මහා බ්‍රිතාන්‍යය සහ අයර්ලන්තය එක්සත් රාජධානිය යනු 1 ජනවාරි 1801 සිට 12 අප්‍රේල් 1927 දත්වා කාලය තුල එක්සත් රාජධානියට භාවිතා වූ පූර්ව නම වෙයි. එය තැනුනේ මහා බ්‍රිතාන්‍යය රාජධානිය (එය එංගලන්ත සහ ස්කොට්ලන්ත රාජධානියන්හී ඒකාබද්ධයක් විය) සහ අයර්ලන්ත රාජධානිය එකාබද්ධ කිරීමෙන් වන අතර, ඩබ්ලින් මාලිගා පරිපාලනය හරහා සෘජු ලෙසින් වෙස්ට්මිනිස්ටරය මගින් අයර්ලන්තය පාලනය කෙරිණි. බ්‍රිතාන්‍යය ජාතිකයෝ නත්තල හා අලුත් අවුරුද්ද ඉතා ඉහළින්ම සමරති. එනිසාම මෙවරත් බොහෝ බ්‍රිතාන්‍යය ආයතන හා රජයේ දෙපාර්තමේන්තු දෙසැ. 24දා සිට ජනවාරි 7දා දක්වා වසා තබා සේවකයන්ට දින 13ක පමණ නිවාඩුවක් ලබාදී තිබේ මෙම නිවාඩු කාලයේ නරඹන්නන් සතුටට හා විනෝදයට පත්කිරීම සඳහා බි්‍රතාන්‍ය ප්‍රධාන රූපවාහිනි නාළිකා හයම විවිධ සංගීත සන්දර්ශන, රියැලිටි වැඩසටහන්, විනෝදජනක චිත්‍රපට, නැටුම් – ගැයුම් තරග ඇතුළු විවිධ වැඩසටහන් ඉදිරිපත් කරයි. ඒ අතර ජයග්‍රාහකයන්ට මිලියන ගණන් තෑගි ලැබෙන ප්‍රශ්න විචාරාත්මක වැඩසටහන්ද වෙයි.
සෑම වසරකම නත්තලට පෙරදා බ්‍රිතාන්‍යයේ CHANNEL 4 නාළිකාව ඉදිරිපත් කරන දැනුම මිනුම් තරගය බ්‍රිතාන්‍යයේ පාසල් ළමයින් විදුහල්පතිවරුන්, මවුපියන් හා විද්වතුන් අතර ඉතා ජනප්‍රියය. සාමාන්‍ය දැනීම, බුද්ධිය හා මතකය උරගා බලන මේ ජනප්‍රිය තරගයේ විශේෂත්වය වන්නේ එය බ්‍රිතාන්‍යයේ බුද්ධිමත් කුඩා ළමයින් කණ්ඩායමක් හා උගත්, කීර්තිමත් වැඩිහිටි කණ්ඩායමක් අතර පවතින සටනක් නිසාය. CHILD GENIUS VS CELEBRITIES හෙවත් ළමා සුධීමතුන් හා කීර්තිමත් තරු අතර මහා තරගය වශයෙන් හැඳින්වෙන මෙම සටනට ඉදිරිපත් වීමට වාර්ෂිකව වැඩිහිටි උගතුන් දහදාහක් පමණ ඉල්ලුම් කරන නමුත් තරගයට තෝරා ගනු ලබන්නේ ඉන් ඉහළම මොළකාරයන් වූ සමාජයේ ප්‍රසිද්ධ, කීර්තිමත් හා උගත් හතර දෙනකු පමණි. ළමා පිල නියෝජනය කරන්නේ සෑම මාර්තු මාසයේ පැවැත්වෙන CHILD GENIUS බ්‍රිතාන්‍යයේ සුධීමත් දරුවා තේරීමේ තරගාවලියේ ඉහළින්ම ලකුණු ලැබූ හතර දෙනෙක්ය.

