මේ කියන්න යන්නේ අපුරු කතාවක් ගැන. වනාන්තරයේ ජීවත්වෙන තවත් සතෙක් තමයි මේ මුගටියා කියන්නේ .මුගටියා ගැන රසවත් කතා ඕනෑතරම් තිබෙනවා ඒවා පසුවට ඔබට කියන්නම්. අද අපි ඔබව දැනුවත් කරන්න යන්නේ.ලෝකයේම අවදානය දිනාගනිමින් ලංකාවේ සිදු කරපු අපුරු දෙයක් ගැන ඒ තමයි මුගටියන්ගෙන් බලඇණියක් හදපු ලෝකයේ ප්‍රථම රට ලංකාව බව ඔබ දැනන් හිටියද ? මේ වටිනා ලිපිය කියවලා ඔබත් මේ ගැන දැනුවත් වෙන්න.

යුධ හමුදාවේ නියමු ව්‍යාපෘතියක් විදිහට, මුගටියන් යොදාගෙන පුහුණු පරීක්ෂණයක් කලා. ඒ පරීක්ෂණයේදී සොයාගත් දේ අපි කාටත් සිතාගැනීමට අසීරු දෙයක්.බෝබ, වෙඩ බෙහෙත් වගේ දේවල් හොයාගන්න සුනඛයන් සතු තියුණු ඉව යොදා ගන්නා බව අපි කවුරුත් දන්නා කරුණක්. නමුත් මුගටියන්ටත් එලෙසින්ම පිහිටා තිබෙන ඉව ඇල්ලීමේ හැකියාව බෝම්බ, වෙඩි බෙහෙත් හොයාගැනීමට භාවිතා කරන්න පුලුවන් කියල තහවරු උනේ මේ පරීක්ෂණයේදීය.ඒ අනුව, ලෝකයේ ප්‍රථම වතාවට මුගටි බලඇණියක් නිර්මාණය කිරීමේ ගෞරවය හිමිවන්නේ ශ්‍රී ලංකා යුධ හමුදාවටය.ලෝකයේ වැඩිපුරම ඉව සහිත සතුන් ලෙස වාර්තා වන්නේ

  • 01. වළසා
  • 02. බීවර්
  • 03. මුගටියා
  • 04. මෝරා
  • 05. අලියා
  • 06. මීයා
  • 07. මී මැස්සා
  • 08. සුනඛයා
  • 09. බළලා

තව දන්නේනම් පහතින් කමෙන්ට් කරන්න.මුගටියන් යුධ සෙවුම් මෙහෙයුම් සදහා යොදාගැනීමේදී අපිට ලැබෙන වාසි කිහිපයක් තිබේ.

  • 01. ගඳ සුවඳ දෙක වෙන වෙනම හඳුනාගැනීමේ හැකියාව ඇත.
  • 02. යම් දෙයක් කිරීමට එකවර පුහුණුව ලබාදුන් පසු එය නැවත නැවත කිරීමට මුගටියන් තුළ ඇති කැමැත්ත.
  • 03. නැවත නැවත පුහුණු කිරීම අවශ්‍ය නොවීම.
  • 04. මුටියන්ගේ ඉව ජලය නිසාවෙන් ඛණ්ඩනය නොවීම.
  • 05. ලංකාවේ ඕනෑම පරිසර තත්වයක් යටතේ ජීවත්වීමට ඇති හැකියාව.
  • 06. සුනඛයන් මෙන්ම හීලෑ කරගැනීමට ඇති හැකියාව.
  • 07. නඩත්තු කිරීමේ වියදම්ද සාපේක්ෂව අඩු වීම.

මෙම ව්‍යාපෘතිය ආරම්භ කිරීමේ ගෞරවය හිමිවිය යුත්තේ මෑතකදී විශ්‍රාම ගිය ඉංජිනේරු බලඇණියේ හිටපු සේනාධිපති බ්‍රිගේඩියර් අමිත් සෙනෙවිරත්න මහතාට වන අතර මෙම ව්‍යාපෘතිය එතුමාට භාර දී ඇත්තේ හිටපු යුධ හමුදාපති ජෙනරාල් ක්‍රිෂාන්ත සිල්වා මහතාය.පළමු අදියර ලෙස මුගටියන් ලවා වෙඩි බෙහෙත් හා බෝම්බ සඟවා ඇති තැන් සොයාගන්නා අතර මුගටියා හසුරවන්නා විසින් ඒවා ගොඩ දමනු ලබයි. මුගටියාට ඒවා ගොඩ දැමීමට ද හැකියාවක් ඇති නමුත් ඒ සදහා තවත් පුහුණු කොට මුගටියන්ගෙ ආරක්ෂාව ඉහළ දැමූ පසු එම පියවරට ළඟාවෙන බව ආරංචි වෙයි.මේ සදහා මුගටියන් කඳවුර තුළම බෝ කර මාස හයක් වර්ධනය වීමෙන් පසු වසරක පමණ කාලයක් අදාළ පුහුණුව ලබාදී මෙම ව්‍යාපෘතියට යොදවාගැනීම අභිලාෂයයි.සුනඛයන් මෙන්ම මීමැස්සන්ද මීයන්ද යුධ මෙහෙයුම් සදහා යොදාගෙන තිබෙනු අපි මීට පෙර දැක තිබුනද මුගටියනද අපිට ඉදිරියේදී දක්නට ලැබේවි.