අපේ ටීම් එක අද මැච් එක ගොඩක් තීරණාත්මකයි මොකද කලින් එක දිගට විස්සයි 20 තරග හතරක් පරාජය වී සිටින ශ්‍රී ලංකා කණ්ඩායමට ඇත්තේ තමන්ගේ ගෞරවය රැකගැනීමේ අවස්ථාව පමණයි  එත් ඉන්දියාව බලා සිටින්නේ විස්සයි 20 කේෂ්ත්‍රයේ තමන්ගේ ආධිපත්‍යය එක දිගට රඳවා ගැනීමයි පසුගිය අගෝස්තුවේ සිට ඉන්දීය පිල සහභාගි වූ විස්සයි 20 අන්තර්ජාතික තරග 14 කින් තරග 9 ක් ජයගැනීමට සමත්ව සිටින ඉන්දීය කණ්ඩායම එම කාලය ඇතුළත පරාජය වී ඇත්තේ තරග 3 කින් පමණි ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පැවැත්වෙන තරග 3 කින් සමන්විත විස්සයි 20 තරගාවලියේ තුන්වැනි සහ අවසන් තරගය අද (10 වැනිදා) පූනේ නුවර මහාරාෂ්ඨ ක්‍රිකට් සංගම් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙයි තරගය ශ්‍රී ලංකාවේ වේලාවෙන් රාත්‍රී 7.00 ට ආරම්භ වීමට නියමිතය ගුවහටි නුවරදී පැවැති පළමු තරගය වර්ෂාවට සේදී ගිය අතර ඉන්දෝර් නුවරදී පැවැති දෙවැන්න ජයගැනීමට ඉන්දියාව සමත් විය. මේ වන විට 1-0 ක් ලෙසින් ඉන්දියාව තරගාවලියේ ඉදිරියෙන් සිටී එබැවින් අද තරගය කෙසේ හෝ ජයගැනීමෙන් මිස ශ්‍රී ලංකාවට සිය ගෞරවය රැකගැනීමේ වෙනත් මඟක් නැත.

අනෙක් අතට මෙම තරගය ලසිත් මාලිංගව නායකයකු වශයෙන් විශාල පීඩනයට පත්කරන තරගයකි මක්නිසාද යත් පසුගිය ඔක්තෝබරයේදී පාකිස්තානයට ගිය දෙවැනි පෙළ ශ්‍රී ලංකා කණ්ඩායමක් 3-0 ක් ලෙසින් පාකිස්තානුවන් පරාජය කිරීමට සමත් වූ නමුත් මාලිංග නැවතත් නායකයා වූ පසුව ශ්‍රී ලංකා පිල දිගින් දිගටම පරාජය වීමයි මේ වසරේදී පැවැත්වෙන විස්සයි-20 ලෝක කුසලාන තරගාවලිය වෙනුවෙන් සූදානම් වීමේදී අත්හදා බැලීම් කිරීමට තමන් පසුබට නොවන බව මාලිංග කියයි ඒ සඳහා ඔහුගේ අභිප්‍රාය ඕෂධ ප්‍රනාන්දු, අවිශ්ක ප්‍රනාන්දු වැනි තරුණ ක්‍රීඩකයන්ට වැඩි අවස්ථාවක් දීමයි එහෙත් පළමු තරගයේදී දරුණු පරාජයක් අත්වූ හෙයින් අද තරගයේදී ඇන්ජලෝ මැතිව්ස් සම්බන්ධයෙන් නැවත වරක් සලකා බැලීමට නායකයාට මෙන්ම ශ්‍රී ලංකා කණ්ඩායමටද සිදුවීම වැළැක්විය නොහැක්කකි වසර එක හමාරකට ආසන්න කාලයකින් විස්සයි-20 තරගයකට සහභාගි නොවූ ඇන්ජලෝ මැතිව්ස් මෙම තරගාවලියට රැගෙන ගියේ ඔහුගේ පන්දු යැවීමේ හැකියාවෙන් ප්‍රයෝජන ගනිමින් අතිරේක පිතිකරුවකු කණ්ඩායමට එකතු කරගැනීමේ අභිලාෂයෙනි ඒ සඳහා ධනංජය ද සිල්වා අංක 7 ස්ථානය දක්වා පහළට ඇද දමා පන්දු යවන්නන්ගේ ලයිස්තුවට එක් කර තිබේ.

එබැවින් අද තරගයේදී මැතිව්ස්ට අවස්ථාව නොලැබෙන්නේ නම් මීළඟ විස්සයි-20 තරගයට සහභාගි වීම සඳහා ඔහුට අවස්ථාව ලැබෙන්නේ ලබන මාසය අගදීය. ඒ කොාදෙව් පිලට එරෙහිව ශ්‍රී ලංකාවේදී පැවැත්වෙන තරගාවලියකි. මේ සඳහා තිබෙන හොඳම අවස්ථාව ඉසුරු උදාන තුවාල ලබා සිටීමයි. එබැවින් ඇන්ජලෝ මැතිව්ස්ගේ පන්දු යැවීම මැන බැලීමටත් ඔහුගේ අත්දැකීම් වලින් ප්‍රයෝජන ගැනීමටත් අද තරම් හොඳ අවස්ථාවක් තවත් නැත. ඇන්ජලෝ මැතිව්ස් මෙන්ම පළමු තරග දෙකේදීම අවස්ථාව නොලැබුණු කුසල් මෙන්ඩිස් සහ නිරෝෂන් දික්වැල්ල සම්බන්ධයෙන්ද නැවතත් සිතා බැලීමට තේරීම් කමිටුවට සිදුව තිබේ ශ්‍රී ලංකා පිලට ඇති විශාලතම හිසරදය වන්නේ ඉන්දීය නායක විරාට් කෝලි නොව ආරම්භක පිතිකරු ලෝකේෂ් රාහුල්ය රාහුල් සිය අවසන් විස්සයි-20 ඉනිම හතරේදී ලකුණු ලබාගෙන ඇත්තේ 62, 11, 91 සහ 45 ක් වශයෙනි ශ්‍රී ලංකා සංචිතය ලසිත් මාලිංග (නායක) ධනුෂ්ක ගුණතිලක, අවිෂ්ක ප්‍රනාන්දු, කුසල් පෙරේරා, ඕෂධ ප්‍රනාන්දු, භානුක රාජපක්ෂ, ධනංජය ද සිල්වා, දසුන් ශානක, ඉසුරු උදාන, වනිඳු හසරංග,ඇන්ජලෝ මැතිව්ස්, කුසල් මෙන්ඩිස්, නිරෝෂන් දික්වැල්ල, කසුන් රාජිත, ලක්ෂාන් සඳකැන් සහ ළහිරු කුමාර. / ඉන්දීය සංචිතය විරාට් කෝලි (නායක) ලොකේෂ් රාහුල්, ශිකර් ධවාන්, ශ්‍රෙයාස් අයියර්, රිෂාබ් පාන්ට්, ශිවම් ඩූබ්, වොෂින්ටන් සුන්දර්, කුල්දීප් යාදව්, ශර්දුල් ඨාකූර්, නව්දීප් සානි, යුස්වේන්ද්‍ර චහල්, රවින්ද්‍ර ජඩේජා, මනිෂ් පාන්ඩේ, සංජු සැම්සන් සහ ජස්ප්‍රීට් බුම්රා