සද්ද විද්ද රාජපක්‍ෂ පළඟ පතිර අඹකුමාරගේ රන්ජන් ලියෝ සිල්වෙස්ටර් අල්පෝන්සු රන්ජන් රාමනායක යනු ශ්‍රී ලංකාවේ දක්ෂ නළුවෙකු, චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙකු සහ දේශපාලඥයෙකු ලෙස ගොඩක් ප්‍රසිද්දයි ආන්දෝලනයට තුඩුදී ඇති හිටපු රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතාගේ හඬපටවලට අදාළව ඉදිරියේදී හිටපු අගමැති රනිල් වික්‍රමසිංහඅපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ, ජේ‍යෂ්ඨ පොලිස් අධිකාරි ශානි අබේසේකර, අධිකරණ ක්ෂේත්‍රයේ ඉහළ විනිසුරුවරුන්, නිරූපණ ශිල්පිනි හංසමාලි ඇතුළු විවිධ තරාතිරමේ පුද්ගලයන් රැසකගෙන් කොළඹ අපරාධ කොට්ඨාසය ප්‍රකාශ සටහන් කර ගැනීමට නියමිතව ඇත. විවිධ විමර්ශනයන්ට බලපෑම් කිරීම, ඝාතන කුමන්ත්‍රණ හා මත්ද්‍රව්‍ය ජාවාරම්වලට අදාළ සංවාද ඇතුළත් හඬපට කරළියට ඒමත් සමඟ එම සිද්ධි සම්බන්ධයෙන් අදාළ පාර්ශ්වයන්ගෙන් මෙලෙස එම කොට්ඨාසය ඉදිරි සති කිහිපය තුළ ප්‍රකාශ සටහන් කර ගැනීමට නියමිතව ඇති බව පොලිස් ආරංචි මාර්ග පවසයි.

මෙම හඬපට ඉදිරි විමර්ශන සඳහා අධිකරණ නියෝග මත රජයේ රස පරීක්ෂකවරයාට භාර දී ඇති අතර එම වාර්තා ලද විගස මෙකී පාර්ශ්වයන් කොළඹ අපරාධ කොට්ඨාසය වෙත කැඳවීමට නියමිතව ඇති බවද එම ආරංචි මාර්ග සඳහන් කරයි. කොළඹ අපරාධ කොට්ඨාසයේ පොලිස් කණ්ඩායම් දෙකක් මෙම විමර්ශන සඳහා පත්කර ඇත. කොළඹ අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂ පොලිස් අධිකාරි ජී.ජේ. නන්දන, එහි ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක නෙවිල් ද සිල්වා යන මහත්වරුන්ගේ සෘජු අධීක්ෂණය හා උපදෙස් මත මීට අදාළ විමර්ශන සිදුකෙරේ. චාමර අමරසූරිය