නාසා ලෙස කෙටියෙන් හැඳින්වෙන ජාතික අවකාශ තරණ සහ අජටාකාශ පරිපාලනය යනු එක්සත් ජනපද ආණ්ඩුවෙහි ජාතික පොදු අභ්‍යාවකාශ වැඩසටහන් සඳහා වගකිව යුතු ඒජන්සියයි. ජාතික ගගන යාත්‍රා හා අභ්‍යාවකාශ පනත මඟින් 1958 ජූලි 29 වනදා නාසා ආරම්භ කරන ලදී අභ්‍යාවකාශ වැඩසටහන්වලට අමතරව එය දීර්ඝ කාලීන සාමාජීය හා යුධමය අභ්‍යාවකාශ පර්යේෂණ සඳහා ද වගකීම් දරයි. 2006 පෙබරවාරි මස සිට නාසාහි තමන් හඳුන්වා ගන්නා මෙහෙයුම් වාක්‍ය වන්නේ අභ්‍යාවකාශ ගවේෂණය, විද්‍යාත්මක සොයා ගැනීම්වලින් හා ගගන යාත්‍රා පිළිබඳ පර්යේෂණවලින් අනාගත පුරෝගාමීන් වීම යන්නයි අභ්‍යවකාශයේ ගගන සක්මනකට එක්වුණු පළමු කාන්තාවන් දෙදෙනා මතකද? ඔවුන් ඇමෙරිකාවේ නාසා ආයතනයේ ගගනගාමිනියන් ඔවුන්ගෙන් එක් අයකු ජෙසිකා මියර් ය අනෙක් තැනැත්තිය ක්‍රිස්ටිනා කොක්ය ගගන සක්මනක් යනු අභ්‍යවකාශයේ පාවෙමින් යම් කිසි කාර්යයක හෝ ගවේෂණයක නියැලීමය ඉංග්‍රීසියෙන් මෙය හැඳින්වෙන්නේ ‘ස්පේස් වෝක්’ යනුවෙනි පසුගිය ඔක්තෝබර් 18 වැනිදා එම ගගන සක්මනට සහභාගී වීමෙන් පසු 40 හැවිරිදි ක්‍රිස්ටිනා කොක් තවමත් පෘථිවි කක්ෂයේ රඳවා ඇති ජාත්‍යන්තර අභ්‍යවකාශ නැවතුම්පොළේ රැඳී සිටී 40 හැවිරිදි ක්‍රිස්ටිනා පසුගිය 28 වැනිදා, යළිත් වාර්තාවක් පිහිටුවූවාය ඒ, වැඩිම කාලයක් අභ්‍යවකාශයේ රැදී සිටි කාන්තාව වෙමිනි. ක්‍රිස්ටිනා කොක් අභ්‍යවකාශ නැවැතුම්පොළට ගියේ පසුගිය මාර්තු 14 වැනිදාය පසුගිය සැප්තැම්බර් 28 වනවිට ඇය අභ්‍යවකාශ නැවැතුම්පොළේ ගත කළ දින ගණන 288 කි මීට පෙර අභ්‍යවකාශයේ වැඩිම දින ගණනක් රැඳී සිටි ගගනගාමිනිය පෙගී විට්සන් ය පෙගී ද නාසා ගගනගාමිනියකි කෙසේ නමුත් ක්‍රිස්ටිනා දැන්ම පෘථිවියට පැමිණෙන්නේ නැත ඇය පෘථිවියට යළි පැමිණෙනු ඇත්තේ ලබන පෙබරවාරියේ ය ඒ වනවිට ඇය අභ්‍යවකාශ නැවැතුම්පොළේ රැඳී සිටින දින ගණන දින 300 පසු කරනු ඇති බව නාසා ආයතනය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි

ක්‍රිස්ටිනා කොක් මේ වනවිට ජාත්‍යන්තර අභ්‍යවකාශ නැවැතුම්පොළට ගොස් සිටින්නේ ‘එක්ස්පෙඩිෂන් 61’ නමින් නම් කළ ගගනගාමීන් කණ්ඩායමේ පියසැරි ඉන්ජිනේරුවරිය ලෙසිනි මේ වනවිට පෘථිවි කක්ෂයේ රැඳවූ අභ්‍යවකාශ නැවතුම්පොළේ රැඳී සිටින්නේ ක්‍රිස්ටිනා කොක් පමණක් නොවෙයි තවත් ගගනගාමීහු පස් දෙනෙක් විවිධ පර්​ෙ‌ය්ෂණ කරමින්, කඩත්තු කටයුතුවල යෙදෙමින් නැවැතුම්පොළේ රැඳී සිටිති. ක්‍රිස්ටිනා හැමොක් කොක් උපන්නේ 1979 ජනවාරි 29 වැනිදාය ඇය විවාහකය ක්‍රිස්ටිනා නාසා ගගනගාමිනියක බවට පත් වූයේ 2013 වසරේදීය නාසා ආයතනය 2024 දී ගගනගාමිනියක සඳට යැවීමට සූදානම් වෙයි ඒ, ආටිමීස් නමැති ගගන මෙහෙයුම යටතේය පළමු වරට කාන්තාවක සඳ මත පය තබනු ඇත්තේ මෙම මෙහෙයුමේදීය ඒ සඳහා තෝරාගෙන සිටින ගගනගාමිනියන්ගේ ලැයිස්තුවේ ඉහළින්ම ඇත්තේ ද ක්‍රිස්ටිනා කොක්ගේ නම යැයි පැවැසෙයි ජාත්‍යන්තර අභ්‍යවකාශ නැවැතුම්පොළේ වැඩිම දින ගණනක් ගත කළ පිරිමියා එසේත් නැතිනම් ගගනගාමියා ද නාසා සාමාජිකයෙකි ඔහු ස්කොට් කෙලී ය කෙලී 2015 සහ 2016 කාලයේ දින 340 ක් අභ්‍යවකාශ නැවතුම්පොළේ රැඳී සිටියේය. ලුසිත ජයමාන්න ඬේලිමේල් ඇසුරිනි