පසුගිය නත්තල් දිනට පෙරදා දෙසැ. 24දා රූපවාහිනි ප්‍රේක්ෂකාගාරයට පැමිණි විශේෂ අමුත්තන් 1500ක් හා රට පුරා රූපවාහිනි නරඹන්නන් ලක්ෂ 10ක් ඉදිරියේ ප්‍රචාරය වූ මෙම මහා තරගයේ කීර්තිමත් වැඩිහිටි කණ්ඩායම, මෙහෙයවූයේ JIMMY CARR නමැති බ්‍රිතාන්‍යය රූපවාහිනියේ සුප්‍රසිද්ධ නිවේදකයාය. CAMBRIDGE සරසවියේ සමාජ හා දේශපාලන විද්‍යාව පිළිබඳ ගෞරව උපාධිධාරියකු වූ JIMMY CARR 2018 වසරේදී ද කීර්තිමත් වැඩිහිටියන්ගේ කණ්ඩායම මෙහෙයවමින් සුධීමත් දරුවන්ගේ පිලට අන්ත පරාජයක් අත්කර දුන්නේය. 2019 මහා තරගයේදීත් තමන්ගේ පිල විසින් දරුවන්ගේ පිලට අන්ත පරාජයක් අත්කර දෙන බවට බ්ධ්ර්ක ඛ්ඒඅඅ තරගයට පෙර විහිළුවට වහසිබස් දෙඩුවේය. JIMMY CARRගේ වැඩිහිටි පිලට මුහුණදුන් බ්‍රිතාන්‍යයේ දීප්තිමත් ළමා කණ්ඩායම මෙහෙයවීමට පෙරමුණට පැමිණ සිටියේ 2019 මාර්තු මාසයේදී මහා බ්‍රිතාන්‍යයේ සුධීමත් දරුවා CHILD GENIUS වශයෙන් තේරුණ­ ඇල්බර්ට් අයින්ස්ටයින්ටත් වඩා බුද්ධි අංකය (IQ ) වැඩි වූ ලාංකික පාසල් දැරිය වූ 14 හැවිරිදි නිශී උග්ගල්ලය.
කීර්තිමත් වැඩිහිටියන්ගේ පිලට ජය ලබා ගැනීමට JIMMY CARR මහතාට සහායට කණ්ඩායමට එකතු වී සිටියේ උපාධිධාරි ජනප්‍රිය තරුවක් වූ RICHARD BACON මහතා හා JO BRAND හා VICK HOPE යන මහත්මීන්ය.

මේ මහා මොළකාරයන් හතර දෙනාගේ කණ්ඩායම පරාජය කිරීම සඳහා පුංචි නිශී උග්ගල්ලගේ කණ්ඩායමට එකතු වී සිටියේ 2018 වසරේ බ්‍රිතාන්‍යයේ සුධීමත් දරුවා වූ ඉන්දියානු ජාතික රාහුල් (අවු 14) හා එම තරගාවලියේම අවසාන පූර්ව වටයට තේරුණු DAN (අවු. 10) හා FABIO (අවු.12)ය.
පසුගිය වසර කිහිපයේම මෙම තරගාවලිය ජයගත්තේ කීර්තිමත් වැඩිහිටියන් කණ්ඩායමයි. 2019 වසරේදීත් ඉතා ධෛර්යයෙන් හා අත්ම විශ්වාසයෙන් තරගයට ඉදිරිපත්ව සිටි මේ කීර්තිමතුන් හතර දෙනා සමඟ තම බුද්ධිය උරගා බලා ඔවුන්ගෙන් ශූරතාව උදුරා ගැනීමට පුංචි නිශී උග්ගල්ලට හැකිවෙයිද යන්න නරඹන්නන් සියල්ලටම ලොකු ප්‍රශ්නයක් විය. මෙම මහා තරගය 1 අක්ෂර වින්‍යාසය (Spelling) 2 මතක ශක්තිය ( Memory) 3 ගණිතය 4 ප්‍රියතම විෂය හා 5 සාමාන්‍ය දැනුම යනුවෙන් වට පහකින් සමන්විතය. මතක ශක්ති වටය සඳහා දෙපිලේ ප්‍රතිවාදීන්ට තරගයට පෙර පැයක් තිස්සේ කටපාඩම් කිරීමට නම් ලැයිස්තුවක් බැගින් ලබාදී තිබිණි. නත්තලට පෙරදා රාත්‍රි 8 වන විට තරගය නැරැඹීමට පැමිණි අමුත්තන් 1500න් ප්‍රේක්ෂක ශාලාව පිරී ඉතිරී තිබිණි. බි්‍රතාන්‍යයේ Barcloys බැංකුවේ විධායක නිලධාරියකු වූ නිලංග උග්ගල්ල මහතා හා එම මැතිනිය ශිරෝමි අනෙකුත් මවුපියන් සමඟ ශාලාවේ ඉදිරියෙන්ම අසුන්ගෙන සිටියේ තම දියණිය නිශී උග්ගල්ල කෙසේ හෝ කීර්තිමත් වැඩිහිටි කණ්ඩායම පරාජය කරාවි කියන බලාපොරොත්තුවෙනි. නමුත් වයස 14 ට අඩු මේ පුංචි දරුවන් හතර දෙනාට උපාධිධාරි කීර්තිමතුන් හතරදෙනා පරාජය කිරීමට කිසිසේත්ම බැරිවනු ඇතැයි අනෙකුත් රැස්ව සිටි විශේෂ අමුත්තෝ විශ්වාස කළෝය. ඔවුන් සියලු දෙනාම බලාපොරොත්තු වූයේ කලින් වසරවල මෙන් මෙවරත් Jim Carr ගේ වැඩිහිටි පිල කුසලානය ඉහළට ඔසවනවා දකින්නටය.

