Sat. Feb 29th, 2020

Lanka Online

Sri Lanka Online News

වරද ඉරානය පිළිගනී

ඉරාන අමෙරිකා කැළඹීම් අතරේ යුක්‍රේනයට නොසිතූ ඛේදවාචකයකට මුහුණ දීමට සිදු වුනා. ඉරාන අහස් සීමාවේ ගමන් කළ ගුවන් යානයකට එළ්ල වූ ප්‍රහාරයක් හේතුවෙන් එහි ගමන් කළ කාර්‍ය මණ්ඩලය ඇතුළු මගීන් 176ක් මිය ගියා. බටහිරින් එළ්ල වූ චෝදනා හමුවේ මුලදී ඉරානය එහි වගකීම බාර ගැනීම ප්‍රතික්ෂේප කළ කෙසේ වෙතත් ඉරාන රාජ්‍ය මාධ්‍ය වාර්තා කරන ආකාරයට යුක්‍රේන ගුවන් යානය අනතුරට ලක් වූයේ තමන් අනපේක්ෂිතව එළ්ල කළ ප්‍රහාරයක් හේතුවෙන් බව ඉරාන හමුදාව පිළිගෙන තිබෙනවා. අදාල ගුවන් යානය ඉරාන විප්ලවීය ආරක්ෂක හමුදාවට අයත් උපක්‍රමිකව වැදගත් කලාපයකට ඉහළින් පියාසර කර ඇති බවත් ප්‍රහාරය එළ්ල කිරීම මානුෂික ප්‍රමාද දෝෂයක් නිසා සිදු වූ බවත් එම බලධාරීන් නිකුත් කළ ප්‍රකාශයක දැක්වෙනවා.

එය වගකිවයුතු වරදක් වශයෙන් පිළි ගන්නා බවත් එහි සඳහන්. අමෙරිකා ප්‍රතිප්‍රහාරයක් බලාපොරොත්තුවෙන් සිටි ඉරානය යුක්‍රේන යානය අමෙරිකානු ප්‍රහාරක යානයක් යයි වරදවා වටහාගෙන පහර දෙන්නට ඇති බව අමෙරිකාව ඇතුළු බටහිර මාධ්‍ය වාර්තා කර තිබුණා අමෙරිකාව ඉරාකයේ හමුදා ප්‍රධානියා ඝාතනය කිරීමත් සමග දෙරට අතර මේ කලබලකාරී තත්වය වර්ධනය වුනා.

නිල වශයෙන් ඉරාන ඉස්ලාමීය ජනරජය ලෙසද හැඳින්වෙන ඉරානය බටහිර ආසියානු රටකි 1935 ට පෙර ඉරානය හඳුන්වනු ලබන්නේ පර්සියාව ලෙසයි. කෙසේ වෙතත් නිල වශයෙන්,දේශපාලන වශයෙන් එය ඉරානය නමින් හඳුන්වයි 1648, 195Km2 වන මෙය භූමි ප්‍රමාණයෙන් ලොව 18 වන විශාලතම රට වන අතර ලෝක ජනගහනයෙන් මිලියන 70 ක් මෙහි වාසය කරති එහි මායිම් උතුරු ආමේනියා අසබජා සහ ටර්කිමේනිස්ටාන් දක්වා ඇත. කසකස්ථානය සහ රුසියාව ඉරානයට කෙළින්ම උතුරින් ඇති අසල්වැසියන්ය ඉරානය මායිම් වන්නේ නැගෙනහිර ඇෆ්ගනිස්ථානය සහ පකිස්ථානය දකුණු පර්සියන් බොක්ක හා ඕමානු බොක්කටය. බටහිරින් ඉරානය වයඹ තුර්කිය වේ (කුර්ඩිස්ටාන්) ටෙහෙරාන් අගනුවර වේ.