ජනපති ගෝඨාභය මහතා රටේ පවතින සිස්ටම් එක වෙනස් කරනවා කියලා චන්දෙට කලින්ම කිවුවා ඒ වගේම දැන් ඒ මතිවර පොරොන්දුව ඉටු කරනවා, උප සංස්කෘතියක් කියාගෙන සරසවියට එන අලුත් සිසුන් නවක වදයට ලක් කිරීම ගැනත් මෙතුමන්ගේ අවද්දනය යොමු වෙලා බලාගෙන ඉන්නකෝ ලගදීම වෙන දේ…

නවක වදයට මුහුණ දීමට සිදුවන බැවින් සිසුන් 2,000ක් පමණ වාර්ෂිකව විශ්ව විද්‍යාලවලට ඇතුළත් නොවන බව ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා අද (9) පැවැසීය. එය ඉතා නරක තත්ත්වයක් බව කී ජනාධිපතිවරයා එවැනි ක‍්‍රියාවලට කිසිවෙකුටත් ඉඩදිය නොහැකි යැයිද කීය. අරලියගහ මන්දිරයේ අද (9) පැවැති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ තරුණ සමුළුවට සහභාගීවෙමින් ජනාධිපතිවරයා මේ බව පැවසීය. දියුණු රටවල තරුණ තරුණියන් වයස අවුරුදු 20 වනවිට උපාධිය ලබාගෙන රැකියා සඳහා යොමුවන බව කී ජනපතිවරයා ශ්‍රී ලංකාවේ උසස්පෙළ විභාගය සමත්වන සිසුන්ට සරසවියට ඇතුළත්වීමට වසර ගණනාවක් බලාසිටීමට සිදුවන බවද සඳහන් කළේය එසේ සරසවි පිවිසෙන සිසුන්ට යම් යම් හේතු නිසා උපාධිය ලබාගැනීමට තවත් වසර ගණනාවක් සරසවියේ ගතකිරීමට සිදුවන බවද හෙතෙම පැවැසීය. එම ක‍්‍රමය වෙනස්කිරීමට කාලය එළඹ තිබෙන බව කී ජනාධිපතිවරයා එම වෙනස්කම් කිරීමට රජය කැපවී සිටින බවද සඳහන් කළේය. (නාලක සංජීව දහනායක)