දැන් රාත්‍රි 8ය. බ්‍රිතාන්‍යයේ බොහෝ පාසල් ළමයි හා මවුපියන් ආසාවෙන් වාර්ෂිකව නරඹන සුධීමත් දරුවන් හා කීර්තිමත් තරු අතර පැවැත්වෙන දැනුම මිනුම තරගයේ පළමුවැනි වටය වූ අක්ෂර වින්‍යාසය අරඹමින් තරග විචාරක (Richard) ප්‍රථම ප්‍රශ්නය නඟයි. ‘ඔබ්සලිසන්ට් ( කල්පැන යෑම) අකුරුවලට නඟන්න’ කීර්තිමතුන්ගේ බෙල් එකට තත්පරයකට කලින් රාහුල්ගේ බෙල් එක නාද වෙයි O-B-S-O-L-E-S-C-E-N-T උත්තරය හරියට හරි. නිවේදන (Richard) කියයි. ශාලාව අත්පොළසන් නාදයෙන් පිරී යයි. සෙක්ෂ්වි පෙඩලියන් (අඩි එකහමාරක් දිග) අකුරුවලට නඟන්න. බි්‍රතාන්‍යයේ ළමා චෙස් ශූරතාවද දිනා ඇති 2 හැවිරිදි Fabio වහා පැන උත්තර දෙයි. ‘Sesqguipedlian’ ඉංගී්‍රසි භාෂාවේ අකුරු 14කින් සමන්විත මේ වචනයට Fabio නිවැරදිව උත්තර දෙයි. නමුත් වැඩිහිටියෝ ඊළඟ ප්‍රශ්නවලට දරුවන්ට කලින් බෙල් එක ගසා නිවැරදි උත්තර දෙති. දැන් ලකුණු තත්ත්වය 3- 3 ය. නිවේදක Richard Osman වටයේ අන්තිම ප්‍රශ්නය අසන්නට සැරසේ. ප්‍රතිවාදීන්ට කලින් බෙල් එක නාද කොට නිවැරදි පිළිතුරු දෙන්නා තම පිලට පළමුවැනි වටයේ ජය ලබාදෙනු ඇත. හයිපකෙරටෝසිස් ( හමේ රෝගයකි) වැඩිහිටි පෙළේ තරගකරුවන් දෙදෙනෙක්ම වහා බොත්තම නාද කරති. නමුත් ඔවුන් පරක්කු වූවා වැඩිය. මහා බි්‍රතාන්‍යයේ සුධීමත් දරුවා වන නිශී උග්ගල්ල ඔවුනට කලින් බොත්තම ඔබා උත්තර දීමට සැරසේ. මේ අකුරු 14රේ දීර්ඝ වචනය හරියට Spell කළොත් පුංචි නිශී තමන්ගේ ළමා කණ්ඩායමට පළමුවන වටයේ ජය අත්කර දෙනු ඇත. ඇය උත්තරය වැරද්දුවහොත් වැඩිහිටි කණ්ඩායමට නිකම්ම ජය ලැබේ. මුළු ශාලාවම මීයට පිම්බාක් මෙන් නිහඬව බලා සිටී. ආත්ම විශ්වාසයෙන් යුතුව නිශී උග්ගල්ල දැරිය වචනයේ අකුරු මුල සිට අග දක්වා ශබ්ද නඟා කියයි.

