීවේය වී කරල් රැුගෙනවිත් තිබූ ගොවි මහතාවත් මෙකී වී වර්ගය ගැන දැන සිටියේ නැත අඩු වයසින් පිදෙන වී ප‍්‍රභේදයක් බව ගොවි මහතා දැන සිටියේය ජිනදාස මහතා වී කරල්වල තිබූ ඇට ටිකක් රැුගෙන පැල කිරීමට කටයුතු කළේය ගොවි මහතා කියූ ආකාරයෙන් දින 55න් මෙකී වී ශාකයෙන් අස්වැන්න ලබා ගැනීමට නොහැකි විය එහෙත් දින 55න් පීදෙන අතර හරියට දින 75කින් අස්වැන්න නෙළාගැනීමට හැකි විය ගොවි මහතා ගෙනවිත් දුන් වී ප‍්‍රභේදය ඒටී 04 නමින් හැඳින්විණි එහෙත් මෙකී වී ප‍්‍රභේදය ගොවීන් අතර ප‍්‍රචලිත නොවීය මක්නිසාදයත් එහි අස්වැන්න අඩු නිසාය මෙකී වී ප‍්‍රභේදය වැඩිදියුණු කිරීමට ජිනදාස මහතාට අවශ්‍ය විය මේ අතරතුරේ ඔහු මාරුවක් ලැබ ලබුදූව වී පර්යේෂණ ආයතනයට පැමිණියේය ඉන්පසු ජිනදාස මහතා විසින් මෙකී වී ප‍්‍රභේදය ලබුදූව වී පර්යේෂණ භුමියේ තවාන් දමා පර්යේෂණ කටයුතු ආරම්භ කළේය එහි සුදුපැහැති වර්ණයෙන් යුත් වී කරල් මෙන්ම රතුපැහති වර්ණයෙන් යුතු වී කරල් විය ඒ විතරක් නොව එක එක වයස් කාණ්ඩයට අයත් වී කරල් ක්ෂේත‍්‍රයේ දී දක්නට ලැබුණි වී ඇට දිග කුඩා එවා ද විය

එම වී ප‍්‍රභේදය පේළි වශයෙන් දමා දිගු කාලයක් යනතෙක් තේරීමට කටයුතු කෙරිණි එම ක්ෂේත‍්‍රයෙන් වර්ග දහ පහළොවක් පමණ තෝරාගැනීමට හැකි විය සහල් ඇටයේ වර්ණය පිළිබඳව ද මෙහිදී අවධානයට ලක් විය මෙකී වර්ග දහ පහළොව පර්යේෂණයට ලක්කොට ඉන් හොඳම වී ප‍්‍රභේදය තෝරාගැනීමට කටයුතු කෙරිණි වසර අටක පමණ කාලයක් තුළ සිදු කළ පර්යේෂණයක ප‍්‍රතිපලයක් වශයෙන් එල්ඞී 253 නමින් නව වී ප‍්‍රභේදයක් හඳුන්වා දීමට ජිනදාස මහතා ඇතුළු වී පර්යේෂණ ආයතනයේ පර්යේෂණ නිලධාරීන්ට හැකි විය එල්ඞී 253 නමැති වී ප‍්‍රභේදයේ මව් ශාකය වන්නේ ඒටී 04 වී ප‍්‍රභේදයයි ජිනදාස මහතා විශ‍්‍රාම යනවිට මෙකී වී ප‍්‍රභේදය සියලූ පර්යේෂණ කටයුතු අවසන්කොට තිබුණි ඉතිරිව තිබුණේ භෝග වර්ග නිර්දේශ කමිටුව වෙත යොමුකොට අනුමැතිය ලබාගැනීමය ලබුදූව වී පර්යේෂණ ආයතනයේ ස්ථානභාර නිලධාරි සහකාර කෘෂිකර්ම අධ්‍යක්ෂිකා මොනිකා මිල්ලවිතානාච්චි