සෙංකඩගල පුරවරයේ කිරි මුහුද අභියස දළදා මාලිගාවට මුහුණලා මහල් හතරකින් යුත් සුදු පැහැයෙන් වර්ණවත් වූ අලංකාර මන්දිරයක් පිහිටා තිබේ. කිරි පැහැයෙන් වර්ණවත් වූ ඒ අලංකාර මන්දිරය වෙන කිසිවක් නොව ලෝක උරුමයක් වූ ක්වීන්ස් (රැජින) හෝටලයයි. බොහෝ දෙන මෙය රැජින හෝටලය ලෙස නමින් දැන සිටියත් එහි අතීතය නම් දන්නේ ඉතාමත් සුළු පිරිසකි. ලෝක උරුමයක් සංරක්ෂිතයක් ලෙස නම් කර ඇති රැජින හෝටලය කාමර 78 යුත් අලංකාරවත් සිවු මහල් මැදුරකි. කන්ද උඩරට සෙංකඩගල ජයබිම, තමන්ගේ පරිපාලන නගරය මෙන් ම අගනුවර ලෙස ඉංග්‍රීසින් පවත්වාගෙන යනු ලැබිණි. එකල ඔවුන් තමන්ගේ අභිමතය පරිදි රට පාලනය කළා පමණක් නොව, ගොඩනැගිලි පවා තමන්ට කැමැති පරිදි වෙනස් කරමින්, පවත්වාගෙන යනු ලැබී ය ඇතැම් ගොඩනැගිලි කඩා බිඳ දමා , බ්‍රිතාන්‍ය ගෘහ නිර්මාණ ශිල්පයට ගැළපෙන ආකාරයට යළි සකස් කරමින්, ගොඩනැගිලි හරහා අභිමානවත් බවක් තවරන්නට උත්සාහ ගත්හ මෙසේ ඉදි කළ ගොඩනැගිලි වල පදිංචිව සිටියේ, රදල නායකයන් රැසකි කන්ද උඩරට පෙළපතේ, අවසන් කාලයේදී අගනුවර අධිකාරම්වරුන්ගේ වලව් දහඅට ඊට අයත් බව ද මේ රදල නායකයන්, එම වලව් ඇසුරෙහි විසූ බවත් ඉතිහාසය පෙන්වා දෙයි ක්‍රිස්තු වර්ෂ 1812 වන විට අගනුවර තිබූ වලව් 18 න් අද වන විට එම වලව් පිහිටි ස්ථාන පමණක් ඉතිරි වී, ඒ මත බ්‍රිතාන්‍ය ගෘහ නිර්මාණ ශිල්පීන්ගේ වාස්තු විද්‍යා ලක්ෂණ පෙන්වන ගොඩනැගිලි ඉදිකර ඇති අයුරු සනාථ කර ගැනීමට ඇති හොඳ ම සාක්ෂිය, එකල දූල්ලෑව වලව්ව පිහිටි බිමෙහි ඉදි වූ රැජන හෝටලයයි දළදා මාලිගාව ඉදිරියේහිම කන්ද උඩරට රජදරුවන් ට ඉතා සමීපව අධිකාරම්වරු පදිංචි කරවා ගෙන ඇත්තේ රජතුමා විසිනි.

දූල්ලෑව වලව්ව ඉන් එකකි එය දූල්ලෑව අධිකාරම්ගේ නිවෙසයි දූල්ලෑව වලව්ව ඉදිකිරීම පිළිබඳ ජනවහරේ කතා රැසක් ඇතත් , ඒවා අද ද භාවිත නොකරන්නේ, දූල්ලෑව වලව්ව ඉදිකරන්නට ඇත්තේ දේවේන්ද්‍ර මූලාචාර්ය විසිනි යන්න සාධක රැසක් සමඟ සැසඳෙන නිසා විය යුතු ය වසර 1815 මාර්තු 2 වැනි දින උඩරට ගිවිසුමෙන් අනතුරුව දූල්ලෑව වලව්ව තමන්ගේ වුවමනාවලට අනුගතව වෙනස් කළ අතර, මේ වලව්ව , මැලේ නමැති ඉංග්‍රීසි රයිෆල් රෙජිමේන්තුවේ නිළ නිවාසය බවට පත්කර ගත්හ මේ වලව්වේ මැද මිදුල්, නඩු අසන තැන්, වරදකරුවන්ට දඬුවම් ලබාදෙන තැන්, අධිකාරම්ගේ පවුලේ සමීපතමයන්ට නවාතැන් ගැනීම සඳහා වෙන් කළ කාමර , මුළුතැන් ගෙවල්, විවේක කාමර ආදියෙන් සමන්විත විශාල පරාසයක් සහිත වලව්ව අතිශය දැකුම්කළු ය වසර 1815 දී දූල්ලෑව වලව්ව වු මේ ගොඩනැගිල්ල, 1818 දී ආණ්ඩුකාර මන්දිරය විය. වසර 1858 රයිෆල් රෙජිමේන්තු නිළ නිවාසය ලෙස පැවැති දූල්ලෑව වලව්ව, 1885 වසරේදී හෝටලය වෙත පවරා ගන්නා ලදී.

දූල්ලෑව වලව්වේ පියස්සේ කුඩා වහල රැසක් වන පරිද්දෙන් මාර්ගයේ දෙපසට මුහුණලා පිහිටන සේ දෙපස වහල සකස්කර ඇත්තේ, ජලය නොරැඳෙන පරිදි ය බ්‍රිතාන්‍යයෝ තම දේවස්ථානවල ඉදිකිරීම් ආකෘතියට බොහෝ ඇලුම් කලහ දැවැන්ත කුලුනු, විශාල ආරුක්කු, ගණකම් බිත්ති, විශාල දොරවල්, ජනෙල්, බෑවුම වැඩි කෝණාකාර වහල, බ්‍රිතාන්‍ය වාස්තු විද්‍යාවේ පරිදිම වලව්ව තුළ දැකගත හැකි ය මහනුවර නගරයේ පෞරාණිකත්වයට විශාල වශයෙන් අගයක් , අලංකාර නිමැවුමක් ලෙස අදටත් දිස්වන මේ දූල්ලෑව වලව්ව, සැහැල්ලු ගොඩනැගිල්ලක් වන්නේ සොල්දර මහල් සහ දැවමය බිත්ති ද, මැටි හා වැලි මිශ්‍ර බදාමය සහිත බිත්ති ද වන නිසා ය අතීතය, වර්තමානය හා ඒකාබද්ධව සුන්දර ඉතිහාසයක් කරා ගෙන යන්නේ , මෙවැනි පැරැණි ගොඩනැගිලි ය. සැබැවින් ම එය ලෝක උරුමයක් වන්නේ ද එබැවිනි.