H- Y- P-E-R-K-E-R-A-T-O-S-I-S ‘අති විශිෂ්ටයි උත්තරය හරියට හරි’ නිවේදකයා කියයි. මුළු ශාලාවම Well Done Nishi අති විශිෂ්ටයි. කියමින් ඔල්වරසන් දෙයි. දැන් ලකුණු පුවරුව 3- 4 ය. දැන් තරගයේ දෙවැනි කොටස මතකය උරගා බැලීමේ වටය ඇරැඹේ. මුලින්ම සටනට බසින්නේ 43 හැවිරිදි රූපවාහිනි නිවේදක Richard Bacon හා 12 හැවිරිදි Fabio ය. ඔවුන් දෙදෙනා තරගයට පැයකට කලින් පාඩම් කළේ නත්තල සම්බන්ධ ගිනස් ලෝක වාර්තා ලැයිස්තුවයි. මුලින්ම ප්‍රශ්නවලට උත්තර දෙන්නේ Richard Bacon ය. “ඉන්දියාවේ හාරදහසක පිරිසක් එකතු වී තැබූ නත්තල් වාර්තාව කුමක්ද?” ‘ඔවුන් ලෝකයේ දිගම නත්තල් සැරසිල්ල හැදුවා’ Richard උත්තර දෙයි. ‘වැරදියි. ඔවුන් ලෝකයේ දිගම මිනිස් නත්තල් ගහ ගොඩනඟා ගිනස් පොතට එකතු වුණා’ නිවේදකයා කියයි. අවාසනාවට ඊළඟ ප්‍රශ්න තුනත් රිචඩ්ට වරදී. තරගය නරඹමින් සිටින ඔහුගේ වියපත් මවුපියන් ඔළුවේ අත ගසා ගනිති. නමුත් අධ්ඛ්ඩ්ඒඅච් ගේ ප්‍රතිවාදියා පුංචි FABIO ප්‍රශ්න 05න් ප්‍රශ්න 04කට නිවැරදිව උත්තර දී ලකුණු 04ක් ලබා ලකුණු 1ක් ලැබූ රිචඩ් පරාජය කරයි. දැන් තරගයේ මුළු ලකුණු තත්ත්වය වියතුන් 04යි. සුධීමත් දරුවන් 08යි.

මතකය උරගා බැලීමේ වටයේ දෙවැනි වාරයට ඉදිරියට එන්නේ බි්‍රතාන්‍යයේ සුප්‍රකට ජනප්‍රිය නිවේදිකාවක් හා කේම්බි්‍රජ් විශ්වවිද්‍යාලයේ නවීන භාෂා පිළිබඳ උපාධිධාරිනියක් වන 30 හැවිරිදි Vick Hopeය. ඇයට යුරෝපා භාෂා හතරක් චතුර ලෙස කථා කළ හැකිය. ඇයට O/Level A 9ක්ද A/Level A5ක්ද තිබේ. ඇයගේ ප්‍රතිවාදියා ලෙස සිටින්නේ ශ්‍රී ලංකාවෙන් බිහිවුණු පුංචි මොළකාරිය නිශී උග්ගල්ලය. මේ උගතුන් දෙදෙනා කරට කර සිටිමින් එම වටයේ ලකුණු 04 බැගින් ලබාගනිති. රාහුල් (අවු 14) හා Jimmy Carr (47) අතරද DAN (අවු 10) හා බ්ධ Brand (62) අතරද පැවැති ද්වන්ධ යුද්ධවලින් පසු මතකය උරගා බැලීමේ වටය අවසානයේ ඊළඟට ඇරැඹුණේ මනෝ ගණිතය Mental Arithmetic වටයයි. පළමුවන ප්‍රශ්නය කීර්තිමත් කණ්ඩායමටය. “නත්තල් සීයාගේ අත්උදවුකාරයා ELF අඟුටු මිට්ටාට කමිස 03ක්, කලිසම් 02ක් හා තොප්පි 03ක් තෑග්ගට ලැබිණි. වරකට කමිසයක්, කලිසමක් හා තොප්පියක් බැගින් ඔහුට එකිනෙකට වෙනස් ඇඳුම් කට්ටල කීයක් අඳින්නට පුළුවන්ද? වැඩිහිටියෝ උඩ බලමින් ගණන් හදති. නිවැරදි උත්තරය සාකච්ඡා කරති. නමුත් පුංචි නිශී නිවැරදි උත්තරය කොළයක ලියා තම සගයන්ට පෙන්වයි. එයාලට පේන්න කලින් ඉක්මනට මකන්න. පුංචි DAN හෙමිහිට නිශීට කොඳුරයි” මේ ප්‍රශ්නයට වැඩිහිටියන් මුලින්ම බෙල් ගැසූ නිසා නිශාලට එයට උත්තර දීමට නොහැකිය.