මහත්මිය ඉන්පසු ඒ සඳහා අවශ්‍ය කටයුතු කළාය ඇය 2017 වර්ෂයේ මෙකී කෙටිකාලීන නව වී ප‍්‍රභේදය භෝග වර්ග නිර්දේශ කමිටු වෙත ඉදිරිපත් කොට ගොවි ක්ෂේත‍්‍ර වෙත මුදාහැරීම සඳහා අනුමැතිය ලබා ගනු ලැබුවාය එල්ඞී 253 වී ප‍්‍රභේදය දින 88ක් කෙටි කාලීන සුදු දිගැටි වී ප‍්‍රභේදයකි වී ප‍්‍රභේදය 2017 වර්ෂයේ දී නිදහස් කළ ද මෙකී වී ප‍්‍රභේදය ගොවීන් අතර ජනප‍්‍රියත්වයට පත්ව ඇත්තේ මෑත කාලයේ දීය විශේෂයෙන්ම අනුරාධපුරය” කුරුණෑගල” පොළොන්නරුව යන ප‍්‍රදේශවල ගොවීන් අතර මෙකී වී ප‍්‍රභේදය ඉමහත් ජනප‍්‍රියත්වයට පත්ව ඇත්තේය

මෙය ගුණාත්මක වශයෙන් ඉහළ සහල් ප‍්‍රමාණයක් ලබාගත හැකි වී ප‍්‍රභේදයකි මෙකී වී ප‍්‍රභේදයේ සහල්වල කිරිපාට සුදු පැහැයක් පවතින අතර මේ නිසා කිරිබත්වලට වඩාත් සුදුසුයි බත් ඉතා රසය කෙටිකාලීන වී ප‍්‍රභේද අතුරින් මෙකී වී ප‍්‍රභේදයෙන් හොඳ අස්වැන්නක් ලබාගත හැකිය තෙත් කලාපය තුළදී අක්කරයට වී බුසල් 60-80ක් විතර අස්වැන්නක් ලබාගත හැකි අතර වියළි කලාපයේ දී අක්කරයට බුසල් 100කට වැඩි අස්වැන්නක් ලබා ගත හැකිය මෙම වී ප‍්‍රභේදය හඳුන්වාදීමේ ප‍්‍රධාන අරමුණ වුණේ ගංවතුර” නියං වැනි තත්ත්වයන් නිසා කන්නය ප‍්‍රමාදවන විට කෙටිකාලීන වී ප‍්‍රභේදයක් වගා කිරීමට ගොවීන්ට හඳුන්වා දිය යුතු නිසාය කුඹුරුවල වතුර අඩුවන කාලයට මෙම වී ප‍්‍රභේදය වගා කරන්න පුළුවන් විශේෂයෙන්ම තෙත් කලාපයේ ගංවතුර වැනි ප‍්‍රශ්න නිසා බොහෝ අවස්ථාවලදී කන්නය ප‍්‍රමාද වෙනවා ජනවාරි මාසය වනවිට වී වැපිරීම කරලා මාර්තු මාසය කිට්ටු වන විට ගොයම් කපාගන්න පුළුවන් බත රසයි සහල් ඇට දිගයි මෙකී වී ප‍්‍රභේද හඳුන්වා දීම සඳහා මුල්වී කටයුතු කළ හිටපු පර්යේෂණ නිලධාරි ජී ඒ ජිනදාස මහතා කීවේය

ලබුදූව වී පර්යේෂණ ආයතනය මගින් ගොවීන් වෙත මෙකී වී ප‍්‍රභේදය කුඩා ප‍්‍රමාණයෙන් ලබාදෙමින් එය ප‍්‍රචලිත කිරීම සඳහා කටයුතු කරන්නේය මෙකී වී ප‍්‍රභේදය වැඩිදියුණු කොට ඇත්තේ තෙත් කලාපයේය ඒ කොයි හැටි වුවද මෙය තෙත් කලාපයේ මෙන්ම වියළි කලාපයෙත් වගා කිරීමට සුදුසු වී ප‍්‍රභේදයකි