උත්තරය 07යි වැඩිහිටි පිලේ නායක Jimmy Carr කෑ ගසයි. “වැරදියි වැරදියි” නිවේදකයා හරි උත්තරය කියයි.

(ශ්‍රී ලංකාවේ දරුවන්ට උත්සාහ කිරීමට ඉඩදීම සඳහා නිවැරදි පිළිතුර මෙහි නොලියමි) දැන් සුධීමත් දරුවන්ගේ වාරයයි. නත්තල් සීයා රෑ 12ට දුම් කවුළුවෙන් තෑගි ගේනතුරු බලාසිටි පුංචි Jimm ට රෑ 7.45ට නින්ද ගියා. නත්තල් සීයාගේ පැමිණීමට තව විනාඩි කීයක් තිබුණාද මම දන්නවා, මම දන්නවා 255යි. නිශී උග්ගල්ල නිවැරදි උත්තරය දෙයි. හැමෝම අත්පුඩි ගසති. මෙන්න ඊළඟ ප්‍රශ්නය. 19ය 5න් වැඩි කරලා 14ක් අඩුකරලා 6න් වැඩි කරලා 03න් බෙදුවාම කීයද? තප්පර කාලක් ගතවෙන්නට පෙර 2018 වසරේ සුධීමතා 14 හැවිරිදි රාහුල් බෙල් එක ගසයි. උත්තරය 162යි” මෙන්න ඊළඟ ගණිත ප්‍රශ්නය 437 නවයෙන් වැඩි කරන්න. වැඩිහිටියන් කොළවල ගණන හදන්නට සැරසෙද්දී පුංචි නිශී බෙල් එක ගසයි. උත්තරය 3933යි ඇය නිබයව කියයි. නිශීගේ මොළේ රත්තරන් නේ නිවේදකයා කියද්දී හැමෝම අත්පොළසන් දෙයි. නිලංග හා ශිරෝමි යුවළ ශ්‍රී ලංකාවටම ගෞරවයක්ගෙන දෙන තම දියණිය දෙස ආඩම්බරයෙන් බලා සිටී. මනෝ ගණිත වටය. අවසානයේ ලකුණු පුවරුව කීර්තිමතුන් (Celibrities )17යි. ට්ඥදඪභඵඥඵ 23යි. මේක අදහන්න බැහැ, අපේ පුතාලා මේ දරුවන්ට පරදින්න වගේ. Richard Bacon ගේ අම්මා තම සැමියාට දුකින් කියයි.
දැන් තරගයේ හතරවැනි වටයයි. සියලුම තරගකරුවන් තමන්ගේ ප්‍රියතම විෂයක් යටතේ තප්පර 90ක් තුළ ප්‍රශ්න 10කට උත්තර දිය යුතුය.
මුලින්ම සටනට බසින්නේ නිශී උග්ගල්ල හා කේම්බි්‍රජ් උපාධිධාරිනි Vick Hopeය.

නිශී ඔයාගේ ප්‍රියතම විෂය මොකක්ද නිවේදක අසයි. අහසේ තාරකාවල උපත හා වැඩිදියුණු වීම මේක නම් මහ බරපතළ එකක් මේ කෙල්ලට පිස්සුද මන්දා Jimmඥ ඛ්චපප තමන්ගේ සගයා Brand ට කොඳුරයි. ඔහු හිතන්නේ අභ්‍යවකාශයේ තරු ගැන කතා කරන්නට ගොස් නිශී වැඩේ වරද්දා ගනීවි කියාය. නමුත් නිශී උග්ගල්ල බි්‍රතාන්‍යයේ සුධීමත් දරුවා වූයේ පින් චාන්ස් එකකට නොවේ. ඇය මහාචාර්ය Hawkins ටත් වඩා අහස් තරු ගැන දනී.
තරුවක මතුපිටට කියන නම මොකද්ද? Photosphere පොළොවට ළඟම ඇති තාරකා ඉපදෙන පෙදෙසට කියන නම මොකක්ද? Orion Nebula ඇය නිවේදකයා ප්‍රශ්නය අසා ඉවර වන්නටත් පෙර පට පට ගා උත්තර සපයයි. Zam නමැති තාරකාවේ සම්පූර්ණ නම මොකක්ද? Zero age Main Sequence රූපවාහිනියෙන් තරගය නරඹමින් සිටින ලක්ෂ සංඛ්‍යාත දරුවන්, මවුපියන් හා උගතුන් මවිත කරමින් නිශී උග්ගල්ල තාරකා උපත හා එහි පරිණාමය ගැන ඇසූ ප්‍රශ්න 10ටම නිවැරැදි උත්තර දී ලකුණු දහයම දිනා ගනියි. නිශීගේ ප්‍රතිවාදියා වූ කේම්බි්‍රජ් උපාධිධාරිනිය කවුරුත් හිනා ගස්සමින් කියා සිටියේ තමන් තෝරාගත් මාතෘකාව ජිරාෆ් (Giraffe) සතා බවය. ලෝකයේ උසම ජිරාෆ්ගේ නම මොකක්ද? ජෝර්ජ් ඇය සිනාමුසු මුහුණින් උත්තර දෙයි. මෙසේ තරගකරුවන් අට දෙනාම ප්‍රියතම විෂය වටයට උත්තර දුන් පසු තරගයේ ලකුණු තත්ත්වය 31-39ක් වෙයි.

අවසාන වටය වූ දැනුම – මිනුම ඇරැඹීමට පෙර ලැබුණු විනාඩි 10ක කාලය තුළ සුධීමත් පිලේ නායක නිශී තම කණ්ඩායම ධෛර්යවත් කරමින් පුංචි කතාවක් කරයි. ච්චද, Fabio, අචඩභත හොඳට අහගන්න. අපි ලකුණු 8ක් ඉස්සරහින් නිසා අපි දැනටමත් දින්නා කියා හිතන්න එපා. ගිය පාරත් එයාලගේ Team එක දැනුම මිනුම වටයේදී තමයි ළමයින්ව පැරැද්දුවේ. මතක තියාගන්න එයාලා උපාධිකාරයෝ. අපි තවම හයේ හතේ ළමයි. නමුත් දැනුමට වයස් භේදයක් නැහැ. අහන ප්‍රශ්නෙට උත්තරේ ෂුවර් නම් එයාලා බෙල් එක ගහන්න කලින් ඔයාලා බොත්තම තද කරන්න. හැබැයි හරියට නොදන්න ඒවාට බෙල් ගහන්න ගිහින් ලකුණු කපාගන්න එපා. අපි ක්‍රිකට් මැච් එකක් දිනන්න යනවා වගේ හිතන් උත්තර දෙන්න.” 2019 සුධීමතුන් හා කීර්තිමතුන් අතර පැවැත්වෙන බුද්ධිය මැනීමේ මහ සටන දැන් ඇරැඹීමට ඔන්න මෙන්නය. ලකුණු 8ක් ඉදිරියෙන් සිටින ළමා පිල පරාජය කිරීමට නම් වැඩිහිටියන් ඔවුන්ට කිසිම ඉඩක් නොදී සෑම ප්‍රශ්නයකටම නිවැරැදි උත්තරය ලබාදිය යුතුය. මුළු ප්‍රේක්ෂකාගාරයම කවුරුන් ජය ගනීවිදැයි නියපොතු විකමින් බලා සිටී.