ලබුදූව වී පර්යේෂණ ආයතනයේ ස්ථානභාර නිලධාරී සහකාර කෘෂිකර්ම අධ්‍යක්ෂිකා මොනිකා මිල්ලවිතානාච්චි මහත්මිය මෙකී වී ප‍්‍රභේදය ගැන අපිට කිවේ මෙවැනි කථාවකි මෙම වී ප‍්‍රභේදයේ ජීවන චක‍්‍රය කෙටි නිසා වතුර අඩුවෙන් තියෙන කුඹුරුවල වගා කරන්න පුළුවන් සාමාන්‍ය වගා කටයුතු සඳහා යොදාගන්නත් පුළුවන් හොඳ අස්වැන්නක් ලබාදෙනවා වල් මර්දනය මූලික අවස්ථාවේ හොඳින් කරන්න ඕන විශේෂයෙන්ම තෙත් කලාපයේ දී බීජ අවපැහැවීම වෙනවා නමුත් මෙකී වී ප‍්‍රභේදයේ බීජ අවපැහැවීම වෙන්නේ නැහැ අවපැහැවීම අඩුයි එය විශේෂ ගුණාංගයක් වී වගාවේ තියෙන ප‍්‍රධාන පලිබෝධ රෝගවලට මෙකී වී ප‍්‍රභේදය මධ්‍යස්ථ ප‍්‍රතිරෝධතාවයක් දක්වනවා දුඹුරුපැල කීඩෑ හානිය ගොක්මැස්සා හානිය බැක්ටිරියා කොළඅංගමාරයට යන රෝගවලට ඔරොත්තු දෙනවා බීජ ප‍්‍රතිකාරයක් කරලා බීජ වැපිරීම කරන්න ඕන ගුණාත්මක අතින් ඉහළ වී ප‍්‍රභේදයක් මාස දෙකහමාර වී ප‍්‍රභේද එක්ක බැලූවිට හොඳ අස්වැන්නක් ගන්න පුළුවන් කන්න තුනක් වුණත් වගා කරන්න පුළුවන් ඒ විතරක් නොව අතරමැදි කන්නවල වගා කරන්න පුළුවන් ඇත්තටම මෙහි අභිජනන බීජ කාණ්ඩයේ බීජ නිෂ්පාදනය කරනවා අත්තිවාරම් බීජ නිෂ්පාදනය කිරීම සඳහා රජයේ ගොවිපොළවල්වලට ලබා දෙනවා ලියාපදිංචි හා සහතික කළ බීජ නිෂ්පාදනය කරන්න තෝරාගත් ගොවීන් වෙත ලබාදී තියෙනවා වියළි කලාපයේ ගොවීන් විසින් මෙකී වී ප‍්‍රභේදයේ බීජ නිෂ්පාදනය කරලා තියෙනවා යැයි සහකාර කෘෂිකර්ම අධ්‍යක්ෂවරිය කීවාය මෙකී පර්යේෂණ කටයුතු සඳහා පර්යේෂණ සහකාර යු එච් කේ වෛද්‍යනාත” කෘෂිකර්ම උපදේශක වයිඑම්සී අරෝෂාන්” පර්යේෂණ සහකාර චන්දන සිල්වා යන මහත්වරුන් ද සිය දායකත්වය ලබාදී ඇත

එමෙන්ම එල්ඞී 253 නමැති වී ප‍්‍රභේදයේ සහල් සඳහා පාරිභෝගිකයින් අතර ද ඇත්තේ ඉහළ ඉල්ලූමකි විශේෂයෙන්ම තෙත් කලාපයේ ගොවීන් කන්නය ප‍්‍රමාද වූ විට මෙකී වී ප‍්‍රභේදය වගා කිරීමට පෙළඹී සිටිති එහෙත් මෙකී වී ප‍්‍රභේදය ජනප‍්‍රියත්වයට පත්ව ඇත්තේ වියළි කලාපයේ ගොවීන් අතරය විශේෂයෙන් දඹුල්ල වැනි ප‍්‍රදේශවල ගොවීන් අතරමැදි කන්නයේ වගා කිරිම සඳහා මෙකී වී ප‍්‍රභේදය යොදා ගනිති ඉදිරි යල කන්නයේ දී වගා කිරීම සඳහා කුඩා ප‍්‍රමාණ වශයෙන් මෙකී වී ප‍්‍රභේදයේ සාම්පල් ලබාදිය හැකි බව ලබුදූව වී පර්යේෂණ ආයතනය පවසන්නේය සැබවින්ම ලබුදූව වී පර්යේෂණ ආයතනය මගින් ගොවි ජනතාව වෙනුවෙන් සිදුකරනු ලබන්නේ සුවිශේෂි වූ කාර්යභාරයකි එල්ඞී 253 කෙටිකාලීන නව වී ප‍්‍රභේදය හඳුන්වා දීමට පෙර ලබුදූව වී පර්යේෂණ ආයතනය මගින් පසුගිය වසර කිහිපය තුළ වී ප‍්‍රභේද 04ක් හඳුන්වා දී ඇත එල් ඞී 365 එල්ඞී 368 එල්ඞී 408 එල්ඞී 371 යන වී ප‍්‍රභේද එසේ හඳුන්වා දී ඇත එල්ඞී 371 සුදු සම්බා විශේෂයෙකි එල් ඞී 368 ගොවින් අතර ජනප‍්‍රියත්වයට පත් සුදු සම්බා විශේෂයෙකි එල් ඞී 365 රතු සම්බා විශේෂයක් වන අතර එල් ඞී 408 මාස හතරේ වයස් කාණ්ඩයේ වී වර්ගයකි එමෙන්ම එල්ඞී 356 එල් ඞී 355 එල්ඞී 66 ලබුදූව වී පර්යේෂණ ආයතනය මගින් ආරම්භයේ දී ගොවින් වෙත හඳුන්වා දී ඇති වී ප‍්‍රභේදයන්ය

මීට අමතැව ලබුදූව වී පර්යේෂණ ආයතනය මගින් අභිජනන පර්යේෂණ කටයුතු ද සිදුකරනු ලබයි විශේෂයෙන් තෙත් කලාපයේ ඉහළ විභවයක් සහිත කුඹුරුවල ගැටලූ සඳහා මෙන්ම ගංවතුරට ලවනතාවයට සහ රෝගවලට ඔරොත්තු දෙන නව වී ප‍්‍රභේද හඳුන්වා දීම ලබුදූව වී පර්යේෂණ ආයතනයේ බලාපොරොත්තුවයි ලබුදූව වී පර්යේෂණ ආයතනය සඳහා පර්යේෂණ කටයුතු කිරීමට ඇත්තේ අක්කර 05 පමණ වපසරියකින් යුත් කුඩා කුඹුරු ඉඩම් ප‍්‍රමාණයකි පර්යේෂණ ආයතනය ආසන්නයේ ඇති කුඹුරු ඉඩම් හෝ දිගුකාලීන බදු පදනම යටතේ ලබාගෙන පර්යේෂණ කටයුතු කිරීමට ලබාදිම බලධාරින්ගේ වගකිමකි සැබවින්ම අපි ජාතියක් වශයෙන් නව පර්යේෂණ සිදු කළ යුතුය අලූත් අලූත් දෑ නොතනන ජාතිය ලොව නොනගී එසේ කීවේ මුනිදාස කුමාරතුංගයන්ය මේ නිසා ජාතියට අලූත් අලූත් දෑ නිර්මාණය කරදිය යුතුය විශේෂයෙන්ම වැඩිවන ජනගහනයට සාපේක්ෂව කට බඩ පිරවීම සඳහා අපි වැඩි අස්වැන්නක් සහිත නව වී ප‍්‍රභේද හඳුන්වා දිය යුතුය වගා කන්නයෙන් උපරිම ප‍්‍රයෝජන ගැනීම සඳහා මෙවැනි නව ප‍්‍රභේද හදුන්වාදීම අගය කළ යුතුය ලලිත් චාමින්ද