පළමු වැනි ප්‍රශ්නය – ආවර්තිතා වගුවේ (Periodic Table) 18 වැනි කණ්ඩායමට කියන නම මොකක්ද? Noble Gas කීර්තිමත් පිලේ Jimmy Carr වහා උත්තර දෙයි. Cranberry SAUES ඊළඟ ප්‍රශ්නයටත් Jimmර ක්ෂණික උත්තර දෙයි.  තුන්වැනි ප්‍රශ්නයටත් උත්තරය Jimmර ගෙනි. රස්පුටින් හතරවන ප්‍රශ්නයට නිවැරැදි උත්තරය දෙන්නේ Vick Hope උපාධිධාරිනිය. මෙන්න හත්වැනි ප්‍රශ්නය මහ රැජන පෞද්ගලිකව පිරිනමන ඉහළම නම්බු නාමය කුමක්ද? Order of Merit නායක Jimmy Carr කෑගසමින් උත්තර දෙයි. පිට පිට ප්‍රශ්න 8කට උත්තර දුන් නිසා දැන් ලකුණු තත්ත්වය සමය. පුංචි රාහුල්ගේ මුහුණ මැල වී ඇත. ඊළඟ ප්‍රශ්නවලින් කිහිපයකටවත් උත්තර දීමට බැරිවුණොත් සුධීමත් ළමා පිලට මේ වසරේත් හිමිවන්නේ පරාජයයි.
මහ බි්‍රතාන්‍යයේ ප්‍රථම කථානායකවරිය කවුද? කීර්තිමතුන්ට තත්පර කාලකට කලින් බොත්තම ඔබන පුංචි රාහුල් උත්තරේ Betty Booth යැයි මහ හඩින් කියයි. ඊළඟ ප්‍රශ්නයට දස හැවිරිදි DAN හරි උත්තරය දෙයි. දැන් මේ මහ තරගයේ අවසාන ප්‍රශ්නය එළඹ ඇත. නිවේදකයා ඉතා ගැඹුරු අවසානය ප්‍රශ්නයක් ඇසීමට සැරසේ. මුළු ශාලාව තුළට අල්පෙනෙත්තක් බිමට වැටුණත් ඇසෙන තරමේ නිශ්ශබ්දතාවකි. මේ ප්‍රශ්නයෙන් තරගයේ ජය පරාජය විසඳෙයිද? කවුරුත් ඇසිපිය නොහෙළා බලා සිටිති.

නිවේදක Richard Osman අවසාන ප්‍රශ්නය සෙමින් සෙමින් අසයි. මිනිස් මුහුණේ ඇස්පියන් (Eye Lids) වහන්නට උදවු දෙන මාංස පේශියට කියන වචන දෙකේ නම මොකක්ද? උපාධිධාරි පිරිස බොත්තම තද කිරීමට තප්පර දශමයකට පෙර බොත්තම එබූ දස හැවිරිදි ච්චද ඒකට කියන නම ORBICULARIS OCULI කියමින් කෑ ගසයි. එය නිවැරැදිය. මේ දැනුම මිනුම තරගයේ ජයග්‍රාහකයන් වන්නේ නිශී උග්ගල්ලගේ සුධීමත් දරුවන්ගේ පිලයි. නිවේදකයා කියයි. මුළු ශාලාවේම අමුත්තෝ හුන් තැනින් නැඟී සිටිමින් ශ්‍රී ලංකාවේ Nishi, ඉන්දියාවේ රාහුල්, Fabio හා ච්චද දරුවන්ට විනාඩි අටක් තිස්සේ අත්පොළසන් දෙති. නිලංග හා ශිරෝමි උග්ගල්ල යුවළ තම දියණිය වැලඳ ගනිති. දුවේ දෙවැනි සැරේටත් ඔයා අපේ රට බැබළෙව්වා.
දහසක් අත්පොළසන් මැද්දේ පරාජිත කීර්තිමතුන්ගේ පිලේ නායක අති විශ්ෂට ජයක්. අපි හැමෝම ඔබට සුබපතනවා කියමින් දැවැන්ත කුසලානය පුංචි නිශී උග්ගලට පිරිනමයි. ඕක මම දෙන්නේ ටික කාලෙකටයි. ලබන අවුරුද්දෙ අපි ඛ්උර්ථී එක ආයෙත් දිනනවා නේ යි ඔහු පුංචි පහේ විහිළුවක්ද කරයි. ජයග්‍රාහක දරුවන් හතරදෙනා රන් පදක්කම්ද ලබති. කේම්බි්‍රජ් සරසවි උපාධිධාරීන් දෙදෙනකුත් සිටි වියතුන් පිල පරදවා ලකුණු 58-65කින් විශිෂ්ට ජයක් ලබාගත් බි්‍රතාන්‍යයේ සුධීමත් ළමා කණ්ඩායම කුසලානය ඔසවා ප්‍රදර්ශනය කරමින් ප්‍රේක්ෂකාගාරය වටා යන්නේ නරඹන්නන්ගේ උණුසුම් සුබපැතුම් හා අත්පොළසන් මැදය. බි්‍රතාන්‍යයේ මොළකාරිය හෙවත් සුධීමතිය වට කරගත් මාධ්‍යවේදීන් ඇයගෙන් නොයෙකුත් ප්‍රශ්න අසයි. ගිය මාර්තුවල ඔබ 10,000ක් අපේක්ෂකයන් පරදවලා CHILD GENIUS සුධීමත්ම දරුවා බවට අභිෂේක ලැබුවා. අද ඔබ කීර්තිමත් වැඩිහිටියන්ගේ පිල පරාද කරා ඔබට මේ ගැන මොනවද හිතෙන්නේ.

නෑ, මේක මගේ නෙවි. අපේ කණ්ඩායමේ සමූහ ජයග්‍රහණයක්. අන්තිම රවුමේදී කීර්තිමත් වැඩිහිටියෝ ප්‍රශ්නවලට එක පිට එක උත්තර දිදී එද්දී මට ටිකක් බයකුත් හිතුණා. නමුත් අපේ ළාබාලම ක්‍රීඩකයා අවුරුදු දහයේ පුංචි DAN අන්තිම ප්‍රශ්නවලට පැනලා උත්තර දීලා අපට ජය අරන් දුන්නා.
ලබන අගෝස්තු මාසයේදී වයස 15 සම්පූර්ණ කරන නිශී උග්ගල්ල සුධීමතිය මැන්චෙස්ටර් නුවර ALTRIWCHAM සුපිරි බාලිකා විදුහලේ 10 වැනි ශේ‍ර්ණියේ ඉගෙනුම ලබයි. කවදා හෝ CAMBRIDGE විශ්වවිද්‍යාලයට ඇතුළු වී භෞතික විද්‍යාව, ගණිතය හා තොරතුරු තාක්ෂණය හැදෑරීමට ඇය බලාපොරොත්තු වෙයි. මතු දවසක ලෝකයේ ඉහළම පෙළේ (THEORETICAL PHYSICIST) න්‍යායාත්මක භෞතික විද්‍යාඥවරියක වීම මෙම පුංචි ගණිත ශූරියගේ අරමුණයි. බි්‍රතාන්‍යයේ බොහෝ දීප්තිමත් දරුවන්ගේ අම්මලා තාත්තලා හෙලිකොප්ටර් මවුපියන්ය. ඔවුන් තම දරුවාගේ හිසට උඩින් අහසේ කැරකෙමින් ඔහුගේ හෝ ඇයගේ ළමා කාලය පාලනය කරන්න යෑම නිසා බොහෝ දීප්තිමත් දරුවන් තම ජීවිතය කඩාකප්පල් කරගනිති.
නමුත් නිලංග හා ශිරෝමි යුවළ තම දීප්තිමත් දරුවාට කිසිම පීඩනයක් එල්ල කරන්නේ නැත. අවුරුදු දෙක තුනක් වැඩිහිටියන්ගේ ටීම් එක දිනපු කුසලානය අපේ නිශී දුවගෙ ටීම් එක දිනාගත්තට අපට හරිම සතුටයි. නිශීගෙ අනාගතයට මඟ පෙන්වනවා ඇරෙන්න ඒ ලෙවල්වලට අහවල් විෂය කරන්න. අහවල් ක්‍රීඩාව කරන්න යන්න එපා කියලා අපි කවදාවත් ඇයට බලකළේ නැහැ. කරන්නෙත් නැහැ. දුව හොඳ උපාධිධාරිනියක් වෙලා ශ්‍රී ලංකාවටත් බි්‍රතාන්‍යයටත් ඉහළම පෙළේ ගෞරවයක් ලබාදෙන පුරවැසියෙක් වෙයි කියා අපි බලාපොරොත්තු වෙනවා” නිලංග උග්ගල්ල මහතා කියයි. පුංචි නිශී උග්ගල්ල දැරිය මතු දවසක ලෝකයේ ඉහළතම ගණිත විද්‍යාඥවරිය ලෙස බැබළෙනවා දැකීම ලන්ඩන් නුවර සිටින දහස් ගණනක ලාංකිකයන්ගේද පරම පැතුමයි. මාතර රුවිනි නිලන්ති ගමගේ බ්‍රිස්ටල් නුවර සිට